class AB මොඩියුල් ගැන එහෙම අයිඩියා එකක් නැහැ මචන්. සමහරවිට ට්‍රාන්සිස්ටර් ඇම්ප් බෝඩ් ගන්න තියනවා ඒකක් අරගෙන ට්‍රාන්සිස්ටර් කොලිටි ඒව කොහෙන් හරි ගන්න තිබ්බා නං හරි
අනික් අතට Class AB ඒවයෙ ලොකු වෙනසක් දකින්න නං හොඳ ස්පීකර් වයර් ජැක් පවා හොඳ කොලිටි ඒවයින් දාන්න වෙනවා. අනෙක් ඒව බජට් එකට ගන්නවා නං ඕක හිතලා වැඩක් නැහැ Class D එක ගන්න. දැන් අපි එදිනෙදා අහන ගොඩක් ඇම්ප්ලිෆයර් Class D තමයි.
ඔවු SMPS දෙකක් අරගෙන ඩුවල් සප්ලයි එකක් හදාගන්න පුලුවන්. මේකට ෆුල් අයිසොලේශන් එක තියෙන්න ඕන ඒක නිසා SMPS එකේ DC ග්‍රවුන්ඩ් එක earth වෙලා නැති විදියට තියනවද කියලා බලලා ගන්න ඕන.
ඔය දෙකම 5000ට ලාබයි කියලා මට හිතෙන්නෙ
ඕක මම යූස් කරලා නැහැ ඒක නිසා සවුන්ඩ් කොලිටි එක ගැන පර්සනලි ෆීඩ් බෑක් එකක් දෙන්න විදියක් නැහැ. අනික් එක ඔය චයිනීස් බෝඩ් වල සමහර වෙලාවට refurbushied IC එහෙම තියනවා එතකොට සමහර විට අවුට්පුට් එක කියන තරං නැති වෙන්න පුලුවන්
හැබයි ඔය ගානට ලාබයි
එහෙම සීන් එකක් තියෙනවා නේ. කොලිටි ට්‍රාන්සිස්ටර් හොයන්න අමාරුයි දැන්. ඉන්වර්ටර් යූපීඑස් වලට ගන්න ඒවත් මෙලෝ රහක් නෑ.
පොඩ්ඩක් ස්ටඩි එකක් කරල බැලුව මමත්. ෆෝරම් වල එහෙම් කියල තියෙන්නෙ හොඳ කොලිටි class D ඒව නම් කිසි අවුලක් නෑ කියල. සමහරු කියල තිබ්බා ටියුබ්/ ක්ලාස් A ප්‍රී ඈම්ප් එකක් දාලා පවර් ඈම්ප් එක ක්ලාස් D දැම්ම නම් නියමයි කියල. සයිස් එකයි බරයි කාර්‍යක්ෂමතාවයයි ඔක්කොම එක්ක D වලට යන එක වාසී කියල කියන්නේ. TPA IC තියෙන එව්වා නම් ඔක්කොම එකම කොලිටි එක නේද?
පවර් සප්ලයි කේස් එක නියමයි. ට්‍රාන්ස්ෆෝමර් එක්ක ඔට්ටු වෙන්න ඕන නෑනෙ.
මේ දෙක ලාබ උනත් මම බැලුවෙ තව ටිකක් අධ්‍යනය කරල බලන්න. මීට වඩා හොඳ ඔප්ෂන් එකක් තියෙනව නන් ගාන ටිකක් එහෙමෙහෙ උනත් කමක් නෑ. එක පාරයිනෙ වියදම කරන්නෙ.
එහෙනම් JVC එකේ transformer(power supply board එකම ) එක ගන්න පුළුවන් වේවි .
ගොඩක් වෙලාවට amp පිච්චෙන්නේ නැහැ ඔය සෙට් වල 5000 දෙද්දී හදා ගන්න පුළුවන් වේවි RCA input එකෙන් වැඩ කරන්න amp එක jvc එකේම . protection etc සේරම එක්ක එන්නේ සාමාන්යෙන් .
අනිත් එක speaker එක & original unit එකේ amp match වෙන්න තියෙන නිසා උපරිම quality ඒවි
sure තැනක් බලන්න රුපියල් 1000 ක් දෙද්දී හදල දෙවි සමහර උන් පොඩි ලෙඩක් නම් , නැත් නම් service manual එක බලන්න , reuse කරන්න පුළුවන් වේවි jvc එකේ power supply board, amp & speaker delay protection boards .
