ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් ව්‍යවස්ථාව අල කරලා ඉවරයි, උදාහරණයක් විදියට පාර්ලිමේන්තුව විසිරුවිමට බලය තියෙන්නේ පර්ලිමෙන්තුවටම විතරයි. ඒක මහා විහිළුවක් ඒ මොකද කියල මම පැහැදිලි කරන්නම්.

    ප්‍රජාතන්ත්‍රවාදය රැදිලා තියෙන්නේ කණු 3ක් උඩ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය තමයි ඒ කණු 3. මේ 3න් එකක් වැරදි පාරේ යනවනම් අනිත් දෙකෙන් එකක් හෝ දෙකම එක්ව එය නවත්වන්න කටයුතු කරන්න පුළුවන්. අපි හිතමු විධායකය අත්තනෝමතිකව වැඩ කරනවා කියල එවිට එය නැවැත්වීමේ බලය තියෙන්නේ ව්‍යවස්ථාදායකය ඒ කියන්නේ පාර්ලිමේන්තුව සහ අධිකරණය එක්ව කටයුතු කිරීමෙන් පමණයි. ඒවගේම අධිකරණ විනිසුරන් අත්තනෝමතිකව ක්‍රියාකරන්නේ නම් එය නැවැත්වීමේ බලයත් පාර්ලිමේන්තුව සතු වෙනවා. නමුත් 19වන සංශෝධනය අනුව පාර්ලිමේන්තුව අත්තනෝමතිකව කටයුතු කරන්නේ නම් එය නවත්වන්න පුළුවන් පාර්ලිමෙන්තුවටම පමණයි. එය හරියට "හොරාගේ අම්මගෙන් පේන අසනවා වැනිය යන පැරණි සිංහල කියමන සිහිපත් කරවන්නක්". මෙය හරියට විධායකය එසේත් නොමැතිනම් ජනාදිපති පිස්සු කෙලින්නේ නම් එය ඔහුම තේරුම්ගෙන ඔව් මට දැන් පිස්සු ඒක නිසා මම ඉල්ලා අස්වෙනවා යයි සිතා ඉවත් වුවොත් මිස ඔහු ඉවත් කිරීමට කිසිම ප්‍රතිපාදනයක් නොමැති වීමට සමානයි.

    දැන් අපි සවිස්තරාත්මකව බලමු පාර්ලිමේන්තුව විසින්ම පාර්ලිමේන්තුව විසිරුවිම සදහා ප්‍රතිපාදන යොදා ඇති ආකාරය. 19වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්මතුව විසිරුවිමට නම් පාර්ලිමේන්තුව විසින් එය විසුරුවිම සදහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතියක් සහිතව සම්මත කරගත යුතුයි. මම එහි භයානක කම පැහැදිලි කරන්නම්.

    පාලිමේන්තුව අත්තනෝමතිකව ක්‍රියා කරනවා යනු එහි බහුතර බලය හිමි ආණ්ඩු පක්ෂය හිතු මනාපයට ක්‍රියා කිරීමය. ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආසන 225න් 113ක් හෝ එට වැඩි ප්‍රමාණයක් හිමිය. පාර්ලිමේන්තුවේ 2/3 ලබා ගැනීමට ආසන 150ක් අවශ්‍යය. මෙම සංක්‍යා අනුව සම්පුර්ණ චිත්‍රය හිතාගන්න පුළුවන් කියල මම හිතනවා. කෙටියෙන් කිව්වොත් ආණ්ඩුව අත්තනෝමතිකව වැඩ කරොත් එය නැවත්වීමට ඔවුන්ටම සිතුනොත් මිස වෙන කිසිම ක්‍රමයකින් ඔවුන් නැවැත්විය නොහැක.

