ඉලක්ක කොච්චර සම්පුර්නද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    මේ අවුරුද්ද ඉවර වෙන්න හරියටම මාස දෙකහමාරක් තියෙනවා. 2016 අවුරුද්ද පටන් ගන්නකොට තම තමන් විසින් තියාගත්ත ඉලක්ක කොයිතරම් මේ වෙනකොට සම්පුර්ණ කලාද කියලා අපි කතා කරමුද? එහෙම ඉලක්ක තියාගත්ත නැති අයත් එන්න 2017 ජයගන්න මේ ත්‍රෙඩ් එක උදව්වක් වෙයි.

    මගේ නම් 2016 ඉලක්ක සියල්ල මේ වෙනකොට සම්පුර්ණයි.

    අවසාන වශයෙන් මගේ පලවෙනි පොත ඊයේ ලියලා අවසන් කළා. මේ අවුරුද්දේ අවසානයේ පොත් සාප්පු වලින් හා ග්‍රන්ථ එකෙන් ලබාගන්න පුළුවන් වෙයි. ඊට අමතරව මගේම ගෙදරක ජිවත් වීම, රුපියල් XXXXXX මුදලක් ඉපයීම, පවුලේ අය සමග විනෝද චාරිකා තුනක් වත් යන එක. නැවත පුද්ගල සංවර්ධන හා අලෙවි කරන පුහුණු වැඩමුළු ආරම්භය. මේ වගේ තියාගත්ත ඉලක්ක ඔක්කොම සම්පුර්ණයි. දැන් 2017 අවුරුද්ද වෙනුවෙන් වැඩ පටන් ගන්නවා මේ සඳුදා ඉඳලා.

    ඔයාලා මොනවද තියන් හිටපු ඉලක්ක. දැන් කොච්චර සම්පුර්ණ කරලද? මේ ඉතුරු මාස දෙකහමාරේ තව කොච්චර කරන්න තියනවද? අපි ටිකක් කතා කරමු.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    2016 target eka: Car ekak ganna eka. (denata salli hari. wahanayak na :( )
    2017 wedimata salli hoyana eka
    2018 wedima

    lol.. hemadama target thama ban.


    මචං ස්මාර්ට් ගෝල් හදාගනින්. ඒ වගේම ආර්ථික ඉලක්ක විතරක් නෙමෙයි අනිත් ඒවටත් ඉලක්ක තියාගනින්. උඹ මොකක්ද හොයන වාහනය?
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මගෙ තියෙන්නේ 2016-2017 මැච් එකක්.2018 රිසාල්ට් එන්නේ.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගේ ඔය අංශය හෙනම දුර්වලයි බන්... මම ඉලක්ක තියාගන්නව ඒකට ඕනකමත් තියනව... ඉලක්කය පටන් ගන්නකන් පුදුම උනන්දුවක් තියෙන්නේ ඒත් ටික දවසකින් ඒකට තියන උනන්දුව නැතිවෙලා යනවා...

    උදාහරනයක් කිවුවොත් ඇග කම්මැලිවෙලා නිසා උදේට උදේට දුවන්න කියලා හිතාගත්තා ඒකට කිට් එකක් ලෑස්තිකරගෙන සපත්තු දෙකක් හොයාගෙන පුදුම උනන්දුවක් තිබුනේ... ඒත් සතියයි දිවුවේ ඊට පස්සේ නැවතුනා ඒක...

    ඒත් දැන් හිතලා හිතලා ඒ දුර්වලකම හදන් යනවා... දැන් තියන් ඉන්න ඉලක්කය තමයි ලංකාවට ඇවිත් 2017 ජුනි වල බිස්නස් එකක් පටන් ගන්න. ගොඩක් කටයුතු කලා... ලංකාවේ වැඩටික තමයි තියෙන්නේ දැන්...

    ඒක නම් කොහොම හරි කරනවා...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මගේ ඔය අංශය හෙනම දුර්වලයි බන්... මම ඉලක්ක තියාගන්නව ඒකට ඕනකමත් තියනව... ඉලක්කය පටන් ගන්නකන් පුදුම උනන්දුවක් තියෙන්නේ ඒත් ටික දවසකින් ඒකට තියන උනන්දුව නැතිවෙලා යනවා...

    උදාහරනයක් කිවුවොත් ඇග කම්මැලිවෙලා නිසා උදේට උදේට දුවන්න කියලා හිතාගත්තා ඒකට කිට් එකක් ලෑස්තිකරගෙන සපත්තු දෙකක් හොයාගෙන පුදුම උනන්දුවක් තිබුනේ... ඒත් සතියයි දිවුවේ ඊට පස්සේ නැවතුනා ඒක...

    ඒත් දැන් හිතලා හිතලා ඒ දුර්වලකම හදන් යනවා... දැන් තියන් ඉන්න ඉලක්කය තමයි ලංකාවට ඇවිත් 2017 ජුනි වල බිස්නස් එකක් පටන් ගන්න. ගොඩක් කටයුතු කලා... ලංකාවේ වැඩටික තමයි තියෙන්නේ දැන්...

    ඒක නම් කොහොම හරි කරනවා...

    මගේ පොතේ දෙවෙනි චැප්ටර් එකෙන්

    "ඉලක්ක තබා ගැනීම කිව්වම මට මතක් වෙන්නේ දෙසැම්බර් මාසේ 31වෙනිදා. එදාට අපි හැමෝම වගේ හදාගන්නවා අලුත් අවුරුද්දේ ඉදිරි මාස දොළහේ ලඟා කරගන්න හිතන් ඉන්න අපේ ඉලක්කයන්. ඔබත් ජිවිතයේ එක වතාවක් හරි මෙහෙම අලුත් අවුරුද්දේ ජයගන්න බලාපොරොත්තු වන දේවල් මොනවද කියලා ඉලක්ක සකස් කරගෙන ඇතුවාට සැකයක් නැ. නමුත් ඒවායින් කොයිතරම් ප්‍රමාණයක් සාර්ථක වුනාද කියන එකනම් ගැටළුවක්. කොහොම වෙතත් ඔබ දන්නවද පර්යේෂකයන් සොයාගෙන තියනවා කියලා මේ විදිහට අලුත් අවුරුදු ප්‍රාර්ථනා ලියන අයගෙන් 90% ජනවාරි මාසයේ 15 වෙනිදා වෙනකොට තමන්ගේ ඉලක්ක ගැන තියන උනන්දුව අතහරින බව?"

    මේවට පිළියම් පොතේ තියනවා. දැනට මෙහෙම කියන්නම් මනස අපිට දෙන්නේ අපිට ඕන දේ නමයි අපිට අත්‍යාවශ්‍ය දේ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    iuwick

    Member
    Oct 12, 2016
    103
    3
    0
    එහෙ තමයි
    නැකැත් රාල;20796470 said:
    ටාගට් වෙනස් වෙනවා කියන්නේ අලුත් ටාගට් එක ඇචිව් වෙන්නෙත් නැ.

    karanna deyak na.... habai e wenas weema jeewithe godak wenas kara honda widihata....

    මචං "ස්මාර්ට් ගෝල්" poddak pahadili karahan ?