දුෂ්කර ගමක තිබ්බ චන්ද රැස්වීමකට අපේක්ෂකතුමා එනවා කියල තිබ්බේ හවස හයට විතරලු. කට්ටිය බලන් ඉන්නවලු හත වෙනකනුත් නැහැලු. අට, නවය පහු වුනාලු තවම පොර නැහැලු. සංවිධායක සෙට් එකටත් නොන්ඩිය. කට්ටිය බැන බැන ඉන්නකොට ඈතින් ටෝච් එළියක් පේනවලු. කාර් සද්දෙකුත් ඇහෙනවලු. ටිකක් වෙලා බලන කොට අපේක්ෂක තුමාගේ කාර් එකේ ලයිට් නැතුව ගිහින් ටෝච් එකක් එක අතකින් අරගෙන එක එළියෙන් කාර් එක ඩ්රයිව් කරන් අමාරුවෙන් හෙමින් හෙමින් එනවලු. ගමේ කට්ටියට හරි සතුටුයි ලු. ගම්මුන්ව බලන්න මෙච්චර කට්ටක් කාගෙන මන්ත්රී තුමා ආව එකට. මන්ත්රීතුමා ඇවිල්ල හොඳා කතාවක් එහෙම කරලා කට්ටිය එක්ක සතුටු සාමීචියේ දීල එහෙම යන්න ලැහැස්ති වුනාලු. කාර් එකට නැග්ගලු, එකපාර ස්ටාර්ට් කලාලු හෙඩ් ලයිට් දාගෙන පොඩි හෝන් පාරකුත් ගහල රුං ගලා ගියාලු.