    අනිවා වික්කමසින්හය සීරාව රවට්ටගෙන ව්‍යවස්ථාව තනිකරම කැද හැලියක් කළා. දැන් කට්ටිය දෙපැත්තට ඇද ඇද ඉන්නවා. මුලින්ම මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    ඕක කරන්න ලේසි නෑ, පාර්ලිමේන්තුවේ 2/3 ගන්න එක හරි අමාරු වැඩක්. මම ව්‍යවස්ථා කැද හැලියේ එක කාරණයක් විතරයි පෙන්නුවේ තව භයානක කාරණයක් මේක ඇතුලේ තියෙනවා. ඒක තේරුම් ගන්න මැතිවරණ ක්‍රමයත් මේකට සම්බන්ද කරගන්න වෙනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නාගානන්ද කියන විදියට රටේ ජනතාවගෙ කැමැත්තෙන් විතරක් (පාර්ලිමෙන්තු 2/3 නැතිව) ව්‍යවස්තාව වෙනස්කල හැකිද?

    උගේ දැනුවත්කමේ තරම තමයි ඔය.... කිියන කොට ඔහොමයි, කරන කොට තමයි රෙවෙන්නේ... ඔය යකා කියන දේවල් කරන්න නම් ඌට අවනත පාර්ලිමේන්තු බහුතරයක් තියෙන්න ඕන.... ඒක හදාගන්නේ නැතිව මේ ව්‍යවස්ථා අටමගලයත් එක්ක ඌටත් ඉන්න වෙන්නේ එක එකාට හතර අතේ බැන බැන....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ සෑම අවස්ථාවක දී අගමැතිවරයාගේ නිර්දේශය මත කි‍්‍රයාත්මක වෙන්න වෙනවා.... තත්වය ශෝචනීයයි....

    ai shochaneeyha wenne? hamadama agamathi inne ranil da? anith eka agamathi pathwenne bahutharayen ne? mahinda agamathi unath umba oya kiala kathawa adalada? janadipathi ta godak balathala thibbama wechcha de penawa ne, waradi kenekuta eka giyoth. anith eka oya wiyawastha sanshodana une eka rayen newei ne. paksha wipaksha wala aya kalayak thisse wada wiwada karala ne.

    mama hithanne parliment ekata balaya thiyana honda nayakayek inna pakshayak awama wade hari. janadhipathi kamata hari nam enna ona pradana paksha walin bahara wechcha professional kenek wage kenek. ethakota deshapalana paksha pissu keliyoth balance karanna janadhipathi ta puluwan.

    mage 5ct adahasa.
    තත්වය ශෝචනීය වෙන්නේ මම නූලේ කියල තියන විදියටම කඩුවක් නැති කොපුවක් ඇති ආකාරයේ ජනාධිපති කෙනෙක් රටේ ඉන්න එකයි.... බැලූ බැල්මට පේනවා විධායක බලතල තියෙනව වගේ... ඒ වුණාට ඇති ලබ්බකුත් නෑ.... ඊලග ජනාධිපතිවරණයෙන් පස්සේ ආරක්‍ෂක ඇමති පට්ටමත් ගැලවුණාම හිතාගන්න පුලූවන් නේද වෙන දේ.... එක්කෝ සම්පූර්ණ බලතල අයින් කරල නාමික ජනාධිපතිවරයෙක් පත්වෙන්න ඕන.... නැත්තං පූර්ණ බලතල සහිත ජේආර් මොඩලයේ ජනාධිපතිකමක් තියෙන්න ඕන... මම සිංහලයෙක් විදියට ඔය දෙවෙනි ක‍්‍රමයට කැමතියි.... නැත්තං 20% ක සුලූ චන්දවලට 80% ක චන්ද අල්ලේ නටවන්න පුලූවන් වෙනවා.... අනිත් එක විධායක බලතල අයින් කරන්න ඉස්සර වෙලා රටේ කරන්න වෙනස්කම් රාශියක් කියෙනවා... පැහැදිලි පළාත් සීමා නිර්ණය, පලාත් පාලන හා පලාත් සභා ව්‍යුහය වගේ දේවල්... උඹල අපි අමතක කරන දෙයක් තමයි විධායක ජනාධිපති බලතල අඩු වීමත් සමග පළාත් සභාවල තනි තනියෙන් නැගී සිටීමකුත් සිද්දවෙනවා... උතුර නැගෙනහිර ලංකාවෙන් ගැලවිලා යන දිනය වැඩි ඈතක නෙවෙයි.... ශක්තිමත් ව්‍යවස්ථාවක් නැතිව විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ශෝචනීයයි තමයි....

