ඉරාන කටාර් ප්‍රේමය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඉරාන කටාර් ප්‍රේමය

    6pAAXvZ.jpg

    සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යය අතර නොසන්සුන්තාවය ආරම්භ වන්නේ 2016 වර්ෂයේදී ඉරානයේ සෞදි තානාපති කාර්යාලයට උද්ඝෝෂකයින් පහරදීමට එරෙහිව ඉරාන රජයට දොස් නැගූ අවසන් ගල්ෆ් රාජ්‍යය බවට කටාරය පත්වීමත් සමගයි.සෞදි තානාපති කාර්යාලය ප්‍රහාරයට ලක්වූයේ සෞදියේ සිටි ෂියා මුස්ලිම් පූජකයෙක් ඝාතනය කිරීම නිසා ඉරානය තුල ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙනි.කටාර් රාජ්‍යය ඉරානය සමග හොඳ හිත වර්ධනය කරගනිමින් සිටි සමයක සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධව ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම ගැන ගල්ෆ් කලාපයේ බලවතා සිටියේ අමනාපයෙනි.කටාරය,ඉරානය සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැළක්වීමට සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව අවස්ථා ගණනාවකදී උත්සාහයන් දරන ලදි.

    9ybI2vU.jpg

    කටාර් රාජ්‍යය සුන්නි මුස්ලිම් රටක් ලෙස ඉරානය වැනි ෂියා මුස්ලිම් රටක් සමග සමීපව කටයුතු කිරීම ගැන ගල්ෆ් රටවල් සිටියේ කෝපයෙනි.විශේෂයෙන් සුන්නි මුස්ලිම් ලෝකයේ ප්‍රධානියා තමා යැ‍යි සිතා සිටින සෞදි අරාබියේ කීමට පිටින් ස්වාධීනව සිය විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමට කටාර් රාජ්‍යය ක්‍රියාකරමින් සිටියේය.ඇමෙරිකානු ජනපති මැදපෙරදිගට පැමිණ සති දෙකක් ඉක්මගිය තැන සෞදි අරාබිය,ඊජිප්තුව,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් යන රටවල් ක්‍රියාත්මක විය.ඔවුන් කටාරය සමග තිබූ සියලු රාජ්‍යතාන්ත්‍රික සබදතා වලට තිත තැබීය.තව තම මුහුදු සීමා සහ ගුවන් අවකාශ භාවිතා කිරීමට කටාරයට නොහැකි බවද දන්වන ලදි.ඊට අමතරව ඔවුන් කොන්දේසි කිහිපයක්ද කටාරයට ඉදිරිපත් කරන ලදි.ඉන් ප්‍රධානතම කොන්දේසි වන්නේ ඉරානය සමග තිබෙන රාජ්‍යතාන්ත්‍රික සබදතා අවසන් කිරීම, සහ මුස්ලිම් සහෝදරත්වය,හමාස් ,හිස්බුල්ලා සංවිධානවලට දක්වන සහාය අවසන් කිරීමයි.හමාස් සහ හිස්බුල්ලා යනු ඊශ්‍රායලයට මුහුණදීමට තිබෙන ප්‍රධාන අභියෝග දෙකකි.මුස්ලිම් සහෝදරත්වය ඊජිප්තුවට තර්ජනයකි.

    EZVrs5V.jpg

    කෙසේවෙතත් කටාර් රාජ්‍යය මෙම ඉල්ලීම් ඉටුකිරීම ප්‍රතික්ෂේප කලේය.කටාරයේ විදේශ අමාත්‍ය මොහමඩ් බින් අබ්ඩු අල්ලාහ් අල්-තානි නිවේදනය කලේ දෝහා රජය එහි විදේශ සබදතාවල සිදුවන මොනයම් ආකාරයක හෝ මැදිහත්වීමක් ප්‍රතික්ෂේප කරන බවත්,තමන් මත පටවන ඕනෑම සම්බාධකයක් සදහටම දරා සිටින්නට කටාරයට හැකියාව තිබෙන බවයි.

    02v3VyK.jpg


    "කිසිවෙකුට අයිතියක් නැහැ අපේ විදේශ ප්‍රතිපත්තිවලට මැදිහත්වීමට" මෙහමඩ් අල්-තානි


    සෞදි අරාබිය ප්‍රමුඛ කණ්ඩායමේ ක්‍රියාමාර්ගවලට ඉරානය සහාය නොදැක්වීය.​

    "කටාරය සහ එහි අසල්වැසි රාජ්‍යයන් තුන අතර තිබෙන අර්බුදය විසඳා ගත හැක්කේ දේශපාලනික සහ සාමකාමී ක්‍රමවේදයකින් පමණි"- ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක බාරාම් කසෙමි

    කටාර් රාජ්‍යයට එරෙහිව සෞදිය ප්‍රමුඛ කණ්ඩායම ගත් ක්‍රියාමාර්ග සහ සෞදි අරාබියේදී සිදුවූ අරාබි-ඇමෙරිකා හමුව අතර සම්බන්ධයක් තිබෙන බව බොහෝ ඉරාන විශේෂඥයින් විශ්වාස කරයි.බොහෝදෙනා විශ්වාස කරන්නේ සෞදියේ මෙම ක්‍රියාමාර්ග එක්සත් ජනපදය විසින් පුර්වයෙන් අනුමත කල ඒවා බවයි.

    P5ldheV.jpg
    වම්පස සිට:ඊජිප්තු ජනපති අබ්ඩෙල් ෆාටාහ් අල්සිසි,සෞදි රජු සහ ජනපති ට්‍රම්ප්​

    ඉරානය සහ කටාරය මේවන විටත් කටාර් විරෝධී සම්බාධකවලට ප්‍රතිප්‍රහාර දීම ආරම්භ කර තිබේ.ඉරානය සිය ගුවන් අවකාශය භාවිතා කිරීමට කටාර් ගුවන් සේවයට අවස්ථාව ලබාදී තිබේ.දිනකට කටාර් ගුවන් යානා 150කට වැඩි ගණනක් ඉරාන ගුවන් අවකාශය භාවිතා කරයි.ඊට අමතරව සිය වරායන් තුනක් කටාරයේ අපනයන කටයුතු වෙනුවෙන් විවෘත බව ඉරානය නිවේදනය කලේය.

    වර්තමාන තත්ත්වය හමුවේ කටාරය කෙරෙහි සිය බලපෑම වැඩි කරගන්නට ඉරානයට හැකියාව ලැබී තිබේ.සෞදිය ප්‍රමුඛ කණ්ඩායමේ ක්‍රියාමාර්ග ඊට මනා පිටුවහලක් වී තිබේ.

    4iTZejV.jpg

    ඉරානය සහ කටාරය අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා ස්ථාපිත වන්නේ ඉරානයේ ෂා(මොහොමඩ් රෙඩ පාලාවි) රජුගේ පාලනය පැවති සමයේය.දෙරට අතර දේශසීමා මායිම් සලකුණු කිරීමට ගිවිස ගත්තේ 1969 වර්ෂයේදීය.ඉරානයේ සිදුවූ ඉස්ලාමීය විප්ලවයෙන් පසු කටාරය විසින් ඉරාකයේ හිටපු පාලක සදාම් හුසේන්ට මුල්‍යමය අනුග්‍රහය ලබාදුන්නේ ඔහු විසින් 1980 සිට 1988 දක්වා ඉරානයට එරෙහිව කල යුද්ධය වෙනුවෙනි.එසේවුවත් යුද්ධයෙන් පසුව වහාම ඉරානය සමග සබදතා යළි තහවුරු කරගන්නට කටාරය උත්සුක විය.1989 වර්ෂයේදී ඉරානය සහ කටාරය පර්සියානු බොක්කේ උතුරුදිග කටාර් ගෑස් නිධියේ මෙහෙයුම් ඒකාබද්ධව සිදුකරන්නට ගිවිසගත්හ.ගෑස් නිධියේ 1/3ක ප්‍රමාණයක් ඉරාන මුහුදු සීමා තුල පිහිටා ඇත.

    ee6jL4p.png

    1991 වර්ෂයේදී කටාරය ඉරානය සමග පුර්ණ වශයෙන් රාජ්‍යතාන්ත්‍රික සබදතා යළි ස්ථාපිත කරගත්තේය.නමුත් ඉරාන-කටාර් සබදතා සුවිශේෂී අයුරින් වර්ධනය නොවූයේ ගල්ෆ් රටවල්ට එරෙහි අභ්‍යන්තරයෙන් ඉරානය එල්ල වූ පීඩනය සහ කටාරයට සෞදි අරාබියෙන් එල්ල වූ පීඩනය හේතුවෙනි.මෙම දේශපාලනික පීඩනය හමුවේ ඉරානයේ සහභාගීත්වයෙන් අරාබි ගල්ෆ් හි ආරක්ෂාව නියාමනයට නිර්මාණය කිරීමට ගිය ව්‍යාපෘතිය අසාර්ථක විය.එසේම ඉරානයෙන් කටාරයට පිරිසිදු ජලය පොම්ප කිරීමට සැලසුම් කල ව්‍යාපෘතියක්ද අතහැර දමන්නට සිදුවිය.

