ඉපදුනේ 80 දශකයේද?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපොයි කොච්චර තිබේද?????

    අගල් 4යි කාලේ ෆ්ලොපි පාවිච්චි කරපු අන්තිම පරම්පරාව...
    කැසට් පටි පාවිච්චි කරපු අන්තිම පරම්පරාව
    බිග් මැච් කාලෙට පොලෝසි නොගිහින් ට්‍රක් ගිය කරපු අන්තිම පරම්පරාව
    තඩදාසි වෙසක් මූණු දාපු අන්තිම පරම්පරාව
    බට & කිතුල් පිති සරුංගල් යවපු කරපු අන්තිම පරම්පරාව(දැං උන් යවන්නේ චීන සරුංගල්)
    හයිස්පීඩ් ඩබිං ක්‍රමයට කැසට් ඩුප්ලිකේට් කරපු අන්තිම පරම්පරාව
    2ඩී වැල බලපු අන්තිම පරම්පරාව:P
    වතු වල කුරුම්බ, තැඹිළි ගස් පාළු කරපු අන්තිම පරම්පරාවත් අපි ද මන්දා......:dull:

    තව තියෙනවා...අහම්බෙන් දැකල කොටල යන්න ආවේ...
    මතක හැටියට තව දාන්නම්...............


    • කැටපෝල හා උණබට තුවක්කු භාවිතාවේ අවසාන පරපුර වීම.
    • සමස්තයක් විදියට කන්න පුලුවන් ඕනම ගෙඩියක් තියෙන වත්තක් පාලු කිරීමේ පුරෝගාමියෝ වීම.
    • ඇළවල් වල බැහැන් මාලු ඇල්ලූ අවසාන පරපුර වීම.
    • නිවාඩු දෙන අන්තිම දවසේ උදේ පාන්දරින්ම ඉස්කෝලේ ගොස් 9ට තාප්පෙන් පැන ළඟම මැසිමක් තියෙන එකාගේ ගෙදර ගොස් ගෙදරම සූනාමියක් බවට පත් කිරීම.
    • IGI කෙල පැමිනියෝ වීම..
    • කෙල්ලන්ට sms වෙනුවට ලියුම් ලියූ අවසාන පරම්පරාවද, sms ඒ වෙනුවට හඳුන්වා දුන් පරම්පරාවට අප වෙමු..
    • පාසල් කාලයේ අම්බානකට දණ ගසා සිටි හා උණ පුරුක් වලින් 180ක කෝණයකට වඩා විශාල කෝණයකින් පහර කෑ අවසාන පරම්පරාවද අප වෙමු..
    • ගුරුවරුන්ගෙන් අම්බානකට බැනු අසා නිකක් සිටි පරම්පරාවද අප වෙමු..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙන්න හැටේ අග සහ හැත්තෑවෙ දශකයේ ඒවා......

    සත 10ට අන්තිමට බස් එකේ ඉස්කෝලේ ගියෙත් අපියි.
    සත 72ට සීනී රාත්තල අන්තිමට කෑවෙත් අපියි.
    සත 2ට නාරම් බිකක් අන්තිමට කෑවෙත් අපියි.
    සත 25ට මිහිර පත්තරේ බැලුවෙත් අපියි.
    මුලින්ම සිලිසිලි (ෂොපින්) මල්ල පාවිච්චි කලෙත් අපියි.
    6වන පන්තියට යනකම්ම ටීවී එකක් බලලා නැති අයත් අපියි.
    රේඩියෝ එකෙන් විතරක් ඡන්දෙ ඇහුවෙත් අපියි.
    පාන් ගෙඩිය සත 25ට කෑවෙත් අපියි.
    සමූපකාර පෝලිමේ කූපන් බඩු ගන්න හිටියෙත් අපියි.
    කාඩ් එකට පාන් කෑවෙත් අපියි.
    මාසෙකට දවසක්වත් කුකුල්මස් කාලා තිබුණෙ නැත්තෙත් අපියි.
    සොසේජස් ඇහැට දැකලා තිබුනෙ නැත්තෙත් අපියි.

    තව මෙකී නොකී ‍බොහෝ සුන්දර මතකයන් වෙත්...!!!!

    :oo::oo::oo::oo:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මෙන්න හැටේ අග සහ හැත්තෑවෙ දශකයේ ඒවා......

    සත 10ට අන්තිමට බස් එකේ ඉස්කෝලේ ගියෙත් අපියි.
    සත 72ට සීනී රාත්තල අන්තිමට කෑවෙත් අපියි.
    සත 2ට නාරම් බිකක් අන්තිමට කෑවෙත් අපියි.
    සත 25ට මිහිර පත්තරේ බැලුවෙත් අපියි.
    මුලින්ම සිලිසිලි (ෂොපින්) මල්ල පාවිච්චි කලෙත් අපියි.
    6වන පන්තියට යනකම්ම ටීවී එකක් බලලා නැති අයත් අපියි.
    රේඩියෝ එකෙන් විතරක් ඡන්දෙ ඇහුවෙත් අපියි.
    පාන් ගෙඩිය සත 25ට කෑවෙත් අපියි.
    සමූපකාර පෝලිමේ කූපන් බඩු ගන්න හිටියෙත් අපියි.
    කාඩ් එකට පාන් කෑවෙත් අපියි.
    මාසෙකට දවසක්වත් කුකුල්මස් කාලා තිබුණෙ නැත්තෙත් අපියි.
    සොසේජස් ඇහැට දැකලා තිබුනෙ නැත්තෙත් අපියි.

