ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සේවා අංශය විවර්ත කිරීම සියදිවි හානි කර ගැනීමක් ,
    අපේ රටේ බලාගෙන ඉද්දි විරැකියාව වැඩිවෙයි ,ඉන්දියාව තාම බාෂා හා සමාජ රටා තුලින් ගිවිසුම් ගත වෙන්න අපාහසුයි ,එක චිනේ එක්ක ගත්තාත් එහෙමයි ,මෙනිසා අපේ වියාපරිකයෙකුට ඉන්දියාවේ ගිහින් වියාපාර කරන එක අමාරුයි ,මතක හැටියට 50 % ලාබය විතරයි පිටට ගන්න පුළුවන් ,මේ වගේ ප්‍රබල නිති රට ඇතුලේ තියෙනවා ,අති සාරේට අබුඩේ ගැසීම නෙමෙයි විසදුම
     
    Last edited:

    waligamaya

    Well-known member
  • හරියටම හරි. අපේ ගොඩක් ආකල්පමය වෙනසක් වෙන්න ඕන.

    මේකට හේතුව තමයි බ්‍රිතාන්‍ය කලේ ඉදන් අපේ සමාජයේ පවතින ආකල්ප රස්සාවක් ගැන. හොද රස්සාවක් කියන්නේ ඇග හොලවන්නතිව ac කාමරයකට වෙලා ලක්ෂගණක පඩියක් ගන්න කියන එක තමයි ගොඩක් දෙන හිතන්නේ. ඉස්සර බ්‍රිතාන්‍ය ක්‍රමය අනුව උසස් රැකියා පහත් රැකියා කියල රැකියා බෙදල තියෙනවා. සමාජයේ පිළිගනිම තීරනය වෙන්නේ එක මත.




    :yes::yes::yes:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0


    Just reading & Noted :confused::confused::confused::confused::confused:

    එපමණක් නොව තම බිරින්දෑවරුන් වෙනත් පිරිමින් සමග “බුදියා ගැනීමේ භිතිකාව“ නිසා රැකියාවෙන් ඉවත්වන ලෙස බල කරන පිරිමින් හට දඩුවම් කල යුතු බව ද මම සිතමි.
     
    Last edited:

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    machan yamak kiyanna kamathi, indian un godak hora degree karayo godak technical certificat horata gahana ewa thiyenne , wadak karanna giyahama thama therenne mun kochchara mottayoda kiyala, eheu un lankawata awahama mokada wenne kiyala amuthuwen kiyanna ona ka ne....

    dam math ekka araganna enna epa , mama kiyanne ratawal kihipayaka wada karala experience eken.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    machan yamak kiyanna kamathi, indian un godak hora degree karayo godak technical certificat horata gahana ewa thiyenne , wadak karanna giyahama thama therenne mun kochchara mottayoda kiyala, eheu un lankawata awahama mokada wenne kiyala amuthuwen kiyanna ona ka ne....

    dam math ekka araganna enna epa , mama kiyanne ratawal kihipayaka wada karala experience eken.

    Mama indian ewun ekka weda karala na.

    Ath indian MBA ekak gaththu ekek ekka nam weda kala,

    Uta degreeyak na. Ath indian MBA ekak thiyenawa. AL knowledge ekawath na.

    Ath ithin Kelam kiyanna hodata puluwan.

    Uge MBA knowledge eken indian karayo gena hithaganna hodata puluwan.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ශ්‍රමිකයන් ද ආකල්ප අතින් වෙනස් විය යුතු බව

    මුලික වශෙයෙන් ආකල්පමය වෙනසක් ඇතිකිරීම කල යුත්තක් මෙන්ම, එසේ නොකළහොත් ආර්ථිකමය දියුණුව කරා ලගාවීම සුන්දර වූ සිහිනයක්ම පමණක් වනු ඇත.

    මෙම ආකල්පමය වෙනස ඇතිකලයුත්තේ සේවකයාගේම පමණක් නොව, සේවා යෝජකයාගේද ආකල්ප වෙනස්කල යුතුයැයි මා විශ්වාස කරමි.

    විවිධ රටවල සේවය කර පැමිණි කෙනෙකුට ලංකාවේ සේවය කිරීම ඉතාමත් අපහසු වන්නේ මෙම කරණය නිසා බව අත්දැකීමෙන්ම මා අත්විද ඇත. සේවකයින් ඉතා සතුටින් සේවය කරන අතලොස්සක් වූ ආයතන අපරටේ ඇත. ඔවුන්ද හිමිකම් කියන්නේ සාමාන්‍ය වැටුප් ක්‍රමයකටය. නමුත් තම රැකියාවට අලුම්කරන්නට විශේෂ හේතූන් ඔවුනට තම සේව්‍යයා විසින් සපයා ඇත.

    මෙම ආකල්පමය වියවුලේ ප්‍රධානතම හේතුව ලෙස මා දකින්නේ "සේව්‍යයා - ඔහුගේ සේවකයින් වහලුන් හෝ තමන් මත යැපෙන්නන් හෝ තමාසන්තක භාණ්ඩයක් ලෙස කටයුතු කිරීම" සහ "සේවකයා - තමන් සැමවිටම පරිපුර්ණ බවසිතමින්, තමන් සමාන ඉහලවැටුප් ලාභී වුර්තිකයින් සමග සංසන්දනාත්මකව සෘණ කෝණයකින් සැමවිට තම සේව්‍යයා දැකීමයි"

    මීට අමතරව මා දකින විශේෂ හේතුවක් වන්නේ "ඉහල වැටුප් ලබන්නා", "ඉහල තනතුරු දරන්නා", "පහල මට්ටමේ සේවකයා", "අඩු වැටුප් ලබන්නෝ" යන සතර නිර්මාණය නිසා පොදු අන්තර් සම්බන්දතා බිදවැටී නැවතත් කල්ලි නිර්මාණය වීමයි.

    කටවහරෙන් කිව්වොත් "තමන්ගේ පට්ටම ගෙදර ගෙනිනවා" වැනි තත්වයක්.


    නමුත් සීපා ගිවිසුම මෙමගින් සාධාරණිකරණය වෙන්නේ නැත. ඉන්දියානු ශ්‍රමිකයින් ඕනෑම අවස්ථාවක දෙනදෙයක් කා වෙනදෙයක් බලාසිට ඉතා අඩු වැටුපකට ඕනෑම වැඩක් කරදෙන්න සුදානම් බව ඕනෑම රටක් දන්නා කරුණකි. එමගින් ලංකාවේ ආර්ථිකයට වාසියක් කෙසේවෙතත් විරැකියාව ඉහළයනු ඇත. නමුත් ලෝකයේ මිනිස් ශ්‍රමය පිටතින් ගන්නා රටවල් ලංකාවේ ශ්‍රමිකයින්ට ආයතනවල ඉල්ලුමක්ඇත්තේ ඔවුන්ගේ හැකියාව නිසා මිස ඉන්දියාවේ ශ්‍රමිකයින් නැතිනිසා නොවෙයි.. එමෙන්ම අන්රටවල් විදෙස් ශ්‍රමකයින් හට අවස්තාව දෙන්නේ තම රටේ ශ්‍රමික අවශ්‍යතා සැපයීමෙන් අනතුරුව ඇති පුරප්පාඩු සපුරාලීමටය.

    මා දකින හැටියටනම් පහලවූ ඒකදු රජයක්වත් සේවා සැපයීම් අංශයට අවශ්‍ය වටපිටාව සකස්කර නැති අතර ක්ෂණික විසදුම් මත යැපෙන බවකි.
     
    Last edited:

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    81fcc39d251dda94a7f0de15646adbc1



    Unemployment, insecurities of private job and migration hassles are some of the issues that are making professional degree holders to take up a sweeper's job.

    Around 17,000 youth have applied for 114 posts of sweepers in Uttar Pradesh’s Amroha district. While there is no educational qualifications required for the posts, surprisingly MBAs, B Techs, BSc are ready to work as a sweeper at a salary of Rs 17,000 per month.

