ඉස්ලාම් හා දේශපාලනය ..

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාම් හා දේශපාලනය ..


    ලොව තුළ සිව් ආකාරයේ රාජ්‍යයන් තිබෙන බව දේශපාලන විශාරදයෝ පෙන්වා දෙති .එය අද සමහර විට ඊටත් වඩා වැඩි විය හැකි.එයින් ප්‍රධාන රාජ්‍යය ක්‍රමයන් මෙයයි.
    1 රජවරුන්ගේ රාජ්‍යය
    2 ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය
    3 එකාධිපති රාජ්‍යය
    4 ධර්මානූකුල රාජ්‍යය



    ඉස්ලාම් මෙම රාජ්‍යයන් සතරෙන් කිසිවක් කෙරෙහි පක්ෂපාතිත්වය දක්වා නැත ,යෝග්‍ය බව පවසා නැත . හේතුව , මෙම සතරෙහිම අගය කළයුතු දේත්, අඩුපාඩුත් තිබීමයි .
    රාජ්‍ය ක්‍රමය කුමක්ද යනු වැදගත් නොවේ .පාලනය කරන අය කෙසේවූවන්ද යන්නයි වැදගත් වන්නේ . යහපත් ගතිගුණ ඇති කෙනෙකු ආඥාදායකයකු වූවානම්” නරකයි” යනු සිතන ආඥාදායක පාලන ක්‍රමය යහපත් රාජ්‍ය ක්‍රමයක් බවට පරිවර්තනය විය හැකිය . ඒ කියන්නේ ” හිතකාමි පාලනයක් ” විය හැකිය .



    දූෂකයින් හා කුහකයින් අතට පාලන බලය පත්වූව හොත් ඉතා අගනා පාලන ක්‍රමයක් යැයි ප්‍රශංසා කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍ය ක්‍රමය පවා දරුණු එකක් වනවාට සැක නැත .
    ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්ති ගැබ්වී තිබෙන ශුද්ධ කුර් ආනය මේවාට හාත්පසින්ම වෙනස් වූ රාජ්‍ය ක්‍රමයක් හඳුන්වා දෙයි .ඇතෙන්ම ලොව පාලනයකරන සුදුසුකම ඇත්තෙක් වේනම් ඔහු දෙවියන් හැර අන්කෙනෙකු නොවන්නේය .මිනිසා එම එකම දෙවියන්ගේ නියොජිතයෙකු ලෙස පාලනය පාලනය ගෙනගිය හැකි බව ශුද්ධ කුර් ආනය පැහැදිලිවම පවසයි



    “අහස්වලද මහපොළොවහිද පරමාධිපත්‍යය නියත වශයෙන්ම අල්ලාහ්ටම යැයි නුඹ නොදන්නෙහිද” 2-107


    පරමාධිපත්‍යය අල්ලාහ්ට හැර (වෙනත් කිසිවෙකුට )නැත .12-40


    ලොව නිර්මාණය කළේ දෙවියන්ය . සියලු ජිවින් නිර්මාණය කළේ ද දෙවියන්මය. එබැවින් ,මෙවා කෙසේ පාලනය කළ යුතුද යනු දන්නේ ද ඔහුමය . තවද , රාජ්‍ය පාලන බලය දෙවියන්ගෙන් කිසිවෙකුට පැහැර ගැනිමට නුපුළුවනි. එනයින් එම රාජ්‍යය නිරන්තර වූවකි .


    ලොව මිනිසුන්ට පමණක් හිමිවූවුක් නොවේ .මෙහි අනෙකුත් ජිවීන්ද වාසය කරති.එබැවින් මිනිසා පාලනය කරන්නේ නම් , හෙතෙම මානව වර්ගයාගේ යහපත පමණක් සිතා කටයුතු කරයි. අනෙක් ජිවීන් ගැන ඔහු තැකීමක් නොකරයි .


