පරණ ගුරුවරයෙක්ගෙ විශ්‍රාම යාමක් වෙනුවෙන් කාලෙකට පස්සෙ ඉස්කෝලෙට ආපහු ගියා. පරණ ගුරුවරු වගේම යම් කාලෙක බොක්කවල් වගේ හිටපු මිත්රයොත් මුණගැහුනා. පහ වසරෙ ඉදල අධ්‍යාපනය ලබපු තැන. පාසැල් ජීවිතේට ඒ තරම් ලොකුවට වැදගත්කමක් නොදෙන්න තීරණය කරල තිබුනත් පාසැල් භූමියෙ තියෙන ලෑන්ඩ්මාක් දකිද්දි ඒවත් එක්ක බැඳුන මතක ඔලුවට එද්දි තරමක් ඉමෝෂනල් වීම වලක්වගන්න අමාරුයි.
යාලුවොත් එක්ක කතා කරද්දි අපි හැමෝම අතින්ම වගේ කියවුන වචන ටිකක් තිබුන...ඒ තමා "මතකද ඒ කාලෙ ගත්ත ආතල්" කියන එක. අපි හැමෝම දන්නව ඔය ආතල් කියන්නෙ මොනවද කියල. ඒ ගැන කල්පනා කරද්දි තමා හිතුනෙ මේ පාසැල් මතක කියන ඒව අපි එක ලොකු වටයක් ගහල වර්ණනා කරගෙන තියෙනව නේ කියන එක.
මිනිස්සු ගොඩක් වෙලාවට ඉස්කෝලේ ආතල් ආතල් කියන්නේ පීරියඩ් කට් කරලා හරි තාප්පෙන් පැනලා හරි හොරෙන් බීල හරි ලඟ සිස්ටර් ස්කූල් එකක ගෑනු පළහිලව්වක් වගේ ආතල් මතක් උනාම නෙ. ඒත් ඒවා අපේ වියදමෙන් (at our own risk) ගත්ත ආතල් මිසක් ඉස්කෝලේ නිසා ගත්ත ඒවා නෙවෙයි කියන කාරනෙ අපිට එක පාරට තේරෙන්නෙ නෑ. මේ රිස්ක් එක සමහරවිට ඉතාම භයානක ප්‍රතිපල පවා ගේන්න ඉඩ තියෙන එකක්. මේ ආතල් එක තීව්ර වෙලා තියෙන්නෙම ඉස්කෝලේ තියෙන දැඩි ආයතනගත රිප්‍රෙසිව් ආකෘතිය නිසා. මිචෙල් ෆූකෝ කිව්ව විදිහට නම් කොට බිත්ති, නිළ ඇඳුම් තියෙන බන්ධනාගාර, රෝහල් වාට්ටු ආකෘතිය. මම ගිය ප්‍රධාන ඕල්කට් බෞද්ධ පාසැල් වලට නම් මේ කතාව වැඩියෙන් අදාළයි.
සාහිත්‍ය සංගමේක ඉවෙන්ට් සංවිධානය කරල, එහෙම නැත්තං තියටර් ප්ලේ එකක් ලියල ප්‍රොප්ස් හදල ඒක අධ්‍යක්ෂනය කරල, එහෙමත් නැත්තන් මොකක් හෝ සයන්ස් ප්‍රොජෙක්ට් එකක් කරල වගේ සොසයිටි වල ෆන් එක ගන්නෙ ඉස්කෝලෙක ළමයින්ගෙන් 1% ටත් වඩා අඩුවෙන්. ඒව තමා ස්කෝලෙ නිසාම එන ආතල් ටික. ඒකත් නිරාමිස ෆන් එකක් නමුත් මං හිතන්නෙ නෑ ඉස්කෝලෙ ආතල් ගැන පම්පෝරි ගහන ගොඩක් අය කතාකරන්නෙ ඕව ගැන කියල.
අපිට ඉස්කෝලේ කාලේදි ආශ්‍රය කරන්න යාළුවෝ සෙට් එකක් ලැබෙනවා. ඒ සෙට් එක එක්ක විහිළු කරනවා, සෙල්ලම් කරනවා, මත්ද්‍රව්‍ය එක්ක පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් කරනව, වාසනාවන්ත නම් සෙක්ස් කරනව. ඒ විහිළු, සෙල්ලම් තමා සුන්දර. ඒව මාරම වැදගත්. හැබැයි මේ ආතල් අපිට ලැබුනේ ඉස්කෝලේ නිසානේ කියලා හිතන්න යනකොට තමයි ඉස්කෝලේ සුන්දරයි කියන විකාර කතාව එන්නේ.
ඉස්කෝලේ සුන්දරයි ඉස්කෝලේ යන්නේ නැතුවම. ඉස්කෝලේ සුන්දරයි පීරියඩ්වල උගන්නන්නේ නැතුවම, ඉස්කෝලේ සුන්දරයි පීරියඩ් කට් කරලා යාළුවොත් එක්ක කැන්ටිමේ ඉන්නකොට. කොටින්ම ඉස්කෝලේ සුන්දර බව කියල අපි හඟවන්නෙ ඉස්කෝලෙ ඇතුලෙ තියෙන "ඉස්කෝල-නොවන" ගුණයට. ස්කෝලෙට ඒ ආතල් බැර කරන එක කුණුහරපයක් නෙවේද.
"මේ පාවහන් ඉතා සුවපහසුවෙන් යුක්තය. ඒවා පැළඳ ගමනක් ගොස් පැමිණ ගැලවූ පසු ඔබට ඒ සුවපහසුව හොදින් දැනෙනු ඇත"