machooo godak thanks.. mata EK eke profile ekath dennako..
meya kawadada api atharin wen wela tiyenne??
aka wenna hetuwath kowruhari kiyanna..
mama eyage blog posts tikanam baluwa..
ath ehema wenna hetuwa mokakda brain ekath operation kelanam..


machooo godak thanks.. mata EK eke profile ekath dennako..


පුද්ගලිකව නාදුනන්නෙක් වුනත් සයිබර් අවකාශයේ ශ්‍රී ලාංකිකයෙකු බ්ලොග් ලියන්නෙකු විදියට අපි ඔබ හොඳින් හඳුනන්නෙමු... නැවතත් අප අතරම ඉපදී මෙවන් අකල් මරණයක් නොවේවා...
මේ තියෙන්නේ දිලුම් අන්තිමට බ්ලොග් එකේ දාපු සටහන
Monday, April 4, 2011
~~තවත් කඩඉමක්~~
12:26 AM | Posted by ඉලංදාරියා
බොහෝ කාලයකට පසුව ජිවිතේ සොදුරු නිමේශයන් කිහිපයකින් ඊයේ දවස ගෙවි ගියේ මතක පොතේ කිසිදා නොමියෙන මතකයන් ගොන්නක් ඉතිරි කරමින්.සොදුරු සිත් ඈති මිනිසුන් ගොන්නක් මෑද කාලය ගෙවීගියේ නොසිතුවාටත් වඩා වේගයෙන්.එවෑනි සොදුරු නිමේෂයන් ගොන්නක් මගේ ජිවිතයට අරෙගෙන ආ සයිබ්ර් අවුරුදු උලලේ සංවිධායක වරුන් සියලු දේනාටම මගේ හෘදයාන්ගම ස්තුතිය.
ජිවිතේ කියන්නේ නොසිතු නොපෑතු අවස්ථාවන් සිද්ධි සමුදායකයන්ගේ එකතුවක් වගේ.මගේ ජිවිතය දිහා බලද්දි ඒක හරියටම් හරි.ගෙවී ගිය කාලය පුරාවට ජිවිතයට එකතු වුන සියලු සිද්ධීන් ඒ කරුන සනාථ කරනවා.මේක තමයි ජිවිතේ නේද..? ජිවිතය මෙසේ ගෙවීයමින් තිබියදී මේ ලගදි මට රෝග විනිශ්චය සදහා MRI ස්කෑන් පරික්ශණයක් සදහා පෙනි සිටින්න උනා.ඒ පරික්ශණයේ ප්‍රතිපල අනුව මට කර්නශන්ක බද්දය කිරිමේ හැකියාව ඈති බවත් එය සාර්ථක විය හෑකිබවත් වෛද්‍ය වරුන්ගේ මතයයි. ඒවගේම ඒම පරික්ශණයෙන් මෙතෙක් කල් මම නොදෑන සිටි නොපෑතු තවත් රෝගී තත්වයක් සොයාගනු ලෑබුවා.ඒ පිළිබද රෝගවිනිශ්චය කිරිම සදහා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වෙත මාව යොමුකලා..
MRI ස්කෑන් පරික්ශණයට අනුව මගේ මොලයේ මෑද කුඩා ගෙඩියක් ඈති බව සොයා ගත්තා .ඒ පිළිබදව තව අධ්‍යනය කිරිම සදහා ස්නායු සායනය වෙත යොමු කෙරුනා.. එහිදී වෛද්‍යවරුන් ගේ මතය උනේ මෙම ගෙඩිය පුපුරා ගියොත් ඈතිවිය හෑකි අවස්තාව පිළිබද නිශ්ච්ත නිගමනයකට එලබිය නොහෑකි බෑවින් ඉතාම කඩිනමින් මෙම ගෙඩිය ශල්‍ය කර්මයක් කර ඉවත් කලයුතු බවට තිරණය උනා.
මෙම සතියේ සදුදා දිනය මම නෑවත ස්නායු සායනයට ගිය මොහොතේ වෛද්‍යවරුන්ගේ මතය උනේ මෙම මස 03 වෙනිදා මෙම ශල්‍ය කර්මය සදහා දින ලබාදිය හෑකිබවත් ඉතාම කඩිනමින් මෙම ශල්‍ය කර්මය කලයුතු බවත්ය. 03 වෙනිදා වු ඉයේ දිනයේ සයිබර් සැණකෙලිය යෙදී තිබුණ බෑවින් ඔබලාව හමුවිමට පෑමිණිය යුතුමයි කියා මම විසින් තිරණය කල බෑවින් බොහොම අමාරුවෙන් දිනයේ පොඩි වෙනසක් කිරීමට මට හෑකියාව ලෑබුනා. එසේ හෙයින් මම හෙට දිනයේ මහනුවර රොහලේ නේවාසිකව ප්‍රතිකාර ගෑනිම සදහා යායුතුය.... හෙට හෝ අනිද්දා මගේ ශල්‍ය කර්මය සිදු කරනු ඈත.තව සුලු මොහොතකින් කොන්ඩය තට්ටේ ගාන්නට යායුතුය.ඊයේ මට හමුවු සියලුම දෙනා මේ බව මම ඊයේ දිනයේදී නොපෑවසුව නිසා තරහානොවන්න.....
මගේ අසනීපය පිලිබදව දෑන ගත් මොහොතේ පටන් අද දක්වාම මා අත නොහෑර නිබද සෙවනෑල්ලක් සේ මගේ ලගින් රෑදි සිටිමින් නිබදව මට ශක්තියක් වු මගේම සොයුරනේ සොයුරියනේ.. ඔබ සියලුදේනා මම වෙනුවෙන කෑපවෙමින් ඔබේ වටිනා කාලය මම වෙනුවෙන් මිඩන්ගු කරමින්... මම වෙනුවෙන් කල කී බොහෝ දේට ස්තුතියි...
ගොඩක් පිං



අවසන් කටයුතු කවද්ද මචන්...![]()