ඉලෙක්ට්‍රික් ත්‍රීරෝදයෙන් ඩොලර් උපයන මිල්ටන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Milton-earns-dollars-from-electric-trishow


    පසුගිය කාලයේ ඇතිවුණු ඉන්ධන අර්බුදයෙන් වැඩියෙන්ම බැට කෑවේ ත්‍රීවිල් රියැදුරන්ය. තෙල් පෝලිම්වල දින ගණන් ඉන්න තරමක් සිටියේ ත්‍රීරෝද රථ රියැදුරන්ය. විදුලියෙන් ක්‍රියා කරන ත්‍රීවිල් තනන විශ්ව, කර්මයකු අපට හමුවෙන්නේ ඒ පීඩිත කාල වකවානුවේදීමය.

    සාර්ථකත්වයේ ගමන යමින්, අභියෝගාත්මක කාල පරිච්ඡේදයන් පසු කරමින්, නානාවිධ ප්‍රශ්නවලට මුහුණ දෙමින්, අද ලෝකයේ ඉල්ලුමක් ඇත්තතෙක් බවට පත්ව ඇති එච්.බී.මිල්ටන් මහතා අද පැමිණ සිටින්නේ හරි අපූරු ගමනකි. වෙනස් විදිහකට සිතුවොත්, රටක් දියුණුව කරා ගෙනයන්නට මේ ලෝකයේ කරන්නට ඕනෑ තරම් දේ ඇතිවග ප්‍රායෝගිකව පෙන්නුම් කළ මිනිසුන් අතර ඔහු තවත් ප්‍රායෝගික මිනිසෙකි.

    මිල්ටන් මහතාගේ උපන් ගම මාතර හක්මනය. හක්මන, රදාවෙල, ප්‍රදේශයේ ජීවත් වූ එච්.බී. ප්‍රැන්සිස් මහතාට සහ මාලනී රූපසිංහ මහත්මියට දාව උපන් දරැවන් හත් දෙනාගෙන් වැඩිමහල් දරුවා වූයේ මිල්ටන් මහතාය. හක්මන රදාවෙල කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු පාසල් දිවියට සමුදෙන්නේ ඔහුට බාල නැගණියන් තිදෙනාට සහ බාල සොහොයුරන් තිදෙනාට ඉගෙනීමට අවශ්‍ය වියදම සරිකර දෙන්නටය.



    " මම මුලින්ම කොළඹට එන්නේ 1986-89 භිෂණ කාලේ කලබල අස්සේ. ඒ කාලේ ජේ.වී.පී. එකෙන් අපේ හැඳුනුම්පත් ගත්තා. ඒ කාලේ ගමේ ඉන්න බැරි තත්ත්වයකුත් ඇති වුණා. මගේ මහප්පා වුණේ එච්.බී. සිරිවර්ධනයි. ගාමිණි මෙන්ඩිස් කියලා දිවයින පත්තරේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් හිටියා. මගේ මහප්පා නතර වෙලා හිටියේ එයාගේ ගෙදර. මම කොළඹට ඇවිත් නතර වුණෙත් එයා ළඟ. කොළඹ ඇවිත් මේසන් වැඩට අත්උදව් දුන්නා. ඒ කාලේ මගේ මහප්පා වැඩ කළේ කැමිලස් පෙරේරා මහතාගේ "කැමිලස් පබ්ලිකේෂන් " ආයතනයේ. මහප්පා දවසක් දෙමට ගොඩ කැමිලස් පබ්ලිකේෂන් ආයතන ය ට මාව එක්ක ගියා.ඒ ගමන මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ ය වෙයි කියලා නම් කවදාවත් හිතුවේ නැහැ. කැමිලස්ගේ මස්සිනා වූ ප්‍රේම සිරි මහතාගේ බිරිඳ වූ ප්‍රියා මිස් වැඩ කළේ හයිස්පාර්ක් කෝනර් පිහිටි රිචඩ් පීරිස් කම්පැනියේ. ඔය කියන කාලේ බජාජ් ත්‍රීවිල් ලංකාවට ගෙන්නුවේ ඒ අය.

