ඉඳිකටු පුජාවේ ආනිසංස....

Senaka1985

Member
Jul 7, 2014
9
2
0
ඉඳිකටු පුජාවේ ආනිසංස....

කුඩා ඉඳිකටුවක් පුජා කිරීමෙන්ද ඔබට නිවන් මග පාදා ගත හැකි බව ඔබ දන්නෙහිද? ඉඳිකටුවක් යනු ඔබට පහසුවෙන්ම මිලදී ගත හැකි පුජා කලවිට මහා පිං කන්දරාවක් රැස් වන පුණ්‍ය කර්මයකි.
සුචිධායක හිමි විපස්සි බුදුරජුන්ට ඉඳිකටු පුජා කල පිනින් හත් වරක් සක්විති රජ විය.
(94 වන අපදානය)
පිළිනදිවච්ජ අපදානයට අනුව මෙම විපාක ලබෙන්නා හ.
* කුකුස් සින්දලිමේ ශක්තිය ලැබේ. සැක නැත්තෙකු වේ.
* විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.
* බොහෝ භෝග සම්පත් ලැබේ.
* තීක්ෂණ නුවණක් ලැබේ.
* ගැඹුරු වූ සියුම් ධර්ම කාරණා වහා වටහා ගැනීමේ ශක්තියක් ඇත්තෙකු වන්නේය.

සබ්බ දානං ධම්ම දාන ජිනාති! සාදු සාදු සාදු
සම්පාදනය: පුජ්‍ය රිදීගම සුධම්මාභිවංශ හිමි.
කාර්ම විපාක නම් ධර්ම දානය වෙනුවෙන් නොමිලේ බෙදාහරින පොතෙහි අනු පිටපතකි,
ඉ සටහන : රන්දීර් රාසා හා නිල්මිණි ප්‍රනාන්දු විසිනි