හදන්න හෝ හදව ගන්න try එකක් දෙන්න original amp එකම
මම electronics දන්නේ නැහැ
ඒත් 80s වල පරණ cassette recorder boombox එකක් repair කර ගත්ත service manual එක බලාගෙන , bluetooth විතරක් වැඩ කරන්න ,
JVC එකේ මතකය විතරයි දැන් ඉතුරු බං. අවුරුදු ගානක් ඒක කැඩිලා. ඒකෙ 12V ට්‍රාන්ස්ෆෝමරේ විතරක් තියෙනවා.
ඒක මරු සෙටප් එක. ටියුනර් එක ඩිජිටල්. අර කෑලි 4ක් එන ඇන්ටනා ටර්මිනල් එක තියෙන්නේ. FM රිසෙප්ෂන් එහෙම ක්‍රිස්ටල් ක්ලියර්. කැසට් වැඩ කරන්නෙත් බට්න් වලින්. ඇතුලෙ මැකැනිසම් එක ඇක්චුවේටර් වලින් වැඩ කරන්නේ. කැසට් එකේ එක පැත්තක් ඉවර උනාම අනිත් පැත්තට දුවනවා ඔටෝ. පට්ට වැඩකෑලි හෙන ගොඩක් තිබ්බා. අපරාදෙ බං ඒක.
------
Post added on Dec 13, 2024 at 9:05 AM
දැන් ඉස්සර ජපන් අම්ප වලට අව ic ගොඩක් ඒවා ගන්න නෑ තිබ්බත් පට්ට ජරාවල්.
පරණ ඇනලොග් අම්ප පුළුවන් ගොඩ ගන්න. පස්සේ ආව ඒවගේ mcu වලින් කන්ට්‍රෝල් කරන්නේ සහ ඒවගේ ඩිජිටල් වොලියුම් , DSP එන ඒවා නම් ලේසියෙන් වෙනස් කරන්න බෑ අම්ප බෝර්ඩ් එකයි පවා සප්ලයි නම් ගන්න පුළුවන් මැනුවල් වොලියුම් එකක් සෙට් කරලා බේසික් අම්ප එකක් විදිහට යුස් කරන්න.
යූස්ඩ් ජපන් යුරෝපියන් ඈම්ප් තියෙනවා 10-12ට. ගන්න හිතෙන්නෙ නැත්තෙ ඕකයි. මොකක් හරි කැඩුනොත් ඔක්කොම වතුරේ. පාට්ස් නෑ, හදන්න දන්න උනුත් නෑ. ඇනලොග් ඈම්ප් වලට තියෙන අවුලත් කොලිටි පාට්ස් තමයි. කැපෑසිටර් පවර් ට්‍රාන්සිස්ටර් හොඳම කොලිටි ඒව දැම්මෙ නැතොත් ඒවයි උපරිම පොටෙන්ෂල් එක ගන්න බෑනේ.
------
Post added on Dec 13, 2024 at 9:08 AM
ඇමප් බම්ප් මචන්. ඕක කියක් වෙනවද??
ලෝකල් මාකට් එකේ 3000ක් අවට ගන්න පුළුවන් බං
------
Post added on Dec 13, 2024 at 9:10 AM
මගෙ අදහස මෙහෙමයි මචං...
ඕකෙ තියෙන්නෙ වොලියුම් කන්ට්‍රෝලරේ විතරයිනෙ. සවුන්ඩ් බැලන්ස් කරන්නත්, ලෝ, හයි දෙක විතරක්වත් කන්ට්‍රෝල් කරගන්න පුලුවන් විදිහට තිබුණනං හොඳයි කියල මට හිතෙන්නෙ.
නැත්තං ඕක දවසක් දෙකක් අහනකොට මදි වෙනව කොච්චර කිවුවත්... ඕකටත් රු 2000ක් විතරවත් කොස්ට් වෙනවනෙ නේද..??
ඒ නිසා පිටකොටුවෙන් හරි පොඩි ඈම්ප් එකක් ගන්න. 7000ට අඩුවෙන් හොයාගන්න පුලුවන් වෙයි කියල මම හිතන්නෙ...
මේ වගේ අයිටම් එකක් මගෙ තිබුණ. ගාණෙ හැටියට හොඳ කොලිටි සවුන්ඩ්... රු 4000ක් වගේ ගාණකට ඒ කාලෙ ගත්තෙ...
https://vi.aliexpress.com/item/1005005936290223.html?gatewayAdapt=glo2vnm
ඕවල කොලිටි එක අවුල් නැද්ද බං. මගෙ ගාව තියෙනවා ඕකක ඈම්ප් බෝඩ් එක. අර කිව්ව ස්පීකර් දෙක වැඩ කලේ ඒකෙන්. එකකින් සප්ලයි දුන්නත් සද්දෙ වැඩි කරද්දි චරබර ගානවා. බ්ලූටූත් FM තිබ්බට එකක් වත් හරියට වැඩ නෑ.
------
Post added on Dec 13, 2024 at 9:12 AM