    මිනිසා තම වර්ගයාගේ යහපත වෙනුවෙන් ගංගාවක් හරහා වේල්ලක් නිර්මාණය කිරිම උදාහරණයකට ගත හැකි .ගඟේ ජලය කිසිදු බාධාවකින් තොරව ගලායන විට එහි වාසය කරන සිය ගණන් ජිවින් ගඟ හරහා වේල්ලක් තැනීමෙන් විපතට පත්වෙයි ,ඇතමුන් විනාශයට පත්වෙයි,:(නමුත් මිනිසා ඒ ගැන දුක්වන්නේ නැත , එයින් වන්නේ ජිවින්ගෙන් එක් පාර්ශවයකට අකටයුත්තකි එබැවින් මෙම ලොව පාලනය කිරිමට සුදුස්සා දෙවියන් පමණයි .


    දෙවියන් මිනිසාගේ ජිවිතයට අවශ්‍ය දේ මවා ඇතිසේම අනෙකුත් ජිවින්ටත් අවශ්‍ය දේ මවා ඇත්තේය . අනෙකුත් ජිවින් ගැන පවා මිනිසා සම්පූර්ණයෙන් නොදනි . මෙම තත්ත්වයකදි ඔවුන්ට අවශ්‍ය වන සියලු දේ හෙතෙම කෙසේ සපයන්නේද ?


    “අපි එහි(පොළොවෙහි ) නුඹලාටත් ,නුඹලා නඩත්තු නොකරන ජිවීන්ටත් දිවිපෙවෙත සැලසුවෙමු “15-20


    දෙවියන් මිනිසුන්ව කෙළින්ම පාලනය නොකරයි . ඊට සුදුසු නියෝජිතයන්ගේ මාර්ගයෙනුයි එය කරන්නේ දෙවියන්ගේ නියෝජිතයන් කවුරුන්ද ? මිනිසුන් සියලු දෙනාම දෙවියන්ගේ නියොජිතයන්ය .


    දෙවියන් මානව වර්ගයා නිර්මාණය කිරිමට යන බව සුරදූතයින්ට ” මම පොළෝතලයහි නියෝජිත් වරයකු පත් කරන්න යමි “2-30 යනු පැවසුවේය “පොළෝතලහි හා අහස් හි ඇති දේ මිනිසාට යටත් කොට දී ඇති බව අල්ලාහ් පවසයි. යටත් කොට දී ඇති බව කීමෙහි ඇති තේරුම වන්නේ අනෙක් මැවීම් පාලනය කිරිමේ දැනුම මිනිසාට අල්ලාහ් පිරිනාම ඇති බවයි.
    රජවරුන්ගේ පරම්පරාවේ උපත ලැබූ අයයි රාජ්‍ය පාලනය කළ යුත්තේ යහු හෝ උසස් පවුල්වල උපත් අයයි රාජ්‍ය පාලනය කළ යුත්තේ යනු ඉස්ලාමය පිළිනොගනි . රාජ්‍ය පාලනයක් කරන තරම් බුද්ධියක් හා හැකියාවක් තිබෙන , යහපත් ගතිගුණවලින් හෙබි නිහතමානී කාටත් එය කළ හැකි බව ඉස්ලාම් පවසයි ,ඉස්ලාමයේ ප්‍රතිපත්තියද එයයි .



    නීති සම්පාදනය කරන්නා දෙවියන් බව ඉස්ලාමය පවසයි මිනිසා අඩුපාඩු ඇත්තෙකි, දුර්වල වූවෙකි,පක්ෂග්‍රහිව කල්පනාකරයි , එබැවින් නීති සම්පාදනය කිරිම් වැනි අති විශාල කර්තව්‍යයක් ඔහුට කළ නොහැක . එය කළහැක්කේ දෙවියන්ට පමණයි. ඒ සුදුසුකම ඇත්තේ ඔහුට පමණ‍යෛ.

