ඉස්සරහට වෙන්න යන දේ සහ ඇත්ත ප්‍රශ්නය...

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මෙහෙමයි කියලා හිතෙන්නේ නැද්ද?.....….............
    ..........
    ඇත්ත ප්‍රශ්නේ ආධාර ගන්න එකම නෙවෙයි. ඒ ආධාරත් නිකරුනේ නාස්ති කරයි ද? කොච්චර හොරකම් කරයි ද? කියන එක. කොටින්ම හරියට කළමනාකරණය කරයි ද කියන එක.

    ඒ වගේම ඉස්සරහට ආර්ථිකේ ගැන ගන්න තීරණ මොනවද කියන එකත් වැදගත්

    හැබැයි මේ ඉන්න set එක හොරකම් නොකර තමන්ගේ ආධාරකරුවන්ට වාසි වෙන විධියේ තීරණ නොගෙන හරි විදියේ තීරණ අරන් රටේ ආර්ථිකය හදයි කියලා හිතන එකත් විහිළුව වගේ. කොහොම හරි IMF එකේ කොන්දේසි වලින් හරි ඔය හොරාකෑම්, ආර්ථිකයට අහිතකර තීරණ සීමා වුණොත් හොඳයි.

    දැන් තියෙන තත්වේ අනුව ඉස්සරහට වෙන්න ඉඩ තියෙන දේවල් සරලව හිතුවොත්...

    රට රටවලට ණය වෙලා ඒව ගෙවාගන්න බැරුව රටේ සම්පත් ඒ රටවල් වලට පවරන්න වෙනවා එක්කෝ එයාලගේ කොන්දේසි වලට යටත්ව වෙළඳ ගිවිසුම් වගේ දේවල් වලට එකඟ වෙන්න වෙයි (යම් සැලකිය යුතු කාල සීමාවකට).රටේ ආර්ථිකය තවත් පහළට වැටෙයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    මුන් තව කාලයක් හිටියොත් සිම්බාබ්වෙ, ලෙබනන් ගානටම වැටෙනවා. දැනටමත් ප්‍රමාද වැඩියි හොදටම. කාට කාටත් වැදලා කියන්නේ, රාජපක්ෂ නම ගෑවුණු එකෙක්ටවත් ඡන්දෙ දෙන්න එපා ජීවිතේට ආයෙ.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගන්න ආදාර වලින්

    පාරවල් වලට ගල් අල්ලනවා
    හන්දි ගානෙ පොහොට්ටු හදනවා
    බයියන්ට සහනාදාර් දෙනවා
    ප්‍රජාසාලා හදනවා

    ලැට් හදනවා

    එක ෆැක්ටරියක් හදන්නෙ නෑ - ඔන්න බලපම් - එක සොලර් පැනල් එක්ක ගහන්නෙ නෑ,, ඩීසල් ගෙනල්ල පුචචලා දානවා


