ඉන්ධන මිල පහලට

lahiru2000

Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    ඉන්ධන මිල පහලට

    ඉන්ධන මිල පහලට
    December 21, 2018 10:49 am

    2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    මේ අතර, පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, ඉන්ධන මිල ගණන් පහල දැමීමට තීරණය කළ බවයි.

    ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 125 දක්වා රුපියල් 10 කින් අඩුවන අතර, පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 තින් අඩු වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා රුපියල් 05 කින් අඩුවන බවත් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා රුපියල් 10 කින් අඩු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    සිපෙට්කෝ වෙළඳ සැල්වලින් ඉහත මිල ගණන්වලට ඉන්ධන ලබා ගත හැකි බව ද වාර්තා වෙයි.

    මේ අතර, මුදල් අමාත්‍යාංශයෙන් සිදු කල විමසීමක දී ඔවුන් පවසා සිටියේ, අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් අඩුවීම බලපැවතෙන බවයි.

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=101087
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දට දුන්නම එයත් 10 කින් අඩුකලා...රනිල්ට දුන්නම එයත් 10 කි්න් අඩුකලා....( තෙල් මිල සූත්‍රය ආවම තමයි බලන්නවෙන්නේ මොකද වෙන්නේ කියල.....)
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    මාසෙකට සැරයක අගමැතියි, ඇමති මණ්ඩලයයි මාරු කරා නම් හරි වගේ. ටික කාලයක් ගිහින් නිකන්ම පැට්‍රල් ගහලා අතට සල්ලි ටිකකුත් දේවි.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහින්දට දුන්නම එයත් 10 කින් අඩුකලා...රනිල්ට දුන්නම එයත් 10 කි්න් අඩුකලා....( තෙල් මිල සූත්‍රය ආවම තමයි බලන්නවෙන්නේ මොකද වෙන්නේ කියල.....)

    ටෝයියන්ට ටොයි ආතල් එක ගන්න දීපන්කො බන් :P:no::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    සහන දීගෙන කවුරු ආවත් අපේ රට ලෝකෙට වෙලා තියෙන ණය ඔය එකෙක් වත් ගෙවන්නෙ නෑ. අපිම තමයි ගෙවන්නෙ. තේරුම් ගනිල්ලා ඒකයි ඇත්ත.
     
    • Like
    Reactions: TonyMontana83

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මරුසිරා;24046408 said:
    ටෝයියන්ට ටොයි ආතල් එක ගන්න දීපන්කො බන් :P:no::rofl:

    :yes::yes::yes::yes:

    බයියො නම් මාසයක් පට්ට ගොන් ආතල් එකක් ගත්තනෙ . දැන් ටොයියන්ගෙ වාරෙ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මාසෙකට සැරයක අගමැතියි, ඇමති මණ්ඩලයයි මාරු කරා නම් හරි වගේ. ටික කාලයක් ගිහින් නිකන්ම පැට්‍රල් ගහලා අතට සල්ලි ටිකකුත් දේවි.

    :lol:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සහන දීගෙන කවුරු ආවත් අපේ රට ලෝකෙට වෙලා තියෙන ණය ඔය එකෙක් වත් ගෙවන්නෙ නෑ. අපිම තමයි ගෙවන්නෙ. තේරුම් ගනිල්ලා ඒකයි ඇත්ත.

    :yes::yes:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,628
    113
    Miami
    සහන දීගෙන කවුරු ආවත් අපේ රට ලෝකෙට වෙලා තියෙන ණය ඔය එකෙක් වත් ගෙවන්නෙ නෑ. අපිම තමයි ගෙවන්නෙ. තේරුම් ගනිල්ලා ඒකයි ඇත්ත.
    අද මේව පත්තු වෙලා. කෝමද සැප :nerd:
     
    • Like
    Reactions: ruchira55

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    1654233160922.png