ඊලගට මත්තල

Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
ඊලගට මත්තල

IMG_20151225_063211.jpg

මත්තල රාජපක්ස ගූවන් තොටුපල. විපක්ෂයේ බොහෝ දෙනා රාජපක්ෂ ආණ්ඩුවේ තේරුමක් නැති නාස්තිකාර වැඩ වලට ගන්න හොද ජීවමාන උදාහරණයක්. මත්තල කියන්නෙ කැලෑවක්. මත්තල පැත්ත හම්බන්තොට නගරයෙන් නුත් තරමක් ඈත. මේක බොහෝවිට ලං වෙන්නෙ වනයට. මේ දකුණු පලාතෙ තියෙන ප්‍රධාන නගර වලිනුත් ඈතයි.. ඇඹිලිපිටිය පැත්තට නම් ටිකක් කිට්ටුයි. මේ ගුවන් තොටම මේ විදියට කුරුණෑගලින් උඩ කොහේ හරි ගැහුව නම් මීට වඩා වැදගත් වෙන්න තිබුනා. නමුත් ඒ පොලොන්නරුවෙ අනුරාධපුරේ ඉස්සරහ දි තව එයාපෝට් එකක් හදනවා මිසක මේක වෙනස් කරන්න අමාරුයි.

IMG_20151225_063206.jpg

මේකට දැන් දිනපතා එන ගුවන් යානය ෆ්ලයි ඩුබායි ගුවන්සේවාවට අයිති එකක්. ඒක එන්නෙ උදේ 7ට විතර..ඒ නිසා අපි පාන්දරින් අවදි වෙලා ගෙදර අයත් එක්ක කලින්ම ගියා. අපේ ගෙදර ඉන්න පොඩි අයට මේ ගුවන්තොටුපල පෙන්වන්න සහ ඒකෙ ප්ලේන් එකක් පෙන්වන්න තමයි අපිට ඕනි වෙලාතිබුනෙ..

IMG_20151225_063313.jpg

කතරගම දෙවියන්ගේ ලස්සන බිත්ති කැටයමක්. බෙහොම ලස්සන එකක්. පාට පාටින් ඉන්නවාට වඩා මේ විදියට ක්ලැසික් ටයිප් එකට කතරගම ස්කන්ධ දෙවියන් ලස්සනට පේනවා.

IMG_20151225_064228.jpg

මේ තියෙන්නෙ ෆ්ලයිට් ඔපරේට් කරන ටවර් එක.. මේකෙන් තමයි ගුවන් මෙහෙයුම් ආදිය සිද්ද වෙන්නෙ. මේක බොහොම දියුනු විදියට හදා තියනවාය කියල තමයි කියන්නෙ.

ගුවන් යානය එන වෙලාවට පැය දෙකකට විතර කලිං ඉදන් මේ ගුවන් තොට අවට කිලෝමීටර දෙකක විතර ඈත ඉන්න සත්තු එලෝනවා. බල්ලො එලවන්නෙ කැබ් එකකින් ඇවිත් වෙඩි වගයක් දාලා. බල්ලො ඒකට සුට්ටක් ඈතට දුවනවා. ඉන්පස්සෙ එතන්ටත් ගිහින් ආයෙම වෙඩි දාල එලෝනවා..

IMG_20151225_064406.jpg

ගුවන් තොටඅවට පේන තක් මානෙක ගෙයක් දොරක් නැතිනිසා..මේක හරි නිස්කලංක තැනක්. මේ වගේතැනක වාඩිවෙල ඈතින් පේන මොනරු උකුස්සො වගේ සත්තු බල බල නිස්කලංකෙ බියර් එකක් වගේ ගහන්න තිබුන නම් හොදයි. නමුත් ඉතිං බියර් කවුන්ටරයක් තියා බිස්කට් පෙට්ටියක් ගන්නකඩයක් නම් හොයාගන්න අමාරුයි මේ පලාතෙ..

අපේ ලමෝට සෙල්ලම් කරන්න ලොකු අවකාශයක් ලැබිලා. ඒ අය බොහොම සතුටින් ඒ අවස්ථාව විදිනවා පෙනුනා.