    • Like
    Reactions: sithija.h

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැන් ව්‍යවස්ථාව අල කරලා ඉවරයි, උදාහරණයක් විදියට පාර්ලිමේන්තුව විසිරුවිමට බලය තියෙන්නේ පර්ලිමෙන්තුවටම විතරයි. ඒක මහා විහිළුවක් ඒ මොකද කියල මම පැහැදිලි කරන්නම්.

    ප්‍රජාතන්ත්‍රවාදය රැදිලා තියෙන්නේ කණු 3ක් උඩ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය තමයි ඒ කණු 3. මේ 3න් එකක් වැරදි පාරේ යනවනම් අනිත් දෙකෙන් එකක් හෝ දෙකම එක්ව එය නවත්වන්න කටයුතු කරන්න පුළුවන්. අපි හිතමු විධායකය අත්තනෝමතිකව වැඩ කරනවා කියල එවිට එය නැවැත්වීමේ බලය තියෙන්නේ ව්‍යවස්ථාදායකය ඒ කියන්නේ පාර්ලිමේන්තුව සහ අධිකරණය එක්ව කටයුතු කිරීමෙන් පමණයි. ඒවගේම අධිකරණ විනිසුරන් අත්තනෝමතිකව ක්‍රියාකරන්නේ නම් එය නැවැත්වීමේ බලයත් පාර්ලිමේන්තුව/විධායකය සතු වෙනවා. නමුත් 19වන සංශෝධනය අනුව පාර්ලිමේන්තුව අත්තනෝමතිකව කටයුතු කරන්නේ නම් එය නවත්වන්න පුළුවන් පාර්ලිමෙන්තුවටම පමණයි. එය හරියට "හොරාගේ අම්මගෙන් පේන අසනවා" වැනිය යන පැරණි සිංහල කියමන සිහිපත් කරවන්නක්. මෙය හරියට විධායකය එසේත් නොමැතිනම් ජනාදිපති පිස්සු කෙලින්නේ නම් එය ඔහුම තේරුම්ගෙන ඔව් මට දැන් පිස්සු ඒක නිසා මම ඉල්ලා අස්වෙනවා යයි සිතා ඉවත් වුවොත් මිස ඔහු ඉවත් කිරීමට කිසිම ප්‍රතිපාදනයක් නොමැති වීමට සමානයි.

    දැන් අපි සවිස්තරාත්මකව බලමු පාර්ලිමේන්තුව විසින්ම පාර්ලිමේන්තුව විසිරුවිම සදහා ප්‍රතිපාදන යොදා ඇති ආකාරය. 19වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්මතුව විසිරුවිමට නම් පාර්ලිමේන්තුව විසින් එය විසුරුවිම සදහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතියක් සහිතව සම්මත කරගත යුතුයි. මම එහි භයානක කම පැහැදිලි කරන්නම්.

    පාලිමේන්තුව අත්තනෝමතිකව ක්‍රියා කරනවා යනු එහි බහුතර බලය හිමි ආණ්ඩු පක්ෂය හිතු මනාපයට ක්‍රියා කිරීමය. ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආසන 225න් 113ක් හෝ එට වැඩි ප්‍රමාණයක් හිමිය. පාර්ලිමේන්තුවේ 2/3 ලබා ගැනීමට ආසන 150ක් අවශ්‍යය. මෙම සංක්‍යා අනුව සම්පුර්ණ චිත්‍රය හිතාගන්න පුළුවන් කියල මම හිතනවා. කෙටියෙන් කිව්වොත් ආණ්ඩුව අත්තනෝමතිකව වැඩ කරොත් එය නැවත්වීමට ඔවුන්ටම සිතුනොත් මිස වෙන කිසිම ක්‍රමයකින් ඔවුන් නැවැත්විය නොහැක.