    The Uttar Pradesh government has put the selection process on hold after sweeper’s organisation demanded that “safai karmachari” post be reserved only for the Valmiki community.

    A similar case has happened recently in the Bhatinda district where 8,500 applications were received for 19 posts of class IV. The applicants were MBA, MCA degree holder.


    https://in.news.yahoo.com/17000-mbas-b-techs-apply-114900213.html
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    එළකිරියෙහි පරිගනක සේවා සපයන චිර ප්‍රකට සහෝදයෙක්

    බඩා මාම ද ? :shocked::shocked:
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    නියම ලිපිය සහෝ ඒ උනාට මේකේ අනික් පැත්තකුත් තියනවා කෙනෙක් Design දන්නවා නම් විතරක් නම් අවුලක් නෑ ඌ Develop එහෙම කරනවා නම් අර පඩියටම ඌ ඒවත් කරන්න ඕන එහෙම හරියන් නෑ නේද ? ගොඩක් තැන් වල මම නම් ඔය අත්දැකීම ලබලා තියනවා ඒ නිසා අයී ටී වලදී නම් වෙන දේවල් දැනගෙන හිට්යට වැඩක් නෑ එකම පඩියට සියලුම දේ කරන්න ඕන එහෙමයි සීන් එක අනික 9 සිට 6 එහෙමත් ඉවර උනේ නැත්නම් 9 සිට 9 පැය 12ක් පඩිය එකයි කිසි වෙනසක් නෑ ඔන්න තත්වේ :(:(
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සේවායෝජකයන් මුහුණ දෙන ශ්‍රමික ගැටලුවට සීපා පිලියමක් කියල සාධාරණිකරණය කරන්න පුලුවන්ද?. රටේ ශ්‍රමිකයන් පිළිබද ලොකු ගැටලුවක් තියෙනවනම් මේ වගේ පාවාදීමක් නොකර පිලියම් සෙවීම රජයක වගකීමක් නොවේද?
    අන්න ඒක තමා මටත් මෙතනදි උද්වරණය කරන්න ඕන කාරණය.අපේ රටේ ප්‍රශ්න වලට විසදුම් දීල අසාර්ථක නම් තමා මේ වගේ ශ්‍රමය ආනයනය කිරීමකට යන්න ඕන....
    Just reading & Noted :confused::confused::confused::confused::confused:

    එපමණක් නොව තම බිරින්දෑවරුන් වෙනත් පිරිමින් සමග “බුදියා ගැනීමේ භිතිකාව“ නිසා රැකියාවෙන් ඉවත්වන ලෙස බල කරන පිරිමින් හට දඩුවම් කල යුතු බව ද මම සිතමි.
    :lol::lol::lol:
    ඇය සේවයෙන් ඉවත් වූයේ කලින් සේවය කල ස්ථානයට වඩැ දෙගුණයකටත් වැඩි වැටුපක් සදහා ඇයට රැකියා යෝජනාවක් පැමිණ එම රැකියාව භාර ගැනීම සදහාය. එය ද දේශිය ප්‍රමුඛ නිෂ්පාදන ආයතනයක ය.

    මම මාගේ පියඹ රැකියාවක් නොකිරීම ගැන දැඩි ලෙස විරුද්ධවන්නෙක් මි. අලෙවිකරණය පිළිබද ව පන්ති මාට්ටමේ සාමාර්ථ උපාධියක් සහිතව, අළුතින් පටන් ගැණුනු භාණ්ඩයක් ලංකාවේ අංක දෙක මට්ටමේ සන්නම් නාමය ලෙස දියුණු කිරීම සම්බන්ධව වසර 10ක අත්දැකීම් සහිත ඇය ගෙදර නැවතුන හොත් ඇය ගේ විවාහයට එය තදින් බලපානු ඇත.
    ඇය මගේ රටේ මිනිසුන් ගේ මුදල් වියදම් කරමින් උසස් අධ්‍යාපනය ලැබුවා නම්, ඇය ඒ දැණුමින් මේ රටට සේවය කළ යුතුය.