IMG_20151225_074304.jpg

ඉදිරිපස පාක්එකේ ලස්සනට බෝගන්විලා සහ මේ කාශ්ඨක පරිසරයට උචිත ගස් කොලන්ආදිය හිටවලතියෙනවා. ගුවන් තොටට යානා එන්නෙනැති වුනාටමේ පරිසරය නම් තවම ලස්සනට තියාගෙන ඉන්න එයාල ලොකු මහන්සියක් ගන්නවා කියල පෙනුනා..

IMG_20151225_074648.jpg

ඉස්සරහ පාක් එක අයිනෙතියෙන බිමේ ඈතින් මොණරෙක් හිටියා.. පෝන් එකේ කැමරාව නිසා ඌ පොටෝ වලට අහුවුනේ නැ.. ගුවන් තොටේ කාර් පාක් එකේ වල් මොණරු ඉ්නන එක අපිට හොදයි..උන්ව බලාගන්න.. ඒත් ගුවන් යානා වලට නම්මේ වගේ ලොකු කුරුල්ලො නෙමෙයි පොඩි එකෙක් වැදුනත් ඇති කියලයි මම අහල තියෙන්නෙ..

IMG_20151225_075353.jpg

මේ ගුවන් තොටුපල ලොකුවට තිබුනාට මට හිතුන දෙයක් තමයි මේකට එකපාර ගුවන් යානා 4ක් විතර නවත්වලා මිනිස්සු සේවා ගන්න ලෑස්ති වුනොත් ඉඩකඩ මදි ගැටලුවක් එනවා.. ඇතුලුවීමේ සහ පිටවීමේ පර්යන්ත වල ඉඩකඩ අඩුයි. සමහර විට මෙ ඇතුල්වෙන තැන් පිටවෙන තැන් ආදිය පස්සට ලොකු කරන්න ඉන්නවා ඇති. නමුත් දැනට තියෙන අවකාශය නම් ගුවන් යානා කිහිපයක් එකවර සේවා ගන්න ගොඩක් බිසි වෙලාවකට මදි කියලයි මට හිතුනෙ.

IMG_20151225_075538.jpg

ඇතුලෙ තියෙනවතුර මලක්. මේක ලස්සනයි. අපිනං දන්නඅදුනන කෙනෙක් ඉන්නනිසා ඇතුලට නිකංම ගියා. සාමාන්‍ය යෙන් ඇතුලට යන්න රුපියල් සීයක් ගන්නවා නරඹන්න යන කෙනෙකුගෙන්. අද කාලෙ ෆිල්ම් එකක් බලන්නත් ගන්න ගන්න දිහා බැලුවාමඒ ගාන ලොකු දෙයක් විදියට පේන්නෙ නෑ..

IMG_20151225_075618.jpg

ඇතුලෙත් ගස් ආදිය වවලා ලස්සනට තියේ... ඒ තැන් පිරිසිදුව තියාගෙන ඉන්නවා .. ආපු පොඩි ලමයි මේවායේ දුව පැන පැන සෙල්ලම් කරනවා දකින්නට ලැබුනා..

IMG_20151225_080729.jpg

මේ ඉන්නෙ ගලක් උඩ වහාපු බත් කූරෙක්..එයාපෝට් එක ඇතුලෙ ගලක තමයි මූ වහල උන්නෙ. මේක ෆයිබර් ගලක් නෙමෙයි ඔරිම ජිනල් ගලක්..

IMG_20151225_083520.jpg

එදා ෆ්ලයිඩුබයි එක පරක්කු වුනා.පැයක්විතර ඒ නිසා අපිට එයාපෝට් එකේ බලාගෙන ඉන්න වුනා.

IMG_20151225_093559.jpg

ලස්සන යකඩ මොණරෙක්.. මේ යකඩ මොනරා ඉන්නෙ ඇතුල්වෙන්න තියෙනතැන.. ලොකු යකඩ නිර්මාණයක්..මත්තල ගුවන් තොටට තියෙන හොදකලා කෘතියක්..

IMG_20151225_103236.jpg

අපි ගෙදර එන ගමන වරායත් බලන්න ගියා. එක ලොකුනැවක් ඇවිත් තිබුනා. වරායනම් තාම හදනවා. වරාය හොදට හැදුනොත් වැදගත් එකක් වේවි.