    තව මෙකී නොකී ‍බොහෝ සුන්දර මතකයන් වෙත්...!!!!



    60, 70 දශක වල ඉපදුන අයට තිබුන නිදහස, විනෝදය ගැන හිතනකොට 80 දශකයේ ඉපදුන අපේ නිදහස අඩුවෙලා නේද කියලා දැනෙනවා. 90 දශකය වෙන කොට ඒක තව දුරටත් අඩු වෙලා. 2000 දෂකයේදී ඒකන නැත්තටම නැතිවෙලා. 2010 දෂකය වෙනකොට මිනිස්සු නිකන් යන්ත‍්‍රවල කොටස්වගේ නේද. පොඩි උන්ට ලමා කාළයක් නෑ පොඩි කාලේ ඉඳලා මැෂින් වගේ වැඩ නේද.
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ගුණසිරි බුල්ටෝ අන්තිමට කැවේ අපය.:P:P
    මුද්දර කාර්ඩ් අතිමට හම්බුනේද අපටය.
    voltran කාර්ටුන් එක අන්තිමට බැලුවේද අපය.
    තව එමටය....
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    # එළියට බැහැලා සම්බෝල කැඩුවේ, හැංගිමුත්තන් සෙල්ලම් කලේ (හොරා පොලිස්), බට්ටා පැන්නේ අපි තමයි

    # පන්තියේදි ගුරැවරැ නැති වෙලාවට ගෑනු පිරිමි මල් පළතුරැ, කොටු පිරෙව්වේ, පෑන් fight කලෙත් අපිම තමයි

    # Big Match කාලෙට වාහන අරගෙන පිස්සු නටාගෙන Till Collection ගියෙත් අපිද කොහෙද අන්තිමටම

    # කෙල්ලෙක් යාලු කරගන්න, ලියුම් කරදහියක් දෙන්න අම්බානක කටු කෑවෙත් අපිම තමයි. (Phone තිබ්බේ නෑනේ)
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ගුණසිරි බුල්ටෝ අන්තිමට කැවේ අපය.:P:P
    මුද්දර කාර්ඩ් අතිමට හම්බුනේද අපටය.
    voltran කාර්ටුන් එක අන්තිමට බැලුවේද අපය.
    තව එමටය....

    අනිවා මචන් :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Meka anthimata Use kaleth api thama...

    vcdcutter.jpg

    :yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සත 25 ට ටොෆී කෑවෙත් අපි....
    සත 50 ට ආයිස් පැකට් කෑවෙත් අපි...
    දැනට 9 වෙන ටිකට් එක 1.50 ට ගියෙත් අපි...
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    mama 90 mulma kaale ... mamath othanin hama ekakma wage kara... ;)
    podi gaanakata bunty tofee delta tofee kaapuwath mathakai... loku ganan dennaha ne ammala ... :)

    anyway ... eka deyai kiyanda thiyenn api hamoma wage sundara lama kaalayak ey kaale gewwa ... dan kaale thaakshanayath ekka eka awul wela ...
    atheethe mathak karata bohoma pin machn!

    +rep :)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එහෙනම් මාවත් මතක ඇති නේද? දිය රකුස් මතක නැද්ද?
    මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න..එක.. :rolleyes:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එහෙනම් මාවත් මතක ඇති නේද? දිය රකුස් මතක නැද්ද?
    මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න..එක.. :rolleyes:

    මතකයි මතකයි. ඒ දවස්වල සබ් මැරීන් එකක් තියාගෙන හිටියනේ. ඒ දවස් වල නම් තරහා කාරයා තමයි හැබැයි දැන් නම් මතක් වෙනකොටත් ආසයි.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සත 25 ට ටොෆී කෑවෙත් අපි....
    සත 50 ට ආයිස් පැකට් කෑවෙත් අපි...
    දැනට 9 වෙන ටිකට් එක 1.50 ට ගියෙත් අපි...

    ඇත්ත මචං.ඒ දවස් ගැන මතක් වෙනකොටත් ආසයි. බන්ටි කොලේ අඩියක් තරම් දිගට අදින ට්‍රයි කලෙත් අපිනෙ.
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    2D ඩොස්ගේම් ආසාවෙන් ක‍්‍රීඩාකල එකම පරම්පරාව අපයි.
    එල්ඊඞී බල්බ් වැඩිම ප‍්‍රමාණයක් මිලදී ගත්තේද අපයි.

    adoooo mathak wenakotat dukaiiiiii :(