ඉනා විෂක් කැවි හොද කරගත්ත අය ඉන්නවාද?

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
071 893 1009 Doctor Mahinda
Piliyandala patte inne. Call ekak deela thana ahagena palayan.
wadiya salli passe pannana kenek neme. beheth denawata wada karanne waradi
purudu ath arawana eka. godak hoda doc kenek. gihin balapan
 

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    071 893 1009 Doctor Mahinda
    Piliyandala patte inne. Call ekak deela thana ahagena palayan.
    wadiya salli passe pannana kenek neme. beheth denawata wada karanne waradi
    purudu ath arawana eka. godak hoda doc kenek. gihin balapan


    එයා මොනවටද හොද...? බඩේ Ulcer වලට special ද? ඉනා වස විෂ වලටද..?
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    ඉනාවක් කරන්න ඕන..
    දන්න කෙනෙක් නැද්ද
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මුස්ලිම් වරුන් අතරත් ඇදහිය යුතු මිනිසුන් සිටී.මෙම කතාව කියවා අවසානයේ මා හම්බයින්ට පු* අල්ලනෙක් යැයි ඔබ කියාවි.ඇතැමුන් නොයෙක් කුණුහරප ලියාවී.රෙප් කපාවී.නමුත් මෙය ලිවිය යුතුමය.ප්‍රථමයෙන් මා මුස්ලිම් ආගම දැඩි සේ පිළිකුල් කරන්නෙක් බව කිව යුතුමය,නමුත් මනුස්සත්වය ගත් කල එය එසේ නොවේ..

    මීට වසර 3කට ප්‍රථම මා සිංගප්පුරුවේ රැදි සිටියේය.ඒ මාගේ මෑණියන්ගේ අක්කා ලඟය.දිනක් මා හට ක්ලාන්ත ගතියක් දැනුනු හෙයින් ගෙදර පුටුව මතට වී නිදා ගත්තේ, එය ඉවසීමට මා අසමත් බැවිනි,නමුදු මොහොතකින් මා හට දැනුනේ යටි බඩ ඉතා දරුණු ලෙස රිදෙන බවකි,මා එය ලොකු අම්මා හට පැවසුවෙමි,එවෙලෙහිම ඇය මා රෝහලක් කරා යොමුකරවීය,ස්කෑන් යන්ත්‍ර දමා පරික්ෂා කලද කිසිදු රෝගයක මූලයක් සොයා ගැනිමට ඔවුන් අසමත් විය.නමුත් එම වේදනාව සමනය නොවී තිබිනි.මෙලෙසින් දින 7ක් ගිය තැන මා ලංකාවට පැමිනියේ මෙම රෝගය නිශ්චිත වශයෙන් සොයා ගැනීම සඳහාය.

    මහරගම සිටි සිංහල වෙද මහතෙකු මා පරික්ෂා කර පවසා සිටියේ මෙය ''ඉනාවක්'' නිසා ඇතිවී තිබෙන බවකි.ශරිරය තුලට යම් කිසි විසක් කවා එය මගින් එම තැනැත්තා පාලනය කිරීමට උත්සහ දැරීමක් ''ඉනාවක්'' ලෙස නම් කල හැකිය.එය දියුනු වෛද්‍ය විද්‍යාවට හසුකර ගැනීමට අපහසු බැව් ද ඔහු මා සමග පවසා සිටියේය.නමුත් එම කතාව පිළි ගැනීමට මොහොතකට වත් මාගේ සිත ඉඩ නොදුන්නෙ මක් නිසාදැයි අදටත් මා කල්පනා කරමි.

    මේවන විට මා රෝගයට ලක්වී දින 21කි.කලින් පෙන්නු රෝග ලක්ෂන මා තුලින් පහව ගොස් තිබේ,නමුත් කනට නොඇසෙන්නට කතා කල මා.නිශ්ෂබ්ධව මාගේ වැඩ කටයුතු කරගත් මා විටෙන් විට අමුතුම වෙනසක් කරා ලක්වන බව නම් මා හට හැගි තිබින.එය වචනයෙන් විස්තර කිරීමට මා නොදන්නෙමි,ශරිර වර්ණය,හැඩරුව පවා මාස 3,4ක් නොකා සිටි අයෙක් මෙන් විය,ගෙදර ජීවත් වන අනෙක් මිනිසුන් මා හට පෙනෙන්නෙ හතුරන් මෙනි

    මාරා වේශයෙන් කටයුතු කරන මා එය පිළිබද සැනෙකින් කනගාටුවට පත්වෙයි.ගෙදර තිබූ සාමකාමි තත්වය පහව ගොස් ඇත.ඇතැමෙක් ගෙදරින් පවා පිටව ගියේ මාගේ නපුරුකම ඉවසා ගැනීමට නොහැකි තැනය,මෙලෙස මාස කිහිපයක් ගෙවී ගියේය.ඉතුරු කල හැම සතයම නිස්කාරනයේ වියදම් කිරීමට මා සමත්වුනි.මාගේ මිත්තනිය දිනක් ගෙදර දෝශයක් දැයි විමසීම සදහා අයෙක් කැදවාගෙන පැමිනියේය,ඔහු පැවසුවේ පදිංචිව සිටිනා ගෙදර හෝ මූලයේ දෝශයක් නොමැති බවකි.පසුව ඔහුද මා පරික්ශා කර පැවසුවේ පෙර කතාවටම සමාන දෙයකි.එය රොඩි දැහැනයි,(එම කාලයේ මා හට ගැහැනු ලමයෙක් සමග සම්බන්ධයක් තිබිනි.)ගැහැනු ලමයෙක්ගෙන් ලබා ගත් ලේ බිඳුවකට මතුරා,එය කිරි සමඟ මා හට දී ඇත,තවද හොඳින් වැඩුනු කිරි ගසක නොමැකෙන සේ අප දෙදෙනාගේ නම ලියා,එම නම මත ඇන ගසා ඇත,පිට්ටු හෝ ඉඳි ආප්ප වැනි පිටි සහිත අහරක් සමඟ ජීවම් කල කුඩු බිඳක් කෑමට දී ඇත.

    මෙය ඇසූ මා හට පු*න් චූන්ය.2011 වැනි දියුනු කාල සීමාවක මෙවැනි ගොන් හරක් සිටින්නේදැයි මා මගෙන්ම විමසා බැලුවෙමි.තව දුරටත් ඔහු කියා සිටියේ කුරුණෑගල පුවක්පිටිය ප්‍රදේශයේ මුස්ලිම් වෙද මහතෙකු නම් කර,ඔහු වෙත යන ලෙසය,දිනක් මිත්තනියගේ බලවත් ඉල්ලීම පිට මා ගමන සදහා සුදානම් විනි,නමුත් අප ගමන් කල වාහනය අනතුරකට ලක්වුයේ කිසිවෙකුටත් සීරීමක් වත් නොවන අයුරෙන්ය,එදින අපගේ ගමන නවතා දැමීමට සිදුවිය,එය අහම්බයක් මෙන් සිතුවද අහම්බයක් නොවන බව වැඩි කල් නොගොස්ම අප තේරුම් ගත්තේය,දෙවැනි දිනද ගමනට සුදානම් වූ විට අනෝරා වැස්ස නිසා ගමන නැවැත්තීය,මෙලෙස දින 4ක් ගිය තැන මාගේ මිත්තනිය බලවත් ලෙස රෝගාතුර විය,නමුත් ඇයගේ ශක්තිය මත උදෑසන පංසල වෙත ගොස් පිරිත් කරවූ නුලක් ගෙන මාගේ අතෙහි බැන්දේය,පිරිත් වතුරද මා හට ඉස්සේ බලවත් සෙනෙහසකින්ය,මිත්තනිය ගෙදර දමා මා මාගේ මිතුරන් සමඟ ගමනට එක්විය.එදින කිසිදු කරදරයකින් තොරව පෙර කී ස්ථානයට පැමිනීමට අපට හැකි විය.

    පුවක්පිටියට පැමිනි අප වැඩි වෙහෙසක් නොගෙනම පෙරකී ස්ථානය සොයා ගත්තේය.එය එතරම් දියුනු නොමැති කඩ කාමරයක් වැනිය.එහි ඒ වනවිටත් මිනිසුන් පිරී ඉතිරි ගොසිනි.මුලින්ම තිබෙන්නේ ඇඟේ විශක් ඇතිදැයි නිගමනයකට ඒමය.ඒ සඳහා රුපියල් 200ක් වැනි සුළු මුදලක් අය කරයි.මා ද තවත් මිතුරන් දෙදෙනෙකු සමග එම විශ පරික්ෂා කිරීමේ ස්ථානය වෙත පියමන් කලෙමු.වතුර වැනි කොල පැහැති දියරයක් ගෙන මාගේ දකුනු අත්ල මතට දැමීය.පුදුමයක් මෙන් එය එම මොහොතෙහිම ගල් විය.අනෙක් මිතුරන් දෙදෙනාටද දැමුන මුත් ඔවුන්ගේ තිබෙන්නේ දියර ස්වරූපයෙන්ය.

    වෙද මහතාගේ උපදෙස් පරිදි මා ඇතුළු අනෙක් දෙදෙනා එම දිරය දැමු අත පහලට හැරවුයේය.නමුත් මාගේ ගල් වූ ද්‍රවය එලෙසින්ම රැදී තිබිනි.අනෙක් දෙදෙනාගේ එය නොමැත,පසුව මා අනෙක් මිතුරන් දෙදෙනාද සමග කඩ කාමර පිටුපස ඇති බෙහෙත් කරනා ස්ථානය වෙත පියමන් කලෙමු.එහිදී මා හට ලැබුනේ සිංහල බෙහෙතක් යැයි කිව හැකි කිරි විදුරුවකට සමාන දියරකි.එය මදක් තිත්ත ගතියෙන් වූවත් එය පානයෙන් පසු මා හට මහත් වෙහෙසක් දැනින

    ඇඟ ඇතුලතින් කිනම් හෝ විපර්යාසයක් වන බව මා හට හැඟී තිබිනි.විනාඩි 20කට පසුව මා වමනය කරනා ස්ථානයට කැඳවාගෙන යෑමට මුස්ලිම් මිනිසෙකු පැමිනියේය.ඔහු මාගේ මිතුරන් හට පවසා සිටියේ මා සමගම රැදී සිටිනා ලෙසය,අප එහි යන විට ගැහැනු පාර්ශවය හා පිරිමි පාර්ශවයේ බොහෝ දෙනෙක් වමනය කරමින් පසුවිය.නමුත් කිසිම අයෙකුට අප්පිරියාවක සේයාවක් වත් ඇති නොවිනි.එතරම් එය පිරිසිදුව මනා අයුරින් පාලනය කරන්නට මුස්ලිම් පිරිස සමත්ව තිබිනි.මා හට ලැබුනේ පොඩි බේසමකි.තව හකුරු කැබලි කිහිපයක් දීසියකට දමා තිබුනේය.මුස්ලිම් මිනිසා මා සමග පැමිනි මිතුරෙකුට පැමිනෙන ලෙස අතින් සංඥා කලේය.ඔහු එම මිනිසා සමග පිටව ගොස් මොහොතකින් ආපසු පැමිනියේ තේ වතුර රැගත් ජෝගුවක්ද සමගය.දැන් මා හට ඇත්තේ එම ජෝගුවම පානය කිරීමයි.මෙලෙස තේ වතුර පිරි ජෝගු 3ක් පමන කිසිදු අපහසුවකින් තොරව පානය කිරීමට මා සමත්වුනි.නමුත් අනෙක් ජෝගුව ගෙන පානය කරන විට මාද අනෙක් අය මෙන් වමනය කිරීමට පටන් ගත්තේය

    වමනය වන්නේ තේ වතුර පමනකි.එය මල විකාරයක් සේ පෙනුනු නිසාම මම මුස්ලිම් මිනිසා අමතා ''මොන මගුලක්ද හලෝ මේ,කිසිම තේරුමක් නැති රෙද්දක්'' යනුවෙන් පැවසීය.නමුත් ඔහු ඉවසා ප්‍රකාශ කලේ ''මහත්තයා තව ටිකක් ඔහොමම වමනෙ කරන්න,කටට තිත්ත රහක් වගේ දැනුනම කට ඇතුලට ඇඟිල්ල දාන්න'' පමනකි.වැඩි වෙලාවක් නොගෙනම කටට තිත්ත රහක් දැනිනි.උපදෙස් පරිදි මා ඇඟිල්ල නොදැම්මේ අප්පිරියාව නිසාමය.නමුත් මිතුරෙක් මාගේ දෑතින් අල්ලා ගත්තේය.අනෙකා කට ඇතුලටම ඇඟිලක් දැමුවේය.පුදුමයකි,මා හට පිටි වැනි දෙයක් වමනය ගියේය,ප්‍රමානයෙන් කිවහෝත් දෝතින් එකක් පමන විය,පසුව එම මුස්ලිම් මිනිසා පැමින ''තවම ඉවර නම් නෑ මහත්තයෝ.ඒත් ඇවිත් මේ දේ බලන්න'' යනුවෙන් පවසා මා වමනය කල බේසම ගෙන ගොස් පෙරනු ලැබීය.

