ඉන්ධන මිල යලිත් ඉහලටම යයි
s
සුභාෂිණී බොතේජු/කසුන් අමිල පුස්සවෙල [Sunday, April 18, 2012]
ඉන්දියානු ඔයිල් සමාගමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක තම මිල ගණන් වැඩි කිරීමට හැකියාව ඇති බව වැඩ බලන ඛනිජ තෙල් අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා කියා සිටී.
එලෙස තෙල් මිල වැඩි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් ඉල්ලූම වැඩිවී එමගින් ඛනිජ තෙල් සංස්ථාවට පාඩුවක් සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනටමත් පාඩු පිට තෙල් ලබාදෙන බැවින් තෙල් වැඩිපුර විකිණීම මගින් සිදුවන පාඩුව පියවීමට තෙල් මිල වැඩි කිරීමට දැනට අපේක්ෂා නොකළත් ඉදිරියේදී ලෝක වෙළෙඳපොළ තත්ත්වයන් මත තෙල් මිල වෙනස් විය හැකි බවත් ඔහු පැවසීය.
පෙට‍්‍රල් මිල රු. 25කින් ඉහළ දැමීමට පිළිබඳව තම සමාගම කළ දැනුම්දීමට රජයෙන් කිසිදු ප‍්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැති බව ලංකා අයි ඕසී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේෂ් කුමාර් මහතා පැවසීය.
රජය පනවා ඇති බදු හා රුපියලේ අගය අවප‍්‍රමාණය හේතුවෙන් ඉන්ධන ආනයනයේදී සමාගමට පාඩු ලැබීමට සිදුව ඇති බවත්, එහෙයින් සමාගමට අවශ්‍ය නම් ඉන්ධන මිල ඉහළ දැමිය හැකි බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීම වෙනුවට රජයට තම සමාගමට බදුවලින් නිදහසක් ලබාදීමට ඇති හැකියාව විමසා අදාළ දැනුම්දීම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට කළ බවද සුරේෂ් කුමාර් මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පැවසුවේ ස්වාධීන මිල නියාමන කොමිසම හා ඛනිජ තෙල් මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකවීම අහෝසි කිරීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් (CPL) LIOC සමාගමටත් සිතූ පැතූ ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට අවස්ථාව උදාවී ඇති බවයි.
LIOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමූ පසු CPC තෙල් ලබාගැනීමට පාරිභෝගික යන් පෙළඹෙනු ඇති බවත් පාරිභෝගිකයන් ප‍්‍රමාණය වැඩි වුවත් පාඩු මිලට ඉන්ධන ලබාදීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයකට පත්වනු ඇතැ යි ද ආනන්ද පාලිත මහතා ප‍්‍රකාශ කළේය