මේ සිද්දිය නම් ටිකක් පරණයි. අපි උසස් පෙල කරන්න කාලෙ වෙච්ච සිද්දියක්. අපේ ඉසකෝලෙ මිශ්‍ර පාසලක්. කෙල්ලොත් හිටියා. අපි නුවර එලියෙ ට්‍රිප් එකක් ගිය. නැවතුනේ පරන බංගලවක් වගේ එකක. පේලේස් එක නම් හරියටම මතක නැ. ඒක තිබ්බේ අඹේවෙල ඉදන් කි.මී 5ක් විරත දුරින්. තේ වත්තක් මැද තියෙන ලස්සන තැනක්. අපි අන්තිමට අඹේවෙල ගිහිල්ලා කෙලින්ම එහෙට ආවා. එහෙට එද්දි බංගලාව වහලා. ඒක බලා ගන්න කෙනා දෙමල . අපේ මිස් එනවා කියපු දිනේ ඒ මිනිහා හරියට අහන් ඉදලා නැ. මිස් ඒ මිනිහට කෝල් දිලා ගෙන්න ගන්න ට්‍රයි කරනවා. පට්ටම මී දූමක් එ වෙලෙ තිබ්බෙ. ඒ මදිවට හොදටම තෙමිලා, වෙව්ලනවා. සමහරුන්ට හදිසි අවශ්‍යතා ඇති වෙලා. කොල්ලො ටික නම් තේ වත්ත පිටි පස්සට ගියා. කෙල්ලොන්ට යන්න ටොයිලට් එකක්වත් එලියේ තිබ්බ නැ. ඒ වත්තේ පහල වතුර වලක් එක්ක වදුලක් තිබ්බ. කෙල්ලො ටික ඒකට ගියා. ටික වෙලාවක් යද්දි කෙල්ලො ටික කැ ගහගෙන දගලනවා. ඒ හරියේ කූඩැල්ලො ඉදලා. කුඩැල්ලො අහවල් තැන් වල ඉදන් එල්ලිලා. කෙල්ලො කුඩැල්ලොන්ට බයයිනේ. කොහොම හරි අපි කෙල්ලොන් ගේ කුඩැල්ලො ටික අයින් කරා. මගේ කෙල්ලගේ දිය කූඩැල්ලෙකුත් එල්ලිලා අමාරුවෙන් ගැලෙව්වේ. හැබැයි වලත්ත හිතකින් නම් නෙමෙයි ඒක කරේ. අමිත් කියල කොල්ලෙක් හිටියා. එයා තමයි වැඩියෙන්ම කූඩැල්ලො අයින් කරේ. අන්තිමට එයාට කෙල්ලොන් ගේ ගවුම් අස්සෙ කූඩැල්ලො අයින් කරා කියාලා කතා හැදිලා, යලුවෙලා හිටපු කෙල්ලත් නැති උනා. තෙත තැන් වල ඉන්න කුඩැල්ලො අනිත් කුඩැල්ලන්ට වඩා මහතයි. ගලවන්න අමරුයි. ඒ සිද්දිය එතනින් ඉවරයි. දැන් 6ත් වෙලා තාම කට්ටියම එලියේ. බංගලව බලා ගනන් කෙනා වෙන කොහෙද ගිහිල්ල කිය්ලා අපිට වෙන කෙනෙක් යතුර ගෙනල්ල දුන්නා. දැන් කැමත් නැ. පන්තියෙ මිස් බස් ඩ්‍රයිවර්ට සල්ලි දීලා කැම ගෙන්න කිව්ව. ඒ මනුස්සයා ගොඩක් දුර ගියත් කැම තිබිලා නැ. අන්තිමට එයා බේකරියකින් පාන් අරන්, පරිප්පුයි, උයන්න එකකුයි අරන් ආවා. අතිමට ගල් 3කුත් අරන් , ගිනි මැලයක් ගහන්න ගෙනපු දර ටිකෙන් ලිප පත්තු කරා. යකඩ තලයකින් පොල් ගලා ඒව මිරිකලා පරිප්පු හදන් කැම කැවා. මේ ඔක්කොම කරේ පන්තියේ කොල්ලොයි කෙල්ලොයි එකතු වෙල. කාලා ඉවර වෙලා පොඩි ජොලියක් දලා නිදා ගත්තා. ඒවගේ ට්‍රිප් එකක් නම් ආයේ යන්න හම් බෙන එකක් නැ