    කෝසල එදිරිසිංහ

    a111 fMarchS atpou s9:0170rg82c 7am ·

    ලංකාවට වෙලා තියෙන දේ ඕන බූරුවෙක්ට තේරෙන්න සරලව..
    එක ගෙදරක් තියෙනවා. මේ ගෙදර අම්ම තාත්තා දුව පුතා දුවගේ සැමියා (බෑනා), ආච්චි ඉන්නවා. මේ ගෙදර සීය කපපු, ඒකාලේ සීයා හොදට වතුර ගත්ත ලිද නඩත්තු නොකර තිබිල ලිදේ බිත්ති කඩන් වැටිලා වතුර හිදෙනවා. දැන් ගෙදර ඉන්න උන්ට බොන්න වතුර නෑ නාන්න වතුර නෑ උයන්න වතුර නෑ මල් ගස් වලට, එලවලු පාත්ති වලට දාන්න වතුර නෑ බල්ල නාවන්න වතුර නෑ
    දැන් මොකක්ද කරන්න ඕන? ලිද හාරන එක තමයි කරන්න ඕන..
    ඒත් වෙන්නේ මේකයි
    ඉස්සෙල්ලම ගෙදර උන් බල්ලා නාවන එක නවත්තනවා. ඒත් හරියන්නෑ වතුර මදි.
    නාන එක සීමා කරනවා. ඒත් හරියන්නෑ
    බොන්නවත් වතුර නැති වෙන්න යන්නේ. ඒ පාර එලවලු පාත්ති වලට වතුර දාන එක නවත්තනවා. අන්තිමට කන්න එලවලුත් නෑ දැං.. ඒත් ලිදනම් හාරන්න ක්‍රමයක් කල්පනා කරන්නෑ
    උඩහ ගෙදර පියදාස නයට තාත්තට උදැල්ලක් දෙනවා. තාත්තා උදැල්ල කෑලි කෑලි කපලා විකුනලා හම්බෙන සල්ලි වලින් බොන්න වතුර කඩෙන් ගේනවා. ලිද හාරන්න හිතන්නෑ
    පහල ගෙදර ගුණපාල පුලු පුලුවන් හැටියට හිතවත්කමට ලිද කපාගන්නකම් කියලා උගේ ලිදෙන් වතුර දෙනවා. ඒත් ගෙදර උන් ලිද නොකපා වෙන බයිලා ගහනවා. ඒ මදිවට අර ගෙදර ඉන්න බෑනා ගුණපාලට කියනවා උබ අපේ පව්ලටම දෙන වතුර මට හොරෙන් දීපං මම උබට ගල් අරක්කු දෙන්නම් එතකොට අනික් උන්ට නැතත් මට නාලා කරලා ඉන්න පුලුවන් කියල
    අල්ලපු ගමේ පොලී මුදලාලි බලනවා ගේමක් ගහන්න වෙලාව. මුදලාලි ගෙදර මේස පුටු අරන් වතුර බෝතල් දෙනවා. මුදලාලිගේ වතුර බෝතල් ටික ගෙදරට එනව මිසක් ලිද හෑරෙන්නෑ. ස්තාවර වතුර සැපයුම් ක්‍රමයක් හැදෙන්නෑ.
    අල්ලපු ගෙදර ඉන්න ලිං කපන අබරං මාමා කියනවා මම උබලට ලිද කපල දෙන්නම් හැබැයි මම කියන විදිහට නඩත්තු කරපං නැත්නම් මට නිකාන් පුප ඉරාගෙන නිරපරාදේ මහන්සි වෙන්න බෑ කියල.
    ඒත් අම්ම කැමති නෑ ලිද හාරනවට මොකද තාත්තා ඉතාලි උන්න කාලේ අල්ලපු ගෙදර පීටර් අම්මට දුන්න රෝස මල්, ලියුම්, සැංකුප්පි ටික තාත්තා ඉතාලියෙ ඉදං එද්දි අම්ම ලිදට දැම්ම නිසා ඒක මතු වෙන්න පුලුවන්. තාත්තා බයයි ලිද හාරනවට මොකද අම්මට හොරෙන් රේස් ඔට්ටු අල්ලපු කොල ටික ලිදට විසිකරපුවා හොරෙන් බීල විසිකරපු කාලේ අරක්කු බෝතල් මතුවෙන්න පුලුවන් ලිද හාරනකොට. අර බෑනත් කැමති නෑ ලිද හාරනවට මොකද ඌ මාට්ටු වෙන්න ගිහින් විසි කරපු සිම් කාර්ඩ් ටික ගෙදරට හැමදාම ගේන ජාතියේ නැතුව වෙන ජාති වල ඉතුරු උන කොන්ඩම් මාට්ටු උනොත් මූව බින්න බැහැලා පිනට කලා ඉන්න ගෙදරින් පන්නනවා
