උබලට කෙල වෙලා යන්නේ 2020 තමා . සදා අනාතයි , උබලට කන්න බොන්න දෙන්නේත් එක්සත් ජාතින්ගේ සංවිධානෙන් 2035 වගේ වෙද්දි .
ඒ කියන්නෙ ඉතින් මෙ තියන ව්‍යවස්තාවට/නීතියට පිටින් යනව කියන එකනෙ. ඉතින් බං එහෙම කරන්න පුලුවන් නම් මොකටද ජනපති කෙනෙක් අලුතින්? අර මහින්ද අගමැති කරන්න ගිහින් අදිකරනයෙන් දීපු තින්දුව අමතකද? හිතනවද ඔය ව්‍යවස්තාවට පිටින් ව්‍යවස්තාවක් සම්මතකර ගත්තම, විධායකය, අධිකරනය ඕකට කැමති වෙයි කියල? මතක තියාගන්න ව්‍යවස්තාදායකය සහ විධායකය කියන්නෙ දෙකම ජන මතය තමයි. එකක් කැමති වෙලා අනික කැමති නැත්නම් මේ රටෙ බහුතරය නියොජනය වෙනව කියල කියන්න බැහැ.
JR ගේ ව්‍යවස්ථාවේ ඒ කොච්චර බලතල තිබ්බත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ශනය ආරක්ෂා කරා, ඒ කියන්නෙ ජනාධිපති ඉවත් කිරීම දෝෂාභියෝගයක් මගින් අධිකරණ සහ පාර්ලිමේන්තුව එක්ව කල හැකි ලෙස ප්‍රතිපාදන පනවා තිබුණා. නමුත් මේ පාර්ලිමේන්තුව විසින් එයම විසිරුවා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම ලක්ශන වලින් බැහැර වන්නක්.
රනිල් නැවතත් අගමැති වූවොත් ඉතින් මේ රටේ තවදුරටත් සිටීමෙන් ඵලක් නෑ කියලයි මට හිතෙන්නේ, බොට්ටුවෙන් හරි ඉතාලි යන්නයි වෙන්නෙ. අපේ රටේ ජනතාව රනිල් නැවත අගමැති කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ කියල මට විශ්වාසයි.
ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හිතන තරම් ලේසි නෑ, ඒ සංදහා 2/3 අවශ්‍ය වෙනව.
මෙහෙම උන දා ඉදන් සුළු ජාතීන්ගේ බලය වැඩිවෙනවා එකසිය ගානට. නරක ජනපති කෙනෙක් ඇවිත් කරන දේවල් වලට වැඩ භයානකයි ඒක
තත්වය ශෝචනීය වෙන්නේ මම නූලේ කියල තියන විදියටම කඩුවක් නැති කොපුවක් ඇති ආකාරයේ ජනාධිපති කෙනෙක් රටේ ඉන්න එකයි.... බැලූ බැල්මට පේනවා විධායක බලතල තියෙනව වගේ... ඒ වුණාට ඇති ලබ්බකුත් නෑ.... ඊලග ජනාධිපතිවරණයෙන් පස්සේ ආරක්‍ෂක ඇමති පට්ටමත් ගැලවුණාම හිතාගන්න පුලූවන් නේද වෙන දේ.... එක්කෝ සම්පූර්ණ බලතල අයින් කරල නාමික ජනාධිපතිවරයෙක් පත්වෙන්න ඕන.... නැත්තං පූර්ණ බලතල සහිත ජේආර් මොඩලයේ ජනාධිපතිකමක් තියෙන්න ඕන... මම සිංහලයෙක් විදියට ඔය දෙවෙනි ක‍්‍රමයට කැමතියි.... නැත්තං 20% ක සුලූ චන්දවලට 80% ක චන්ද අල්ලේ නටවන්න පුලූවන් වෙනවා.... අනිත් එක විධායක බලතල අයින් කරන්න ඉස්සර වෙලා රටේ කරන්න වෙනස්කම් රාශියක් කියෙනවා... පැහැදිලි පළාත් සීමා නිර්ණය, පලාත් පාලන හා පලාත් සභා ව්‍යුහය වගේ දේවල්... උඹල අපි අමතක කරන දෙයක් තමයි විධායක ජනාධිපති බලතල අඩු වීමත් සමග පළාත් සභාවල තනි තනියෙන් නැගී සිටීමකුත් සිද්දවෙනවා... උතුර නැගෙනහිර ලංකාවෙන් ගැලවිලා යන දිනය වැඩි ඈතක නෙවෙයි.... ශක්තිමත් ව්‍යවස්ථාවක් නැතිව විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ශෝචනීයයි තමයි....
සුළු ඡන්ද වලට අල්ලෙ නටවන්න පුළුවන් සුළු ජාතීන් සුළු ජාතීන්ම නියෝජනය කරන පක්ශ වලට ඡන්දෙ දුන්නොත්නෙ. හැබැයි එයාලව නම්ම ගන්න පුළුවන් මොලෙන්.
UNP කාරයෝ කියන්නෙ නම් අමුම ගොන්නු set එකක් තමයි නමුත් උබ හිතන තරම් මිනිස්සු මෝඩ නෑ, නමුත් 2/3 ගන්න අමාරුයි.



20 සම්මත උනොත් බඩු බනිස් තමයි
පැහැදිලිවම ඒ කියන්නේ පවතින ව්‍යවස්ථාවට/නීතියට පිටින් යාමක්. මම කලින් කිව්වා වගේ එහෙම කරපු අවස්ථා ලෝක ඉතිහාසයේ සහ මේ අපේ ලංකා දේශපාලන ඉතිහාසයේම තියෙනවා. ඒවා වෙන්නේ සමාජ අවශ්‍යතාමත. ජනමත විචාරණයකින් ව්‍යවස්ථාවක් සම්මත වෙනවා කියන්නේ ඉතින් ජනතාව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුනම ක්‍රියා කලයුතු ආකාරය ගැන අලුතින් තීන්දුවක් දුන්න හා සමානයි.
ඕකට ඉතිං චන්දයක් ඉල්ලන්න ඕනත් නෑ නේ. මිනිස්සුන්ට පාරට බැහැල විප්ලවයක් කරන්න කිව්වා නම් ඉවරයි. දෙකේම වෙනසක් නැහැ. ලෝකේ ඕන තරම් උදාහරණ තියනවා ඒකට නම්. ජ වි පෙ ත් කරන්න හැදුවේ ව්‍යවස්ථාවට පිටිං විප්ලවයක් කරලා.