අල්ලහ්ට කියලා කරවගන්න බැරි එව්වා මට කියපන්.. මට පුළුවන් අල්ලාහ්ට කරන්න බැරි දේවල් කරන්නමගේ වචන වලින් උත්තර දෙන්න Type කරන්න කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ.
මීට අවුරුදු 1437 කට කලින් අල්ලහ් විසින්ම උත්තර දීලා තියෙනවා. උබල වගේ උන් ඒ කාලෙත් හිටියා.
1. අල්ලාහ් ජීවි ද අජීවී ද?
3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.
2. අල්ලාහ් දෙවියන් සියල්ල පාලනය කරන බලවතානම් , තමන් මවපු මනුශ්‍යයා වෙන ආගම් අදහන්න තරම් පාලනයෙන් තොර වෙන්න හේතුව මොකද්ද. පාලනය ගිලිහුනාද? එන්ටටේනින් එකට කරනවද?
3-81. (මෙය) මා නුඹලාට පහළ කළ ධර්ම ග්රන්ථයද ප්‍රඥාවද වේ. පසුව නුඹලා ළඟ තිබු දැය සත්‍ය කරන රසූල්වරයකු නුඹලා වෙත පැමිණි කල්හි නුඹලා නියත වශයෙන්ම ඔහු විශ්වාස කළ යුතුය. තවද ඔහුට උදව් කළ යුතු යැයි නබිවරුන්ගෙන් අල්ලාහ් ප්‍රතිඥා ගත් අයුරුද සිහි කරනු. (එසේ නම්) නුඹලා අනුමත කරන්නේද? තවද නුඹලා මේ අනුව මාගේ ප්‍රතිඥාව (ග්‍රහණය කර) වගකීම පිළිගැනීමට එකඟ වන්නේද? ඔහු (අල්ලාහ්) ඇසීය. අපි එකඟ වෙමුයි ඔවුහු (නබිවරු) කීහ. එසේ නම් නුඹලා සාක්ෂි දරනු. මමද නුඹලා සමග සාක්ෂි දරන්නන්ගේ කෙනෙක් වෙමියි ඔහු (අල්ලාහ්) කීය.
3-A. මැවුම්කාර දෙවියන් හා නිර්මානය වෙච්ච මිනිසා අතර ඩිරෙක්ට් කොමුනිකෂන් එකක් නැති වෙන්න හේතුව මොකද්ද.?
දේව පණිවිඩ පැමිණෙන්නේ නබිවරුන්ට පමණය
20-113 තවද (නබි මුහම්මද් !) මෙලෙසය අප එය අරාබි (භාෂාවෙන්වූ) කුර්ආනයක් වශයෙන් පහළ කළේ. තවද ඔවුන් බැතිමත්වනු පිණිස හෝ එය ඔවුනට මෙනෙහි කිරිමක් වනු පිණිස හෝ අපි එහි අවවාදයන් ගෙන් විස්තර කළෙමු.
3-B. ඇමුයුස්මන්ට් දෙනවට වඩා, අහස දෙදරා යන හඬින් "මා ඔබගේ මැවුම්කාරයා වෙමි" කිව්ව ගමන් මිනිස්සු ඔයිට වඩා පැහැදෙන්නෙ නැහැ කියල කියන්න පුලුවන්ද?
5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.
අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.
එබැවින් සත් ක්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.