    එහි තිබුනේ පිටිත් සමඟ දම් පැහැ කුඩු බිඳකි,එතැනින් පසුව නැවතත් මා වමනය සඳහා කැඳවාගෙන යනු ලැබිනි.එලෙස විනාඩි 5ක් ගිය තැන කිරි හා ලේ බිඳු කිහිපයක් වැටිනි.පුදුමයක අරුමය නම් මා වමනය කල තේ වලට එය මිශ්‍ර නොවීමයි,ඉන් පසුව මා කලින් කියූ කිරි වැනි ලා කොල පැහැ ගත් දියරය වමනය විය.ඇඟට දැනුනේ දැඩි සීතලකි.උගුරටද හැක්ස් ටොෆියක් කෑ කල් මෙන් දැඩි සිසිලසක් දැනුනි.ඔලුව පවා පුදුමාකාරයෙන් වෙනස් විය.කොටින්ම කිවහොත් දිව්‍ය ලෝකයක් මාගේ ඇඟ තුලින් මට දැනුනි.

    පසුව මා කලින් විශ බැලූ වෙද මහතා ලගට කැඳවාගෙන ගියේය.ඔහු කෑම ගැනිමේදි පරිස්සම් විය යුතු ආකාරය කියා දුන්නේය.මේ වන විට මා මිනිසෙකු ලෙස ජීවත් වෙමි.කලින් තිබූ පිස්සු ගතිය,හිතුවක්කාර අදහස් දැන් සෙවීමටවත් නැත,ජීවිතය අද මා විදින්නේ එම වෙද මහතාට පිං සිදුවන්නටය.යම් කිසි මුදලක් අය කලත්,එම වෙද නාමය පවත්වාගෙන යෑම පිළිබධ එතුමාට මා ස්තූතිවන්ත වෙමි.මා මෙන් දිනකට 30ක්,35ක් පමන සුවය ලබනා බව දෑස් වලින්ම දැක ගතිමි

    පසුව සොයා බලන කල්හි කිරි ගසක මගේ නම හා එකල සිටි කෙල්ලගේ නමද තිබුනි.එහි තිබු ඇන කිහිපය මාගේ මිත්තනිය මිනිසෙකුට කියා (කට්ටඩි වෙන්න ඇති උන්ට කියන්නෙ.) ගැලවුයේය.නමුත් එම ගස මාසයක් වැනි කාල සීමාවක මිය ගියේය.

    ලංකාව වැනි රටක දියුනු තාක්ෂනයටත් හසු කරගැනීමට අපහසු රෝග සදහා බෙහෙත් ඇත.මුස්ලිම් මිනිසෙකු වුවත් එම වෙද මහතා කැත කුණු නොබලා සියල්ලන්ටම පිහිට වන එකම මතු ආත්මයක පල දිය යුතුය.මුස්ලිම් මිනිසුන් අතරත් දෙවියන් වැනි මිනිසුන් සිටිනා බව මා පිළිගන්නෙ මෙම නිසාය.එම මිනිසා නොමැති නම් මා අද පිස්සුවෙන් ජීවත් වන්නේය,විදි වේදනා අපමනය,''ඉනාව'' විශ්වාස කල නොහැකි වුවත් මා අද පිළිගන්නෙ ඇස් දෙකින්ම දුටු නිසාය,එය මාගෙන් පමනක් නොව,මා සමග එදා වමනය කල අනෙක් අයගේ මුහුනු තුලින්ද මා දුටුවේය,පසු කාලීනව පිළිකා වැනි මාරක රෝගවලට හේතු වන්නේද මෙයම බව මා ඔහුගෙන් අසා දැනගතිමි.මතක් වෙන හැම මොහොතකම මෙම වෙද නාමයට මා පින් පුදමි

    මෙම කතාවේ බොහෝ අඩුපාඩු තිබෙන්නට පුළුවන,නමුත් මාගේ අත්දැකීමක් විස්තර කිරීමට ගත් උත්සහයකි මේ
    11.gif


    Contact Number
    0662289279
    mohomad rauf
    0662289018

    bump
     
    • Like
    Reactions: eksudda

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මේයා ගැන දන්න කෙනෙක් ඉන්නවාද..?

    http://divaina.com/sunday/index.php/visheshanga1/3523-2018-04-26-05-57-77

    21-ruwan.jpg


    අප සමාජය තුළ ඇත්තේ දිගු ඉතිහාසයකි. යම් පුද්ගලයකු රෝගියකු බවට පත් කර අබල දුබල කරන්නට හෝ තම අරමුණු ඉටුකර ගැනීම සඳහා අවනත කර ගන්නට මෙම ඉනා බෙහෙත් බහුලව භාවිත කරති.

    නවීන විද්‍යාව අප සමාජය තුළ පැවැතියත් මෙම ඉනා බෙහෙත් ලබා දීම තවමත් අප අතර සිදුවේ.

    ප්‍රශ්නය - ඉනා බෙහෙත් පිළිබඳව දේශීය ආයුර්වේදයේ හඳුන්වන්නේ කෙසේද?

    වෛද්‍ය රන්පත රුවන් රත්නායක - නිරෝගී සාමාන්‍ය පුද්ගලයකුගේ ශරීරයේ කටයුතු සිදුකර ගැනීමට නොහැකි වීමට හෝ ඒවා අඩපණ කරවීමට ලබාදෙන බෙහෙත් වර්ගයක්‌ ලෙස ඉනා බෙහෙත් හඳුන්වනු ලබනවා. ආයුර්වේදයට අනුව මෙය අගදතන්ත්‍රයට හෙවත් විෂ වෛද්‍ය විද්‍යාව යටතට ගැනෙනවා. මෙම විෂ වෛද්‍ය විද්‍යාව යටතේ ඝරවිෂ කියා සංකල්පයක්‌ පවතිනවා. ඝර විෂ යනු විවිධ ආකාරයේ මැතිරීමට ලක්‌ කළ යම් යම් ද්‍රව්‍ය ශරීරගත කර ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් අඩපණ කරවීම සිදු කිරීමයි.

    මෙම බෙහෙත්වලට සාමාන්‍ය ජන වහරේ ඉනා බෙහෙත් ලෙස පවසනවා. මෙහිදී ශරීරය අඩපණ කිරීම සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය අතර, නියපොතු කැබලි, කෙස්‌ කැබලි, සමේ කොටස්‌, නූල් කැබලි ආදිය අඩංගු වෙනවා.

    මේවා ආහාර ජීර්ණ පද්ධතිය තුළට ගිය විට එහි තැන තැන පැටලී ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. එවිට එහි ක්‍රියාකාරීත්වය දුර්වල වී රෝගීන් බවට පත් වෙනවා. ගස්‌ගල් වගේ හිටපු කෙනා එකවර ලෙඩ වූවා කියා පවසන්නේ මෙවැනි අවස්‌ථාවලදී. මෙම ඉනා බෙහෙත්වල ඇති අපද්‍රව්‍ය ආහාර ජීර්ණ පද්ධතියේ දිගු කාලීනව රැඳී තිබීමෙන් අජීර්ණ, සුව නොවී කාලයක්‌ පවතින ලෙඩ රෝග දැකිය හැකියි.

    ප්‍රශ්නය - මෙවැනි ඉනා බෙහෙත්වල ඇති ප්‍රබල බව එය මතුරන ආකාරය අනුව තීරණය වනවාද?

    වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ඔව්......... බොහෝ විට ඉනා බෙහෙත් ලබා දෙන්නේ මැතිරීමට ලක්‌ කිරීමකින් පසුයි. වෛද්‍ය විද්‍යාව ලෝකයේ කොයි තරම් දියුණු වුවත් අපගේ පාරම්පරික උරුමයන් එකවර බැහැර කරන්න බැහැ. පිරිත්වලින් ලබා ගන්නා ආශිsර්වාද ගුණ බලය වගේම වචනවලට බල පිහිටුවා මතුරලා හූනියම් කරමින් යම් යම් ලෙඩ රෝග ඇති කරන හැකියාවකුත් අපගේ පාරම්පරික ඇතැම් මන්ත්‍ර ගුරුකම්වල තිබෙනවා. ඒ නිසා නියපොතු, කෙස්‌ ආදිය මතුරලා ඒවා ඉනා බෙහෙත් සමඟ ලබාදීමෙන් එම අපද්‍රව්‍ය ශරීරගතවන පුද්ගලයා තුළ ඇතිවන රෝග පීඩාව වෙනස්‌ විය හැකියි.

    එසේම මෙලෙස ශරීරගත වන මෙම අපද්‍රව්‍ය නවීන විද්‍යාත්මක පරීක්‍ෂණවලින් පවා හඳුනාගත නොහැකි වන අවස්‌ථා තිබෙනවා. උදාහරණයක්‌ ලෙස ඉතා ප්‍රබල ලෙස මතුරලා දුන් ඉනා බෙහෙත් මගින් ශරීරගත වී ආහාර ජීර්ණ පද්ධතියේ දිගු කාලයක්‌ තිස්‌සේ රැඳී පවතින නියපොතු කැබැල්ලක්‌ ස්‌කෑන් පරීක්‍ෂණයකින් පවා හඳුනා ගත නොහැකි විය හැකියි. එවැනි අවස්‌ථාවන්ට මුහුණ දී ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ගේ අත්දැකීම් අප අසා තිබෙනවා.

    මෙවැනි රෝගීන් දිගු කාලයක්‌ තිස්‌සේ දැඩි ලෙස කායික සහ මානසික පීඩා විඳිමින් ජීවත් වී තිබෙනවා. මෙම ඉනා බෙහෙත් මගිsන් ශරීර ගත වූ අපද්‍රව්‍ය පිළිබඳව යම් දැනුවත් බවක්‌ ඇති ඇතැම් රෝගීන් ඒවා ගැන සිතමින්ද මානසික පීඩාවට පත්ව තිබෙනවා. එවිට ඔවුන්ගේ රෝග තත්ත්වය වඩාත් උත්සන්න වෙනවා.

    ප්‍රශ්නය - වෛද්‍යතුමනි, මෙවැනි ඉනා බෙහෙත් නිසා රෝගී වූ පුද්ගලයන් සුවපත් කරන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?

    වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මෙවැනි ඉනා බෙහෙත් ලබාදෙන ඝරවිෂ සංකල්පය කුමන ආකාරයක ප්‍රබල වුවත් ශරීරයෙන් එම විෂ කොටස්‌ බැහැර කිරීමේ දියුණු වැඩපිළිවෙළක්‌ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ තිබෙනවා.

    අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රම වලින්ද මෙම ඉනා බෙහෙත් මගින් හදි හූනියම් මගින් ආහාර සමඟ ශරීරගත වූ හෝ ආහාර ලෙස ලබා දුන් යම් යම් ද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ තිබෙනවා.

    රන්පත වෙද පරපුරත් මේ සඳහා නිසි ප්‍රතිකාර ගණනාවක්‌ සාදා තිබෙනවා. අපගේ වෙද පරපුරට ද උරුම වූ බෙහෙත් වට්‌ටෝරු ගණනාවක්‌ පරීශීලනයට ලක්‌කර වර්තමානයට ගැලපෙන ලෙස භාවිතයට පහසු අයුරින් ඖෂධ වර්ග රැසක්‌ නිෂ්පාදනය කර තිබෙනවා.

    මෙම ඖෂධ භාවිතය මගින් අප සඳහන් කළ ඝර විෂ පමණක්‌ නොව දැනට රෝගියකුට පවතින වෙනත් රෝග නිසා හට ගත්තා වූ ශරීරයේ පවතින සියලුම විෂ කොටස්‌ ද බැහැර කළ හැකියි
     
    • Like
    Reactions: eksudda

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉනා විෂක් කැවි හොද කරගත්ත යාලුවෝ අපේ elakiri එකේ ඉන්නවාද?

    ඉනා කැවිච්ච ගොඩාක් අය ලංකාවෙ ඉන්නවා කියන්නේ ඇත්තද?

    අනේ මේගැන අත්දැකිමක් අැති යාලුවො මට උදව් කරන්න.

    මටත් ඒවගේ ප්‍රශ්නයක් තියනවා

    මට දිගුක‌ල් පවතින හිසෙහි කැක්කුමක් හා බඩෙි අමාරුවක් තියනවා. දොස්තරලාට හරියට Diagnose කරන්න බැ.:no:

    මස්මාලු කැවොත් මාගේ සිහිය හා මතකය අඩුවෙලා ඔලුව රිදෙනවා. එතකොට මට magnetic field එකක්වාගේ මාගේ ඇග වටෙට දැනෙනවා.

