ඉනාමලුවේ ගියෙමි !!!

pereraharshan

Active member
  • Nov 6, 2012
    47
    120
    33
    මට සීගිරි, දඹුලු , පිදුරංගල යන්න ඕන වුන නිසා නවතින්න තැනක් සාධාරණ මුදලකට හොයාගන්න පුළුවන් වුනා . ඒ නිසාම තමා මේ තොරතුරු ඔබත් එක්ක බෙදාගන්න හිතුවෙ. මේ නවාතැන්පොළ පිහිටලා තියෙන්නෙ හරියටම සීගිරිය හන්දිය කිට්ටුව. හරිම නිදහස් තැනක්. මෙතන වටිනාකම ඉහල යන්නෙ වටපිටාව සොබා දහමත් එක්ක.
    මෙතන නම තමා Hotel Keenagaha. මේ නවාතැන පිහිටි භූමියේ එක කෙළවරක කීනගහ නැමැති වැව පිහිටලා තියන හින්දා මේ නම දාන්න ඇති අනිවාර්යෙන්ම. මම වෙන්කරගත්තෙ ආහාරවේල් තුනම සහිතව වායු සමනය කරපු කාමරයක් දින දෙකක් සදහා. මෙම නවාතැනේ සේයාරූ කිහිපයක් මම පහතින් එකතු කරන්නම්.

    View attachment 3.jpg

    මේ මට ලැබුණ කාමරය. කණ්නාඩි මේසය , පුටුව , ඇද, යාවුණු නාන කාමරය වගේ මූලික පහසුකම් සියල්ල තිබුනා. මට ගෙවන්න වුන ගානට අනුව ගත්තම මේ පහසුකම් ගොඩක් වටිනවා.

    View attachment 2.jpgView attachment 4.jpg

    වැදගත්ම දේ තමා වටපිටාව නැත්තම් සොබා දහම. මෙම නවාතැන ආසන්නයේ හරිම ලස්සන පරෙසමට දිය නාන්න පුළුවන් වැවු දෙකක් තියනවා. ඇගේ පතේ මහන්සිය යන්න වතුරෙ බැහැල ඉන්න නියම තැනක්. මේ වැවු දෙක තමා
    01. කීන ගහ වැව
    02. ලෙනව මහ වැව

    කීනගහ වැව තියෙන්නෙ මෙම නවාතැන පිහිටි භූමියේ කෙලවරක. මනරම් පරිසරයක්. අලියෙක් දෙන්නෙක් බලාගන්නත් බැරිවෙන එකක් නෑ. මම නාන්න ගියේ නාන තොටුපලක් වගේ හදලා තිබුනු තැනකට. කෝකටත් පරිසම වටිනවනෙ. මේ තියෙන්නෙ මම කීනගහ වැවේ ගත්ත සේයාරූ කිහිපයක්.

    View attachment 6.jpg

    View attachment 5.jpg

    View attachment 7.jpg

    අනිත් වැව තම ලෙනව මහ වැව. ඇත්තටම කියනවනම් මම ගොඩක්ම ආස මෙතනට. සොබාදහම අපූරුවට විඳින්න පුළුවන්. මෙතනට නවාතැනේ ඉදල කිලෝමීටර් හත අටක දුරක් තියනවා. තමන්ගේ වාහනයකින් නෙවේ නම් යන්නෙ එයාලම ප්‍රවාහන පහසුකම් ලැහැස්ති කරලා දෙනවා. නිදහසේ පරෙස්සමට නාන්න පුළුවන් තැනක්. කොහොමත් වැවු වල බැහැල වැඩිපුර වැඩ දාන්න නොයන එක ඇඟට ගුණයි. මෙන්න සේයාරූ ටික ....

    View attachment 9.jpg

    View attachment 10.jpg

    View attachment 11.jpg

    View attachment 12.jpg

    ඊළගට ඉතින් කෑම ටික . ගමේ රහට කෑම ටිකත් තිබ්බා. මගෙ නම් වැඩි ආසාව තිබුණෙ වැවු මාලු වලට. ඉතාම සුහදශීලී කාර්‍ය මණ්ඩලයක් ඉන්නෙ. තමන්ට ඕන විදිය කියලා හදවා ගන්නත් පුළුවන්. කොහොම උණත් කෑම ටික රහයි. තේ එක උනත් වෙලාවට හම්බවෙනවා.

    කාට හරි යන්න හිතුනොත් කියලා ඔවුන්ගේ FB page එකේ link එකයි Contact Number දෙකකුයි දාන්නම්. මම මිල ගනන් දැම්මෙ නැත්තෙ ඒව වෙනස් වෙන්න පුළුවන් නිසා.

    https://www.facebook.com/Keenagaha
    0712989898/0662286207