මහින්ද මොන ගූ වැඩේ කරත් වෙලාවට ලක්ශ ගනන් වලින් ඡන්ද ගන්න පුළුවන් හැකියාවක් තිබ්බා. උතුරට ගිහින් එක බොරුවක් දකුනෙ තව එකක්, නැගෙනහිරට එකක් බස්නාහිරට තවත් එකක්. ජාත්‍යන්තරයට එකක් ලංකාවෙ ගොන්නුන්ට වෙන එකක්. පාක්ශිකයො කොච්චර බූරුවො උනත් නියම කපටි අවස්ථාවාදියෙකුට හැර එහෙම ගේමක් මේ රටේ ගහන්න බෑ. අදටත් ඉදිරි ජනාදිපතිවරන එකක් හෝ දෙකක් මහින්දගෙ ප්ලෑන් අනුව රට පාලනය වීමට නියමිතයි(නාමල් ජනාදිපති වෙනකම්).
ගෝටා මහින්ද වගේ නෙවේ බන් පාලනයෙහි දක්ශයෙක් නෙවේ. එයාම කිව්ව විදිහට ඒ මනුස්සයා ඔය කරුමයක් ගෙවන්නෙ. රටේ මිනිස්සු එයාව පුම්බපු පිම්බිල්ලට ආස හිතිලා කර ගැහුවට කවදාවත් ස්වාදීනව වැඩ කරන්න හම්බෙන්නෙ නෑ. ඔය පොඩ්ඩක් කෑගහලා කරලා ආතල් දෙන එක ගැන නෙවේ මම කියන්නෙ. රටක ජනාදිපති කෙනෙක් ගන්න දැඩි තීන්දු ගන්න එයාට බලයක් කොන්දක් නෑ(අගමැතිට විරුද්දව, කැබිනට් තීරන වලට විරුද්දව, අඩුම තරමේ මෛත්‍රීපාල වගේ එකෙක් වැඩකරපු තරම්වත්). මම කියන්නෙ බොරුවක් නම් හිතල බලපන්කො තමන්ගෙ ලේකම්ව පවා පත් කරගන්න උනේ මහින්දගෙ පට්ට පජාතම ගොට්ටක්නෙ. මෛත්‍රීපාල පවා ලේකම් විදිහට පත් කරගත්තෙ යූඑන්පී විරුද්ධ එකෙක්. ඒ දවස්වල යූඑන්පී කාරයෝ ඒ පත්වීමටත් මෛත්‍රී එක්ක අවුලෙන් හිටියෙ. ජයසුන්දර හරහා තමයි ගෝටා කරන වැඩ සේරම මහින්ද දැනගන්නෙ. සේරම මහින්දගෙ කන්ට්‍රෝල් එකේ තියෙන්නෙ.