මහින්ද රාජපක්ෂ කියන්නෙ හොද අයෙක්. නමුත් ඔහුගේ රාජපක්ෂ නම තියාන වටේ හිටපු අය නිසා මහින්ද රාජපක්ෂ උන්නැහේට තිබුන ලකුණු තව අඩුවුනා. ඒක එතුමා දැන්වත් තේරුම් අරන් නෑ.. මහින්ද රාජපක්ෂ නිසා බැබලිලා එතුමාව විනාස කරපු අය දැන් කවුරුවත් වැඩිය එලිමහනෙ නැ..

දැන් අපි කොයි තරං මත්තලට බැන්නත් වරායට බැන්නත් ඒ ගිය සල්ලි ආයෙ ගන්න බෑ.. අපි වගේ දුප්පත් රටකට අනේ ඔන්නොහෙ ගියදෙන් කියලා මේව අතෑරල නිකං ඉන්නත් බෑ... හැමදාම උදාහරණ විදියට මේවා අරගෙන පලු අරින එක වාමාංශික දේශපාලකයින්ට නම් හොදයි.. මොකද වාමාංශිකයින්ට බොහෝවිට විවේචන මිසක විකල්ප තියෙන්න අඩුවෙන්..

මත්තල සහ වරාය දෙකම දැනට තියෙන තත්වයෙන් යම් තත්වයකට ගේන්න හොද සම්බන්ධතා තියෙන දක්ෂ පිරිසකට කරන්න පුලුවන් දෙයක්. එහෙම කලොත් ඒවා හදන්න ගිහිපු පිරිවැය ටික හරි අපිට කාලකදි ආයෙ උපයගන්න පුලුවන්. නමුත් බැන බැන හිටියොත්.. හැම දාම බැන බැනම ඉන්න පුලුවනි..

Amila Chathuranga
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    waraya goda damath airport eka nm amaruyi..
    meka maha ratata sapayak.
    rate aganuwara hambanthota karana sene ne.
    ratata karapu winasayak
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    waraya goda damath airport eka nm amaruyi..
    meka maha ratata sapayak.
    rate aganuwara hambanthota karana sene ne.
    ratata karapu winasayak

    දැන් හදලා ඉවරනේ. ලිඳට වැටිච්ච එකා ලිං කටින්ම ගොඩ එනව වගේ ඕක රටට ප්‍රයෝජනවත් දෙයකට යොදගන්නව මිසක් අපරාදයක් අපරාදයක් කිව්වට වැඩක් නෑ. Pilot Training Institute එකක් දාන සීන් එකක් ගියා, ඒ වගේ දෙයක් වත කරන්න වෙනව.
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මත්තල සහ වරාය දෙකම දැනට තියෙන තත්වයෙන් යම් තත්වයකට ගේන්න හොද සම්බන්ධතා තියෙන දක්ෂ පිරිසකට කරන්න පුලුවන් දෙයක්. එහෙම කලොත් ඒවා හදන්න ගිහිපු පිරිවැය ටික හරි අපිට කාලකදි ආයෙ උපයගන්න පුලුවන්. නමුත් බැන බැන හිටියොත්.. හැම දාම බැන බැනම ඉන්න පුලුවනි..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැන් හදලා ඉවරනේ. ලිඳට වැටිච්ච එකා ලිං කටින්ම ගොඩ එනව වගේ ඕක රටට ප්‍රයෝජනවත් දෙයකට යොදගන්නව මිසක් අපරාදයක් අපරාදයක් කිව්වට වැඩක් නෑ. Pilot Training Institute එකක් දාන සීන් එකක් ගියා, ඒ වගේ දෙයක් වත කරන්න වෙනව.

    මත්තල සහ වරාය දෙකම දැනට තියෙන තත්වයෙන් යම් තත්වයකට ගේන්න හොද සම්බන්ධතා තියෙන දක්ෂ පිරිසකට කරන්න පුලුවන් දෙයක්. එහෙම කලොත් ඒවා හදන්න ගිහිපු පිරිවැය ටික හරි අපිට කාලකදි ආයෙ උපයගන්න පුලුවන්. නමුත් බැන බැන හිටියොත්.. හැම දාම බැන බැනම ඉන්න පුලුවනි..

    waraya nm colaba kotasak galawala shep kala.
    wahana prathi apanyana ha antharala weladamen
    eth guwan gaman yanne godak
    piriwaya adu gaman (budget air )
    ewa kawadawath cost eka wadi ekakata land karanne na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද නම් රටට් වැඩක් කරා මුන් ඒකෙ වී ගබඩා කරනව ගබාඩා කරපු වි බිලියන ගානක් පාඩුවට අරක්කු හදන්ඩ විකුනනව, ඔන්න යහපාලනේ මහින්ද කරපුවගෙන් දශමයක් මුන් කරන්නෙ නැ මුන්ට රට හදන්ඩ ඔනෙ නැ විකුනගෙන කන්ඩ උපන් උන්,
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    දැන් හදලා ඉවරනේ. ලිඳට වැටිච්ච එකා ලිං කටින්ම ගොඩ එනව වගේ ඕක රටට ප්‍රයෝජනවත් දෙයකට යොදගන්නව මිසක් අපරාදයක් අපරාදයක් කිව්වට වැඩක් නෑ. Pilot Training Institute එකක් දාන සීන් එකක් ගියා, ඒ වගේ දෙයක් වත කරන්න වෙනව.

    මත්තල සහ වරාය දෙකම දැනට තියෙන තත්වයෙන් යම් තත්වයකට ගේන්න හොද සම්බන්ධතා තියෙන දක්ෂ පිරිසකට කරන්න පුලුවන් දෙයක්. එහෙම කලොත් ඒවා හදන්න ගිහිපු පිරිවැය ටික හරි අපිට කාලකදි ආයෙ උපයගන්න පුලුවන්. නමුත් බැන බැන හිටියොත්.. හැම දාම බැන බැනම ඉන්න පුලුවනි..

    :yes::yes::yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,341
    8,472
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද නම් රටට් වැඩක් කරා මුන් ඒකෙ වී ගබඩා කරනව ගබාඩා කරපු වි බිලියන ගානක් පාඩුවට අරක්කු හදන්ඩ විකුනනව, ඔන්න යහපාලනේ මහින්ද කරපුවගෙන් දශමයක් මුන් කරන්නෙ නැ මුන්ට රට හදන්ඩ ඔනෙ නැ විකුනගෙන කන්ඩ උපන් උන්,

    :yes::yes::yes::yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    waraya nm colaba kotasak galawala shep kala.
    wahana prathi apanyana ha antharala weladamen
    eth guwan gaman yanne godak
    piriwaya adu gaman (budget air )
    ewa kawadawath cost eka wadi ekakata land karanne na

    අර නළුවෙක් නෙවෙයි මොලයක් කියලා කෑ ගහපු එක්කෙනෙක් හිටිය නේද මේ ආණ්ඩුවේ? එයාගෙ මොලේ පාවිච්චි කරල බැරිද ප්‍රයෝජනවත් වැඩක යොදවන්න වී ගබඩා වගේ ගොං පාට් නැතුව.
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මහින්ද රාජපක්ෂ කියන්නෙ හොද අයෙක්. නමුත් ඔහුගේ රාජපක්ෂ නම තියාන වටේ හිටපු අය නිසා මහින්ද රාජපක්ෂ උන්නැහේට තිබුන ලකුණු තව අඩුවුනා. ඒක එතුමා දැන්වත් තේරුම් අරන් නෑ.. මහින්ද රාජපක්ෂ නිසා බැබලිලා එතුමාව විනාස කරපු අය දැන් කවුරුවත් වැඩිය එලිමහනෙ නැ..
    :(:(:yes:
    ඇත්ත මචන්
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මහින්දත් එක්ක තියෙන තරහට ජාතික සම්පත් වනසන, වැනසෙන්න අරින එක හරිද? ඒකෙන් පාඩු මහින්දටද රටටද? ඕක තෙරුම් ගන්න බැරි එවුන් ඉන්නවනේ මේ රටේ. :no:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අර නළුවෙක් නෙවෙයි මොලයක් කියලා කෑ ගහපු එක්කෙනෙක් හිටිය නේද මේ ආණ්ඩුවේ? එයාගෙ මොලේ පාවිච්චි කරල බැරිද ප්‍රයෝජනවත් වැඩක යොදවන්න වී ගබඩා වගේ ගොං පාට් නැතුව.
    oke sarugal yawana thama ganna wenne