ඊශ්‍රායලය ආරක්ෂා කරන Iron Dome පද්ධතිය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඊශ්‍රායලය ආරක්ෂා කරන Iron Dome පද්ධතිය

    Iron Dome මුලින් කීවාක් මෙන් ඊශ්‍රායලය සතුව ඇති මිසයිල් ආරක්ෂණ පද්ධතිය යි. මෙය නිෂ්පාදනය කිරීම සහ වැඩි දියුණු කිරීම සිදුකර ඇත්තේ ඊශ්‍රායලයේදීම යි. ඇමරිකා එක්සත් ජනපදයත් මේ ව්‍යාපෘතිය සඳහා මුදලින් ආධාර කරනවා. ජංගම පද්ධතියක් වන මෙමගින් කෙටි සහ මධ්‍යම දුර මිසයිල, රොකට් මෙන්ම, මෝටාර් ප්‍රහාර ද ඊශ්‍රායල බිමට පතිත වන්නවට පළමුව උඩු ගුවනේදීම විනාශ කෙරෙනවා. Iron Dome බැටරි කිහිපයක් ඊශ්‍රායලය සතු යි.
    Irand1-680x470.jpg

    හිටපු ඇමරිකානු ජනපති බැරක් ඔබාමා සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු Iron Dome බැටරියක් අසල/Algemeiner

    2007 වසරේ ලෙබනන යුධ සමයේ දී හිස්බුල්ලා ගරිල්ලන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසුව සිය ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආරක්ෂණ පද්ධතියක් තිබීමේ අවශ්‍යතාව ඊශ්‍රායලයට තදින්ම දැනුණා. ලෙබනන් යුධයේ දී හිස්බුල්ලා සංවිධානය රොකට් 4000ක් පමණ ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශය දෙසට එල්ල කළ අතර ඉන් සිවිල් වැසියන් 44 දෙනෙකු මිය ගියා.
    පසුව හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ සිට එල්ල කරන රොකට් ප්‍රහාරවලින්ද ඊශ්‍රායලය සිය ආරක්ෂාව සලසා ගත යුතුව තිබුණා. Rafael Advanced Defense Systems සහ Israel Aircraft Industries යන ආයතන දෙක එකතුව Iron Dome නිෂ්පාදනය කරන්නේ ඉන් අනතුරුව යි. Iron Dome ප්‍රථම වරට භාවිතා කරනු ලැබුවේ 2011 වසරේ දී ගාසා තීරය දෙසින් එල්ල වූ රොකට්ටුවක් විනාශ කර දැමීමට යි.
    වර්තමානයේ මෙය ලෝකයේ වඩාත්ම ඵලදායි මිසයිල ආරක්ෂණ පද්ධතීන්ගෙන් එකක් ලෙස සැලකෙනවා.
    Iron Dome ආරක්ෂණ පද්ධතියට අමතරව මිසයිලවලින් ආරක්ෂාව සලසා ගැනීම පිණිස ඊශ්‍රායලය සතුව David’s Sling (මධ්‍යම දුර මිසයිල ඉලක්ක ) සහ Arrow Intercepter (දිගු දුර මිසයිල ඉලක්ක) යනුවෙන් තවත් පද්ධතීන් දෙකක් තිබෙනවා. මේවා වෙනුවෙනුත් ඔවුන්ට ඇමරිකාවේ සහය නොඅඩුව ලැබෙනවා.
    ක්‍රියාත්මක වන ආකාරය

    Irand2-680x453.jpg

    Iron Dome මගින් සුනුවිසුණු කර දමන සතුරු රොකට්ටුවක්/Israel21c

    Iron Dome හි ප්‍රධාන අංග තුනක් තිබෙනවා. එනම්,

    1. ඊශ්‍රායලය දෙසට එල්ලවන රොකට් හා මිසයිල හඳුනාගැනීමට ඇති රේඩාර් පද්ධතිය.
    2. පද්ධතිය මගින් එල්ල කරන රොකට් ප්‍රහාර පාලනය කරන මෘදුකාංග පද්ධතිය.
    3. රොකට් විදිනය.
    මෙහි වඩාත්ම සංකීර්ණ දේ වනුයේ මෘදුකාංග ආධාරයෙන් තමන් දෙසට එල්ලවන රොකට්ටු පතිතවන්නේ කුමන ප්‍රදේශයකට ද යන්න නිගමනය කිරීමට මෙම පද්ධතියට ඇති හැකියාව යි. මේ නිසා ජන ශූන්‍ය ප්‍රදේශවලට පතිත වන රොකට් මගහැර ජනාවාස ප්‍රදේශ මත පතිත වීමේ අවදානමක් ඇති රොකට් සහ මිසයිල් විනාශ කිරීමේ හැකියාව ඊශ්‍රායල යුධ හමුදාව සතු යි.
    එසේ හඳුනාගත් සතුරු රොකට්ටු වෙතට Iron Dome විසින් තවත් රොකට්ටුවක් මුදා හැර සතුරු රොකට්ටු උඩු ගුවනේදීම සුනුවිසුණු කොට දමනවා.
    වියදම් සහ කාර්යක්ෂමතාව

    Irand3-680x380.jpg

    Iron Dome මගින් මුදා හැරෙන රොකට්ටුවක්/CBS

    Iron Dome විසින් එල්ල කරන එක් රොකට්ටුවක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 95,000ක් පමණ වැය වන බව පැවසෙනවා. මේ අධික වියදම නිසා ඊශ්‍රායලය Iron Dome භාවිතා කරන්නේ ජනාවාස ප්‍රදේශවලට පතිත විය හැකි සතුරු රොකට්ටු සඳහා පමණ යි.
    2012 වසරේදී හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති වූ ගැටුම් අතරතුර දී හමාස් සංවිධානය විසින් එල්ල කරනු ලැබූ රොකට්වලින් 85%ක් පමණ Iron Dome මගින් විනාශ කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණා. මෙම සංඛ්‍යා ලේඛන පිළිබඳ ඇතැමුන් සැක මතුකළත් ජාත්‍යන්තර ටයිම් සඟරාවේ ආරක්ෂක විශේෂඥ මාක් තොම්සන් පවසා සිටින්නේ සතුරු ප්‍රහාරවලින් ඊශ්‍රායල ජනයාට සිදු වන හානි ඉතා අවම මට්ටමක පැවතීමට මෙම මිසයිල ආරක්ෂණ පද්ධතියද එක් හේතුවක් බවයි. ඔහු පවසන අන්දමට Iron Dome යනු ලෝකයේ එදා මෙදා තුර දැකිය හැකි වූ වඩාත්ම ඵලදායි මිසයිල ආරක්ෂණ පද්ධතිය යි.
    රොකට්ටු වෙනුවට ලේසර් කිරණ නිකුත් කර සතුරු රොකට්ටු විනාශ කරන පද්ධතියක් ද ඊශ්‍රායලය සතුව ඇති බව පැවසෙනවා. එය හැඳින්වෙන්නේ Iron Beam නමින්.
     

    naziz

    Banned
    Jun 23, 2018
    80
    10
    0
    නූල් කඩා ගන්න, කැඩිලා ඉන්න සහ කැඩෙන්න නූලක් නෑ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වුනාට වැටෙන් රිංගලා ඇවිත් ගැහුවේ ගුපියන්ට...

    ඕකයි කියන්නේ කොච්චර වැඩ කරුවෝ වුනත් තමන් යුද්ධ කරන්නේ මොක්කු එක්කද කියලා ඉස්සෙල්ලා හොයලා බලලා ඉන්න ඕන කියලා :lol: මුන් ලෝකේ නැති ඒවා හදලා තියෙන්නේ වැටෙන් රිංගලා ඇවිත් ගහලා යන ජාතියේ උන් එක්කලා ෆයිට් කරන්න නේ 😂
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    මේ වගේ ආටිකල් බලලා තමා අපිත් හිතුවේ ඊශ්‍රායල් කියන්නේ අමුතුම ජීවියෝ ඉන්න මාරම වැඩකාරයෝ ඉන්න රටක් කියලා.අන්තිමට උදව් ඉල්ලන්නත් උනා අර රොකට් කාරයෝ මට්ටු කරන්න...අනේ අපොයි.. :rofl:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කටින් තමා බලන් ගියාම උනුත් වැඩ්ඩෝ
    ඇවිත් උස්සන් යනකල් එකෙක් දන්නේ නෑ
    පද්ධතිත් නෑ, මොලත් නෑ, තාස්සනෙත් නෑ

    කර තියන් ගියේ අන්තිමේ. හැමෝම කයිතන් ලා තමා අන්තිමේ
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    කටින් තමා බලන් ගියාම උනුත් වැඩ්ඩෝ
    ඇවිත් උස්සන් යනකල් එකෙක් දන්නේ නෑ
    පද්ධතිත් නෑ, මොලත් නෑ, තාස්සනෙත් නෑ

    කර තියන් ගියේ අන්තිමේ. හැමෝම කයිතන් ලා තමා අන්තිමේ
    ado oka kalawan gihinda :shocked:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    ඕක fail project එකක්
    දැනට අවුරුදු ගානකට කලින්ම ඕක ගැන article එකක් ගියා .
    සරලව කිව්වොත් පලස්තිනේ උන් 50$ විතර වියදම් කරලා ගෙදර හදන රොකට් එකක් එව්වත් එක බිම් දන්නා ඊශ්‍රායල් උන්ට 95000$ වියදම් වෙනවා.
    ඕක ගණන් හදල කිව්වා පලස්තින් උන් දවසට එක ගානේ රොකට් එව්වොත් ඊශ්‍රායල් අවුරුදු 3කින්ද කොහෙද බංකොලොත් වෙනවා කියලා


    වැඩිය මේවා කියන්න බෑ මොකද එළකිරි යුධ විශේෂඥයෝ න්ගේ උදහසට ලක්වෙනවා
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    Iron Dome eka success. Hamas un me wenakota rockets 7000+ gahala tiyenawa. oin kiyada surface touch kare. unge defense system eka hodai. eth Intelligence eka avul dan. ubala hariyata kata karanne air defense fail wagene.

    yako ape kalakanninta gahanawa kiyalat muku kara ganna beri una Easter attack ekedi.