    ව්‍යවස්ථාදායක, විධායකය හා අධිකරණය සමතුලිත වෙන්න ඕන කියන කතාව තියරියක් වුණාට ඒක ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වෙන්නේ නෑ බං.... ජේආර්ගේ ව්‍යවස්ථාවේ විධායකය අර දෙකටම වඩා උඩින් තිබ්බේ... අධිකරන ඉහල නිලතල සෘජුවම විධායකය පත් කළේ... හැම විධායකයක්ම කලේ තමන්ට හිතෛෂි පත්වීම් කරගන්න එක.... අන්තිමට අසීමිත බලතල සහිත විධායකයකුයි නමට ව්‍යවස්ථාදායකයකුයි කි‍්‍රයාත්මක වුණා... ඒක සමහරක් විට අවාසිදායක වුණා... ගිය පාර වෙනසට ප‍්‍රධාන මාතෘකාව වුණේ ඒක.... ඒකට පිළියම් යොදනවා වෙනුවට රනිලය මෛති‍්‍රගේ පොන්නකමත් එක්ක තමන් අතට පුලූවන් තරම් බලතල ගන්න ව්‍යවස්ථාවට එහෙන් මෙහෙන් වචන රිංගල කචල් කලා.... ජනාධිපතිට පඩයක් ගියත් කට්ටිය උසාවියට දුවන්නේ ඒ නිසයි.... රනිල් ව්‍යවස්ථාව වෙනස් කළේ දුර දිග හිතල නෙමෙයි තමන්ගේ කෙටිකාලීන බලය ස්ථාවර කරගන්න.... අද වෙන කොට ජනාධිපතිට වඩා පාර්ලිමේන්තුව බලවත්.... සුලූතර ආණ්ඩුවක් තියෙන නිසා අපේ නානලා සම්බන්ධන්ලා පාර්ලිමේන්තුව බඩ පිනුම් ගහනවා.... ඉස්සරහට ලංකාව නැති බංගස්ථාන වෙනවා... ඒ හින්ද අකමැත්තෙන් හරි අපි ප‍්‍රධාන දේශපාලන ධාරාවකට එකතු වෙන්න වෙනවා.... ඔය තැනින් තැන බිහිවෙන අපේක්ෂකයන් වෙනුවට ලංකාව පුරාම මැතිවරණයක් මෙහෙය විය හැකි පහසුවෙන් ජනතාව අතරට ගෙන යා හැකි ජනාධිපති අපේක්ෂකයෙක් වටේ අපි එකතු වෙන්න වෙනවා... නැත්තං වෙන්නේ සිංහල චන්ද හතර අතට කැඩිල අපතේ යන එකයි... ඊලග මහ මැතිවරණය ජනාධිපතිවරණයත් එක්ක බැදිල තියෙන්නේ... ආයෙත් ජනාධිපති එක පැත්තක ආණ්ඩුව තව පැත්තක තිබුණොත් මීට වඩා රට කාළකණ්නි වෙනවා... ජනාධිපතිකමත් ආණ්ඩුවත් දෙකම එක පැත්තේ තිබුණොත් මේ කාළකණ්ණි ව්‍යවස්ථාව ආයෙත් ශක්තිමත් කරගන්න පුලූවන් වෙයි.... හැබැයි රනිල අගමැති වෙන කිසිම ආණ්ඩුවකින් ඒ දේ වෙන්නේ නෑ....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සුපුරුදු කැබිනට් රැස්වීම අද අර්බුදයකට යන ලකුණු

    සෑම අඟහරුවාදා දිනකම රැස්වන කැබිනට් මණ්ඩලය අද (11) දිනයේ රැස් නොවන බව වාර්තා වනවා.

    ඒ, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු අත්හිටුවන තුරු කැබිනට් රැස්වීමට සහභාගී නොවන බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කිරීමත් සමග බවටයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීමට පෙර අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන පූර්ව කැබිනට් රැස්වීම ඊයේ (10) පවත්වා තිබෙනවා.

    අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ මෙම පූර්ව කැබිනට් රැස්වීම සඳහා ඊයේ පත්කෙරුණු වැඩබලන අමාත්‍යවරුන් දෙදෙනෙකු ද එක්වුණා.

    පස්වරු 05.00ට ආරම්භ වූ මෙම රැස්වීම පැය 02.00ක පමණ කාලයක් පවත්වා තිබෙනවා.