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    විවිධ කාලවල පහළ කරනු ලැබු වක්තෘවරුන්ට පිරිනමනු ලැබු දහම් මගින් දෙවියන් මිනිසාට අවශ්‍ය නීති රීති සම්පාදනය කොට පිරිනැමුවේය . ශුද්ධ කුර් ආන්හි හෝ නබිවදන් ග්‍රන්ථවල නොමැති අලුත් ප්‍රශ්නයකට ඉස්ලාමිය විද්වතුන් එක් වී විසදුම් ලබාගැනිමේ අයිතිය (ඉජ්මා )හා විචක්ෂණ බුද්ධිය භාවිත කොට විසදුම් ලබාගැනීමේ අයිතිය (කියාස්) ඉස්ලාමය වෙතින් ලබා දී ඇත .
    මේ සියල්ල සම්පිණ්ඩනය කොට පවසනවා නම් අල්ලාහ්ගේ මගපෙන්වීම අනුව මිනිසා කරගෙන යන රාජ්‍ය පාලනය ඉස්ලාමය විසින් අගේ කොට ඇත . තනි පුද්ගලයෙකුගේ රාජ්‍ය පාලනය ඉස්ලාමය විසින් අගේ කොට නැත . “සැමට පොදු වූ කාර්යයන්හි සම්බන්ධවුවන් සමග සාකච්ජා කරන ශුද්ධ කුර් ආන් 3-159/42-38 පවසයි.
    මෙම රාජ්‍ය ක්‍රමය තුළ දෙවියන් හා මානව නියෝජිතයන් සම්බන්ධ වන හෙයින් මෙය ධර්මිෂ්ඪ ” ජනතා රාජ්‍ය ” යනු හඳුන්වා දිය හැකිය . පාලකයින් පත්කරන්නේ කෙසේද ? ඔවුන් නිකම් පත් කිරිමට වඩා ඡන්දයක් මගින් තොරා පත් කරගැනීම මුහම්මද් (සල්ලල්ලාහු අලෛයිහි සල්ලම්) තුමාණන් නිර්දෙශ කර සිටි .
    වත්මන් ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය පාලන ක්‍රමය තුළ පාලකයින්ව ජනයන් කෙළින්ම තෝරා ගත නොහැකිය . විවිධ පක්ෂ විසින් තම අපෙක්ෂකයින්ගේ කෙනෙකුයි ජනතාව තෝරා ගත යුත්තේ .එහෙත් මෙම අපේක්ෂකයින්ගෙන් කිසිවෙකු සුදුස්සෙකු නොවිය හැකිය .
    මිනිස් සමාජයට සේවය කරන හොඳ හිත හා යෝග්‍යතාව ඇත්තාමය නායකත්වයට සුදුස්සා වන්නේ ” යනු මුහම්මද් (සල්ලල්ලාහු අලෛයිහි වසල්ලම්) තුමා වරක් පැවසූහ . මෙවන් සුදුස්සන් ජනතාව විසින් කෙළින්ම තෝරා පත් කළ යුතු බවත් එතුමා පවසා ඇත .:)
    වරක් නබි (සල්)තුමා හමුවී ” මෙම රටේ පාලකයා ලෙස මාව පත් කරන්න ” යනු කෙනෙකු ඉල්ලා සිටියේය එවිට ” දෙවියන් කෙරේ දිවිරා කියන්නේ අපි මෙම සේවය පිණිස එය (එම තනතුර ) ඉල්ලා සිටින අයෙක් ද ඒ කෙරෙහි තණ්හාවෙන් පසුවන අයෙක් ද පත් නොකරන්නෙමු ” :no:යි පිළිතුරු දුන්හ.
    අද දේශපාලන ක්ෂෙත්‍රය තුළ තනතුරු ලබා ගැනීම සඳහා බොහෝ අය උනන්දුවෙන් ක්‍රියා කරන්නේ කුමක් නිසාද . යන ප්‍රශ්නයට දිය යුතු පිළිතුරු කවුරුත් දනී. සෑම අපෙක්ෂකයෙක්ම අතමිට දිග හැර ලක්ෂ ගණන් මුදල් වැය කරති .අල්ලස් දෙති .මිනිසුන්ට බොරු පොරොන්දු දී රවටති. ජනතාවට සේවය කිරිමට මෙතරම් උනන්දුවක් ද? සත්තකින්ම නැත.:angry:



    අද දේශපාලනය මුදල් ගරන හොඳම ව්‍යාපාරයකි . ඒ සඳහා වියදම් කරන මුදල් ආයෝජනයකි , මූල්‍ය ධනයකි.:growl:
    මේවාට ඇති විසදුම කුමක්ද කවරෙකු තනතුරු කෙරෙහි ආශා නොකරන්නේ ද ඔහුමය තනතුරක් දීමට සුදුස්සා වන්නේ :). ජනතාව එවැන්නන්ව කෙසේ හෝ තනතුරු ලබා ගැනීමට උනන්දු කළ යුතුයි . එවැන්නන්ගේ පාලන යයි ඉතා උතුම් වන්නේ යනු මුහම්මද් (සල්) තුමා පැවසුහ.:)
    ” කවරෙකු නායක තනතුරු ලබා ගැනීමට අකමැත්තක් දක්වන්නේද , ඔහුමය ඊට ඉතාමත් සුදුසු කෙනෙකු වන්නේ . එම තනතුරු ඔහුම පිළි ගන්න කළහැකිනම් , හෙතෙම ජනයින්ගෙන් ඉතා යහපත් කෙනෙකු ලෙස සිටියි ” යනු මුහම්මද් (සල්) තුමා පැවසුහ....
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    ලොව මිනිසුන්ට පමණක් හිමිවූවුක් නොවේ .මෙහි අනෙකුත් ජිවීන්ද වාසය කරති.එබැවින් මිනිසා පාලනය කරන්නේ නම් , හෙතෙම මානව වර්ගයාගේ යහපත පමණක් සිතා කටයුතු කරයි. අනෙක් ජිවීන් ගැන ඔහු තැකීමක් නොකරයි

    I am very much thankful to you, sirajstc, for this very sensible, meaningful post.

    But address your mind on what I have quoted above from your own post. Should we not be more mindful about those other beings than humans?

    Should human beings not stop killing other animals and eat their flesh?
    I think, not only humans but all animals have a right to live on this earth without being killed.

    Maybe, during the days Prophet Mohamed (PBUH), it was necessary to kill and eat animal flesh, because it was a vast sandy desert without any plants or vegetation. But, I think, today, 1400 years later, it is a different world.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ලොව මිනිසුන්ට පමණක් හිමිවූවුක් නොවේ .මෙහි අනෙකුත් ජිවීන්ද වාසය කරති.එබැවින් මිනිසා පාලනය කරන්නේ නම් , හෙතෙම මානව වර්ගයාගේ යහපත පමණක් සිතා කටයුතු කරයි.

    විහිලු කරනවද මෙයා..:rolleyes:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    I am very much thankful to you, sirajstc, for this very sensible, meaningful post.

    But address your mind on what I have quoted above from your own post. Should we not be more mindful about those other beings than humans?

    Should human beings not stop killing other animals and eat their flesh?
    I think, not only humans but all animals have a right to live on this earth without being killed.

    Maybe, during the days Prophet Mohamed (PBUH), it was necessary to kill and eat animal flesh, because it was a vast sandy desert without any plants or vegetation. But, I think, today, 1400 years later, it is a different world.


    api loakaye inna ema sataawamada kanne? :lol::lol::lol::P

    see this verses

    For you and for your livestock to enjoy. (Surat an-Na'ziat, 33)
    And also animals for riding and for haulage and animals for slaughtering and for wool. Eat what Allah has provided for you and do not follow in the footsteps of Satan. He is an outright enemy to you. (Surat al-An'am, 142)
    And He created livestock. There is warmth for you in them, and various uses and some you eat. (Surat an-Nahl, 5)




    There is instruction for you in cattle. From the contents of their bellies, from between the dung and blood, We give you pure milk to drink, easy for drinkers to swallow. (Surat an-Nahl, 66)

    And We shaded you with clouds and sent down manna and quails to you: 'Eat of the good things We have provided for you.' They did not wrong Us; rather it was themselves they were wronging. (Surat al-Baqara, 57)
    :)


    And also animals for riding and for haulage and animals for slaughtering and for wool. Eat what Allah has provided for you and do not follow in the footsteps of Satan. He is an outright enemy to you. (Surat al-An'am, 142)

    :)
    samahara ewa apita kannama tamai mawala tiyanne...:)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    hrcxlu.jpg
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    islam agama mulinma pethirunu arabiye gowithen kireema amaru nisa sathunwa aharayata nogena minissunta jeewath wenna amarui.
    mama hithana widihata
    arabiye jeewithyata gelapenna thamai me agama deshana karala thiyenne.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    islam agama mulinma pethirunu arabiye gowithen kireema amaru nisa sathunwa aharayata nogena minissunta jeewath wenna amarui.
    mama hithana widihata
    arabiye jeewithyata gelapenna thamai me agama deshana karala thiyenne.

    me agaama ema ekkenektama praayogikai..way of life :)