    මේසෙන් බාස්ලට අත්වැඩ දෙන රස්සාව මම කරේ මාස දෙක තුනයි. ඊට පස්සේ 1987 අවුරුද්දේ ප්‍රියා මිස් මට රිචඩ් පීරිස් බජාජ් කම්පැනියේ කම්කරු රැකියාවක් හදලා දුන්නා. ගම්වල ඉතින් කාර්මික වැඩ ඉගෙන ගන්න තැන් නැහැනේ. වාහන තියෙන කෙනෙක් අපිට අල්ලන්නවත් දෙන්නේ නෑනේ. ඒ වෙන කොට මම කාර්මික පැත්තේ වැඩ කිසිම දෙයක් දැනගෙන හිටියෙත් නැහැ.1987 රිචඩ් පිරිස් එකට කම්කරුවෙක් විදිහට බැඳිලා ඉන්න අතරතුර බජාජ් ත්‍රීවිල් අලුත්වැඩියා කරන කාර්මික ශිල්පීන්ට අත් උදව් දෙන්න මට අවස්ථාව ලැබුණා. මම ත්‍රීවිල් හදන සාස්තරේ අල්ල ගත්තේ එතැනින්.

    මගේ දක්ෂතා ටිකෙන් ටික දැකලා මිකැනිකල් හෙල්පර් තනතුරට මාව මාරු කළා. රිචඩ් පීරිස් කොම්පැනියේ මිකැනිකල් ජොබ් එක බාර ගනිද්දි කොම්පැනියේ නම 1992 ඉඳන් ඩේවිඩ් පීරිස් ලෙස වෙනස් වුණා.

    ඉන්දියාවෙන් ගෙනා ත්‍රීරෝද රථවලට ඉන්දියාවෙදිත් හඳුනා ගත නොහැකි වූ ලෙඩ මිල්ටන් මහතා සොයාගනිමින් තාක්ෂණයෙන් සුව කළේ ඉන්දියන් ඉංජිනේරුවන්ද මවිත කරමිනි.

    "මගේ හැකියාවන් දැකලා ඒ අනුව බජාජ් කොම්පැනියේ ෆෝමන් තනතුර මට දුන්නා. එතන සියළු දෙනා කතා කළේ ඉංග්‍රීසියෙන්. ඒ තනතුරට ඉංග්‍රීසි ඕනෑමයි.

    ඉංග්‍රීසි නැතුව ඒ තනතුරේ වැඩ කරන්න අමාරුයි. මාස 3 ක් මම ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න උත්සාහ කළා, එත් බැරි වුණා. ඉංග්‍රීසි බැරි නිසා මම ඩේවිඩ් පිරිස් එකෙන් අයින් වුණා. සුළු කම්කරුවෙක් ලෙස ඩේවිඩ් පීරිස් එකට ගිය මම සේවයෙන් ඉවත් වෙද්දි සේවයේ ඉඳපු අයගෙත් වැඩ බලන තත්ත්වයට එන්න මට හැකියාව ලැබුණේ මගේ හැකියාවන් එක්ක.

    රැකියාවෙන් අයින් වෙලා යාළුවෙක් එක්ක මත්තෙගොඩ ත්‍රීවිල් රෙපයාර් කරන ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක ගොඩක් දියුණු වුණාම යාළුවට තනියම කරන්න ඕනැ කියලා මට ඉවත් වෙන්න කිව්වා. මම පස්සේ එතනිනුත් අයින් වෙලා පාවිච්චි කරපු වෑන් එක ලක්ෂ 8කට විකුණලා තවත් ලක්ෂ 7 ක් විතර පොලියට අරගෙන සිද්ධමුල්ලේ තනියම වැඩපොළක් දැම්මා. ත්‍රීවිල්වල ගොඩක් දෝෂ මම අඳුරගෙන ප්‍රතිකාර කරනකොට ගොඩක් දෙනා මාව සොයාගෙන එන්න ගත්තා. ඒ දෝෂ රෙපයාර් කරන්න මම වෙනම මැෂින් පවා හදාගත්තා. ඒ කාලේ මට රැයක් දවාලක් කියලා තිබුණේ නැහැ. එක දිගට වැඩ කළා. පස්සේ බජාජ කොම්පැනියටත් රෙපයාර් කර ගන්න බැරි ත්‍රීවිල් 100 විතර දිනපතා මගේ වැඩ පොළට එවන්න ගත්තා. මේවයේ ලෙඩ රෝග අඳුරගන්න අවශ්‍ය මැෂින් කිහිපයක්ම මම විසින්ම නිර්මාණය කළා. ත්‍රීවිල් පිටිපස්සෙන් උස්සන හයිඩ්‍රොලික් ජැක් එක නිපදෙව්වෙත් මම.