    ඉතින් ජාමේ බේරගෙන ප්‍රශ්නෙ විසදන්න තාත්තා උපදෙස් ගන්නවා කසිප්පු සයිමගෙන්. ඌ කුනුවෙන්න ගසලා කටට එන එන එක කියෝනව
    මේ අස්සේ ආච්චි හිතනවා වේලිච්ච එලවලු පාත්තියේ දඩු වලින් වට්ටි ටිකක් වියලා වැහි වතුර වට්ටියට එකතු කරලා ඒවෑන් බුදුන් වදිනකොට පැන් පූජ කරලා දිවිය ලෝකෙ යන්න..
    මේ ගමේ ඉන්නවා ඉස්කෝලේ යන කාලේ ඕලෙවලුත් ෆේල් වෙලා රට රස්සාවකට ගිහින් ඒකත් අනාගෙන දැන් ගමට වෙලා ඉන්න කුමාරයා. පොර මේ ගෙදර වෙන ඒවා බලලා අම්ම තාත්තා කරන දේවල් විවේචනය කර කර ඉන්නවා අරහෙම කලානම් හරි මෙහෙම කලානම් හරි කියලා හැබැයි ඌටත් මේක ගොඩ දාන ක්‍රමයක් ගැන මෙලෝම අදහසක් නැ. ඌ වත්තට ඇවිල්ල ලිද හාරන්නෙත් නෑ හාරන ක්‍රමයක් දන්නෙත් නෑ. අහල ගම් වල් උන් ඌව ගනන් ගන්නෙත් නෑ උගෙ අතීතේ නිසා
    ඉතින් අර දුවයි පුතයි පෝරියල් එක කනවා. ඒත් උන්ට ඒ හැටි ගානක් නෑ. දුව කල්පනා කරනවා මේ ගෙදරින් එක්කො වතුර තියෙන ගෙදරකට යන්න. නැත්නම් පුලුවං හැටියට වැහි වතුර ටිකක් හරි බොන්න. පුතා කල්පනා කරනවා අඩේ මේ අපේ ගෙදර වතුර නැත්තේ අල්ලපු ගමේ පොල් ගහේ ලේං කූඩුවක් තියෙන නිසා තමයි වගෙ අදාලම නැති හේතුවක්
    ඉතින් මේ කතාවේ,
    සීය කපපු ලිද - සුද්දා මේකෙන් යනකොට අටවලා ගිය කෘශි, නිශ්පාදන සහ අපනයන ආර්තිකය
    නඩත්තු නොකරපු ලිද - හැත්තෑ හතර වසරක් බුල ගහපු ආර්තිකය
    ලිදේ කඩන් වැටුන බිත්ති- අසාර්තක ප්‍රතිපත්ති, අදූරදර්ශි තීරන, දූශන, වංචා , දුර්වල ආර්තික පරිපාලනය
    වතුර- විදේශ විනිමය, අය වැය හිගය
    බල්ලා නාවන එක නැවැත්වීම- නිශ්පාදන ක්‍රියාවලියට වක්‍රව හෝ සෘජුව දායක වෙන ආනයන සමගම ආනයන අත්හිටුවීම
    එලවලු පාත්තියට දාන වතුර- රසායනික පොහොර, කෘශි ආර්තිකයට බලපාන නිශ්පාදන, ප්‍රවාහන, විකිනුම් සේවා සහ භාන්ඩ
    උඩහ ගෙදර පියදාස - ඩොලර් ලෙස ලැබෙන විදේශ ණය
    පහල ගෙදර ගුණපාල - විදේශ ශ්‍රමිකයන්, ලාංකීය ජාලගත ශ්‍රමිකයන්, සුලු හා මද්‍ය පරිමාන අපනයන කරුවන්
    බෑනා සහගල් බෝතලේ- හවාලා,උන්ඩියල් දාන, කලු සල්ලි ඩොලර් වලින් සුදු කරන විශේශ වරප්‍රසාදිත ජුන්ඩාව
    වටේ ගම් - ජාත්‍යන්තර ප්‍රජාව
    අල්ලපු ගමේ පොලී මුදලාලි- ඉන්දීය, චීන කරන්සි ස්වැප්
    ලිං කපන අබරං- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)
    අම්ම තාත්තා- හැත්තෑ හතර වසරක තට්ටු මාරු ක්‍රියාකාරී දේශපාලනය කරපු පක්ශ- විපක්ශ නෝනලා මහත්තේලා
    ආච්චි - මේ වෙලාවේ කෝටි ගනන් දීලා පරන වාහන කබල් ගන්න පකිස් ඩොංකිලා
    කසිප්පු සයිමා - ගොබ්බ උපදෙස් දෙන උපදේශන සභාව
    😜

    කුමාරයා - ඔව් ඔව් ඌ සහ සෙට් එක තමා
    🤭

    දුව - ඔලුවක් ඇති මහජනතාව
    පුතා - මේක කියෝලවත් තාම තේරුන්නැත්නම් අන්න ඒ වගේ උන් තමා ඒ
    😂
    එහෙම උන් තමා තාම වැඩි
    ✍🏻
    කෝසල එදිරිසිංහ
    අලුත්ම ලිපි කියවන්න ෆලෝ කරන්න
    😊
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    මුන් තව කාලයක් හිටියොත් සිම්බාබ්වෙ, ලෙබනන් ගානටම වැටෙනවා. දැනටමත් ප්‍රමාද වැඩියි හොදටම. කාට කාටත් වැදලා කියන්නේ, රාජපක්ෂ නම ගෑවුණු එකෙක්ටවත් ඡන්දෙ දෙන්න එපා ජීවිතේට ආයෙ.
    Ape paththe wahal bayyoth ekaka owa kiwwama ahanawa ithin wena kata keela dennada keela. 50 60 panapu naki set nam kamak ne 20 30 kolloth keenawa wena kata keela chande dennada keela
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,135
    113
    Ape paththe wahal bayyoth ekaka owa kiwwama ahanawa ithin wena kata keela dennada keela. 50 60 panapu naki set nam kamak ne 20 30 kolloth keenawa wena kata keela chande dennada keela
    තරුණ වයසෙයි, ඉස්සරහට වැඩිහිටියො වෙන්න ඉන්න ළමයින්ගෙ පවා ඔළු එහෙම්පිටින්ම විනාශ කරලා තියෙන්නේ ලංකාවෙ මීඩියාවලින්. ඉතින් හැම දෙයක්ම හිතන්නේ බොහොම පටු විදිහට, අනෙක් එකාට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියලා. බහුතරයකටම කිසිම තර්කන බුද්ධියක් නෑ. වෙන කෙනෙක් මතයක් පිළිගන්නෙ නෑ. ඕක තමා මේ රටට වෙලා තියන හෙණේ.
     
    Last edited:
    • Sad
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මුන් තව කාලයක් හිටියොත් සිම්බාබ්වෙ, ලෙබනන් ගානටම වැටෙනවා. දැනටමත් ප්‍රමාද වැඩියි හොදටම. කාට කාටත් වැදලා කියන්නේ, රාජපක්ෂ නම ගෑවුණු එකෙක්ටවත් ඡන්දෙ දෙන්න එපා ජීවිතේට ආයෙ.
    එන ඡන්දෙ කොහොමත් රාජපක්ෂලා පරදින සීන් එකක් තියෙන්නේ. හැබැයි හරි පාලකයෙක් මේ රටේ පත් වෙනකං, තමන්ගේ හොරකම් එළියට නොඑනතක් රාජපක්ෂලා දේශපාලනේ අත් අරින්නේ නෑ. ඒ වගේම ආයේ බලය ගන්නේ නැති වෙයි කියලා සහතික වෙන්නත් බෑ. මොකද දේශපාලනේ දී එයාලට තියෙන සම්බන්ධකම් වැඩී. මුක්කු ගහන්න කට්ටියත් ඉන්නවා. ඒ වගේම දේශපාලනේ පට්ට එක්ස්පීරියන්ස් තියෙනවා.

    අර මෝඩයාව ඊලගට ගේන්නද ඔච්චර චූන් වෙන්නේ අමෝ අමෝ😂
    පැතුම් හෝ සජිත් කිසිසේත් විකල්ප නොවන බව මා පෞද්ගලිකව දරන මතය යි 😅
    ------ Post added on Mar 21, 2022 at 3:17 PM
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Kawdha ehenam wikalpaya
    100%ක් එහෙම විකල්පයක් පේන්නේ නෑ. AKD විතරයි පොඩ්ඩක් හරි විකල්පයක් විදියට ගන්න වෙන්නේ. මිනිස්සුන්ගෙ හිත දිනා ගන්නා පුළුවන් සුපිරි මීටරයක් බහින්න ඕනි තවත් ඒ වගේම set එකක් එක්ක. ඒත් ඒ වගේ කෙනෙක් පේනතෙක් මානෙක නෑ.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    මුන් තව කාලයක් හිටියොත් සිම්බාබ්වෙ, ලෙබනන් ගානටම වැටෙනවා. දැනටමත් ප්‍රමාද වැඩියි හොදටම. කාට කාටත් වැදලා කියන්නේ, රාජපක්ෂ නම ගෑවුණු එකෙක්ටවත් ඡන්දෙ දෙන්න එපා ජීවිතේට ආයෙ.
    Lebanon nam iwarai ne :)
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,369
    9,174
    113
    Around the world
    ඇමති කණක හේරත් ගෑස් සිලින්ඩරයකින් ගුටි කයි! - උදය කාන්ත හොර පාරෙන් මාරු!
    __________________
    කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා වන සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත් මහතාට අද (21) අළුයම ගෑස් සිලින්ඩරයකින් පහරදී ඇති සිදුවීමක් මාධ්‍ය වාර්තා කරයි.
    රාජ්‍ය ඇමති කණක හේරත් මහතාට දිස්ත්‍රික්කය පුරා ගෑස් බෙදාහැරීමේ ආයතන රැසක් ඇතැයිද වාර්තා වේ.
    මෙහිදී රට තුළ මේ වනවිට ඇතිව තිබෙන ගෑස් හිඟය හමුවේ කෑගල්ල ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල දිගු පෝලිමක් ඇතිව තිබී ඇති අතර එම අවස්ථාවේ ඒ අසළින් අමාත්‍යවරයා සිය රථය ධාවනය කර තිබේ.
    එම අවස්ථාවේ රාජ්‍ය ඇමති කණක හේරත්ව දැක ඇති ගෑස් පෝලිමේ රැඳී සිටි ජනතාව ඔහුගේ රථයට පහරදී ඇත. ඔවුන් සිය අතේ තිබූ ගෑස් සිලින්ඩරවලින්ද පහිදී තිබේ. පසුව එම ජනතාව එම ස්ථානයේ පාර හරස් කර විරෝධාතාවකද නිරතව සිට ඇත.
    එම අවස්ථාවේ කෑගල්ල රන්වල අලුත්පාර හන්දිය පසුකර යාමට පැමිණි කෑගලු දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලක වහාම තම ගමන් මාර්ගය වෙනස් කර එම ස්ථානය මගහැර ගොස් අතැයිද මේ අතර වාර්තා වේ.