    එහිදී ද මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඉදිරියේදී අමාත්‍යවරුන් කණ්ඩායමක් විසින්
    ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එම හමුව බොහෝ දුරට අද දිනයේ සිදුවනු ඇති බවටද වාර්තා වනවා.

    පේනවා නේද ඇතිවෙල තියෙන කාළකණ්ණි තත්වය... කොහොමද රටක් දුවන්නේ... ???? :no:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    :(:(:(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තත්වය ශෝචනීය වෙන්නේ මම නූලේ කියල තියන විදියටම කඩුවක් නැති කොපුවක් ඇති ආකාරයේ ජනාධිපති කෙනෙක් රටේ ඉන්න එකයි.... බැලූ බැල්මට පේනවා විධායක බලතල තියෙනව වගේ... ඒ වුණාට ඇති ලබ්බකුත් නෑ.... ඊලග ජනාධිපතිවරණයෙන් පස්සේ ආරක්‍ෂක ඇමති පට්ටමත් ගැලවුණාම හිතාගන්න පුලූවන් නේද වෙන දේ.... එක්කෝ සම්පූර්ණ බලතල අයින් කරල නාමික ජනාධිපතිවරයෙක් පත්වෙන්න ඕන.... නැත්තං පූර්ණ බලතල සහිත ජේආර් මොඩලයේ ජනාධිපතිකමක් තියෙන්න ඕන... මම සිංහලයෙක් විදියට ඔය දෙවෙනි ක‍්‍රමයට කැමතියි.... නැත්තං 20% ක සුලූ චන්දවලට 80% ක චන්ද අල්ලේ නටවන්න පුලූවන් වෙනවා.... අනිත් එක විධායක බලතල අයින් කරන්න ඉස්සර වෙලා රටේ කරන්න වෙනස්කම් රාශියක් කියෙනවා... පැහැදිලි පළාත් සීමා නිර්ණය, පලාත් පාලන හා පලාත් සභා ව්‍යුහය වගේ දේවල්... උඹල අපි අමතක කරන දෙයක් තමයි විධායක ජනාධිපති බලතල අඩු වීමත් සමග පළාත් සභාවල තනි තනියෙන් නැගී සිටීමකුත් සිද්දවෙනවා... උතුර නැගෙනහිර ලංකාවෙන් ගැලවිලා යන දිනය වැඩි ඈතක නෙවෙයි.... ශක්තිමත් ව්‍යවස්ථාවක් නැතිව විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ශෝචනීයයි තමයි....

    Unba elakiri eke politics wela thathwaya gana hariyatama pahadili karanawa bn,oya mathayema digatama hitapan. Kohomath thawa tika dawasakin mangalage set eka elakiri eketh game ekata bahei,eh kaledi meh wage comment danna time ekath ithuru karaganin.

    Aththatama lankawa gana hithana ekek elakiri eke inna eka gana sathutu wenawa

    Ela!

