අපි හරි කැමතියි කඳවුරක් ඇතුලට ගාල් වෙන්න.
අපිටම කියල ගැටළුවක්… අර්බුධයක්… යුද්ධයක් නැති වුනොත් වෙනත් කෙනෙක්ගෙ යුද්ධයක් අර්බුධයක් ඇඟට දාගෙන හරි අපි කඳවුරකට ගාල් වෙනව.
ඇමරිකානු – සෝවියට්.. කළු -සුදු… ධනවාදී – සමාජවාදී.. උතුර දකුණ වගේ විකාර කඳවුරු අතරෙ අපි අතරමං වෙනව.
ඒ කඳවුරු ඇතුලට වැදුනම අපිට මගෑරෙන දේවල් අනන්තයි.
කඳවුරෙන් එලියට ගිහින් අහස දිහා බැලුවොත් විතරයි අපිට පුළුවන් තරු පායපු අහස දකින්න.. කෙලවරක්… ඉමක් නැති අහසේ විශ්මය ගැන පුදුම වෙන්න.
කඳවුරක එලියෙ ඉඳන් ගැටළුවක් දෙස බලන්නයි මේ උත්සාහය.
යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව.
දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය මවනව.
හඳ.. තරු.. අහස.. පොළව… ගහ කොල විතරක් නෙවෙයි.. ආදම් හා ඒව නමින් පලමු ගැහැණිය හා මිනිසාත් දෙවියන් විසින් මවනව.
ඒ ලේඛන කියන ආකාරයට අපි මේ ඉන්නෙ 5782 කියන වර්ශයේ. ඒ කියන්නෙ ලෝකය මැවීමෙන් අවුරුදු 5782 ක් ගතවෙලා ඉවරයි.
යුදෙව් වගේම පහුකාලීන්ව බිහිවෙන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් දෙකේත් මේ බව විශ්වාස කෙරෙනව.
දැනට අවුරුදු 3834කට කලින් ආබ්‍රහම් කියල පුද්ගලයෙක් උපත ලබන බවට සඳහන් වෙන්නෙත් යුදෙව් ලේඛන තුලමයි.
( ලෝකය නිර්මාණයෙන් වසර 1948කට පසුව තමයි ආබ්‍රහම් උපත ලබන්නෙ)
දෙවියන්ගේ මතයට විරුද්ධව විවිධ ජනකොටස් කටයුතු කරන හේතුවෙන් දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ව තෝරා ගන්නව තමන්ගෙ පරපුර ඉදිරියට ගෙනි යන්න.
මෙන්න මේ ආබ්‍රහම් තමන්ගෙ පුතාව දෙවියන්ට බිලි දෙන්න සූදානම් වීම මත දේව ආශිර්වාදයත් කැමැත්තත් දිනාගන්නව.
එයාට ලැබෙන තෑග්ග තමයි කානාන් නම් දේශය.
අද ලෝකයේ පිලිගැනෙන ආගම් අතරින් යුදෙව්… ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් හා ඇදහීම්වල පියා තමයි ආබ්‍රහම්.
ආබ්‍රහම්ගේ පරපුර යුදෙව්වන් විදිහට කානාන් හෙවත් ඊශ්‍රායල් භූමි ප්‍රදේශයේ පදිංචි වෙලා තමන්ගෙ රාජධානිය ගොඩනගනව.
මේ රාජධානියේ අගනුවර තමයි ජෙරුසෙලම.
මේ යුදෙව් මිනිස්සු යුද්ධයේ වගේම වගා කිරීමේත් දක්ශයො. කානාන් දියුණු රාජ්‍යයක් බවට පත්වෙද්දි බැබිලෝනියා හා පාරාවන්ගේ ඊජිප්තු පාලනයේ අවධානයත් ඊර්ශ්‍යාවත් මේ භූමිය දිහාවට යොමුවෙනව.
ක්‍රිස්තු පූර්ව දහවන සියවසේදී පමන ඊජිප්තු පාරාවෝ පාලකයෙක් වූ ශිශාක් යුදෙව් දේශය ආක්‍රමණය කරනව. ( ශිෂාක්- Shishak, also spelled Shishaq or Susac)
ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් කුදලගෙන අරගෙන එනව ඊජිප්තුවට.
මේ අය වහළුන් විදිහට යොදාගන්නව ඊජිප්තුව ගොඩනගන්න.
ඒ වෙද්දි ඊජිප්තුවේ විවිධ වර්ගයේ දෙවිවරුන් අදහනව.
හදිස්සියේම යුදෙව්වන්ගේ දෙවියන්ට මතක් වෙනව තමන්ගෙ ජනතාව ඊජිප්තුවේ වහළුන් විදිහට වැඩ කරනව කියල.
