සුදුසු ශ්‍රමිකයන් නොමැති හේතුව නිසා මෙම ගිවිසුම අත්සන් කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීම වැනි ක්‍රියාවක් වේ. දේශීය ශ්‍රමය කෙරෙහි විශ්වාසය නොතැබීමෙන් සිදුවන්නේ පවතින වාතාවරණයට වඩා බෙහෙවින් ව්‍යාකූල තත්වයකි. එනම් තවදුරටත් ආනයනික ශ්‍රමය කෙරෙහි නැඹුරුවීම නිසා රැකියාවට සුදුසු ශ්‍රමිකයන්හට පවා රැකියාවක් සොයා ගැනීම අසීරු වනු ඇත. රැකියාවක් ලබාගත්තත් ලැබෙන සොච්චම් වැටුපෙන් තමාගේ මුලික වියදම් පවා දැරීම පහසු නොවනු ඇත. පව්ලේ වගකීමක් දැරීම, සහෝදර සහෝදරියන්හට අද්යාපනය ලබාදීම, හෝ අඩුම තරමේ තමන්ගේ මතු ප්‍රයෝජනය සඳහා ප්‍රයෝජනවත් පාඨමාලාවක් හෝ හැදෑරීම සිදුකල නොහැකි වනු ඇත. බහුතරයක් ශ්‍රමිකයන් හට fun ගැනීමට තරම් මුදලක් දැනටත් හිමි නොවේ, ලැබෙන වැටුපෙන් රෝගී දෙමව්පියන් බලාගැනීම, boarding ගාස්තු ගෙවමින් තුන්වේලම කඩෙන් කමින් සිටීම, රැකියාව කරන ගමන් ඉගෙන ගැනීම, නංගිලා මල්ලිලාට උගැන්වීම යන දේවල් කිහිපයක් හෝ අඩුම තරමේ එකක්වත් කරන ශ්‍රමිකයන් වර්තමානයේ සිටිති. ඔය මොනවත් බරක් නැතිව අතේ තියෙන දේ වියදම් කර ආතල් ගන්න එකෙක් සිටින්නේ අතිශයින්ම කලාතුරකිනි. මෙවන් තත්වයක් දැනටමත් තිබෙන විට, ලැබෙන වැටුපත් අඩු වුවහොත් ලැබෙන ප්‍රතිපලය සුබ නොවනු ඇත.
මෙම ගිවිසුම නිසා අපේ රටේ රැකියා වියුක්තිය සීග්‍ර ලෙස ඉහල යනු ඇත. අපේක්ෂා බංගත්වය තවත් කැරැල්ලකට තවත් ලේ ගංගාවකට මග පාදනු නිසැකය. රැකියා ලබාදෙන බව පවසමින් බලයට ආ රජයක් තියෙන රැකියා ටිකටද වින කැටීම තේරුම් ගත නොහැක. රැකියා වියුක්තිය ඉහල යාම, මීලග මැතිවරයකින් බලයට එම පවත්නා රජයට සිහිනයක් වනු ඇත. තත්වය මෙසේ තිබියදීත් මම ගිවිසුම අත්සන් කිරීමට පෙළඹීම දැඩි බලපෑම හෝ තර්ජනය කිරීම් හෝ තේරුම් ගත නොහැකි වෙනත් කුමන හෝ හේතුවක් නිසා මිස කැමැත්තෙන්, පවත්නා තත්වය මැනැවින් අධ්‍යනය කිරීමෙන් එලඹුණු ගිවිසුමක් නොවන බව පැහැදිලිය.
රටක්, තවත් රටක් සමග ගනුදෙනු කිරීම, රටේ විදේශ ප්‍රතිපත්තිය අනුව කටයුතු සිදු කිරීම සඳහා රටේ දක්ෂ විදේශ සේවා නිලදාරීන් පිරිසක් සිටිය යුතුය. කුමන හෝ අනර්තකාරී දෙයක් වෙනත් රටකින් අප රටට සිදු නොවන ලෙසට ඔවුන් වගබලා ගත යුතුය. පෙනෙන විදිහට අටපාස් නැති දේශපාලන ක්‍රියාකාරකම් විදේශ සේවයට කෙලවා ඇත. දක්ෂයන් වෙනුවට පතෝල කරල් වැනි පුද්ගලයන් එම පුටුවල ඉන්නවා විය යුතුය. මනාලෙස සැලසුම් කරන ලද, master mind ගේම් දෙන්න සැරසුණු රටවල් ඕනෑතරම් අප ගිලගන්න බලාසිටී. මේවා තේරුම් ගත හැකි, මේවාට හසු නොවන නිලදාරීන් හෝ දේශපාලකයන් අප රටේ නොමැත. CEPA/ETCA නොව වෙනත් ඕනෑම ගිවිසුමක් මගින් ඕනෑම හාල්පාරු රටකට අපිව ඇන්දීම ලෙහෙසිය. රටේ සේසතම සින්නකරව ලියලා දුන්නත් පුදුම විය යුතු නොවේ.