නුවර ගොටාගෝගම තාවකාලිකව ඉවත් කර ගැනීමට එහි අරගලකරුවන් තීරණය කර ඇත. ඒ අනුව ඔවුන් ඉදිරිපස කොටස ඉවත් කර ගැනීමට මෙලෙස තීරණය කර තිබේ.
. නුවර පොලිසියද මේ සම්බන්දයෙන් ඔවුන් සමඟ කතා කර ගොටාගෝගම නුවර ගොටාගෝගම ඉවත් කර ගන්නැයි සාමකාමිව සිදු කල ඉල්ලා ඇත.
එළෙඹෙන නුවර පෙරහැරත් සමඟ ඇති වන මාර්ග තදබදය හේතුවෙන් පාරට මුහුණලා තිබු ගොටාගෝගම තාවකාලිකව ඉවත් කර ගැනීමට තීරණය කළ බව නුවර ගෝටාගෝගම සමාජ ක්රියාකාරී මහේෂ් ඇල්කඩුව පැවසුවේය. මෙය තාවකාලික තීරණයක් බවත් අරගලය දිගටම සිදු කරන බවත් ඔහු පැවසුවේය.
මේ වන විට ප්රාදේශීය මට්ටමේ ගෝටාගෝගම් ඉවත් කර ගන්නා ලෙසට පොලීසිය දැනුම් දී ඇති බව වාර්තා වූ අතර ඒ අනුව කළුතර ගෝටාගෝගම පැය කිහියපක් ඇතුලත ඉවත් කර ගන්නැයි ද අද උදෑසන පොලීසිය පවසා තිබිණි.