දෙවියන් විසින් මෝසෙස් කියන පුද්ගලයා හෙවත් ශාස්තෲවරයා තෝරාගෙන මේ යුදෙව් වහළුන් පිරිසට නිදහස ලබාගන්න මග පෙන්වනව.
මෝසෙස් විසින් ඊජිප්තුවේ වහල්කම් කරපු ජනතාව නිදහස් කරගෙන ආයෙත් කානාන් හෙවත් ඊශ්‍රායලයට කැඳවාගෙන එනව. ( ඊශ්‍රායල් භූමියට ඇතුල් වෙන්න කලින් මෝසෙස් මිය යද්දි ජෝශුවා නම් නායකයා තමයි යුදෙව් ජනතාව තමන්ගෙ මව් බිමට කැඳවාගෙන එන්නෙ –
මේ සියල්ල සටහන් වෙන්නෙ යුදෙව් ලේඛණ තුල වුනත් පසුකාලීන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ඇදහීම් තුල මේ ලේඛන විශ්වාස කරන්න පටන් ගන්නව)
නැවත සැරයක් කානාන් දේශය බලවත් වෙනව. ඉන්පස්සෙ බැබිලෝනියාව විසින් කානාන් ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් බැබිලෝනියාවේ වහල් කමට ගන්නව.
මෙන්න මේ කාලයේදී යුදෙව්වන් තමන්ගෙ ග්‍රන්ථවල ලියනව මෙසියා නම් රජෙකු පහලවෙලා නැවතත් ඊශ්‍රායලය බලවත් රාජ්‍යයක් කරන බවට.
කාලය ගතවෙනව.. ටිකෙන් ටික නිදහස ලබාගන්නා යුදෙව්වන් නැවතත් යුදෙව් දේශය ගොඩනගනව.
මේ වෙද්දි රෝම අධිරාජ්‍ය ඉතාම බලවත් වෙමින් යුරෝපයත් මධ්‍යධරණී කලාපයෙත් බලය පතුරවනව.
යුදෙව් රාජ්‍යටත් සිදුවෙනව රෝමයේ පාලනයට යටත් වෙලා උප රාජ්‍යයක් බවට පත්වෙන්න.
ක්‍රිස්තු වර්ශ එකේදී ජේසුස් නම් පුද්ගලයෙක් උපත ලබන්නෙ යුදෙව් පවුලකට අයත්ව මේ කියන යුදෙව් දේශයේදීයි.
යුදෙව්වන්ගෙන් කොටසක් විශ්වාස කරනව මේ උපත ලබන්නෙ මෙසියා හෙවත් ඊශ්‍රායලයේ ගැලවුම් කරු බවට. තවත් කොටසක් මේ අදහස ප්‍රථික්ශේප කරනව. මේ තරුණයා බොහොම විප්ලවවාදී අදහස් ඇති දක්ශ කථිකයෙක්.
කෝපයට පත්වෙන මූලධර්මවාදී යුදෙව්වන් යේසුස්ට මරණ දඬුවම දෙන්න කියල රෝම පාලනයෙන් ඉල්ලනව. මේකෙ ප්‍රථිඵලයක් විදිහට ෆොන්සියු පිලාත් නම් ප්‍රාදේශීය නායකයෙක් යටතේ නඩු අහල ජේසුස්ව කුරුසයේ ඇණ ගහල මරාදානව.
මේ සිද්ධියත් එක්කම යුදෙව් දේශයේ ජනයා කොටස් දෙකකට බෙදෙනව යුදෙව් හා ක්‍රිස්තියානි විදිහට.
යේසුස් දෙවියන්ගේ පුත්‍රයා හා ඊශ්‍රායලයේ ගැලවුම්කරු විදිහට පිලිගන්නා කොටස ක්‍රිස්තියානි වෙද්දි ඒ මතය පිලි නොගන්නා කොටස යුදෙව්වන් විදිහට ඉතිරි වෙනව.
මේ දෙපිරිසම දැන් යුදෙව් දේශයේ ජීවත් වෙනව රෝම පාලනයට යටත්ව.
රෝමයේ අධික බදුබර දරාගන්න ලේසි නෑ. යුදෙව් දේශයේ හෙවත් ඊශ්‍රායල් ජනතාව මහන්සි වෙලා වැඩකරනව.. වගා කරනව… අළුත් නිර්මාණ බිහිකරනව.
යුදෙව් දේශය හෙවත් ජුදෙයා නැවත වරක් තමන්ගෙ අනන්‍යතාව ගොඩ නගා ගන්න උත්සාහ කරනව විවිධ බෙදීම් මැද.
මේ අය කැරලි ගහනව අධික බදු පැනවීමට හා රෝම නීති රීති වලට එරෙහිව.