    ඔබ ගැන කණගාටු සිතුණි!!!!:lol::lol:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    සුදුසු ශ්‍රමිකයන් නොමැති හේතුව නිසා මෙම ගිවිසුම අත්සන් කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීම වැනි ක්‍රියාවක් වේ. දේශීය ශ්‍රමය කෙරෙහි විශ්වාසය නොතැබීමෙන් සිදුවන්නේ පවතින වාතාවරණයට වඩා බෙහෙවින් ව්‍යාකූල තත්වයකි. එනම් තවදුරටත් ආනයනික ශ්‍රමය කෙරෙහි නැඹුරුවීම නිසා රැකියාවට සුදුසු ශ්‍රමිකයන්හට පවා රැකියාවක් සොයා ගැනීම අසීරු වනු ඇත. රැකියාවක් ලබාගත්තත් ලැබෙන සොච්චම් වැටුපෙන් තමාගේ මුලික වියදම් පවා දැරීම පහසු නොවනු ඇත. පව්ලේ වගකීමක් දැරීම, සහෝදර සහෝදරියන්හට අද්‍යාපනය ලබාදීම, හෝ අඩුම තරමේ තමන්ගේ මතු ප්‍රයෝජනය සඳහා ප්‍රයෝජනවත් පාඨමාලාවක් හෝ හැදෑරීම සිදුකල නොහැකි වනු ඇත. බහුතරයක් ශ්‍රමිකයන් හට fun ගැනීමට තරම් මුදලක් දැනටත් හිමි නොවේ, ලැබෙන වැටුපෙන් රෝගී දෙමව්පියන් බලාගැනීම, boarding ගාස්තු ගෙවමින් තුන්වේලම කඩෙන් කමින් සිටීම, රැකියාව කරන ගමන් ඉගෙන ගැනීම, නංගිලා මල්ලිලාට උගැන්වීම යන දේවල් කිහිපයක් හෝ අඩුම තරමේ එකක්වත් කරන ශ්‍රමිකයන් වර්තමානයේ සිටිති. ඔය මොනවත් බරක් නැතිව අතේ තියෙන දේ වියදම් කර ආතල් ගන්න එකෙක් සිටින්නේ අතිශයින්ම කලාතුරකිනි. මෙවන් තත්වයක් දැනටමත් තිබෙන විට, ලැබෙන වැටුපත් අඩු වුවහොත් ලැබෙන ප්‍රතිපලය සුබ නොවනු ඇත.

    මෙම ගිවිසුම නිසා අපේ රටේ රැකියා වියුක්තිය සීග්‍ර ලෙස ඉහල යනු ඇත. අපේක්ෂා බංගත්වය තවත් කැරැල්ලකට තවත් ලේ ගංගාවකට මග පාදනු නිසැකය. රැකියා ලබාදෙන බව පවසමින් බලයට ආ රජයක් තියෙන රැකියා ටිකටද වින කැටීම තේරුම් ගත නොහැක. රැකියා වියුක්තිය ඉහල යාම, මීලග මැතිවරයකින් බලයට එම පවත්නා රජයට සිහිනයක් වනු ඇත. තත්වය මෙසේ තිබියදීත් මම ගිවිසුම අත්සන් කිරීමට පෙළඹීම දැඩි බලපෑම හෝ තර්ජනය කිරීම් හෝ තේරුම් ගත නොහැකි වෙනත් කුමන හෝ හේතුවක් නිසා මිස කැමැත්තෙන්, පවත්නා තත්වය මැනැවින් අධ්‍යනය කිරීමෙන් එලඹුණු ගිවිසුමක් නොවන බව පැහැදිලිය.