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    මේක තේරුණු එක ලොකු දෙයක්.
    ජප්පොයි unp එකයි එකතුවෙලා රට කෑවා පරම්පරා ගානකට.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada
    දැන් මේ අවුල ලිහන්න ලේසි නැහැ. වියවස්ත අර්බුද ...පාර්ලිමේන්තු අර්බුද, පළාත් සබැ අර්බුද පිරුණු කාලයක් ඉදිරියට
    අලි මදිවට කොටි
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ව්‍යවස්ථාදායක, විධායකය හා අධිකරණය සමතුලිත වෙන්න ඕන කියන කතාව තියරියක් වුණාට ඒක ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වෙන්නේ නෑ බං.... ජේආර්ගේ ව්‍යවස්ථාවේ විධායකය අර දෙකටම වඩා උඩින් තිබ්බේ... අධිකරන ඉහල නිලතල සෘජුවම විධායකය පත් කළේ... හැම විධායකයක්ම කලේ තමන්ට හිතෛෂි පත්වීම් කරගන්න එක.... අන්තිමට අසීමිත බලතල සහිත විධායකයකුයි නමට ව්‍යවස්ථාදායකයකුයි කි‍්‍රයාත්මක වුණා... ඒක සමහරක් විට අවාසිදායක වුණා... ගිය පාර වෙනසට ප‍්‍රධාන මාතෘකාව වුණේ ඒක.... ඒකට පිළියම් යොදනවා වෙනුවට රනිලය මෛති‍්‍රගේ පොන්නකමත් එක්ක තමන් අතට පුලූවන් තරම් බලතල ගන්න ව්‍යවස්ථාවට එහෙන් මෙහෙන් වචන රිංගල කචල් කලා.... ජනාධිපතිට පඩයක් ගියත් කට්ටිය උසාවියට දුවන්නේ ඒ නිසයි.... රනිල් ව්‍යවස්ථාව වෙනස් කළේ දුර දිග හිතල නෙමෙයි තමන්ගේ කෙටිකාලීන බලය ස්ථාවර කරගන්න.... අද වෙන කොට ජනාධිපතිට වඩා පාර්ලිමේන්තුව බලවත්.... සුලූතර ආණ්ඩුවක් තියෙන නිසා අපේ නානලා සම්බන්ධන්ලා පාර්ලිමේන්තුව බඩ පිනුම් ගහනවා.... ඉස්සරහට ලංකාව නැති බංගස්ථාන වෙනවා... ඒ හින්ද අකමැත්තෙන් හරි අපි ප‍්‍රධාන දේශපාලන ධාරාවකට එකතු වෙන්න වෙනවා.... ඔය තැනින් තැන බිහිවෙන අපේක්ෂකයන් වෙනුවට ලංකාව පුරාම මැතිවරණයක් මෙහෙය විය හැකි පහසුවෙන් ජනතාව අතරට ගෙන යා හැකි ජනාධිපති අපේක්ෂකයෙක් වටේ අපි එකතු වෙන්න වෙනවා... නැත්තං වෙන්නේ සිංහල චන්ද හතර අතට කැඩිල අපතේ යන එකයි... ඊලග මහ මැතිවරණය ජනාධිපතිවරණයත් එක්ක බැදිල තියෙන්නේ... ආයෙත් ජනාධිපති එක පැත්තක ආණ්ඩුව තව පැත්තක තිබුණොත් මීට වඩා රට කාළකණ්නි වෙනවා... ජනාධිපතිකමත් ආණ්ඩුවත් දෙකම එක පැත්තේ තිබුණොත් මේ කාළකණ්ණි ව්‍යවස්ථාව ආයෙත් ශක්තිමත් කරගන්න පුලූවන් වෙයි.... හැබැයි රනිල අගමැති වෙන කිසිම ආණ්ඩුවකින් ඒ දේ වෙන්නේ නෑ....

    JR ගේ ව්‍යවස්ථාවේ ඒ කොච්චර බලතල තිබ්බත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ශනය ආරක්ෂා කරා, ඒ කියන්නෙ ජනාධිපති ඉවත් කිරීම දෝෂාභියෝගයක් මගින් අධිකරණ සහ පාර්ලිමේන්තුව එක්ව කල හැකි ලෙස ප්‍රතිපාදන පනවා තිබුණා. නමුත් මේ පාර්ලිමේන්තුව විසින් එයම විසිරුවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ශන වලින් බැහැර වන්නක්.

    රනිල් නැවතත් අගමැති වූවොත් ඉතින් මේ රටේ තවදුරටත් සිටීමෙන් ඵලක් නෑ කියලයි මට හිතෙන්නේ, බොට්ටුවෙන් හරි ඉතාලි යන්නයි වෙන්නෙ. අපේ රටේ ජනතාව රනිල් නැවත අගමැති කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ කියල මට විශ්වාසයි.

    ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හිතන තරම් ලේසි නෑ, ඒ සංදහා 2/3 අවශ්‍ය වෙනව.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    JR ගේ ව්‍යවස්ථාවේ ඒ කොච්චර බලතල තිබ්බත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ශනය ආරක්ෂා කරා, ඒ කියන්නෙ ජනාධිපති ඉවත් කිරීම දෝෂාභියෝගයක් මගින් අධිකරණ සහ පාර්ලිමේන්තුව එක්ව කල හැකි ලෙස ප්‍රතිපාදන පනවා තිබුණා. නමුත් මේ පාර්ලිමේන්තුව විසින් එයම විසිරුවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ශන වලින් බැහැර වන්නක්.

