ඉස්කෝලත් අරියි වගේ..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරනවා

    රට තුළ පැවති තත්ත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ද ලේකම්වරයා පැහැදිලි කරනවා

    අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන, විවෘත විශ්ව විද්‍යාල සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන් කටයුතු කර ඇත්තේ ද ඕනෑම අභියෝගාත්මක තත්ත්වයකදී දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය මඟින් හෝ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යායුතු නිසා බවද සදහන් කළ අධ්‍යාපන ලේකම්වරයා, අධ්‍යාපන පද්ධතිය තුළ මේ මොහොතේ ගන්නා තීරණ සෘජුවම අනාගතයේ රටේ සංවර්ධන ක්‍රියාවලියට බලපාන බව ද පෙන්වා දුන්නා

    2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 17 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බවත්, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟ ඉලක්කය එම විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීමට සහ නියමිත පරිදි විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම බවත් අධ්‍යාපන ලේකම්වරයා කියා සිටිනවා

    නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන් වන පාසල් වාරය සති දෙකකින් දීර්ඝ කළ අතර , ඒ අනුව එළඹෙන 23 වැනිදා සිට පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එහිදී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සමඟ ද සාකච්ඡා කළ බවයි ලේකම් වරයා සදහන් කරන්නේ

    සියලු පාසල්වල සිසුන් 50% බැගින් ගෙන්වා ගනිමින් පාසල් පැවැත්වෙන වේලාව වෙනසක් නොකොට, පුද්ගල දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පාසල් පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳවද ලේකම්වරයා මෙහි දී පළාත් බලධාරීන්ගේ අදහස් විමසා තිබෙනවා

    කෙසේ වෙතත්, කිසියම් හෙයකින් පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නොලැබෙන්නේ නම්, දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද පළාත් බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා

    දැනටමත් පළාත් මට්ටමින් විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් සම්බන්ධ කරගනිමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රමවේද ක්‍රියාවට නංවා ඇති බවත්, අන්තර්ජාල පහසුකම්, රූපවාහිනී හෝ ගුවන් විදුලි පහසුකම් නොමැති පාසල් දරුවන් කෙරෙහි පවා අවධානය යොමුකර ඇති බව ද ඔවුන් වෙනුවෙන් ස්වයං අභ්‍යාස කළ හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල ලබාදීමටත්, සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් සිසුන් 50ත්, 100ත්, අතර සහ සිසුන් 50ට අඩු පාසල් දරුවන් පාසල් වෙත ගෙන්වා ගනිමින් හෝ ඔවුන් වෙත සහය වීමට වැඩපිළිවෙළක් සකසන බවත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා .

    Source: Swarnavahini live@8 news
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    බයවෙන්න එපා රට ඇරලා ඔක්කොම අරිනවා. වහන් හිටියොත් අපේ ආර්තිකේ මෙව්වා වෙනවනෙ.
    මහජනතාවට පුකෙත් අරිනවා ලගදිම! respect! :baffled:



    Erozan ගේ විනෝදේ!
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    Danwath munta therumganna barida? Rate wibahaga padaka system eke aula. Minissu jeewath nowee wiba goda dala unta kohenda job?
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඉස්කොලේ අරින්න ඕනේ එතකොට නේ චයිනිස් රොල්ස් බිස්නස් එක වැඩියෙන් වෙන්නේ. ලමයි එනවා චයිනිස් රොල්ස් ගන්නවා.
    තෝ නේද? මගෙ වඩේ කරත්තෙ ඊයෙ රෑ ඉස්සුවෙ.
    ඇබුල් දෙනිය හන්දියට යන පාර හරිද කියල අහන්න චයිනීස් රෝල්ස් විකුනන කඩේයක් ලග නතරකරා. ඒ අල්ල පනල්ලෙ තෝ වගේ එකෙක් මගෙ කරත්තෙ ඉස්සුව.
    දැන් සෑර්ට කන්න වඩේ නෑ බොලව්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ow ithin wayasaka un marena widihata balance wenna podi unuth marenna epai

    man hithanne maha eka uge gaja mithuru business karayo tikata meeya kadanna dum gahagena yanne
     
    • Like
    Reactions: Mr.Lokka

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඉස්කෝල ඇරියා කියන්නේ සුපිරි එකෙන් කෙලෝගන්න තමයි වෙන්නේ , පොඩි උන්ට මරණ සහතිකේ අරගෙන තමයි ඉස්කෝලේ යන්න වෙන්නේ
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔකේ ලොකුම රිස්ක් එක තියෙන්නේ ඉස්කෝලේ යන පොඩි අයට නෙමේ, ඒ ගෙවල් වල ඉන්න වයසක, වෙනත් රෝග තියන අයට. තාම නම් අනෙක් රටවල් වල ඩේට එක්ක බැලුවම පොඩි අයගේ රිස්ක් එක අඩුයි. හැබැයි ඒ අයගෙන් ගෙවල් වල ඉන්න හයි රිස්ක් කට්ටියට බෝවෙන්න පුළුවන්. ඔන්න ඔය දෙගොල්ලෝ වෙන් කරන්න ඕනේ.
     
    • Like
    Reactions: windows_ubuntu