ඉරාකයේ බිම් බෝම්බ

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    ඉරාකයේ බිම් බෝම්බ

    "ඉරාන-ඉරාක යුද්ධයේදි ඉරානයට තිබුණු ලොකුම හිසරදයක් තමයි සාගරය වගේ වළලලා තිබුණු ඉරාකයේ බිම් බෝම්බ. මේකට විසඳුමක් විදිහට ඉරාන හමුදාව බෝම්බ භූමිය හරහා හරකුන්, බූරුවන් දක්කලා බලනවා
    .
    මේක හරිගියේ නෑ. ඉදිරියෙන් යන සගයා කෑලි කෑලි වලට පිපිරෙන හැටි දකින මේ සත්තු බය වෙලා ආපස්සට දුවන්න ගත්තා. මේ අසාර්ථකත්වය නිසා ඉරාන හමුදාව එක අඩියක් වත් ඉදිරියට යන්න බැරුව ලොකු අමාරුවක වැටිලයි හිටියේ. හැබැයි වැඩේ අතෑරියේ නෑ. බූරුවගෙ වැඩේ මිනිස්සු ලවා හරි කරගන්න පියවර ගැනෙනවා.
    .
    වැඩි කල් යන්න කලින් ඉස්ලාමයේ නාමයෙන් දරුවෙක් මරණයට කැප කරන්න කියලා රට පුරා පූජකයන් අයදින්න ගන්නවා. අයැදුමට නොපමාව කුඩා ගම්මාන, නගර වල දුප්පත් පවුල් වලින් තරුණයන් රැසක් සහභාගී වෙනවා. මේ හැමෝටම මරණින් පස්සෙ සදාකාලික දිව්‍යලෝකයේ පාවෙන හැටි ඉස්ලාමීය පූජකයන් නිරන්තරයෙන් මතක් කරනවා.
    .
    ඉතිං මේ විදිහට පුහුණු කඳවුරේදී මොල ශෝධනය වෙන තරුණයන්ට අවසානයේදී ප්ලාස්ටික් යතුරකුත් තෑගි ලැබෙනවා (තායිවානයේ නිශ්පාදිත). මොකටද දන්නවද?
    .
    මරණින් මතු ස්වර්ගයේ දොරටුව ඇරගන්න !!!
    .
    ඉතින් ආගමින් මොළය විකල් වුණ තරුණයන් රෑන් පිටින් බෝම්බ භූමියට දුවගෙන එනවා. බුරුතු පිටින් බිම් බෝම්බ පුපුරවගමින් කෑලි කෑලි වලට පිපිරිලා යනවා. මේ විදිහට බෝම්බ clear වෙච්ච ප්‍රදේශ හරහා ඉරාන හමුදාව ඉරාකයට කඩා පනිනවා.
    .
    ඉරාන හමුදාවට, තමන්ගේ වචන වලට රැවටිලා මිනිසුන් සිය දහස් ගණනින් තමන්ගේ දෙමව්පියන්, බිරිඳ දරුවන් අතහැරලා යුධබිමේ ගින්නට පණින එක විතරක් මදි වෙනවා. බිම් බෝම්බ වලින් පුපුරලා යන තරුණයන් ගේ කෑලි එකතු කරලා අවමංගල්‍යයක් කරන එකත් ඉරාන හමුදාව දකින්න මල වදයක් විදිහට
    .
    ඒ නිසා ඒ තරුණයන්ට හමුදාවෙන් බ්ලැන්කට් එකක් ලැබෙනවා. මීට පස්සේ බෝම්බ භූමිය තුල එයාලා ඇවිදින්න ඕනේ නෑ. ඒ බ්ලැන්කට් එක ඔතාගෙන හරස් අතට පෙරලෙමින් යන්න කියලා උපදෙස් ලැබෙනවා. මේ නිසා පිපිරීමකදී තරුණයන්ගේ ශරීර කොටස් දසත විසිරීම සීමා වෙනවා
    .
    ඉතින් ඔය විදිහට ඉරානය ආගමට සහ මොළ ශෝධනයට පින් සිද්ධ වෙන්න ඉරානය බිම් බෝම්බ ගැටලුව සාර්ථකව විසඳනවා
    .
    ඉරාන ඉරාක යුධ සමයෙදි මෙවැනි වැඩ වලට මිනිසුන් රැසක් අවශ්‍ය නිසා වැඩි වැඩියෙන් දරුවන් වදන්න කියලා පුජකයන් ඉල්ලා සිටිනවා. මේ නිසා යුධ සමය තුල එක ඉරාන කාන්තාවක් average ළමයි 6-7ක් වදන තැනට දක්වා එනවා.
    .
    1980 ඇරඹුනු යුද්ධය 1988 දී අවසාන වෙනකොට ඉරාන වැසියන් 200,000 පමණ ජීවිතයෙන් වන්දි ගෙවලා තිබුණා"


    මූලික කරුණු Yossi Melman සහ Meir Javedanfar විසින්රචිත
    The Nuclear Sphinx of Tehran නම් පොතෙනි
    iran-iraq-war02.jpg
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේක නම් ගොතපු කතාවක් බන්.


    then why don't you read the book dick head ?


    Nuclear Sphinx of Tehran


    or search the internet about this


    https://www.wearethemighty.com/iran-iraq-war-child-soldiers
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යකෝ ප්ලාස්ටික් යතුරකුත් උස්සගෙන බ්ලැන්කට් එකකුත් ඇඟේ ඔතාගෙන රෝල් වෙවී ගිහින් බෝම්බ කන්න තරම් බ්‍රේන් වොෂ් එකක් දෙනවා කියන්නේ ඉතින්......:dull:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Okata kiyanne nirbitha kama neme bn Modakama kiyala. ehenam saharan unath nirbithaine bn :lol::lol::lol:

    උඹ බෝම්බයක් උඩිං අඩිය තියන්න පුලුවන් මෝඩයො කී දෙනෙක් දැකල තියෙනවද ?
    මම නං එහෙම එක මෝඩයෙක්වවත් දැකල නෑ
    මෝඩයෙක් වුන පලියට ඔහොම දෙයක් කරන්න බෑ