
මැදපෙරදිග මුස්ලිම් රාජ්‍යයන් අතරින් ඩ්‍රෝන් යානා නිෂ්පාදන ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් වන්නේ ඉරානයයි.බටහිර රටවල් පැනවූ සම්බාධක ඇතුලුව අධෛර්යමත් කිරීම් හමුවේ දේශීය ඩ්‍රෝන් යානා කර්මාන්තයක් ගොඩනංවා ගන්නට එරට සමත් වීම සමහර විට පුදුමයට කරුණක් වනු ඇත.ඉරානයේ මෙම කර්මාන්තය සම්බන්ධව,ඔවුන්ගේ දේශපාලනික සහ අන්තවාදී ක්‍රියාකලාපය නොසලකා හැර සලකා බලමු.
ඉරාන ඩ්‍රෝන් යානාවල හැකියාවන්
මෙම කර්මාන්තය සැබෑ සහ දේශීයව නිෂ්පාදනය කල එන්ජින්,ගුවන් යානා රාමුව,ප්‍රකාශ-විද්‍යුත් නිරීක්ෂණ උපාංග,මිසයිල,බෝම්බ සහ සමහරක් ස්වදේශීය මෙහෙයුම් පද්ධතිවලින් සමන්විතය.
ඔවුන්ගේ ඩ්‍රෝන් යානා කුඩා,මධ්‍යම සහ් විශාල වශයෙන් පුළුල් පරාසයක් පුරා විහිදී ගොස් තිබේ.
සාර්ථක වායුගතිවිද්යානුකූල සැලසුම් වලින් යුක්තය.ඒවාට ලඟා විය හැකි උස ප්‍රමාණයද ඉතා ඉහළ මට්ටමක පවතියි.
මරාගෙන මැරෙන මෙහෙයුම් සඳහා ඩ්‍රෝන් යානා නිෂ්පාදනයේදී ඉරානය සතු අත්දැකීම් ඉහළය.
ඔවුන් සතු මධ්‍යම විශාල පරිමාණයේ ඩ්‍රෝන් යානා බොහොමයක් ප්‍රහාරක යානා බවට පත් කර තිබේ.
ප්‍රහාරක ඩ්‍රෝන් යානා සියල්ලම පාහේ දේශීයව නිෂ්පාදනය කරන මිසයිල සහ ස්මාට් බෝම්බ වලින් සන්නද්ධය.
ඉරාන කලින් කලට සාම්ප්‍රදායික නොවන නිර්මාණාත්මක අලුත් අදහස් ඩ්‍රෝන් කර්මාන්තය තුලට ගෙන එන බව දක්නට තිබේ.සමහරක් අදහස් තවමත් උත්සාහයන් ලෙස පවතින අතර අනෙක්වා නිෂ්පාදන අධියරයට අවතීරණය වී ඇත.
ඔවුන්ගේ සමහරක් ඩ්‍රෝන් යානා,ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඩ්‍රෝන් යානාවල අනුපිටපත් කිරීම් සහ ප්රතිනිෂ්පාදනයන් වන අතර අනෙක් ඒවා මුළුමනින්ම දේශීය නිපැයුම්ය.
වරක් ඔවුන් විසින් නතු කර ගත් ඇමෙරිකානු RQ-170 ඩ්‍රෝන් යානයේ ප්රතිනිෂ්පාදනයක් ඉදිරිපත් කලහ.
තම ඩ්‍රෝන් යානාවලට අවශ්‍ය හොඳ කාර්යසාධනයක් සහිත ජෙට් සහ පිස්ටන් එන්ජින් දේශීය සැලසුම් කර,නිෂ්පාදනය කරන්නට ඉරානය සමත්ය.
වඩාත් වැදගත්ම කාරණය වන්නේ,ඩ්‍රෝන් ව්‍යාපෘති හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල නිරත විශ්වවිද්‍යාලවලට එරට රජයේ සහාය ලැබීම සහ ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා වාර්ෂික ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමයි.ඉරාන ඩ්‍රෝන් කර්මාන්තයේ ආරම්භය සිදුවන්නේ එරට විශ්වවිද්‍යාල අතරින්ය.

2011 දෙසැම්බර් මාසයේදී ඉරානය අතට පත් වූ ඇමෙරිකානු RQ-170 ඩ්‍රෝන් යානය අයතුල්ලා අලි කමෙයිනිට ප්‍රදර්ශනය කල අවස්ථාව,2014 මැයි 14.
ඉරාන ඩ්‍රෝන් යානාවල දුර්වලතා
බටහිර රටවල ඒවාට වඩා අඩු හැකියාවක් සහ කාර්යක්ෂමතාවයක් සහිත චීන නිරීක්ෂණ උපාංග ඇසුරින් නිපදවූ විද්‍යුත්-ප්‍රකාශ නිරීක්ෂණ උපාංග ඉරාන ඩ්‍රෝන් යානා සඳහා භාවිතා කෙරේ.
චන්ද්‍රිකා සන්නිවේදනය භාවිතයෙන් වැඩි දුරක් පියාසර කල හැකි ඩ්‍රෝන් යානයක් ඉරානය සතුව නොමැත.ඔවුන්ගේ විශාලතම ඩ්‍රෝන් යානාවලට පවා පියාසර කල හැක්කේ සිය ගොඩබිම් පාලන මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 150-250 පමණ දුරක් පමණි.
ගොඩබිමේ ඉලක්ක හඳුනා ගැනීම ඇතුලු ඔත්තු බැලීමේ කටයුතු සඳහා ප්‍රයෝජනවත් වන "සින්තැටික් ඇපෙචර්" රේඩාර් පද්ධතියක් සිය ඩ්‍රෝන් යානාවල ස්ථාපනය කිරීමට වසර කිහිපයකට ඉහතදී ඉරානය සමත් වුවද මේ දක්වා එහි ප්‍රගතියක් දක්නට නොමැත.
සංඥා බුද්ධි තොරතුරු ග්‍රහණය කර ගැනීම අතින්ද ඉරාන ඩ්‍රෝන් යානා ප්‍රමාණවත් සමර්ථකමක් නොදක්වයි.ප්‍රති-රේඩාර්,මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා නිෂ්පාදනයේදීද ඉරානය,ඊශ්‍රායලට බටහිර රටවලට වඩා පහළින් සිටියි.
ඉරාන ඩ්‍රෝන් කර්මාන්තයේ අවසන් ශක්තිය වන්නේ,සිය දුර්වලතා ඔවුන් අවබෝධ කරගෙන ඒවා ජය ගැනීමට කටයුතු කරමින් සිටීමයි.ඉන් සමහරක් දුර්වලතාවලට හේතු වී තිබෙන්නේ ඉරානය මත පනවා තිබෙන සම්බාධකයි.
අවසන් වශයෙන් මතක් කල යුත්තේ ඉරානය මේ දක්වා ඩ්‍රෝන් යානා කර්මාන්තය තුල සියලු ජයග්‍රහණ අත් කර ගෙන තිබෙන්නේ ඔවුන් මත යොදා ඇති තාක්ෂණික අවහිරතාවයන් නොසලකා හරිමින්ය.
source:encyclopedia-of-syrian-military.com