    රනිල් නැවතත් අගමැති වූවොත් ඉතින් මේ රටේ තවදුරටත් සිටීමෙන් ඵලක් නෑ කියලයි මට හිතෙන්නේ, බොට්ටුවෙන් හරි ඉතාලි යන්නයි වෙන්නෙ. අපේ රටේ ජනතාව රනිල් නැවත අගමැති කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ කියල මට විශ්වාසයි.

    ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හිතන තරම් ලේසි නෑ, ඒ සංදහා 2/3 අවශ්‍ය වෙනව.

    2/3 ක් ගන්න ලේසි නැති නිසා තමයි මම කියන්නේ රටේ ජනාධිපතියි අගමැතියි එකම පක්ෂයක් නියෝජනය කරන්න ඕන කියල.... ඊට අමතරව කේවල් නොකිරීමේ බලය ආණ්ඩුවට තියෙන්නෙත් ඕන.... ආයෙත් ව්‍යවස්ථාව ශක්තිමත් කරන්න යන කොට උදැල්ල දාන්නේ සුලූ ජාතික පක්ෂ... ඒක තේරුම් අරගෙන සිංහලයා චන්ද පාවිච්චි කරන්න ඕන එකම අරමුණකට එකම තැනකට... ඒකෙන් වාසි දෙකක් ලැබෙනවා... 1. සුලූ ජාතින්ගේ කේවල් කිරිම නතර වෙනවා. 2. සිංහල චන්දෙ අරගෙන සිංහලයින්ට කෙළවන එවුන්ට ඇඞ්රස් නැති වෙනවා කියන පණිවිඩය යනවා... දැන් සිංහලූන් බෙදෙන්න පටන් අරගෙන.. නාගානන්ද, ධම්මික, පාඨලී, ගෝඨා, සජිත්, බ්ලා බ්ලා බ්ලා.... මම දැක්ක කොටුවෙ හාමුදුරුවොත් ඉල්ලනව කියල... මේකෙන් වෙන්නේ සිංහල චන්ද සිල්ලරට කැඩිල යන එක.... මතක තියා ගන්න ඕන සිංහල චන්ද හතර අතට කැඩුණත් නානලා සම්බන්ධන්ලා එක අරමුණක එක තැනක ඉන්නේ.... ඒ හින්ද සිංහලයට පැත්ත තේරුම් ගන්න ලේසියි... රනිල් බැක් එකේ ඉන්න ජනාධිපති අපේක්ෂකයව සිංහලූන් ප‍්‍රතික්‍ෂෙප කරන්න ඕන... හැබැයි රනිලය ඇට්ටරයා... ඌ සිංහල චන්ද කඩන්න පිම්පියන් අපේක්ෂයන් විදියට එළියට දාන්න පුලූවන්....​
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඒ සෑම අවස්ථාවක දී අගමැතිවරයාගේ නිර්දේශය මත කි‍්‍රයාත්මක වෙන්න වෙනවා.... තත්වය ශෝචනීයයි....

    ai shochaneeyha wenne? hamadama agamathi inne ranil da? anith eka agamathi pathwenne bahutharayen ne? mahinda agamathi unath umba oya kiala kathawa adalada? janadipathi ta godak balathala thibbama wechcha de penawa ne, waradi kenekuta eka giyoth. anith eka oya wiyawastha sanshodana une eka rayen newei ne. paksha wipaksha wala aya kalayak thisse wada wiwada karala ne.

    mama hithanne parliment ekata balaya thiyana honda nayakayek inna pakshayak awama wade hari. janadhipathi kamata hari nam enna ona pradana paksha walin bahara wechcha professional kenek wage kenek. ethakota deshapalana paksha pissu keliyoth balance karanna janadhipathi ta puluwan.

    mage 5ct adahasa.

