ඉන්නේ කටුමැටි ගෙයක : කන්නේ වේල් දෙකයි‘

hellboy16

Member
Apr 8, 2015
36
3
0
ඉන්නේ කටුමැටි ගෙයක : කන්නේ වේල් දෙකයි‘

fb.png
‘ඉස්කෝලේ පටන් ගනිද්දී අලුත් ඇදුම් ඇඳන් පොත්පත් රැගෙන පාසල් යන්න අපිත් හරිම ආසයි. ඒත් ඇඳුම් ගන්න, පොත්පත් ගන්න අපට සල්ලි නෑ.‘ යි ආඬිගල ගම්මිරිස්වැව හංසනී කියන්නීය.:(:(:(
ආඬියාගල ගම්මිරිස්වැව ජිවත්වන අලහකෝන් මහතා සිය බිරිඳ සිරියාවතී වැඩිමල් පුතු කේෂාන් (13) දියණියන් වන හංසනී (10) හා චමල්ෂා (6) යන දරු තිදෙනා ජිවත් කරනුයේ කුලී වැඩ කිරිමෙන් උපයා ගන්නා මුදලිනි.
දිනපතා කුලී වැඩ නොමැති අවස්ථාවක දරු තිදෙනාට කන්නට දෙයක් සොයා ගන්නට නැති තරම්ය. එවිට අසල පිහිටි වැවෙන් මාළු කුරියෙක් ගෙනවිත් වේලක් කන්න දී වේල් දෙකක් මේ පවුල බඩිගින්නේ සිටියි.
කටු මැටි නිවසක ජිවත්වන ඔවුන් වැසි සමයේ අන්ත අසරණ වුයේ නිවස අසල පිහිටි වැවෙහි ජල මට්ටම ඉහළ ගොස් එම ජල පහරට නිවසේ කටු මැටි බිත්ති පුපුරා යෑම නිසාය.
බිත්ති වලට මුක්කු ගසා උල්දිය දැමු තෙත පොළවේ පැදුරක් එලා දරු දෙදෙනා බිම නිදාගනියි.
උපකාර පන්තියකට නොයා හංසනී කෞෂල්‍යා පසුගිය ශිෂ්‍යත්ව විභහාගයෙන් ලකුණු 110 ක් ලබා ගැනීමට ද සමත් වුවාය.
පපුවේ අසනීපයෙන් පෙලෙන පියා හා ඇසක් අහිමි මවටත් අතේ ඇගිලි අහිමි පුංචි දියණිය චමල්ෂා ඇතුළු මෙම අසරණ පිරිසගේ සිහිනය යථාර්තයක් කර ගැනීම සඳහා ඔවුනට උදව් උපකාර අවශ්‍ය වී තිබේ.
(දුරකතන අංකය 0721408944)උපුටා ගැනීම ලංකාදීප...
 

Attachments

  • photo_003931.jpg
    photo_003931.jpg
    71.2 KB · Views: 100
  • photo_003961.jpg
    photo_003961.jpg
    70 KB · Views: 62
  • photo_003991.jpg
    photo_003991.jpg
    65.2 KB · Views: 56
  • photo_004011.jpg
    photo_004011.jpg
    55.9 KB · Views: 62
Last edited:

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
අලුත් අවුරුද්දේ කාටහරි මේ ගොල්ලන්ට උදව්වක් කරන්න පුළුවන් නම් හරි වටිනවා.:(