ඉස්සර පන්නන්ඩ හැදුවෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    ඉස්සර පන්නන්ඩ හැදුවෙ

    උඹලට මතකද ජනාධිපවරණෙට කලිං පොදු අපේක්ෂකය කවුද කියල හෙන කතාවක් ගියා. කොහොමෙන් කොහොම හරි පොදු අපේක්ෂකයා වුණේ මෛත්‍රීපාල මහත්තය..
    එදායින් පස්සෙ සන්ධානෙ එවුං මෛත්‍රීපාලට දාපු කැපිලි කොහොමද? පක්ෂෙනුත් නෙරපන්ඩ හැදුවෙ..
    මතකද බල්ටි දයා කියපුව, “හිටං හිටං අන්තිමට හිටං තමා අපිට ඉන්ඩ වෙන්නෙ..“

    ඊයෙ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ලංකාවට ආවම කොහොමද කට්ටියගෙ මූණූ ටික. ජනාධිපති ළඟින්ම හිටියෙ එස් බී.. දයාසිරිගෙ මූණ කොහොමද ? පැණි බේරෙනව..
    මම ඇමතිකං බලාපොරොත්තු වෙන්නෑ කියපු දයාසිරි, පස්සෙ කිව්ව “දන්නෙම නෑ මට ඇමති කමක් ලැබිල“ :lol:

    ඉස්සර එපා වුණු මෛත්‍රීපාලව, දැං කට්ටියට ඕන වෙලා තියෙන්නෙ තමන්ගෙ කරගන්ඩ..

    මේක අපේ ජීවිතවලටත් අදාලයි බොලව්.. උඹල වටේ යාලුවො ගොඩක් ඉන්නකොට හිතන්ඩ එපා, මට මෙයාල හරි ආදරෙයි කියල.. එයාල උඹ ගාව ඉන්නෙ උඹට තියෙනකං විතරයි.. උඹට බැරි වුණ දාට ඔය එක බල්ලෙක්වත් නෑ.. එහෙමයි මේ ලෝකෙ හැටි..
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඊයේ මට ඇස්බී වයි සිරිපාලවයි දකිද්දි දුකත් හිතුනා. නහින නැහිල්ලක් ලකුනු දාගන්න. උන් හිතන් ඉන්නේ මහින්ද වගේ වන්දිබට්ට කම් කලාම සිරත් ලකුනු දෙයි කියලා..
     
    • Like
    Reactions: AnuradhaRa

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය වගේම තම රනිලුත්. රනිල්ව පක්ශෙන් එලවන්න කොච්චර වලි කැවද? ඒත් මිනිහා නෙමෙයි සැලුනේ. සිරස 7 ප්‍රවෘතිවලින් විනාඩි 20ක්ම් කල්;ඒ රනිල්ගේ පලු ඇරපු එක. අද ස්වාදීන රූපවාහිනිය නැගලා යනවා සිරස වලට යනවා.. කාලේ හැටි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,081
    1
    43,492
    113
    ඊයේ මට ඇස්බී වයි සිරිපාලවයි දකිද්දි දුකත් හිතුනා. නහින නැහිල්ලක් ලකුනු දාගන්න. උන් හිතන් ඉන්නේ මහින්ද වගේ වන්දිබට්ට කම් කලාම සිරත් ලකුනු දෙයි කියලා..

    ඔය වගේම තම රනිලුත්. රනිල්ව පක්ශෙන් එලවන්න කොච්චර වලි කැවද? ඒත් මිනිහා නෙමෙයි සැලුනේ. සිරස 7 ප්‍රවෘතිවලින් විනාඩි 20ක්ම් කල්;ඒ රනිල්ගේ පලු ඇරපු එක. අද ස්වාදීන රූපවාහිනිය නැගලා යනවා සිරස වලට යනවා.. කාලේ හැටි..

    කතාව ඇත්ත මචං... :yes: