දැන් ව්‍යවස්ථාව අල කරලා ඉවරයි, උදාහරණයක් විදියට පාර්ලිමේන්තුව විසිරුවිමට බලය තියෙන්නේ පර්ලිමෙන්තුවටම විතරයි. ඒක මහා විහිළුවක් ඒ මොකද කියල මම පැහැදිලි කරන්නම්.
ප්රජාතන්ත්රවාදය රැදිලා තියෙන්නේ කණු 3ක් උඩ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය තමයි ඒ කණු 3. මේ 3න් එකක් වැරදි පාරේ යනවනම් අනිත් දෙකෙන් එකක් හෝ දෙකම එක්ව එය නවත්වන්න කටයුතු කරන්න පුළුවන්. අපි හිතමු විධායකය අත්තනෝමතිකව වැඩ කරනවා කියල එවිට එය නැවැත්වීමේ බලය තියෙන්නේ ව්‍යවස්ථාදායකය ඒ කියන්නේ පාර්ලිමේන්තුව සහ අධිකරණය එක්ව කටයුතු කිරීමෙන් පමණයි. ඒවගේම අධිකරණ විනිසුරන් අත්තනෝමතිකව ක්‍රියාකරන්නේ නම් එය නැවැත්වීමේ බලයත් පාර්ලිමේන්තුව සතු වෙනවා. නමුත් 19වන සංශෝධනය අනුව පාර්ලිමේන්තුව අත්තනෝමතිකව කටයුතු කරන්නේ නම් එය නවත්වන්න පුළුවන් පාර්ලිමෙන්තුවටම පමණයි. එය හරියට "හොරාගේ අම්මගෙන් පේන අසනවා වැනිය යන පැරණි සිංහල කියමන සිහිපත් කරවන්නක්". මෙය හරියට විධායකය එසේත් නොමැතිනම් ජනාදිපති පිස්සු කෙලින්නේ නම් එය ඔහුම තේරුම්ගෙන ඔව් මට දැන් පිස්සු ඒක නිසා මම ඉල්ලා අස්වෙනවා යයි සිතා ඉවත් වුවොත් මිස ඔහු ඉවත් කිරීමට කිසිම ප්රතිපාදනයක් නොමැති වීමට සමානයි.
දැන් අපි සවිස්තරාත්මකව බලමු පාර්ලිමේන්තුව විසින්ම පාර්ලිමේන්තුව විසිරුවිම සදහා ප්‍රතිපාදන යොදා ඇති ආකාරය. 19වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්මතුව විසිරුවිමට නම් පාර්ලිමේන්තුව විසින් එය විසුරුවිම සදහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2/3 ක අනුමැතියක් සහිතව සම්මත කරගත යුතුයි. මම එහි භයානක කම පැහැදිලි කරන්නම්.
පාලිමේන්තුව අත්තනෝමතිකව ක්‍රියා කරනවා යනු එහි බහුතර බලය හිමි ආණ්ඩු පක්ෂය හිතු මනාපයට ක්‍රියා කිරීමය. ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආසන 225න් 113ක් හෝ එට වැඩි ප්‍රමාණයක් හිමිය. පාර්ලිමේන්තුවේ 2/3 ලබා ගැනීමට ආසන 150ක් අවශ්‍යය. මෙම සංක්යා අනුව සම්පුර්ණ චිත්‍රය හිතාගන්න පුළුවන් කියල මම හිතනවා. කෙටියෙන් කිව්වොත් ආණ්ඩුව අත්තනෝමතිකව වැඩ කරොත් එය නැවත්වීමට ඔවුන්ටම සිතුනොත් මිස වෙන කිසිම ක්‍රමයකින් ඔවුන් නැවැත්විය නොහැක.
අනිවා වික්කමසින්හය සීරාව රවට්ටගෙන ව්‍යවස්ථාව තනිකරම කැද හැලියක් කළා. දැන් කට්ටිය දෙපැත්තට ඇද ඇද ඉන්නවා. මුලින්ම මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේ

