ඊට පස්සේ මොකද කරන්නේ? (After A/L)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල :)

    ඒ කියන්නේ කැම්පස් ගිය කෙනෙකට යන කාලෙන්ම වැඩේ කරගන්න පුළුවන් කියන එකද ? කැම්පස් යන අය නං A/L කරලා අවුරුද්දක් ගෙදරත් ඉන්නවනේ. එතකොට ඔක්කොටම අවුරුදු 5 විතර යයි. මේකත් එක දිගට කලොත් අවම අවුරුදු 5න් කරගන්න පුලුවන්ද ?

    බෑ බන්.හැබැයි එහෙමයි කියලා අතාරින්න එපා.මාත් NVQ 5 මට්ටමේ ඉන්නේ.තාම අවුරුදු 4 යි ගෙවුනේ. ඒ අවුරුදු 4 දැනුනෙවත් නෑ.

    NVQ 4 මට්ටමේ පාඨමාලවක් අවුරුදු 1ක් විතර යනවා.ඒකේ රිසාල්ට් එන්න තව මාස 6ක් විතර යනවා.එතකොට NVQ 4 මට්ටමේ පාඨමාලාව පටන් ගත්ත දා ඉඳලා අවුරුදු දෙකක් විතර යනවා NVQ 5 මට්ටමේ එකක් පටන් ගන්න

    NVQ 5 මට්ටමේ එකකුත් අවුරුදු 2ක් විතර යනවා.රිසාල්ට් එන්න තව මාස 6යි. එතකොට NVQ 7 මට්ටමේ එකක් පටන් ගනිද්දී එතනදී තව අවුරුදු 3ක් ගිහිල්ලා.

    NVQ 7 මට්ටමේ පාඨමාලවත් අවුරුදු 02යි.
    ඔක්කෝම බැලුවාම අවුරුදු 07ක් විතර යනවා.හැබැයි කරගත්තොත් ගොඩම තමා.
     
    Last edited:

    යන කාලේ ගැන හිතන්න එපා මචං, කලාට පස්සේ ලැබෙන ප්‍රතිලාභයි ඒවා වලින් තමුන් කොච්චර ඉස්සරහට යනවාදැයි කියල හිතන්න. අවුරුදු 20 එකෙක් රස්සාවට ගියත් 55 වෙනකන් අවුරුදු 35ක් හම්බ කරන්න වෙනවා. හිතන්න තියෙන්නේ ඒ අවුරුදු 35න් අවුරුදු කියක් top management level එකේ ඉන්නවද නැත්නම් අවුරුදු 35ම කවුරු හරි එකෙක් කියන ඒවා අහගෙන එහෙයි සර් කියාගෙන දෙකට තුනට නැමිලා ඉන්නවද කියන එකයි.

    කලිනුත් කිව්වා වගේ ගතවෙන කාලය ඩිපෙන්ඩ් වෙනවා, එත් දැන් උබට 25ක් නම් උබට 35ට කලින් (පෙන්ෂන් යන්න අවුරුදු 20කට කලින්) අඩුමගානේ 6 වෙනි ලෙවල් එකට යනවා කියල ප්ලැන් කලොත් සමහර විට ඒ වෙද්දී 7වෙනි එකට යන්නත් පුළුවන්, උබ උබේ ෆීල්ඩ් එකේ වැඩ්ඩෙක් නම් ලොවෙත් MBA/MSc (8වෙනි) ලෙවල් එකට උනත් ගියහැකි.

    ජය වේවා!
     
    Last edited:
    මල්ලියෝ හිත ඇත්නම් පත කුඩා නැත...කාලය ගැන නොහිත සුදුසු තැනකින් දැන්ම පටන් ගන්න...පටන් අරන් කරන දේ උපරිමයෙන් කරන්න..Jack මල්ලිගේ post එක ඉතාමත් වටිනවා අපේ පොඩි නංගිලා මල්ලිලාට...

    උදාහරණයක් විදියට A/L කරලා Open University ගිහින් අවුරුදු 10-12ක් ඇතුලත ලංකාවේදීම 10 වෙනි මට්ටම සම්පුර්ණ කරපු කෙනෙක්ගේ පෞද්ගලික අත්දැකීමකින් මේ කියන්නේ...අනාගතේ ගැන පේන බලන්න එපා...කාලය ගැන හිතන්න එපා...ක්‍රියාත්මක වෙන්න...

    නියමයි :yes::yes::yes::yes:
     
    good post. +7
    ඕවා අපිට කියන්න එකෙක් හිටියේ නැහැ බන්. කිව්වත් ගණන් ගත්තේ නැහැ වැඩිය.
    දැන් කෙලවෙලා ඉන්නේ උපරිමේටම :(
    අවුරුදු 20 විතර වෙන්න කලින් හොදට මහන්සි වෙලා හොද ජොබක් කරන්න සුදුසුකමක් හදා ගනින්ලා බන්. ඕකෙන් තමයි ජිවිතේ ගොඩක් දේවල් තීරණය වෙන්නේ.
    පහුවෙනවා කියන්නේ කෙල උනාම තමයි. :dull:

    මටත් A/L කලාම මේ දේවල් ගැන දැනගන්න උවමනාව තිබ්බට දැනගන්න කෙනෙක්/ විදිහක් තිබ්බේ නැහැ, මේ ත්‍රෙඩ් එක දම්මේම මම වගේ තව ඉන්න එවුන්ට උදව්වක් විදිහට, උන්ගේ ජිවිත දැන්ම ඉදන්ම ප්ලැන් කරලා මගේ වයස එන්න කලින් මට වඩා ඉස්සරහ තැනකට යන්න පුළුවන් වෙයිනෙ කියල හිතාගෙන, එත් කීදෙනෙක් වැඩක් ගත්තද නම් දන්නේ නැහැ.

    කවදාවත් ඉගෙනගන්න දේවල් වලට පරක්කු නැහැ අයියේ. මොකක්ද අවුල?
     
    බෑ බන්.හැබැයි එහෙමයි කියලා අතාරින්න එපා.මාත් NVQ 5 මට්ටමේ ඉන්නේ.තාම අවුරුදු 4 යි ගෙවුනේ. ඒ අවුරුදු 4 දැනුනෙවත් නෑ.

    NVQ 4 මට්ටමේ පාඨමාලවක් අවුරුදු 1ක් විතර යනවා.ඒකේ රිසාල්ට් එන්න තව මාස 6ක් විතර යනවා.එතකොට NVQ 4 මට්ටමේ පාඨමාලාව පටන් ගත්ත දා ඉඳලා අවුරුදු දෙකක් විතර යනවා NVQ 5 මට්ටමේ එකක් පටන් ගන්න

    NVQ 5 මට්ටමේ එකකුත් අවුරුදු 2ක් විතර යනවා.රිසාල්ට් එන්න තව මාස 6යි. එතකොට NVQ 7 මට්ටමේ එකක් පටන් ගනිද්දී එතනදී තව අවුරුදු 3ක් ගිහිල්ලා.

    NVQ 7 මට්ටමේ පාඨමාලවත් අවුරුදු 02යි.
    ඔක්කෝම බැලුවාම අවුරුදු 07ක් විතර යනවා.හැබැයි කරගත්තොත් ගොඩම තමා.

    එල මචං, පට්ට.
    මොකක්ද ෆීල්ඩ් එක?
    කොහොම හරි ඩිග්රිය ගොඩ දාගෙන ඉක්මනටම එතනින් එහා දෙයකුත් කරපන් මචං.
    ජය වේවා!
     
    machan kadda awlk na kiyamuko eth job walata giyama english sambanda certificate balanawada?

    මම දැන් කරන්නේ දෙවැනි ජොබ , දෙකේම මාව ගත්තේ සහතික චෙක් කරලා නෙමෙයි. අඩුමගානේ ඉන්ටවිව් එකේදී වත් ඉල්ලුවේ නැහැ සහතික. ගියාට පස්සේ එකක සහතික වගයක ෆොටෝකොපි ඉල්ලුව පර්සනල් ෆයිල් එකට දාන්න, එච්චරයි. කොළ කෑලි වැඩක් නැහැ මචං, කඩ්ඩ හොදට පොලිෂ් නම් එච්චරයි. (සමහර ඉන්ටර්විව්ස් වලදී සහතික චෙක් කළා, එත් එකක දෙකක වගේ)
    හැබැයි මචං මට කඩ්ඩ පොලිෂ් එකටම බැහැ, සිංහල එවුන් එක්ක (එකට ඉන්න එවුන්) කොටන්නත් බැහැ, දිව පැටලෙනවා, වචන හිර වෙනවා වගේ :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    කෑප්ටන් Jack Sparrow;19534077 said:

    කවදාවත් ඉගෙනගන්න දේවල් වලට පරක්කු නැහැ අයියේ. මොකක්ද අවුල?
    ග්‍රැෆික් ෆීල්ඩ් එකේ කොස් තුනක් විතර කරා ඩිප්ලෝමා එකක් එක්ක. තුනම හරියට ඉවර කරේ නැහැ. :baffled: (මාව හදන්න බැහැ බන් :(.). අනික ආසාවට කරාට ඒවාට ගොඩක් පඩි නැහැ බන් සොච්චමයි... (තියෙන හිනත් ගොඩක් ලොකුයිනේ :rofl:) දැන් මක් කරන්නද වෙන දෙයක් ඔය තරම්වත් දන්නෙත් නැහැ බන්. බැදගත්තු බෙරේ ගහනවා ජිවිත කාලෙම. :oo:

    එත්... තාමත් හින අත ඇරලා නැහැ. අනිවා දවසක ගොඩ යනවා. :yes:

    කොල්ලනේ, (කිරියේ වැඩි හරියක් ඉන්නේ කොල්ලෝ නිසා) උබල දැන් කට්ට කන්නේ නැතුව මදේ රස හොයන්න ගියොත් උබලට මදේ රස යන්තම් බලල මැරෙනකනම කටටම තමයි කන්න වෙන්නේ. එක නිසා දැන් පුළුවන් තරම් කට්ට කාලා (වැඩිය ඕනේ නැහැ අවුරුදු 5ක්) ඉදපල්ලා. ඊට පස්සේ ඉතින් මැරෙනකනම උබලට මදේ කන්න පුළුවන්. :yes:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    කෑප්ටන් Jack Sparrow;19534231 said:
    මම දැන් කරන්නේ දෙවැනි ජොබ , දෙකේම මාව ගත්තේ සහතික චෙක් කරලා නෙමෙයි. අඩුමගානේ ඉන්ටවිව් එකේදී වත් ඉල්ලුවේ නැහැ සහතික. ගියාට පස්සේ එකක සහතික වගයක ෆොටෝකොපි ඉල්ලුව පර්සනල් ෆයිල් එකට දාන්න, එච්චරයි. කොළ කෑලි වැඩක් නැහැ මචං, කඩ්ඩ හොදට පොලිෂ් නම් එච්චරයි. (සමහර ඉන්ටර්විව්ස් වලදී සහතික චෙක් කළා, එත් එකක දෙකක වගේ)
    හැබැයි මචං මට කඩ්ඩ පොලිෂ් එකටම බැහැ, සිංහල එවුන් එක්ක (එකට ඉන්න එවුන්) කොටන්නත් බැහැ, දිව පැටලෙනවා, වචන හිර වෙනවා වගේ :lol:

    :):)
    a/l karala inne ayye..uni enakan mokak hari karanna baluwe nikan inna eka aparade nisa.english diploma eka thiyenawa 1year course eka eth job walata giyama kadda puluwan kiyala pennanna eka wadagath naththam wena deyak karana eka hodai neda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෑප්ටන් Jack Sparrow;19534102 said:
    එල මචං, පට්ට.
    මොකක්ද ෆීල්ඩ් එක?
    කොහොම හරි ඩිග්රිය ගොඩ දාගෙන ඉක්මනටම එතනින් එහා දෙයකුත් කරපන් මචං.
    ජය වේවා!

    මම සිවිල් බන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අයියලා ,
    මං මේ පාර A/L කරේ arts වලින්.. යන්තං පාස් ..
    arts කරපු නිසා ගෙදරින් කියනවා කැම්පස් යන්න බලාගෙනම 2nd shy කරත් කාලය අපරාදේ arts නිසා කියල.
    ඉතින් දැන් මට හිතෙනවා ජොබක් කරන ගමන් open uni එකේ හෝ වෙන කැම්පස් එකක external degree එකක් කරන්න..
    මේ ක්‍රමේ හොඳයි ද ? එහෙමත් නැත්තන් මේක හැරෙන්න වෙන විකල්ප මොනා හරි තියෙනවද ?
    ඔයාලගේ අදහස මොකක්ද ? :)
     
    :):)
    a/l karala inne ayye..uni enakan mokak hari karanna baluwe nikan inna eka aparade nisa.english diploma eka thiyenawa 1year course eka eth job walata giyama kadda puluwan kiyala pennanna eka wadagath naththam wena deyak karana eka hodai neda?

