ඊස්‍රාලයට සංක්‍රමණය වෙමු

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113
    මේ ටිකේම බුකියේ කිරියේ isreal ගැන පෝස්ටු කියෝලා මාර මොරාල් එකක් ආවා බන්.. මට පේන්නේ මුන් තමයි ලෝකෙන්ම යක්කු.. ආයේ ජීවත් වෙන්න මීට වඩා රටක් නෑ.. කොහොමද බන් isreal ට යන්නේ? ASUI වැඩක් නෑ.. බොරු වැඩක්..
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    නාකී බලගන්න යන්න පුලුවන්

    හැබයි උබට පුරවැසි කම දෙන එකක් නෑ. අනික එච්චර ගනන් ගන්න එකකුත් නෑ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ ටිකේම බුකියේ කිරියේ isreal ගැන පෝස්ටු කියෝලා මාර මොරාල් එකක් ආවා බන්.. මට පේන්නේ මුන් තමයි ලෝකෙන්ම යක්කු.. ආයේ ජීවත් වෙන්න මීට වඩා රටක් නෑ.. කොහොමද බන් isreal ට යන්නේ? ASUI වැඩක් නෑ.. බොරු වැඩක්..
    uba ada da danne. un yakku tama unge technology eka nam patta. hamadetama.
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මම project එකකට උන් එක්ක වැඩ කලා. උන් දෙන්නෙක් විතර ලංකාවට ආව උන්ගෙ products කීපයක POC එකකට.. අපි එක daracenter එකකට යනක‌ොට ටවුන් හෝල් එකෙ තණක‌ොල දැකල උන් පට්ට ආසාවෙන් බලන් ඉන්නව. වැස්ස එහෙම උන්ට නෑ. ඉතින් වහිනක‌ොටත් උන් මාර ආසාවෙන් බලන් ඉන්නෙ. ඉශායල් කියන්නෙ කාන්තාර වල පවා වගා කරන මිනිස්සු. හැබැයි උන්ට වැස්සවත් නැහැ.. හ‌ොයල බලපන්. නියම ම‌ොලකාරයො ඉන්න සුපිරි රටක්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Israel giyata apiwa ganan ganne naha
    Onna uba jew kenek nam ubata place
    Christianity and Islam wage judaism walata convert wennat amarui

    Sinhalunta poddak hari hodata treat karanne Aussie, USA wage ratawal

    USA wala police karayek wena jathiyaka ekek maruwoth protest karanna hari ewun innawa, lankawe wena jathi tiya thamange ekek maruwath dawas deka thunakin amatakai

    ekane Basil sir unath USA yanne lamai balanna, gota sir unath ehemai
     
    • Like
    Reactions: shenat

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ එම්බසි එකක් නැහැ බන්. වි එෆ් එස් සෙන්ටර් එක හරහා ඇප්ලයි කලාම ඉන්දියන් එම්බසි එකෙන් වීසා ගැහුවොත් තමා ඉස්‍රයායල් වලට එන්න පුලුවන්. එම්බසි එකෙන් මාසෙකට වීසා දෙනව. පස්සේ මෙහෙට ආවම තමා අවුරුද්දකට දෙන්නෙ. ඉස්‍රායල් වලට කෙට් කාලින සහ දිගු කාලින වසයෙන් තමයි ගන්නේ. රජයෙන් මාස 8 වගේ විසා දුන්නා යන්න කෘසිකාර්මන්තයට වැඩේ කියන්නේ ලන්කාවෙන් ආපු උන් මාස 8 න් ආපහු ගියේ නැහැ පැන්නා. දැන් ඒවට ලන්කාවේන් ගන්නේ නැහැ. අනික හෙල්ත් කෙයා මේ ෆීල්ඩ් එකට
    ඉන්දියා
    නේපාල්
    ස්‍රි ලන්කා
    රුසියා
    යුක්‍රේන්
    උස්බකිස්තාන්
    පිලිපීන්
    වගේ රටවලින් ගෙන්නනව. කෘසිකර්මයට නම් තායිලන්ඩ් අය. උන් තමයි වැඩ්ඩෝ, මේ සේරම රටවල් වලට සාපේක්සව බැලුවම ලන්කාවේන් ඉස්‍රායල් වලට යන්න විසාල මුදලක් අය කරනව. තැරැව්කාර ගාස්තු, වීසා, ඩොකියුමන්ට්, ටිකට් වලට සේරම 2.5 මිලියන් වගේ තමා දැනට යන ගාස්තු.
    විදේස සේවා එකේන් මාස 1.5 කෝස් එක කරල එතනින් ඉන්ග්‍රිසි/හිබෘ/අරාබ් කියන විසයන් තුන පාස් උනාම තමා මෙහෙ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුලුවන්. අනිවාර්යේන් සල්ලි හදාගෙන වැඩේට බහින්න ඔන. වගකිවයුතු ඒජන්සියක් හරහා මෙහෙ ඒජන්සියක් තුලින් තමයි වැඩේ වෙන්නෙ. ඉන්ටර්විව් එක ඔන්ලයින් තමයි කරන්නේ ඉන්දියන් එම්බ්සි එකේන්. 75% ඉන්ටර්විව් ෆේල්. එන්න ගොඩක්ම අමාරු රටක්. ඒකට හේතුව අපිට එම්බසි එකක් නැති කමත් වෙන්න පුලුවන්. මාසික වැටුප 1850 ඩොලර් සිට ඉහලට. කිලීනින් කරන අය මෙහෙ 2500+ හොයනව. ලන්කාවෙන් ගොඩක් අඩුවෙන් ගන්නේ ඉන්දියන් අයට ප්‍රයෝරිටි දෙන්නෙ.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    rivira-nimal-siripala-2.png


    ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කර ගත් රාජතාන්ත්‍රික ගිවිසුමට අනුව මින් ඉදිරියට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවිම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරයි.

    ඊශ්‍රායලයේ ගෘහස්ත සාත්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින් යවනු ලැබු ලාංකීකයන් ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අය කිරිම පිළිබඳ ලද තොරතුරු මත ඊශ්‍රායල් රජය මෙරට රැකියා ඒජන්සිකරුවන් මගින් එරටට ශ්‍රමිකයින් ගෙන් වීම අත්හිටුවා, ලාංකීක ශ්‍රමිකයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පමණක් ගෙන්වා ගැනීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මේ බව හෙළි කළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

    එහිදි තවදුරටත් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ගිවිසුම නිසා මින් ඉදිරියට කිසිදු පෞද්ගලික ආයතනයකට ඊශ්‍රායලයට ලාංකීක ශ්‍රමිකයින් යැවිමට අවස්ථාවක් නොමැති බවයි. එම නිසා ඊශ්‍රායලයට ලාංකික ශ්‍රමිකයින් යැවිම පිළිබඳ වන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදි ප්‍රකාශ කළා.

    එසේම, විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට අනුව වෙනත් රටවල් වල විවිධ වෘත්තීන් සඳහා ලාංකිකයන් යැවීමේ කාර්ය භාරය ද විදේශ සේවා නියුක්ති කාර්යාංශ මඟින් පමණක් කිරිමට හැකි බව මෙහිදි අවධාරණය කෙරිණි.
    ------ Post added on May 14, 2021 at 11:28 AM
     
    • Like
    Reactions: NRTG and Rankira