    මෙය මට පෙරේතයෙක් බණ්දනය කිරි මෙන් දිපු ඉනාවක් ලු.මෙය හොද වෙනවා නැවත ඇති වෙනවා.

    මාගේ ජිවිතය මෙිනිසා ගෙනියන්න අමාරුයි .

    Please යාලුවනේ කවු
    රුහරි මට උදවුවක් කරන්න. මට හොද වෙදෙක් සොයා දෙන්න. :(



    ගොඩාක් ස්තූතියි.



    උඹ අපෙන් ආතල් එකක් ගන්නවා නෙමේ කියලා හිතලා මේ උත්තරේ දාන්නේ.

    මෙතන ප්‍රශ්ණ දෙකක් තියෙනවා. එකක් උඹේ ඉනාවට බූතයෙක් බැඳලා ඇත්තේ. අනික් එක කැවිච්ච දේ තියෙන විස. මුලින් බලපන් උඹට පන්සලකට වගේ ගිහිල්ලා භාවනා කරන්න පුලුවන්ද කියලා. නිතරම මෛත්‍රී භාවනාව වඩන්න. හැබැයි එහෙම බැරි නම් නවගමුව වගේ දේවාලෙකට යන්න වෙනවා. මුලින්ම මේ ප්‍රශ්නේ විසදගෙන ඉන්න ඕනේ.
    ඊට පස්සේ නාඩි බලලා වෙදකම් කරන සිංහල වෙද මහත්තයෙක් ගාවට යන්න. මතක තියා ගන්න මේ වෙද තුමාට විස නාඩි බලන්න පුළුවන් වෙන්න ඕනේ මොකද සමහර වෙද මහත්තුරු විස නාඩි අල්ලන්නේ නෑ. හේතුව සමහරවිට විස බස්සනකොට වෙදතුමටත් බලපෑමක් තියෙන නිසා. ඊට පස්සේ ටික කාලයක් කසාය බොන්න වෙනවා. අනිවා හොඳ වෙනවා. අත් දැකීමෙන් කියන්නේ. මට එකක් කැවිලා තිබ්බේ. බූත බලපෑම ලොකුවට තිබ්බේ නෑ හැබැයි බඩේ ප්‍රශ්නේ නම් ලොකුවට තිබ්බා .

    නැත්තම් ගලේවෙල ඉන්නවා මුස්ලිම් වෙද මහත්තයෙක්. ගලේවෙල ටවුමට ගිහිල්ලා ඇහුවම ඕනේ කෙනෙක් දන්නවා. එයා අතට දානවා ඉස්ම වගයක්. ඒ ඉස්ම විසිරෙන්නේ නැතුව ගල් උනොත් ඒ කියන්නේ අනිවා දෙයක් කැවිලා. එයා ජාති වගයක් බොන්න දෙනවා. වමනේ බඩ යන්න පටන් ගන්නවා. මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ටත් කැවිලා තිබ්බේ. එයා වමනේ කරද්දී කළුපාට පොඩි දෙයක් ගියාලු. ඔය දෙන ඉනාව බඩේ ඇලෙනවලු ඒකයි බටහිර වෛද්‍ය විද්‍යාවට හරියටම අහු වෙන්නේ නැත්තේ. ශල්‍ය කර්ම වලින් බඩ වැල අයින් කරපු අයට හරි යන්නේ කැවිච්ච දේ අයින් වෙන නිසාද දන්නේ නෑ.
     
    • Like
    Reactions: eksudda

    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    උඹ අපෙන් ආතල් එකක් ගන්නවා නෙමේ කියලා හිතලා මේ උත්තරේ දාන්නේ.

    මෙතන ප්‍රශ්ණ දෙකක් තියෙනවා. එකක් උඹේ ඉනාවට බූතයෙක් බැඳලා ඇත්තේ. අනික් එක කැවිච්ච දේ තියෙන විස. මුලින් බලපන් උඹට පන්සලකට වගේ ගිහිල්ලා භාවනා කරන්න පුලුවන්ද කියලා. නිතරම මෛත්‍රී භාවනාව වඩන්න. හැබැයි එහෙම බැරි නම් නවගමුව වගේ දේවාලෙකට යන්න වෙනවා. මුලින්ම මේ ප්‍රශ්නේ විසදගෙන ඉන්න ඕනේ.
    ඊට පස්සේ නාඩි බලලා වෙදකම් කරන සිංහල වෙද මහත්තයෙක් ගාවට යන්න. මතක තියා ගන්න මේ වෙද තුමාට විස නාඩි බලන්න පුළුවන් වෙන්න ඕනේ මොකද සමහර වෙද මහත්තුරු විස නාඩි අල්ලන්නේ නෑ. හේතුව සමහරවිට විස බස්සනකොට වෙදතුමටත් බලපෑමක් තියෙන නිසා. ඊට පස්සේ ටික කාලයක් කසාය බොන්න වෙනවා. අනිවා හොඳ වෙනවා. අත් දැකීමෙන් කියන්නේ. මට එකක් කැවිලා තිබ්බේ. බූත බලපෑම ලොකුවට තිබ්බේ නෑ හැබැයි බඩේ ප්‍රශ්නේ නම් ලොකුවට තිබ්බා .

    නැත්තම් ගලේවෙල ඉන්නවා මුස්ලිම් වෙද මහත්තයෙක්. ගලේවෙල ටවුමට ගිහිල්ලා ඇහුවම ඕනේ කෙනෙක් දන්නවා. එයා අතට දානවා ඉස්ම වගයක්. ඒ ඉස්ම විසිරෙන්නේ නැතුව ගල් උනොත් ඒ කියන්නේ අනිවා දෙයක් කැවිලා. එයා ජාති වගයක් බොන්න දෙනවා. වමනේ බඩ යන්න පටන් ගන්නවා. මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ටත් කැවිලා තිබ්බේ. එයා වමනේ කරද්දී කළුපාට පොඩි දෙයක් ගියාලු. ඔය දෙන ඉනාව බඩේ ඇලෙනවලු ඒකයි බටහිර වෛද්‍ය විද්‍යාවට හරියටම අහු වෙන්නේ නැත්තේ. ශල්‍ය කර්ම වලින් බඩ වැල අයින් කරපු අයට හරි යන්නේ කැවිච්ච දේ අයින් වෙන නිසාද දන්නේ නෑ.

    යාලු ඔයාටත් බඩේ ප්‍ර්‍රශ්නයක් තිබ්බද..? මට තැනකින් කිව්වා අමු එළකිරිි බොන්න කියලා මට දැන් ටිකක් හොදයි... නමුත් තවම බඩේ අමාරුව හොදටම සුව නැ...දොස්තර කියන්නේ බඩවැලේ තුවාල කිියලා..Operation කරන්න මම කැමති නැ..ඉනා කැවුනාම බඩවැලේ තුවාල වෙනවාලු නේද..?? ඔයා කොහෙන්ද කොහොමද ලේඩේ සුව කර ගත්තේ..?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕනම ඉනාවක් හිනාවට යටයි. ඒ නිසා හිනා වෙලා හිටපන්. කැරි පොන්නයා. තෝ වගේ වඳ මූසල ඩයල් මකබෑ විලාම යන්න ඕන. :lol:

    :lol::lol::lol::rofl:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපේ ඔෆිස් එකේත් ඔය වගේ කෙල්ලෙක් හිටියා බඩේ අමාරුවයි ඔලුව කැක්කුමයි..

    මේ ලගදි තැනකට ගියා බඩ විරේක වෙන්න බෙහෙත් දුන්නා..

    උබට ඕනේ නම් PM එකක් දාපන් මම විස්තර කියන්නම්...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    යාලු ඔයාටත් බඩේ ප්‍ර්‍රශ්නයක් තිබ්බද..? මට තැනකින් කිව්වා අමු එළකිරිි බොන්න කියලා මට දැන් ටිකක් හොදයි... නමුත් තවම බඩේ අමාරුව හොදටම සුව නැ...දොස්තර කියන්නේ බඩවැලේ තුවාල කිියලා..Operation කරන්න මම කැමති නැ..ඉනා කැවුනාම බඩවැලේ තුවාල වෙනවාලු නේද..?? ඔයා කොහෙන්ද කොහොමද ලේඩේ සුව කර ගත්තේ..?


    මේ ගලේවෙල තැනට යන්න. මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ටත් හොඳ උනා. කිරියේ නූලකුත් දාලා තියෙනවා මම දැක්කා.මම ගිය තැන දැන් හැමදාම වෙදකම් කරන්නේ නෑ.