"ඉනියවන්" බලා සැනසුනෙමි.

D2020

Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    "ඉනියවන්" බලා සැනසුනෙමි.

    කාලෙකින් එළකිරිය පැත්තෙ එන්න හිතුනා. ඇත්තටම ගොඩ දවසකින්.:D:yes::D:yes:

    මම ගිය සතියේ තව යාලුවෙක් එක්ක "ඉනියවන්" බලන්න ගියා. Film එක බලන්න යන වෙලාවේ පොඩි චකිතයක් හිතේ නම් තිබ්බා. අශෝක හඳගම මේ ගමන මොනව කරල ඇතිද කියලා. :confused::confused:

    ini-avan-him-here-after.jpg


    මුලින්ම කියන්න ඕනේ අශෝක හඳගම කියන අධ්‍යක්‍ෂක වරයා තමන්ට එන හැගීම ඒ ආකාරයෙන්ම ප්‍රේක්‍ෂකයාට ලබා දෙන්න උත්සහ කරන අධ්‍යක්‍ෂකවරයෙක්. ඒ කියන්නේ තමන් ගෙ වැඩේ කොහොම හරි කරන පුද්ගලයෙක්. සංස්කෘතිය ගැන හිතන්නෙ නැතුව පොඩ්ඩක් හිතන්න ඔහු ''තනි තටුවෙන් පියාඹන්න​'' film එක නිර්මාණය කල විදිහ​. , මේ මේ හේතුන් මතයි මම එවනි ප්‍රකාශයක් කලේ. :nerd::nerd:

    IniAvan%20ASoka%20Handagama%20MAIN.jpg


    හරි , ඒවා සේරම පැත්තකට දාමු. මම ඉස්සෙල්ලම පොරොන්ඳුව වෙනවා මේ film එකේ කතාව මෙතන නොකිය ඉන්න​..., මම මෙන්න මේ විදිහට මේ film එක හදුන්නල දෙන්නම්. ඉස්සල්ලා මෙන්න මේ Movie Trailer එක බලල ඉන්නකෝ... :yes::yes::yes::yes::yes:



    තමන් ගේ නමින් රටක් උරුම කරගන්න හදපු එක්තරා LTTE තරුනයෙක්.

    යුද්දෙන් තම පුතා මියගිය බව සිතන මවක්.

    මියගිය පුතාගේ පැමිණීම බලාපොරොත්තු වන මහල්ලෙක්.

    හදවතට විරුද්දව තම පෙම්වතාගේ ක්‍රියාකලාපයට හිස නැමු ආදරවන්තියක්.

    අහිමි වෙන්න දෙයක් නැතිව අහිමි උන දේවල් ගැන නොසිතන , දැනට හිමිවෙලා තියෙන '' ජීවිතය​'' ගැන සිතමින් ඒ ගැන සතුටු වන ගැහැණියක්.

    බිලී නොබා බිලී බාන මිනිසුන්..

    යුද්දය අනුමත නොකල දමිළ ජනයා...............
    මේ මේ කියවුන මිනිසුන් සමුහයක් එකට ජීවත් වෙන්න කරන යමර යුද්දයක්, කව්ද ඇත්තටම ආයිත් තැලෙන්නේ පොඩිවෙන්නේ , ඇත්තටම යුද්දේ ඉවරද​? යුද්දේ කියන්නේ මිනිසුන් මිනිසුන් වෙඩි තියා ගැනිල්ලමද​? මේවට වගකියන්න ඕනෙ කව්ද​?

    තමන් උගස් කරපු පුතෙකු සිටින මවක් , ඒ පුතා මරුණා කිව්වාම අමාරුවෙන් හරි හිත හදාගෙන ඉන්න අති, නමුත් මේ පුතා ආයිත් ගෙදර ආවම මේ අම්මා හැපි හැපී අඩන්න ඇද්ද​? පුතාව කොහොම පිලිගන්න ඇද්ද​?

    මෙම තරුණයා අලුතින් ජීවිතය පටන් ගන්න හදන විට , අවට සමාජය ඔහුට දක්වන ආකල්ප මොනවා වෙයිද​? ඔහු දෙස සෙනෙහෙවන්ත දෑසකින් බලයිද​? නැත්නම් ඔහු අතීතයේ කල කී දේට තවමත් ඇණුම් පද කියාවිද​?

    දසක 3ක් තිස්සේ තිබු යුද්දය දැන් අවසන්ව ඇත​. , මිනිස්සුන් දැන් හරි හරියට ඒ අතපසු උන දෑ ලබා ගන්න කටයුතු කරනවා ඇති. මේ වාතාවරනය යටතේ පෙර කී චරිත කෙසේ හැසිරෙවිද​? අලුතින් ජීවත් වෙන්න වෙරදරන්නන්ට සැබවින්ම අලුත් ජීවිතයක් අරබන්න පුලුවන් වෙයිද​? ඔවුන්ට සාදාරනයක් ඉටු නොවනවානම් , ඔවුන් නැවත කෙසේ , කාසදහා , කුමක් සිදුකරයිද​?


    අනිවා ඔවුන් ජීවත් වෙන්න උත්සහ කරයී , ඒකෙ කතා දෙකක් නෑ , හැබැයි ඔවුන් ඒ දේට කෙසේ මුණ දේවිද​?

    නෑ නිකන් , වැඩක් නෑ , ඇයි කතා නැත්තේ , අපි කොහොමද ජීවත් වෙන්නෙ? මේ මේ වචන ඇහෙයි "ඉනියවන්" බලන කොට , ඒ ඒ වචන එහෙ මෙහෙ කරල බලන්න , හිතන්න , ඇත්තම වර්තමාන තත්වය ගැන​...., අනාගත තත්වයන් ගැන​., එතකොට අපි නොදුටු නො අසපු දේ අපිට පෙනේවී , අපට ඇසේවී...............


    ඔවුනට අලුතින් කියා පටන් ගන්න ජීවිතයක් තියේද​? පරණ ජීවිතය අලුතින් පටන් ගන්න එකමද විසදුම​.

    කෙසේ හෝ ජීවත් වෙයි ඔහුන් , නැත්නම් මැරෙයී.........

    248941_394062554003551_1211248725_n.jpg

    534504_392595217483618_1824800146_n.jpg


    වෙලාවක් තිබ්බොත් යන්න බලන්න "ඉනියවන්"..... ආඩම්බර වෙන්න ලංකාවෙ සිනමාව ගැන...... ;):);):);):););):)

    අපිට මොලේ තියෙයි , ඒකයි ඇත්ත​......:):):):):):):):):):):)
     
    Last edited:

    job

    Member
    Dec 5, 2011
    283
    48
    0
    එල.ආඩම්බරයි :D

    ලන්කාවෙ සිනමාවෙ අනිත් පැත්ත දැකගන්න ජීවිතෙ ලස්සනයි කියන ෆිල්ම් එක බලන්න. :( අයියෝ srilanka
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    එල.ආඩම්බරයි :D

    ලන්කාවෙ සිනමාවෙ අනිත් පැත්ත දැකගන්න ජීවිතෙ ලස්සනයි කියන ෆිල්ම් එක බලන්න. :( අයියෝ srilanka

    :D :D :D AIYOOO ජීවිතෙ ලස්සනයි :D :D :D e gana kiyala vadak na saho :D
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    දැනුවත් කලාට ගොඩක් ස්තුත්යි... අනිවා බලන්න යන්න ඉන්නේ... තාම වෙලාවක් හම්බ උනේ නැහැ... :( හොද ෆිල්ම් එකක් බලන්න සල්ලි වියදම් කලාට දුක හිතෙන්නේ නැහැ. මේක හොද ෆිල්ම් එකක් වෙයි කියල හිතෙනවා..
    REP +
     

    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5
    thanks kiuwate balanne one ahenam film ake

    aniwa balanawa

    දැනුවත් කලාට ගොඩක් ස්තුත්යි... අනිවා බලන්න යන්න ඉන්නේ... තාම වෙලාවක් හම්බ උනේ නැහැ... :( හොද ෆිල්ම් එකක් බලන්න සල්ලි වියදම් කලාට දුක හිතෙන්නේ නැහැ. මේක හොද ෆිල්ම් එකක් වෙයි කියල හිතෙනවා..
    REP +

    hmmm balanna onee

    aniva oyalath gihin balanna :) :) :) :)
    moleta , agata danena film ekak nisa , Rs 200k dila film eka baluvata paw na :):):):)