    Newspedia.lk
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    100%ක් එහෙම විකල්පයක් පේන්නේ නෑ. AKD විතරයි පොඩ්ඩක් හරි විකල්පයක් විදියට ගන්න වෙන්නේ. මිනිස්සුන්ගෙ හිත දිනා ගන්නා පුළුවන් සුපිරි මීටරයක් බහින්න ඕනි තවත් ඒ වගේම set එකක් එක්ක. ඒත් ඒ වගේ කෙනෙක් පේනතෙක් මානෙක නෑ.
    මේ තියෙන්නෙ ඒ ගොල්ලො කරන විදිය හොඳටම කියලා😂😂 වැඩේ මේකයි ගොඩක් අය සිහින ලෝක වල ඉන්නේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,929
    113
    ප*යාගල
    sorry.com
    ආධාරකරුවන්ට වාසි වෙන විධියේ තීරණ නොගෙන
    https://elakiri.com/threads/පොහොට්ට...ියුම-යවලත්-ඉවරයි.2037092/page-3#post-27484405

    ගමේ සිටින පොහොට්ටුවේ පාක්ෂිකයකුට එම කඩය ලබා දීමටත් බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කොට තිබේ.
    එමෙන්ම එම කඩයට සතොස හා සමූපාකාර ආයතනවලින් බඩු භාණ්ඩ ලබා දීමටත් තීරණය කොට ඇත.
    මීට අමතරව ඉන්දියාවෙන් ලබා දීමට නියමිත ඩොලර් බිලියනයක ණය මුදලින් ලබා ගන්නා භාණ්ඩද මෙම වෙළෙදසැල් වෙතින් අඩු මිලට ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.
    එමෙන්ම එම භාණ්ඩ ‌ලබා ගැනීමට පොහොට්ටුවේ තෝරාගත් සාමාජිකයන් හට රුපියල් 2000ක වටිනාකමකින් යුත් කූපනයක් ලබා දීමට තීරණය වී ඇති බව පැවසේ.
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේ තියෙන්නෙ ඒ ගොල්ලො කරන විදිය හොඳටම කියලා😂😂 වැඩේ මේකයි ගොඩක් අය සිහින ලෝක වල ඉන්නේ

    AKD ආවත් කරන්න අමාරුයි හෝ ලොකු දෙයක් කරන එකක් නෑ කියන තැන මමත් ඉන්නවා ඒකයි අලුත් පක්ෂයක් සහ අලුත් කෙනෙක් ඕනි කියලා කිව්වේ. ඒත් දැනට පෙන්න ඉන්න හොඳම විකල්පය AKD විතරයි. අනික අලුතෙන්ම එන කෙනෙක්ට මිනිස්සු ඡන්දෙ පාවිච්චි කරයි කියලා හිතන්න අමාරුයි එකපාර. හොඳ බුලත් එකක් වෙන්න ඕනි ජනතා ආකර්ෂණය ගන්න නම්. දැනට තියෙන තත්වේ අනුව සජිත්ට රැල්ල ගහනවා වගේත් පේනවා 😅