    MZAIHLy.jpg
    South pars හි ඉරානයට අයත් තෙවන විශාලතම ගෑස් පිරිපහදු සංකීර්ණය​

    2006 වර්ෂයේදී ඉරාන-කටාර් සබදතා සුවිශේෂී ලෙස වර්ධනය වූයේ 2006 ලෙබනන් යුද්ධයේදී හිස්බුල්ලා සංවිධානයට අනුග්‍රහය දැක්වීමත් සමගයි.එහිදී ලෙබනනය වෙත මානුෂීය ආධාර යැවූ පළමු රට බවට පත්වූයේද කටාරයයි.ඊශ්‍රායලය සමග තිබෙන සබදතා පාවිච්චි කරමින් 2006 ලෙබනන යුද්ධය සටන් විරාමයකින් අවසන් කිරීමට කතිකාවක් ඇති කරගැනීමට මුලිකත්වය ගෙන ක්‍රියා කලේද කටාරය යැයි කියවේ.

    yEvdj6R.jpg
    හිස්බුල්ලා සංවිධානයේ සටන්කාමීන්​

    2006 වර්ෂයේ යුද්ධයෙන් පසුව කටාර් සහ හිබුල්ලා සංවිධානයට අතර සබදතා සුවිශේෂී ලෙස වර්ධනය විය.ඉරානය සමග සහයෝගයෙන් කටාර් රාජ්‍යයද ලෙබනනය යළි ගොඩනැගීම සහ විශේෂයෙන් බීරූට් හි දකුණුදිග උපනගරය සහ දකුණු ලෙබනනයේ ගම්මාන ප්‍රති සංස්කරණයට දායක විය.

    කටාරය තුර්කිය සමග සබදතා වර්ධනය කරගැනීමත් සමග ඉරානයද කටාරය සමග සබදතා දියුණු කරගැනීමට යොමුවිය.එහි අවසානයේදී ශක්තිමත්ම සහ ඉතා අපූර්ව(සමහරක් විශේෂඥයින්ට අනුව) මිත්‍ර සන්ධානයක උපත සිදුවිය.එනම් සිරියාව,ඉරානය,කටාර්,හමාස් සහ හිස්බුල්ලා යන සන්ධානයයි.ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන සම්බන්ධව ඇමෙරිකා-ඉරාන කතිකාවත් ඇතිකිරීමට තුර්කිය උනන්දු කරවූයේ සිරියාව සහ කටාරයයි.

    XPAQvNk.jpg
    ඉරානයේ හිටපු ජනපති මහමුඩ් අහමඩිනෙජාඩ් නටාන්ස් හි යුරේනියම් බලගැන්වීමේ කාර්යය සිදුකරන අයුරු නිරීක්ෂණය කල අයුරු​

    2010 පෙබරවාරි මාසයේදී කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් හමඩ් බින් ජැසිම් බින් ජබර් අල්-තානි ප්‍රකාශ කලේ ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන ඔස්සේ කලාපය තුල න්‍යෂ්ඨික අවි තරඟයක් ඇතිකල හොත් එය සියලුදෙනාටම අහිතකර වනු ඇති බවයි.ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහනට තුර්කිය මැදිහත්වීමෙන් රාජ්‍යතාන්ත්‍රික පිළියමක් සෙවීමට කටාර් එමීර්වරයා වන ෂෙයික් හම්ඩ් බින් කලීෆා අල්-තානි සහ සිරියානු ජනපති බෂාර් අල්-අෂාඩ් සිය සහාය පළකරන බව 2010 වර්ෂයේදී ප්‍රකාශ කරන ලදි.

    KjXRqiK.png
    බහරේන් හි උද්ඝෝෂණ-2011 වර්ෂයේ​

    2011 වර්ෂයේදී ආරම්භ වූ සිරියානු අර්බුදයත් සමග ඉරානය සහ කටාර් රාජ්‍යය ගොඩනැගූ මිත්‍ර සන්ධානය බිද වැටුණි.එහි ප්‍රතිඵලයක් ලෙස කටාර් සහ තුර්කිය සිරියාවේ විරුද්ධ පක්ෂයේ කණ්ඩායම්වලටද පසුකාලීනව ත්‍රස්තවාදී කණ්ඩායම්වලටද සහාය ලබාදුන්හ.නමුත් එය ඉරාන-කටාර් සබදතාවලට මුලුමනින්ම බලනොපෑවේය.2011 වර්ෂයේදී අරාබි වසන්තය යටතේ බහරේනයේ සිදුවූ රාජ්‍යවිරෝධී උද්ඝෝෂණ උසිගැන්වූ බවට අනෙකුත් ගල්ෆ් රටවල් ඉරානයට චෝදනා කරද්දී කටාර් පාලකයෝ ඉරානය විවේචනය කිරීමට ගියේ නැත.