    මොනවයින්ද මල්ලි A/L කලේ?
    කොහොමද ?
    අනිවා නිකන් ඉන්න එකේ කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා මල්ලි. අනිවා කරන්න, grammar වගේම spokan පැත්තත් පුළුවන් උපරිමටම ගොඩ දා ගන්න මල්ලි, ඔය ගෙදරට වෙලා ඉන්න මාස ටික හොදටම ඇති එක ගොඩ දා ගන්න. පුළුවන් තරම් ඉංග්‍රීසි ෆිල්ම් බලන්න, හැබැයි සිංහල සබ් දාන්න නම් එපා, අනිවා ඉංග්‍රීසි සබ් දාගෙන බලන්න, පුළුවන් තරම් කතාව, දෙබස් තේරුම් ගන්න උත්සහ කරන්න. (මමත් කළා, දැනුත් කරනවා)
    ඉංග්‍රීසි කොස් කරනවා කියල ලක්ෂ ගණන් වියදම් කරන එකට මම එකග වෙන්නේ නැහැ, මොකද රුපියල් ලක්ෂයක් විතර වියදම් කරන්න පුළුවන් නම් තව යාලුවෙක් එක්ක හරි වෙන රටකට (ඉංග්‍රීසි කතා කරන රටක්) යන්න පුළුවන් මාස දෙක තුනකට.
    ජයෙන් ජය!
     
    අයියලා ,
    මං මේ පාර A/L කරේ arts වලින්.. යන්තං පාස් ..
    arts කරපු නිසා ගෙදරින් කියනවා කැම්පස් යන්න බලාගෙනම 2nd shy කරත් කාලය අපරාදේ arts නිසා කියල.
    ඉතින් දැන් මට හිතෙනවා ජොබක් කරන ගමන් open uni එකේ හෝ වෙන කැම්පස් එකක external degree එකක් කරන්න..
    මේ ක්‍රමේ හොඳයි ද ? එහෙමත් නැත්තන් මේක හැරෙන්න වෙන විකල්ප මොනා හරි තියෙනවද ?
    ඔයාලගේ අදහස මොකක්ද ? :)

    ඔයා ආස ලොකු උනාම කවුරු වෙන්නද?
    ඔන්න ඔය ප්‍රශ්නෙ A/L කරන්න පටන් ගත්තම ඇහුව නම් මොකක්ක්ද දෙන උත්තරේ?
    මෙහෙමයි මල්ලි, ආර්ට්ස් කලත් ඉහලට යන්න පාර හදා ගන්න දන්න එකා උගේම බැච් එකේ ඉන්ජිනිරින් කරපු එකාට වඩා හැම අතින්ම ඉස්සරහට යන්න පුළුවන්, බැරි කමක් නැහැ. එකේ තීරණය හැබැයි ඔයාගේ අතේ මල්ලි.

    දැන් ජොබක් කලොත්, ඔයාට අවුරුදු 25 වෙද්දී (දැන් 19යි කියල හිතල) ඩිග්රියක් කරගන්න පුළුවන් ජොබක් කරන ගමන්. එතකොට හොද තැනක ජොබක් කලොත්, අනාගතේ යන්න ඉන්න පැත්ත හරියටම හිතල, 25 වෙද්දී සාමාන්‍ය විධායක ශ්‍රේණියේ (Executive level) අවුරුදු 2ක, තුනක අත්දැකීම් සෙට් වෙයි. හැබැයි කොහොමහරි මම කලින් කිව්ව 7, 8 වගේ තැනකට ආවොත් 30 වෙද්දී රජයේ කැම්පස් එකෙන් එලියට එන කෙනෙක් ඉන්න නිලයකටම වගේ එන්න පුළුවන්, හැබැයි සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. (මම කාවවත් පහතට දාන්නේ නැහැ, මමත් රජයේ කැම්පස් එකකට ගිය එකෙක්) මම එහෙම කිව්වේ අද කාලේ ගොඩක් අත්දැකීම් හොයන නිසා.
    ආර්ට් කරලා කැම්පස් ගිහින්, එතනින් හොද සබ්ජෙක්ට් පාත් එකක් සෙට් කරගෙන ඉස්සරහට ගියොත් හොද තැනකට එන්න පුළුවන්.

    දැන් මල්ලි අහපු දේට නම් මට මේ දේ කරන්න කියල කියන්න අමාරුයි, මොකද මේ වගේ අනාගතෙටම බලපාන තීරණ ගන්න ඕනේ තමන් මයි. මොකද තමුන් තමයි තමුන් ගැන හරියටම දන්නේ. අනිත් අය කියන හැමදේම එහෙමයි කියල අහල කරන්න එපා මල්ලි. එහෙම වෙලා වැරදුනොත් අන්තිමට ජිවිත කාලෙම ඒ උපදෙස් දුන්න කෙනාට බැන බැන ඉන්න තමයි වෙන්නේ. (අත්දැකීමෙන් කියන්නේ මල්ලි, මම නම් කාටවත් බනින්නේ නැහැ). මම උඩින් කිව්වේ කරන්න පුළුවන් දේවල් මිසක් අනාගතේ වෙන්න තියෙන දේවල් නෙමෙයි මල්ලි. තීරණය ඔයාගේ අතේ.

    ජයෙන් ජය!