ඉන්ධන මිල

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    පෙට්‍රල් ඩිසල් මිල මැතිවරනෙන් පස්සේ වැඩි වෙන පාටයි. මැතිවරණයක් ලග නිසා දැන් වැඩි කරන එකක් නැහැ.

    මොකද ඕවට ගහන tax එහෙමමයි. ලෝක වෙළද පොලේ බොරතෙල් $49 ට ගිහිපු නිසා තමයි මේ ගානට දෙන්න පුළුවන්. දැන් ඔන්න බොර තෙල් මිල වැඩිවෙනවා. ($60).


    copyright :අද දෙරණ

    2014 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 722 ක ලාභයක් ලැබූ ලංකා ඉන්දීය තෙල් සමාගමට රජය විසින් ඉන්ධන මිල ගණන් අඩුකිරීම හමුවේ 2015 මාර්තු කාර්තුවේදී රුපියල් බිලියන 1.06 ක අලාභයක් සිදුව තිබෙන බව එහි නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවේ.

    ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක මට්ටමක තිබියදී රජය විසින් ජනවාරි මාසයේදී මෙරට විකුණන පෙට්රල් ලීටරයක මිල රුපියල් 33 කින්ද ඩීසල් ලීටරයක මිල රුපියල් 16 කින්ද අඩුකිරීමට පියවර ගත්තේය.

    මේ අනුව, ලංකා ඉන්දීය තෙල් සමාගම 2015 මාර්තු කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 2.0 ක පාඩුවක් වාර්තා කර ඇත.
    සමාගම විසින් පසුගිය වසරේ දෙසැම්බර් කාර්තුවේදී රුපියල් මිලියන 610 ලාභයක් වාර්තා කර තිබුණි.

    මේ මාර්තු කාර්තුවේදී ලංකා ඉන්දීය තෙල් සමාගමේ ආදායම් සියයට 25 කින් රුපියල් බිලියන 15.8 ක් දක්වා පහළ ගොස් තිබීමද කැපී පෙනේ.
    පසුගිය ජනවාරි මාසයේදී ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 45 ක පමණ මට්ටමක තිබුණත් එය මේ වනවිට ඩොලර් 65 ක සීමාව දක්වා ඉහළ නගිමින් තිබීමත් එයට සාපේක්ෂව රජය විසින් ඉන්ධන මිල ගණන් වැඩි නොකිරීමත් මෙම පාඩුව සිදුවීමට බලපා තිබෙන මූලිකම කාරණාවයි.

    මේ අතර, 2015 පළමු කාර්තුව තුළදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 4.0 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර මේ වනවිට රජය මැතිවරණයකට යෑමට සූදානම් වන නිසා ඉන්ධන මිල වැඩි නොකරනු ඇතැයි අනුමාන කළ හැකිය.

    ආර්ථික විද්වතුන් පෙන්වා දෙන්නේ දේශපාලනික කාරණා මත ඉන්ධන මිල ගණන් තීරණය කිරීම නතර කර ඒ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම ඉතාමත් වැදගත් කාලීන අවශ්‍යතාවයක් බවයි.

    TAGS
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අලුත් ආණුඩුවේ අයවැයෙන් මිල අඩුකරපු බඩුවලින් දැනට ඒ මිළටම ගන්න තියෙන්නෙ තෙල් විතරයි. ඒකත් වැඩි උන ගමන් ජනතා සහන දීමේ අයවැය පුස්සක් වෙනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    අලුත් ආණුඩුවේ අයවැයෙන් මිල අඩුකරපු බඩුවලින් දැනට ඒ මිළටම ගන්න තියෙන්නෙ තෙල් විතරයි. ඒකත් වැඩි උන ගමන් ජනතා සහන දීමේ අයවැය පුස්සක් වෙනවා

    :yes::yes:අනිත් එක මිල අඩු කරේ tax අඩු කරලා නෙවි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අලුත් ආණුඩුවේ අයවැයෙන් මිල අඩුකරපු බඩුවලින් දැනට ඒ මිළටම ගන්න තියෙන්නෙ තෙල් විතරයි. ඒකත් වැඩි උන ගමන් ජනතා සහන දීමේ අයවැය පුස්සක් වෙනවා

    :dull:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    :yes::yes::yes::yes:
    අලුත් ආණුඩුවේ අයවැයෙන් මිල අඩුකරපු බඩුවලින් දැනට ඒ මිළටම ගන්න තියෙන්නෙ තෙල් විතරයි. ඒකත් වැඩි උන ගමන් ජනතා සහන දීමේ අයවැය පුස්සක් වෙනවා
     
    • Like
    Reactions: kinkon

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    හොද ජපන් බයික් එකක් ගන්න හිතුවා විතරයි:(:(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පරිප්පු කිලෝව රු. 225ට නගී - රජය සහන යටතේ ලබාදුන් පරිප්පුවල මිල මේ දිනවල ඉහළ යාම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. මාත‍ලේ, ගම්පහ, කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක වෙළෙඳසල්වල මේ දිනවල පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 200-225ත් අතර මිලකට අලෙවි වේ. වෙළෙඳසල් හිමියන් පවසන්නේ පරිප්පු මිල එකවරම ඉහළ දමා ඇති බවයි.
    රුපියල් 80-95ත් අතර අලෙවි වූ පරිප්පු ග්‍රෑම්ස් 500 වෙනුවට අද පාරිභෝගිකයාට ලබා ගැනීමට සිදුව ඇත්තේ පරිප්පු ග්‍රෑම්ස් 250ක් වන අතර මේ නිසා වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය පාරිභෝගික ජනතාව බවටත් පාරිභෝගිකයින් මැසිවිලි නගති. මෙසේ පරිප්පු මිල එකවර ඉහළ යාම පාරිභෝගිකයන්ගේ අප්‍රසාදයට හේතුවී තිබේ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය බොරතෙල් අපිටම ගෙන්නාගෙන හදාගන්ඩ බැරිද. රජයට ඕන මගුලක් කරගන්ඩ කියල