    මෙහෙම උන දා ඉදන් සුළු ජාතීන්ගේ බලය වැඩිවෙනවා එකසිය ගානට. නරක ජනපති කෙනෙක් ඇවිත් කරන දේවල් වලට වැඩ භයානකයි ඒක
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    දැනට පවතින ව්‍යවස්ථාවේ හැටියට බෑ. නමුත් පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කඩල නව ව්‍යවස්ථා සම්මත කරගත්තු අවස්ථා ලෝක ඉතිහාසයේ තියෙනවා. ජනමත විචාරණයකදී ජනතා අනුමැතිය දෙනවා කියන්නේ ඉතින් නොසලකා හරින්න බෑ, මොකද සෑම දෙයක්ම ජනතා පරමදධිපත්යට යට නිසා.

    නමුත් නාගනන්ද ජනමත විචාරණයක් යෝජනා කරන්නේ නෑ. ඔහු කියන්නේ ජනාදිපතිවරණය ජනමත විචාරණයක් ලෙස සලකා ව්‍යවස්ථාව සම්මත කරනවා කියල අන්න එතන ගැටලුකාරියි.

    මොනවද බං ප්‍රතිපාදන කඩනවා කියන්නේ? එහෙම හිතෙන හිතෙන වෙලාවට කඩන්න ඕන නම් ඉතින් ව්‍යවස්ථාවක් ඕන නෑ නේ. ජනමත විචාරණයකට යන්නත් පාර්ලිමේන්තු අනුමැතිය ඕන. ජනතාපරමධිපත්‍ය නිසා තමයි ඔය දැන් ඉන්න හරක් රැලත් පාර්ලිමේන්තු ගිහින් තියන්නේ.

    කොහොම උනත් දැනට තියන ව්‍යවස්ථාවට අනුව ප්‍රතිපාධන නැති දෙයක් ගැන මිනිස්සුන්ට හීන මවන කෙනෙක් ජනපති කරලා 2015 ම රිපීට් කරගන්න පුළුවන් වෙයි වගේ. :lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොනවද බං ප්‍රතිපාදන කඩනවා කියන්නේ? එහෙම හිතෙන හිතෙන වෙලාවට කඩන්න ඕන නම් ඉතින් ව්‍යවස්ථාවක් ඕන නෑ නේ. ජනමත විචාරණයකට යන්නත් පාර්ලිමේන්තු අනුමැතිය ඕන. ජනතාපරමධිපත්‍ය නිසා තමයි ඔය දැන් ඉන්න හරක් රැලත් පාර්ලිමේන්තු ගිහින් තියන්නේ.

    කොහොම උනත් දැනට තියන ව්‍යවස්ථාවට අනුව ප්‍රතිපාධන නැති දෙයක් ගැන මිනිස්සුන්ට හීන මවන කෙනෙක් ජනපති කරලා 2015 ම රිපීට් කරගන්න පුළුවන් වෙයි වගේ. :lol::lol:

    අපි මචං ඇත්ත කතා කරමු.... මේ පාර ජනාධිපති වෙන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකෙන් එන එකෙක්.... ඊට පරිබාහිරව වන් මෑන් ෂෝ එන එකෙකුටවත් ලංකාවේ දැන් තියෙන තත්වය අනුව ජනාධිපති වෙන්න බෑ....​
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    අපි මචං ඇත්ත කතා කරමු.... මේ පාර ජනාධිපති වෙන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකෙන් එන එකෙක්.... ඊට පරිබාහිරව වන් මෑන් ෂෝ එන එකෙකුටවත් ලංකාවේ දැන් තියෙන තත්වය අනුව ජනාධිපති වෙන්න බෑ....​

    ප්‍රශ්නේ තියන්නේ දැනටමත් මේ වගේ මිනිස්සුන්ට අපේ තරුණ පරපුර රැවටිලා ඉවරයි. ව්‍යවස්ථාවක් කියවලාවත් නැති, විධායකය, ව්‍යවස්තධයකය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති පලවෙනි සැරේට චන්දෙ දෙන කොල්ලෝ කෙල්ලෝ තමයි වැඩියෙන්ම රැවටෙන්නේ. ඉතින් චන්ද හතර අතට කැඩෙනවා. අනික මුස්ලිම් මිනිස්සු/ දෙමල මිනිස්සු මේ වගේ අයට කීයටවත් චන්දෙ දෙන්නේ නෑ. ඉතින් කෙලවෙන්නේ සිංහලයටම තමයි.:(:(