    DUbak7j.jpg
    දෝහා වරාය​

    ස්වභාවික වායු වෙනුවෙන් ඒකාබද්ධ ආයෝජනය සිදුකිරීම ඉරාන-කටාර් සබදතාවල ප්‍රධානතම වැදගත්කමයි.මන්ද කටාරයේ ජාතික ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නේ මෙම ගෑස් අපනයනය කිරීම හරහාය.කටාර් මුස්ලිම් සහෝදරත්වයට සහාය දෙන අතර ඉරානයේ සහාය හිමිවන පලස්තීනයේ හමාස් සංවිධානයටද සහයෝගය දක්වයි.



    Source:southfront.org

    -HarshaLulzSec-
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉරානෙට හෙත්තු වෙන එක නම් හොදක් හැටියට මම දකින්නේ නැ බන්. ලොකේට විනාසයක් මිස හොදක් නම් වෙන්නේ නැ. ඉරාන් උන්ට දැනුම තියනවා කටාරි උන්ට සල්ලි තියෙනවා. නියුක්ලියර් ප්ලැන්ස් තමා ඔය. ඔක උනොත් ආයේ ඉදලා වැඩක් නැ.
     
    May 10, 2012
    466
    122
    0
    255
    මෙක ොඩක් සංකීර්න ප්‍රශ්නයක්. Qatar europe gas pilpeline eke indala political economical religious wage godak dewal involve wenawa
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉරානෙට හෙත්තු වෙන එක නම් හොදක් හැටියට මම දකින්නේ නැ බන්. ලොකේට විනාසයක් මිස හොදක් නම් වෙන්නේ නැ. ඉරාන් උන්ට දැනුම තියනවා කටාරි උන්ට සල්ලි තියෙනවා. නියුක්ලියර් ප්ලැන්ස් තමා ඔය. ඔක උනොත් ආයේ ඉදලා වැඩක් නැ.


    ඒවගේ තත්වෙට ඇදලා දාන්නා ට්‍රම්ප් පාලනයට අවශ්‍ය වෙලා තියනවා. ට්‍රම්ප් පාලනය විසින් ඇමරිකාව විනාශ කරමින් යනවා.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒවගේ තත්වෙට ඇදලා දාන්නා ට්‍රම්ප් පාලනයට අවශ්‍ය වෙලා තියනවා. ට්‍රම්ප් පාලනය විසින් ඇමරිකාව විනාශ කරමින් යනවා.
    ට්‍රම්ප් පාලනය මුලු ලොකේම අස්තාවර කරනව බන්. උගේ ගේම සරලයි. මිඩල් ඊස්ට් අස්තාවර කලාම ඔයිල් ප්‍රයිස් කෙලවෙනවා. එතකොට දැන් උන් ස්ටොක් කරගෙන තියෙන ඩ්‍රිලින් ප්ලාන්ට් ටිකයි, ඇලස්කා මයිනිනුයි ගොඩ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ට්‍රම්ප් පාලනය මුලු ලොකේම අස්තාවර කරනව බන්. උගේ ගේම සරලයි. මිඩල් ඊස්ට් අස්තාවර කලාම ඔයිල් ප්‍රයිස් කෙලවෙනවා. එතකොට දැන් උන් ස්ටොක් කරගෙන තියෙන ඩ්‍රිලින් ප්ලාන්ට් ටිකයි, ඇලස්කා මයිනිනුයි ගොඩ.

    Alaska ඇවිල්ලා different ස්ටොරියක්. කොහොමත් ඉදිරියේදී ඇලස්කාවෙන් විශාල වශයෙන් බොර තෙල් ගැනීමේ අවශ්‍යතාවයක් ඇමරිකාවට නැහැ.

    මෙතන තියෙන්නේ ට්‍රම්ප් ට ඕන විදිහට තමයි රජය ගෙනියන්න හදන්නේ. අන් මතවලට පිටුපා යන ස්වරුපයක් තමයි තියෙන්නේ. දැන් Republican Party එකේ මත වලටවත් ට්‍රම්ප් ඇහුම්කන් දෙන්නේ නැහැ.

    නුදුරු අනාගතයේ ලොකු ප්‍රශ්නයක් උද්ගත වෙනවා. ඔන්න බලපන්. විශ්වාස භංගයක් ගේන්නත් තව ටිකක් කල් ඉන්න වෙනවා. එතකොට කෙල වෙලා ගොඩක් ඉවරයි.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Very Good Thread bro..
    keep it up
    Rep+6


    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113

    විශ්වාස භංගයක් ගේන්නත් තව ටිකක් කල් ඉන්න වෙනවා. එතකොට කෙල වෙලා ගොඩක් ඉවරයි.

    ඇයි ගොඩක් කල් යන්නේ?