මේයා ගැන දන්න කෙනෙක් ඉන්නවාද..?
http://divaina.com/sunday/index.php/visheshanga1/3523-2018-04-26-05-57-77
අප සමාජය තුළ ඇත්තේ දිගු ඉතිහාසයකි. යම් පුද්ගලයකු රෝගියකු බවට පත් කර අබල දුබල කරන්නට හෝ තම අරමුණු ඉටුකර ගැනීම සඳහා අවනත කර ගන්නට මෙම ඉනා බෙහෙත් බහුලව භාවිත කරති.
නවීන විද්‍යාව අප සමාජය තුළ පැවැතියත් මෙම ඉනා බෙහෙත් ලබා දීම තවමත් අප අතර සිදුවේ.
ප්රශ්නය - ඉනා බෙහෙත් පිළිබඳව දේශීය ආයුර්වේදයේ හඳුන්වන්නේ කෙසේද?
වෛද්‍ය රන්පත රුවන් රත්නායක - නිරෝගී සාමාන්‍ය පුද්ගලයකුගේ ශරීරයේ කටයුතු සිදුකර ගැනීමට නොහැකි වීමට හෝ ඒවා අඩපණ කරවීමට ලබාදෙන බෙහෙත් වර්ගයක් ලෙස ඉනා බෙහෙත් හඳුන්වනු ලබනවා. ආයුර්වේදයට අනුව මෙය අගදතන්ත්‍රයට හෙවත් විෂ වෛද්‍ය විද්‍යාව යටතට ගැනෙනවා. මෙම විෂ වෛද්‍ය විද්‍යාව යටතේ ඝරවිෂ කියා සංකල්පයක් පවතිනවා. ඝර විෂ යනු විවිධ ආකාරයේ මැතිරීමට ලක් කළ යම් යම් ද්‍රව්‍ය ශරීරගත කර ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් අඩපණ කරවීම සිදු කිරීමයි.
මෙම බෙහෙත්වලට සාමාන්‍ය ජන වහරේ ඉනා බෙහෙත් ලෙස පවසනවා. මෙහිදී ශරීරය අඩපණ කිරීම සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍ය අතර, නියපොතු කැබලි, කෙස් කැබලි, සමේ කොටස්, නූල් කැබලි ආදිය අඩංගු වෙනවා.
මේවා ආහාර ජීර්ණ පද්ධතිය තුළට ගිය විට එහි තැන තැන පැටලී ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. එවිට එහි ක්‍රියාකාරීත්වය දුර්වල වී රෝගීන් බවට පත් වෙනවා. ගස්ගල් වගේ හිටපු කෙනා එකවර ලෙඩ වූවා කියා පවසන්නේ මෙවැනි අවස්ථාවලදී. මෙම ඉනා බෙහෙත්වල ඇති අපද්‍රව්‍ය ආහාර ජීර්ණ පද්ධතියේ දිගු කාලීනව රැඳී තිබීමෙන් අජීර්ණ, සුව නොවී කාලයක් පවතින ලෙඩ රෝග දැකිය හැකියි.
ප්රශ්නය - මෙවැනි ඉනා බෙහෙත්වල ඇති ප්‍රබල බව එය මතුරන ආකාරය අනුව තීරණය වනවාද?
වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ඔව්......... බොහෝ විට ඉනා බෙහෙත් ලබා දෙන්නේ මැතිරීමට ලක් කිරීමකින් පසුයි. වෛද්‍ය විද්‍යාව ලෝකයේ කොයි තරම් දියුණු වුවත් අපගේ පාරම්පරික උරුමයන් එකවර බැහැර කරන්න බැහැ. පිරිත්වලින් ලබා ගන්නා ආශිsර්වාද ගුණ බලය වගේම වචනවලට බල පිහිටුවා මතුරලා හූනියම් කරමින් යම් යම් ලෙඩ රෝග ඇති කරන හැකියාවකුත් අපගේ පාරම්පරික ඇතැම් මන්ත්‍ර ගුරුකම්වල තිබෙනවා. ඒ නිසා නියපොතු, කෙස් ආදිය මතුරලා ඒවා ඉනා බෙහෙත් සමඟ ලබාදීමෙන් එම අපද්‍රව්‍ය ශරීරගතවන පුද්ගලයා තුළ ඇතිවන රෝග පීඩාව වෙනස් විය හැකියි.
එසේම මෙලෙස ශරීරගත වන මෙම අපද්‍රව්‍ය නවීන විද්‍යාත්මක පරීක්ෂණවලින් පවා හඳුනාගත නොහැකි වන අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස ඉතා ප්‍රබල ලෙස මතුරලා දුන් ඉනා බෙහෙත් මගින් ශරීරගත වී ආහාර ජීර්ණ පද්ධතියේ දිගු කාලයක් තිස්සේ රැඳී පවතින නියපොතු කැබැල්ලක් ස්කෑන් පරීක්ෂණයකින් පවා හඳුනා ගත නොහැකි විය හැකියි. එවැනි අවස්ථාවන්ට මුහුණ දී ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන්ගේ අත්දැකීම් අප අසා තිබෙනවා.
මෙවැනි රෝගීන් දිගු කාලයක් තිස්සේ දැඩි ලෙස කායික සහ මානසික පීඩා විඳිමින් ජීවත් වී තිබෙනවා. මෙම ඉනා බෙහෙත් මගිsන් ශරීර ගත වූ අපද්‍රව්‍ය පිළිබඳව යම් දැනුවත් බවක් ඇති ඇතැම් රෝගීන් ඒවා ගැන සිතමින්ද මානසික පීඩාවට පත්ව තිබෙනවා. එවිට ඔවුන්ගේ රෝග තත්ත්වය වඩාත් උත්සන්න වෙනවා.
ප්රශ්නය - වෛද්‍යතුමනි, මෙවැනි ඉනා බෙහෙත් නිසා රෝගී වූ පුද්ගලයන් සුවපත් කරන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මොනවාද?
වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මෙවැනි ඉනා බෙහෙත් ලබාදෙන ඝරවිෂ සංකල්පය කුමන ආකාරයක ප්‍රබල වුවත් ශරීරයෙන් එම විෂ කොටස් බැහැර කිරීමේ දියුණු වැඩපිළිවෙළක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ තිබෙනවා.
අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රම වලින්ද මෙම ඉනා බෙහෙත් මගින් හදි හූනියම් මගින් ආහාර සමඟ ශරීරගත වූ හෝ ආහාර ලෙස ලබා දුන් යම් යම් ද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් තිබෙනවා.
රන්පත වෙද පරපුරත් මේ සඳහා නිසි ප්‍රතිකාර ගණනාවක් සාදා තිබෙනවා. අපගේ වෙද පරපුරට ද උරුම වූ බෙහෙත් වට්ටෝරු ගණනාවක් පරීශීලනයට ලක්කර වර්තමානයට ගැලපෙන ලෙස භාවිතයට පහසු අයුරින් ඖෂධ වර්ග රැසක් නිෂ්පාදනය කර තිබෙනවා.
මෙම ඖෂධ භාවිතය මගින් අප සඳහන් කළ ඝර විෂ පමණක් නොව දැනට රෝගියකුට පවතින වෙනත් රෝග නිසා හට ගත්තා වූ ශරීරයේ පවතින සියලුම විෂ කොටස් ද බැහැර කළ හැකියි