    බාධක කම්කටොලු පීඩන රැසක් එල්ල වුවද හැලහැප්පීම් කඩාවැටීම් සියල්ල හමුවේ මිල්ටන් මහතා මෙරරට කෙදිනක හෝ තමන්ගේම නිර්මාණයක් ලෙස වාහන නිර්මාණය කිරීමේ අත්නොහැරියේය.


    "ඒ කාලේ ඩේවිඩ් පීරිස් සමාගමේ ශාඛාවක් තිබුණා ටැංසානියාවේ. 2014 දි ඒක කරගන්න බැහැ කියලා වැහුව්වා. වැහුව්වාට පස්සේ ඩේවිඩ් පීරිස් එකේ වැඩ කරපු මගේ සමකාලිනයෝ කීප දෙනෙක් එක්ක ටැංසානියාවේ අපි වැඩපොළක් පටන් ගත්තා. ඉන්දියාවෙන් ආනයනය කරන බජාජ් අමතර කොටස් ඉක්මනින් මළකඩකාලා දිරන නිසා මගේ යාළුවෝ කැමති වුණේ නැහැ ඉන්දියාවෙන් අමතර කොටස් ගේන්න. ඊට පස්සේ බජාජ් ත්‍රීවිල් එකේ එන්ජිම හැරෙන්න බොහෝ කොටස් මළ නොකන ලෝහයෙන් නිෂ්පාදනය කරන්න අත ගැහුව්වා. ඒ සඳහා අවශ්‍ය සින්ක් කෝටඩ් මම මිලදී ගත්තේ ජපානෙන්.

    මම ජපානෙන් බඩු ගෙනැල්ලා බජාජ් අමතර කොටස් හදලා ටැංසානියාවලට යැව්වා. ඒ වැඩපොළ ගොඩාක් දියුණු වුණා.

    එහෙම ටික දවසක් යද්දි ටැංසානියා වැඩ පොළේ වැඩ කරපු මගේ යාළුවෙක් මම ටැංසානියාවලට යවපු බඩු කන්ටේනර් එකක් ව්‍යාජ ලිපි ලේඛන හදලා නිදහස් කරගෙන කෝටි ගාණක මට වංචාවක් කළා. නීතිමය පියවර ගත්තත් මම ඒක අත්හැරදාලා නිකං හිටියා. එතනදි මම මානසික පැත්තෙන් ලොකු කඩා වැටීමකට ලක් වුණා. වෙච්ච කලකිරීමත් එක්ක අමතර කොටස් හදන්න ගෙනාපු මැෂින් ටික පැත්තකට දාලා කාලයක්ම තිබුණා.

    ඉලෙක්ට්‍රොනික රථවාහන සෑදීමේ අදහස මිල්ටන්ගේ හිතේ ඇති වූයේ මීට වසර දහයකට පමණ ඉහතදීය.ඒ උන්දුව ඇති වෙමින් මේ විශ්වකර්මයා නැවතත් අළුගසා දා කරළියට එන්නේ පසුගිය කෙරෝනා සමයේදීය.

    “නැවත කොරෝනා කාලෙදි පොල්ගස්ඕවිට ෆැක්ටරිය පටන් ගත්තා. ඒ වෙනකොට ලංකාවට ඉන්දියාවෙන් ත්‍රීවිල් අමතර කොටස් එන එක නතර වෙලා තිබුණේ. ඒ වෙලාවෙදි ව්‍යාපාරය ගොඩක් දියුණු කරගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. තෙල් අර්බුදය තියෙන කොට මට හිතුනා බැටරි වලින් දුවන ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එකක් හදන්න. මම මුලින්ම ඒ ත්‍රිවිල් එක හදන්නේ කොරෝනා වෙලාවේ. අපේ වැඩපොළට සේවකයින් ගෙන්වා ගැනීමේ අර්බුද මතුවුණාට පස්සේ එකවර 7 දෙනෙකුට යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයක් මම නිර්මාණය කළා. වොට් 72 ක ඇම්පියර් 80 ක බැටරියකින් විනාඩි 39 චාර්ජ් කළහම කිලෝමීටර් 80 ක් ධාවනය කරන්න පුළුවන් ත්‍රීවිල් එක හැදුවට පස්සේ ඒකට ලොකු ඉල්ලුමක් ආවා. ඉල්ලුම වැඩි නිසාම අපි ඉලෙක්ට්‍රික් ලොරියක් හැදුවා කිලෝ 800 ගෙනියන්න පුළුවන්. එහි කිලෝ මීටරයකට වැයවෙන්නේ රැපියල් 2යි.

    මගේ ඊළඟ අරමුණ වුණේ කිලෝ මීටර් 200 ක් ධාවනය කරන්න පුළුවන් ත්‍රීවිල් එකක් නිපදවීම. විදේශ විනිමය ඉතුරැ කරගන්න ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයක් ලංකාවේ නිපදවීමට වියදම යන්නේ රුපියල් ලක්ෂ 16 යි. ලක්ෂ 16 ක් වැය වුණත් හැබැයි එක වාසියක් තියෙනවා.ඒ වාහනේ රෙපයාර් නැහැ. ටයර් සෙට් එකෙන් අවුරුදු 3 ක් විතර දුවන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. මේකට පෙට්ට්‍රල් ගහන්න ඕනැ නැහැ. සර්විස් කරන්න ඕනැ නැහැ. කේබල් දාන්න ඕනැත් නැහැ. පෙට්‍රල් ත්‍රිරෝද රථයක් ඉලෙක්ට්‍රික් රථයක් බවට පත්කිරීමට යන වියදම කිලෝමීටර් 80 ක් ධාවනය කළ හැකි බැටරියක් සවි කළොත් ලක්ෂ 8 ක් වගේ මුදලක් යනවා. එය විනාඩි 30 ක් පමණ චාර්ජ් කළ යුතුයි. කිලෝ මීටර් 100 ධාවනය කළ හැකි බැටරියක් සවි කලොත් රුපියල් ලක්ෂ 12 ක් වැය වෙනවා. එය විනාඩි 45 ක් චාර්ජ් කළ යුතු වෙනවා. මෙම බැටරි සඳහා වගකීම් කාලය වසර දෙකක් තියෙනවා. නඩත්තුව අඛණ්ඩව වසර 12 ක් භාවිතා කළ හැකියි. පෙට්‍රල් ත්‍රීරෝද රථයක් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයක් බවට පරිවර්තනයට යන මුදල මාස 6 කින් පියවා ගැනීමේ හැකියාව තියෙනවා. ම

    ේ ත්‍රීවිල් එකකට හයර් දුවන්න පුළුවන්නම්, අඩුම කිලෝ මීටරයකට රැපියල් 40 ට අඩුවෙන් දුවන්න පුළුවන්. කිලෝ මීටර් 200 ක් දුවලා ආපහු චාර්ජ් කරන්නේ නැතුව වාහනේම චාර්ජින් සිස්ටම් හදන්න තමයි අපේ ඊළඟ පියවර. අපිට අදටත් දවසකට වාහන 10ක් එළියට දාන්න පුළුවන්, බැටරි ටිකයි මෝටර් ටිකයි ගෙන්වන්න ලෝන් එකක් දෙනවනම්. දැනට අපි වාහන ටිකක් හදලා තියෙනවා.

    ඒ වගේම ඇත්තටම ලංකාවට ත්‍රීවිල් අමතර කොටස් ගේන්න අවශ්‍යත් නැහැ. ලංකාවේ දැනට තියෙන ත්‍රිවිල් ලක්ෂ 16ටම අමතර කොටස් දැන් අපට හදන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම, පිටරටින් ත්‍රීවිල් අමතර කොටස් ලංකාවට ගේන එක නතර කරලා රාජ්‍ය අනුග්‍රහයක් දෙනව නම් අපිට තව 300 දෙනෙකුට පමණ රැකියා අවස්ථා දෙන්න පුළුවන්. අපිට නිකං ආධාර එපා. ආණ්ඩුවෙන් පිනට සල්ලිත් එපා. ඇපයක් තියාගෙන අඩුපොලියට සහන ණයක් දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා.

    බජාජ් ත්‍රීරෝද රථවල අමතර කොටස් හා විදුලි ත්‍රීරෝද රථ නිෂ්පාදනය කර කෙන්යාව, උගන්ඩාව,ටැංසානියාව,ජපානය කොරියාව ඇතුළු රටවල් රැසකට යවා ඇත. තවද අප්‍රිකානු රට වලින් හා බටහිර රටවලින්ද මිල්ටන් මහතාගේ ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ වලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

    "මගේ මිතුරෙකු මාර්ගයෙන් තමයි ජපානයට ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් යවන්න ඇණවුම ලැබෙන්නේ, පසුගිය සතියේ ජපානයට වාහන දෙකක් සහ කොරියාවට හතරක් ගියා. ඊජිප්තුවෙන් සහ වියට්නාම්වලින් මට කතා කරනවා. එයාලා කියනවා අවශ්‍ය සියලුම දේ දෙන්නම් හදලා ඇවිත් එහේ වැඩ පටන්ගන්න, එයාලාගේ රටට අවශ්‍යය කරන පොඩි පොඩි වාහන දෙන්න කියලා. තාමත් නොගිහින් බලනවා ලංකාවේ මේ වැඩේ කරන්න උදව් කරයිද කියලා. තාම නම් ලංකාවෙන් කිසිම උදව්වක් නැහැ. අපිට මේක කරගෙන යන්න බැංකු වලින් ලෝන් දෙන්නේ නැති නිසා මම මගේ ගෙයක් සහ ඉඩම් කිපයක්ම විකුණන්න දාලා තියෙන්නේ, මේ වැඩේ කරගෙන යන්න ඕනැ නිසා.

    එදා ඉංග්‍රීසි බැරිව ඬේවිඩ් පීරිස් එකෙන් එළියට බැස්ස එක ගැන අද ඔබට මොකද හිතෙන්නේ,

    එදා මට ඉංග්‍රීසි බැරි වුණ එක ගැන ඇත්තටම සතුටු වෙනවා. එහෙම නොවෙන්න මේ ගමන මම කවදාවත් එන්නේ නැහැ. හැබැයි මට බැරි වුණ දේ මම මගේ දරුවන්ට දුන්නා. මට ඉන්නේ දුවලා දෙන්නයි පුතයි. තුන්දෙනාටම ජාත්‍යන්තර පාසල්වල ඉංග්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දුන්නා. මගේ බිරිඳ නිශාමනී. මගේ ගමනේ සාර්කත්වය තමයි බිරිඳ. මම ගෙදරින් කොළඹ එනකොට අතේ එක රුපියලක් තිබුණේ නැහැ. මගේ ගෙදර හිටියා හුරතලේට ඇති කරපු හාවෝ 47 දෙනෙක්. එකෙක්ව රුපියල ගානේ විකුණලා රැපියල් 47 අරන් තමයි මම කොළඹට එන්නේ. මම කෝටි ගණන් හම්බ කරපුවාට වැඩිය මට කට්ටිය වංචා කරලා තියෙනවා.මම අවංක නිසා ගොඩක් දෙනා මාව රවට්ටලා හූරගෙන කාලා තියෙනවා. ඒ හැම වෙලාවකම මම හිත හදාගත්තේ එනකොට ගෙනාපු රැපියල් 47 ට වඩා මගේ පර්ස් එකේ තියෙනවා නේද කියලා.

    නදිශා අතුකෝරළ


    05103653-topaz-enhance-faceai-down.webp
     
    • Love
    Reactions: Draco Malfoy

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    හැම කෙනාගෙම තියෙන්නේ එකම ස්ටොරිය. එක්කෙනෙක් රුපියලක් අරන් කොළඹ ආවා
    තව කෙනෙක් හාවෝ විකුනලා රු47 ක් අරන් කොළඹ ආවා
     
    • Haha
    Reactions: BadBlueGenius