    රටක්, තවත් රටක් සමග ගනුදෙනු කිරීම, රටේ විදේශ ප්‍රතිපත්තිය අනුව කටයුතු සිදු කිරීම සඳහා රටේ දක්ෂ විදේශ සේවා නිලදාරීන් පිරිසක් සිටිය යුතුය. කුමන හෝ අනර්තකාරී දෙයක් වෙනත් රටකින් අප රටට සිදු නොවන ලෙසට ඔවුන් වගබලා ගත යුතුය. පෙනෙන විදිහට අටපාස් නැති දේශපාලන ක්‍රියාකාරකම් විදේශ සේවයට කෙලවා ඇත. දක්ෂයන් වෙනුවට පතෝල කරල් වැනි පුද්ගලයන් එම පුටුවල ඉන්නවා විය යුතුය. මනාලෙස සැලසුම් කරන ලද, master mind ගේම් දෙන්න සැරසුණු රටවල් ඕනෑතරම් අප ගිලගන්න බලාසිටී. මේවා තේරුම් ගත හැකි, මේවාට හසු නොවන නිලදාරීන් හෝ දේශපාලකයන් අප රටේ නොමැත. CEPA/ETCA නොව වෙනත් ඕනෑම ගිවිසුමක් මගින් ඕනෑම හාල්පාරු රටකට අපිව ඇන්දීම ලෙහෙසිය. රටේ සේසතම සින්නකරව ලියලා දුන්නත් පුදුම විය යුතු නොවේ.
     
    Last edited:

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28


    මේ ලිපි ගෙඩිය පිටින්ම උස්සල රට කරවන ඇත්තන්ගේ ෆේස්බුක් පේජ් වල අතාරිමුද? :confused:

    දාපන් බන් අයේ අහන්න දෙයක් නෑ :):)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සහතික ඇත්ත
    මෙන්න මෙහෙම තමයි ඔය දැං ඔය කවුරුත් දගලන IT ෆීල්ඩ් එකේ තත්වෙ, මම වැඩ කරන තැනට ඩිවලොපර්ලා 2ක් ගන්න ඉන්ටවිව් කරා. අපි හොයන ස්කිල්/දැනුම තියන එවුන් එකෙක් වත් නැහැ. හැබැයි එහෙම වෙලත් ඉල්ලන්නේ පට්ට සැලරි. ගොඩක් එවුන්ගෙන් කරන්ට් සැලරි එක ඇහුවම කියන්නෙ ඇත්ත ගාන වගේ 1.5ක් විතර එහෙම කරලා ඇත්ත කරන්ට් සැලරි එක වගේ 2ක් විතර ඉල්ලනවා. සාමාන්‍යෙන් ඔහොම වෙන කම්පැනි වල සැලරි විස්තර හොයන්නේ නැහැ මට අහම්බෙන් අවස්තාවල් හම්බෙලා දෙන්නෙක්ගෙ විතර සැලරි විස්තර දැනගන්න ලැබුනා එතකොට ඔන්න ඔහොම තමයි තත්වෙ. හැම කෙනාම තමන් ගැන අධි තක්සේරුවෙන් ඉදගෙන වැඩ අඩු පඩි වැඩි තැන් තමයි හොයන්නේ(ඕන තරම් උදාහරන එලකිරි ත්‍රෙඩ් වලින්ම හොයා ගන්න පුලුවන්). අනික ටිකක් දැනගත්තු ගමන් තමන් මේක දැන් කාලා තමයි ඉන්නෙ කියලා හිතාගෙන අලුතෙන් ඇවිත් තියෙන්නෙ මොනවද කියලා හොයන්නේ වත් ඒවා පිලිවෙලක් ඇතුව ඉගෙන ගන්නෙවත් නැහැ

    ඇත්තටම මම ඔය ඩිවලොපර්ස්ලා හොයපු පොසිශන් වලට ඉන්ටවීව් කරලාම ඇතිවෙලා. මෙහෙම තත්වෙයක් තියෙද්දි අපිට උනත් හිතෙන්නෙ මෙහේ අවශ්‍ය තරම් ඩිවලොපරස්ලා නැහැ කියලා. අපිට එහෙම හිතෙනකොට ටොප් මැනේජ්මන්ට් එකෙන් අනිවාරයෙන් හිතනවා මෙහේ එවුන් නැති නිසා ඉන්දියාවෙන් එන්න දුන්නොත් අඩුම තරමෙ එහේ එවුන් අරගෙන හරි වැඩ ටික කරගන්න පුලුවන් කියලා.
     
    Last edited: