ඉන්ධන නැතුව ධාවනය වන මෝටර් රථ සැලසුමක්

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඉන්ධන නැතුව ධාවනය වන මෝටර් රථ සැලසුමක්

    solar-powered-car2.jpg

    ඉන්ධන කිසිසේත්ම අවශ්‍ය නොවන මෝටර් රථයක් සැළසුම් කිරීමට මැදවච්චියේ විද්‍යා ගුරුවරයෙකු සමත්වී තිබෙනවා.

    මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලේ නලීන් තරංග විජේතුංග වන ඔහුගේ මෙම නිර්මාණය බුද්ධිමය දේපළ කාර්යාංශය මඟින් පිළිගෙන ඊට පේටන්ට් බලපත්‍රයද පිරිනමා තිබෙනවා.

    මෙම සැලසුම් ගත මෝටර් රථය මුළුමනින්ම විදුලියෙන් ක්‍රියාත්මක වන නමුත් විදුලිය යොදවා බැටරි ආරෝපනය කිරීමක්ද සිදුකෙරෙන්නේ නැහැ.

    වාහනය ගමන් කරන විට ඇදෙන සුලං බලය උපයෝගී කරගන ක්‍රියාත්මක වන ඕල්ටනේටරය පද්ධතියේ හා වහලයේ සවිකර ඇති සූර්ය කෝෂ පද්ධතියක් මඟින් එහි බැටරි චාර්ජ් වීම සිදුවෙනවා.

    මෝටර් රථය අව්වේ නතර කරන විට ඕනෑවටත් වඩා විදුලිය ගබඩා වන බවත් වේගය වැඩිවන තරමට සුළං පෙති මඟින් ඩයිනමෝ ක්‍රියාත්මක වී විදුලිය සැපයෙන බවත් ඔහු පවසනවා.

    සියනෑ විද්‍යාපීඨයේ ගුරු පුහුණුව ලබන යුගයේ හිතේ ඇතිවූ සංකල්පයක් අනුව මෙය නිර්මාණය කළ බව පවසන ඔහු මේ පිළිබඳාව අදහස් දක්වන්නේ මෙලෙසින්.

    "දවසක් මම බස් රථයේ යන විට හිසේ තිබුනු හිස් වැසුම සුළඟට වේගයෙන් ගැලවී ඇදී ගියා. මම එදා තමයි කල්පනා කලේ වාහනයක් ගමන් කරන විට ඒ වේගයෙන්ම සුළං බලයක් ක්‍රියාත්මක වන බවත් එම ශක්තිය උපයෝගී කරගත හැකි බව.

    ඒ අනුව මම පෙන්වා දෙන මෝටර් රථ ආකෘතියේ වාතය ඇතුල් වීමට විශේෂ හැඩතල සහිතව වාහන බඳ යොදා ගැනෙනවා. ඒම සුළං මඟින් කරන පීලි වල සුළං පෙති කරකවා ඩයිනමෝ ඉදිරිපස තුනකුත් පිටු පස දෙකකුත් ලෙස ක්‍රියා කරනවා.

    අවශ්‍යය බලය හා විදුලි ශක්තිය ප්‍රමාණවත් බවට මා කල ගණන් සැදීම් පේටන්ට් පරීක්ෂාවේදී පිළිගෙන තිබෙනවා.

    ලෝකයේ විදුලි කාර් නිශ්පාදනය කලාට ඒ සියල්ල විදුලිබලයෙන් චාර්ජ් කරන ඒවා. මම පෙන්වා දෙන්නේ ස්වභාවික ශක්තියෙන්ම, පරිසර හිතකාමී ලෙස මෝටර් රථයක් ධාවනය කරන්න පුළුවන්."

    මෙය වෑන් රථයක් හෝ බස් රථයක් ලෙස වුවද නිශ්පාදනය කිරීමට හැකියාව ඇති බවත් මෝටර් රථයේ අනෙකුත් කොටස් සාමාන්‍යය මෝටර් රථයක අනුවම වන අතර අවශ්‍යතාවය මත විදුලි පද්ධතිය, හැඩය, බර ප්‍රමාණය, ගියර් පෙට්ටිය වෙනස් කල හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

    මෙම න්‍යාය යටතේ මෝටර් රථයක් නිපදවීම සඳහා තමාට මූල්‍යය වත්කමක් නොමැති බැවින් ඊට කැමති කිසියම් සමාගමක් හා ඒකාබද්ද මෝටර් රථ නිශ්පාදනයට තමා බලාපොරොත්තු වන බවත් කැමති ආයතනයකට ඉදිරිපත් වන ලෙසත් ඔහු කියා සිටිනවා.


    nalin.jpg

    car.jpg

    සුළං බලයෙන් ධාවනය වන තවත් මෝටර් රථයක් පිළිබඳව මීට මාස 5කට පමණ පෙර ගොසිප්9 විසින් කරුණු හෙළි කළා.

    25 හැවරිදි නිලංග සෙනෙවිරත්න ඈපා නම් තරුණයා විසින් නිර්මාණය කල එම මෝටර් රථය් එහි තිබූ බැටරි චාර්ජ් කිරීම සඳහාද විදුලිය ලබාගනු ලැබුවේද සුළං බලයෙනි.

    Souse gossip9
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලාංකීකයෙක් මේ වගේ නිර්මාණයකට අත
    තිබ්බ එක ගැන ඇත්තටම ආඩම්බරයක් වගේම සතුටක් දැනෙනවා..10+
     
    • Dislike
    Reactions: silentsahan

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මට නම් හිතෙන්නේ බොරැ කියලා ඔහොම එකක් හොයා ගත්තොත් ලංකාව ලෝකේ දියුනූම රට වෙයි!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    රෑකට, අපේ රටේ මැක්සා ට්‍රෑෆික් එකක නවත්වන් ඉන්න උනොත්, ඉර එලියත් නෑ, හුලං බලෙත් නෑ.... කාර් එක නවතී..... :(

    මේවට අත හිත දෙන්න මොකෙක්වත් නෑ ලංකාවේ.... අන්තිමට වෙන්නේ, ට්‍රෑක්ටරේ පේටන්ට් එකට වෙච්ච දේම තමා...... :(
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    අට පට්ටමේ පෙන්නුවා එක සැරයක් සිලි මලු දාල දුවන වාහනයක්
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    මේ කෙනා හෙට අනිද්දට අතුරු දහන් වෙලා කියලා ආරංචි වෙයි.
    siraawata
    meeta kalinuth wathura walin wahana duwanna haduwa
    plastic walin petrol haduwa
    politin walin petrol haduwa
    ekekwath nahane dan hoya ganna