ඊමේල් හැඩකරන ( @) සලකුණ හැදුණු හැටි

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    ඊමේල් හැඩකරන ( @) සලකුණ හැදුණු හැටි

    email-logo.jpg


    ප‍්‍රාග් ඵෙතිහාසික යුගයෙන් පසු එළැඹි මධ්‍යතන යුගයේ වැසියෝ ඔවුන්ගේ දෛනික ජීවිතය හා බැඳුණු කාර්යයන්හි මුල්වූ විෂයයන් සඳහා විවිධ සලකුණු භාවිතා කර තිබේ. සන්නිවේදනය , හැඳින්වීම, තීරණය කිරීම, ගබඩා කිරීම සටහන් තැබීම සඳහා විවිධ ජ්‍යාමිතික හැඩ ඇති ලකුණු යොදා ගෙන ඇත.

    එම යුගයේ ස්පාඤ්ඤයේ හා පෘතුග්‍රීසි වැසියෝ ස්කන්ධය නොහොත් බර තීන්දු කිරීම සදහා විශේෂ සලකුණක් හාවිතා කර ඇත. අද සෑම විද්‍යුත් තැපෑලකටම අනිවාර්ය වූ ( @) ”ඇට්” යනුවෙන් හදුන්වන විශේෂ සලකුණ උපත ලබන්නේ එම යුගයේ ස්පාඤ්ඤයේදීය. සීමිත බරක් හැඳින්වීමට ඉහත සලකුණ යොදා ගෙන ඇත. එම බර ප‍්‍රමානය සාමාන්‍යයෙන් කිලෝ ග‍්‍රෑම් 11.3 පමණවේ.

    පසු කලකදී විදේශ වෙළඳාමේ ව්‍යාප්තිය සමග ඉංග‍්‍රිසීන් විසින් ඇට් යන වචනයට ඉහත සලකුණ භාවිතා කිරීමට පුරුදු විය. ඉන්පසු ස්ථානයක් හදුන්වන සලකුනක් ලෙස සමාජ ගත වුයේය. අන්තර්ජාලයේ උපත සමග ඒ හා බැඳුණු විද්යුත් තැපැල් පෙට්ටියක්ද බිහිවිය. 1971දී ඇමෙරිකානු ජාතික පරිගණක විශේෂඥයෙක් වන රේ තොම්ලින්සොන් විසින් ඉහත සලකුණ විද්යුත් තැපෑලට හඳුන්වාදී ඇත්තේය. වර්තමානයේ විද්යුත් තැපෑලක් හිමි සියල්ලෝ ඉහත සලකුණ භාවිතා කරති. අද එම සලකුණ නොමැති විද්යුත් තැපෑලක් නොමැති තරම්ය.


    http://www.lankadeepa.lk/index.php/articles/355237
     
    Last edited: