ඉන්~ටයිම්/In~Time

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    මේ සමාජයේ සන්තොසෙන් ජිවත් වෙන්න, තමන්ගේ හැම දියුණුවකටම, ඒ වගේම ජිවිතය ගොඩ නගා ගන්න මුදල් ඕන වෙනවා..
    ඒ මුදල් අපිට නිකන් අහසින් වැටෙන්නේ නැති හින්දා.. ඒ වෙනුවෙන් මේ ජිවිතය ගෙන යන්න කොයි තරම් වෙහෙසෙන්න ඕනේ ද...


    දැන් සමහරක් අය හිතයි .. අයියෝ අපි නම් ඒ ගැන දුක් වෙන්නේ නෑ..
    අපේ තාත්තා හොද රස්සාවක් කරනවා.. ඒ වගේම අපිට වත් පොහොසත් කම් තියෙනවා ඒ හින්දා දුකක් නෑ කියලා.. ඒ අතර තවත් අය හිතයි
    අපිට නම් දැන් ම දුක් වෙන්න ඕනේ නෑ.. තවම මම ඉගෙන ගන්න හින්දා කියලා..
    ඔගොල්ලන් කොහොම හිතුවත් මේ ජිවිතයේ කවදා හරි අපිට මුදල් වෙනුවෙන් රස්සාවක් කරන්න වෙනවා..
    පිරිමියෙක් වුනාම නිසි වයසට රස්සාවක් කරන්න ඕනේ.. නැතිව දෙමව්පියන්ගෙන් ජිවිතය පුරාවටම බඩ පුරවාගෙන ජිවත් වෙන එක නෙවෙයි විය යුත්තේ..


    මේ වගේ වේලාවකදි තමයි අපිට හිතෙන්නේ..
    ඇයි හැම දෙයක් ම මුදල් පදනම් කරගෙන මේ ජිවිතය ගොඩ නැගුනේ කියලා..

    හරි අපි නිකමට මෙහෙම හිතමු.. මුදල් වෙනුවෙට හැම දෙයක් ම කාලය මත පදනම් කරගෙන මේ ජිවිතය ගත කරන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද.
    පොඩ්ඩක් හිතලා බලන්න.. හ්ම්, ඔව්, කට්ටියට හරියට පැහැදිලි නැතිව ඇති මම කියපු අදහස..


    හරි මෙහෙමයි.. අපේ ජිවිතයට රැදිලා තියෙන්නේ අවුරුදු 25 ක් කියලා හිතමු ඒ අවුරුදු 25 කාලය අපි ජිවත් වේලා ඉන්න හැම තත්පරයක් පාසාම අඩු වෙනවා නම්..
    ඒ වගේම ඒ කාලය තියාගෙන අපිට මේ ජිවිතයේ හැම දෙයක් ම කර ගන්න පුලුවන් නම්.. ඒ වගේම ඒ කාලය අපිට ඕන විදියට අඩු වැඩි
    කරගෙන මේ ජිවිතය ගෙවන්න පුලුවන් නම්.. කොයි තරම් දෙයක් ද..


    උදාහරණයට :

    • අපිට බස් එකේ ටිකට් (ප්‍රවේශ පත්‍රය ) වෙනුවට මුදල් හුවමාරු වෙන්නේ නැතිව පැයක දුරක් යන ගමනක් නම් ටිකට් එක වෙනුවට අපේ ජිවිතයේ කාලයෙන් අපිට පැයක් වෙන් කරන්න පුලුවන් නම්..

    • සැපපහසු තරු පහේ හෝටලයක කාමරයක් වෙන් කර ගන්න ඕනෑවට තමන්ගේ කාලයෙන් මාස 2ක් දිලා බුක් කර ගන්න පුලුවන් නම්..

    • තමන්ට හොද සුඛෝපභෝගි වාහනයකට හිත ගියා නම් තමන්ගේ ජිවිතයේ කාලයෙන් අවුරුදු 59 ක් වැය කරගෙන වාහනයක් මිලදි ගන්න පුලුවන් නම්..

    • ටෙලිෆොන් බුට් එකෙන් කොල් එකක් ගන්න ඕනෑවට තමන්ගේ ජිවිතයෙන් විනාඩියක් වියදම් කරලා කතා කරන්න පුලුවන් නම්..
    ඒ වගේම අපිට ඒ කාලය ඕනෑම කෙනෙක් අතර බේදා ගන්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද..

    මේ මම කියපු හැම කාරණාවක් ම කරන්න පුලුවන් කියලා ඔප්පු කරන්න ඕනෑවට " ඇන්ඩ්‍රෙව් නිකොල් " කියන මහතාගේ අධ්‍යක්ෂණයෙන්..
    " ඉන් ටයිම් " කියලා චිත්‍රපටියක් නිර්මාණය කරලා තියෙනවා..
    2011 ඔක්තෝබර් මස 28 වන දින මුළු රට පුරාම එළි දැක් වු මෙම චිත්‍රපටිය දැන් අපේ රටේ ප්‍රේක්ෂකයන්ටත් නරඹන්න පුලුවන් කම ලැබිලා තියෙනවා..
    විනාඩි 109 ක කාලයකින් යුත් මේ චිත්‍රපටිය අපේ ප්‍රේක්ෂකයන්ගේ සිත් වලට අමුතුම ආශ්වාදයක් ගෙන දෙන චිත්‍රපටියක් වෙයි කියලා මම හිතනවා..


    ජස්ටින් ටිම්බර්ලෙක් ගේ වගේම ඇමන්ඩා සේෆ්‍රිඩ් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණ පොවා තියෙනවා..
    ඒ වගේම මගේ ප්‍රියතම නළු.. "ඇලෙක්ස් පෙටිෆර්" ගේ රංගනයත් මේ චිත්‍රපටිය පුරාවටම නොවුනත්.. දායකත්වයක් ලැබිලා තියෙනවා..


    මම දැන් සුළු මොහොතකට කලින් මේ චිත්‍රපටිය නැරඹුවා ටි.එස්. කොපියක් බාගෙන..
    ඒ ටි.එස් කොපිය වෙනත් කොපි වලට වඩා හොදයි ඒ හින්දායි මම නැරඹුවේ..
    නැත්නම් කවදාත් මම ටි.එස්. කොපි බලන්න යන්නේ නෑ..

    මම බා ගෙන බලපු ලින්ක් එක ඔගොල්ලන් එක්ක බේදා ගත්තා..


    In Time 2011 TS XviD


    in-time-movie-poster.jpg






    Download Torrent
    1.38 GB


    මේ චිත්‍රපටිය බොහෝ දෙනෙක් දැනටමත් බලලා ඇති කියලා මම හිතනවා..
    බලලා නැති අය ඉන්නවා නම් බා ගෙන බලන්න.. ඩි.වි.ඩි. රිප් එනකම් ඉන්න අය ඉන්නවා නම්..
    සිනමා හලට ගිහිල්ලා බලන්න...
    මේ චිත්‍රපටිය දැනටමත් බලලා ඉන්න අය ඔගොල්ලන් හිතන විදියට මේ චිත්‍රපටිය ගැන අදහස් වේලාවක්
    වෙන් කරගෙන කියලා යන්න අමතක කරන්න එපා..




     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    අපිට ගන්න පුළුවන් දේ මොකක්ද මේකෙන් ජීවිතේට ?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අම්මට සිරි ! අලුත් ම Consept එකක් නෙ බන් !
    ලංකාවේ උන්ට මේ වගේ අදහස් එන්නැත්තේ ඇයි බන් !
    ෆට්ට ;)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමත් ඉන් ටයිම් බලපු වෙලාවේ ගොඩක් දේවල් හිතුනා.. විෂේශයෙන් කෙනෙක් තමන්ගේ ජීවිතය අවසන් වෙන්න ටික මොහොතක් තියෙද්දි කරන දේවල්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    DVD rip එකක් එනකම් ඉදලම බානවා..... :D

    Ela ela,saw some trailers and looking interesting bro,waiting for blu-ray rip ;)

    ආහ් .. එළ..
    කොහොමත් මාස 2ක් 3ක් වගේ යයි මම හිතන්නේ..
    කොහොමත් ඩි.වි.ඩි රිප් එකක් රිලිස් වුනාම මම ආයෙත් බලන්න ඉන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිට ගන්න පුළුවන් දේ මොකක්ද මේකෙන් ජීවිතේට ?

    සහෝදරයා හැම චිත්‍රපටියක් ම බලන්නේ..
    අපේ ජිවිතයට මොනවා හරි ගන්න දෙයක් තියෙනවා ද කියලා බලන්න ඕනෑවට ද ?
    කොහොම වුනත් මේ චිත්‍රපටියේ මම ඉගෙන ගත්ත දෙයක් තමයි..
    මේ ජිවිතයේ අපි තේරුමක් නැතිව විනාශ කරන වේලාවෙන් අපි නිසි ප්‍රයෝජන ගත්තා නම්..
    අපිට ලබා ගන්න බැරි දෙයක් නෑ කියන එක..