ඉලෙක්ට්‍රික් වැඩ්ඩෝ. උදව්වක් ඕනේ.

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මචන් අද උදේ පාන්දර අත පය තියන් ඉන්න බැරුව රවුටරේ කේබල් එක දිග් කරන්න කියල වයර් කෑල්ලක් මූට්ටු කරල ප්ලග් බේස් එකට ගැහුව විතරයි ටොක් ගාල සද්දෙත් එක්ක පොඩි ගිනි පුලින්ගුවක් ආවා. දැන් ඒ කොටසේ කරන්ට් එක නෑනේ. අපේ ගෙදර කොටසකට (කාමරේටයි බාතෘම් එකටයි )වෙනම වයර් ඇදලා කරන්ට් එක දීල තියෙන්නේ ඔය කරන්ට් එක දීලා තියෙන්නේ ෆියුස් බෝඩ් එකක් හරහා (මේකේ msb එකක් off වෙලා තිබ්බා) ඒ ෆුයුස් බෝඩ් එකට කරන්ට් එක එන්නේ ගෙදර මේන් ෆියුස් බෝඩ් එකේ ඉදන් ආපු ප්ලග් බේස් එකකින්. එතකොට මේ මගෙ කාමරේටයි බාතෘම් එකටයි earth එකක් නෑ හරිනම්.

    දැන් කොහොම හරි ටෙස්ටරේ තියල බැලුවම live එකෙන් කරන්ට් එක එනවා. හැබැයි කාමරේ ලයිට් එකක්වත් ප්ලග් බේස් එකෙන් කරන්ට් එක අරන් ෆෑන් එකවත් වැඩ කරන්නේ නෑ. මොකක් වෙන්න ඇතිද අවුල? ඇතුලේ වයර් උනු වෙන්න තරම් දෙයක් නම් උනේ නෑ හැබැයි. ගදක්වත් ආවේ නෑ :( :( :( :( :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මල්ටිමීටරේ තියල බලන්න වෝල්ට් කීයක් එනෝද කියල
     
    • Like
    Reactions: NRTG

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    Neutral eka enne na wage.

    tungstun bulb ekakata wire dekak set karan main eke idan check karan enna. wire ekak damage wela athi ( multimeter ekenuth puluwan)
     
    • Like
    Reactions: Rankira and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    කාමරේටයි, බාත්රූම් එකෙයි ෆියුස් බෝඩ් එකට සප්ලයි එක එන මේන් වයර් එකෙන් (ප්ලග් බේස් එකෙන්) සප්ලයි එනවද බලන්න. බල්බ් එකක් අමුනපු වයර් දෙකක් ගහල බලන්න.


    ඒකෙ සප්ලයි එනවනං, ඕෆ් වෙලා තිබුණ කිවුව බ්‍රේකරේ, උඩයි යටයි කනෙක්ටර් දෙක, වයර් කෑල්ලකින් ඩිරෙක්ට් කනෙක්ට් කරල බලන්න. බ්‍රේකරේ සවුත්තු වෙලානං එතනින් බලාගන්න පුලුවන්.

    උඩ කිවුව මේන් වයර් එකට සප්ලයි එන්නෙ නැත්තං,
    ගෙදර මේන් ෆියුස් බෝඩ් එකේ බ්‍රේකර් චෙක් කරන්න වෙනව.

    ඔය සේරම හොඳයිනං,
    වයරිං එකේ වයර් පිච්චුන තැනක් ඇති. ඒක හොයන්න වෙනව...
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    උබට ඕක හොයාගන්න බෑ කියන්නෙ, දන්න කෙනෙක්ව ගෙන්නගෙන කරගන්න එක හොදයි. ඩාං ඩූං උනොත් මේ දවස්වල පැනඩෝල් පෙත්තක්වත් ගන්න නෑ බොල.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    උබට ඕක හොයාගන්න බෑ කියන්නෙ, දන්න කෙනෙක්ව ගෙන්නගෙන කරගන්න එක හොදයි. ඩාං ඩූං උනොත් මේ දවස්වල පැනඩෝල් පෙත්තක්වත් ගන්න නෑ බොල.
    yes
     
    • Like
    Reactions: NRTG