ඊසි පුඩින්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    පුඩින් කිව්වම ඉතින් ස්වීට් පුඩින් වගේම සේවරි පුඩිනුත් තියෙනව. අද මේ හදන්න යන්නෙ ඩෙසර්ට් එකට ගන්න පුළුවන් ස්වීට් පුඩින් ටිකක්. පුඩින් කාලද උඩින් යන්නෙ කියල කාට හරි අහන්න හිතෙන තරම් රසවත් පුඩින් රෙසිපි ටිකක් ඔන්න අරන් ආව. රස උනාට මේවා හදන්න හරිම ලේසියි. වැඩි වැඩ නැති ඊසි ලේසි පුඩින් ටිකක් හදමුද?


    1. චොකලට් ක්‍රීම් පුඩින් – Chocolate Cream Pudding



    PuddingRecipes-aniwa-01.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. සුදු සීනි කප් 1
    2. කෝන්ෆ්ලා මේස හැඳි 2
    3. කිරි කප් 2
    4. ලුණු තේ හැඳි 1\4
    5. කුඩාවට කපාගත් කුකින් චොකලට් 30g
    6. බිත්තර කහමද 2
    7. බටර් මේස හැඳි 2
    8. වැනිලා තේ හැන්දක්


    • භාජනයක් ලිප තබා එයට කිරි ටික එක් කර ඒ සමඟම සීනි, කෝන්ෆ්ලා, ලුණු එක් කර මිශ්‍ර කරන්න. එයටම චොකලට් කැබලි ටිකත් එක් කරගන්න. චොකලට් ටික දිය වෙන තුරු නොනවත්වාම හැඳි ගාන්න.
    • ලිපෙන් ඉවත් කර කමහද එක් කර ඉක්මණින්ම මිශ්‍ර කරගන්න. නැවත ලිප තබා විනාඩි 2ක් පමණ හැඳි ගාගන්න. නැවත ලිපෙන් ඉවත් කර බටර් සහ වැනිලා එක් කර මිශ්‍ර කරගෙන පුඩින් බෝල් එකකට දමාගන්න. නිවෙන්නට හැර ශීතකරණයේ පැය 2ක් තබා විප් ක්‍රීම් වලින් පොඩි සැරසිල්ලක් දාලම පිළිගන්වන්න.



    2. ඇපල් පුඩින් – Virginia Apple Pudding



    PuddingRecipes-aniwa-02.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. දිය කරගත් බටර් කප් 1\2
    2. සුදු සීනි කප් 1
    3. පාන් පිටි කප් 1
    4. කිරි කප් 1
    5. බේකින් පව්ඩර් තේ හැඳි 2
    6. ලුණු තේ හැඳි 1\4
    7. පොතු හැර චොප් කරගත් ඇපල් කප් 2
    8. කුරුඳු කුඩු තේ හැඳි 1


    • අවන් එක සෙල්සියස් 180ට රත් වෙන්න තබාගන්න. සීනි, පිටි, බේකින් පව්ඩර්, ලුණු සහ කිරි හොඳින් මිශ්‍ර කරගන්න.
    • භාජනයක් ලිප තබා සීනි මේස හැන්දක් වතුර තේ හැන්දක් දමා සීනි ටික කැරමල් කරගෙන එයට ඇපල් සහ කුරුඳු කුඩු එක් කර මිශ්‍ර කරගන්න. ඇපල් තරමක් පිසීගෙන එන විටම ඉවතට ගෙන කලින් සාදාගත් මිශ්‍රණයට එක් කර බටර් තවරාගත් බේකින් ට්‍රේ එකක දමා විනාඩි 30ක් බේක් කරගන්න.


    3. බටර්ස්කොච් පුඩින් – Butterscotch Pudding



    PuddingRecipes-aniwa-03.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. දුඹුරු සීනි කප් 1
    2. කෝන්ෆ්ලා කප් 1\4
    3. කිරි කප් 3
    4. ලුණු තේ හැඳි 1\2
    5. බීට් කරගත් බිත්තර කහමද 3
    6. බටර් කප් 1\2
    7. වැනිලා තේ හැන්දක්


    • බෝල් එකක සීනි, කෝන්ෆ්ලා සහ ලුණු මිශ්‍ර කරගන්න. මෙයට ඝණකම පේස්ට් එකක් එන තුරු කිරි මිශ්‍ර කරගන්න.
    • ඉතිරි කිරි ටික වෙනම බඳුනක දමා රත් කරගන්න. කිරි උතුරන විට සාදාගත් මිශ්‍රණය දමා හොඳින් කලවම් කරගන්න.
    • ලිපෙන් ඉවතට ගෙන බීට්කරගත් කහමද එක් කරගෙන හොඳින් හැඳි ගාන්න. නැවත ලිප තබා විනාඩි 2ක් පමණ හැඳි ගාමින් මිශ්‍ර කර බටර් සහ වැනිලා එක් කරගන්න. සුදුසු බෝල් එකකට දමා නිවෙන්නට හැර ශීත කර පිළිගන්වන්න.


    4. චොකලට් අලිගැටපේර පුඩින් – Chocolate Avocado Pudding



    PuddingRecipes-aniwa-04.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. කොටු කපාගත් ඉදුණු අලිගැටපේර ගෙඩි 2ක මද
    2. කොකෝවා පව්ඩර් කප් 1\2
    3. දුඹුරු සීනි කප් 1\2
    4. පොල් කිරි කප් 1\3 (උකු පොල් කිරි හෝ පොල් ක්‍රීම්)
    5. වැනිලා තේ හැඳි 2
    6. කුරුඳු කුඩු පින්ච් එකක්


    • සියල්ල එකට එක් කර බ්ලෙන්ඩ් කරගන්න. ශීතකරණයේ පැයක් තබා පිළිගන්වන්න.


    5. සව් පුඩින් – Classic Tapioca Pudding



    PuddingRecipes-aniwa-05.jpg



    අවශ්‍ය ද්‍රව්‍ය

    1. ෆ්‍රෙශ් මිල්ක් කප් 3
    2. සව් කප් 1\2
    3. සුදු සීනි කප් 1\2
    4. සීනි තේ හැඳි 1\4
    5. බීට් කරගත් බිත්තර 2
    6. වැනිලා තේ හැඳි 1\2


    • කිරි, සීනි, ලුණු සහ සව් මිශ්‍ර කර ලිප තබාගන්න. දිගින් දිගටම හැඳි ගාමින් සාමාන්‍ය ගින්දරේ විනාඩි 5ක් පමණ පිසගන්න.
    • ලිපෙන් ඉවතට ගෙන බිත්තර එක් කර මිශ්‍ර කරගන්න. නැවත ලිප තබා මද ගින්දරේ දිගටම හැඳි ගාමින් මිශ්‍රණය ඝණ වනතුරු පිසගන්න. ලිපෙන් ඉවතට ගෙන වැනිලා එක් කර හොඳින් මිශ්‍ර කරගෙන පුඩින් බෝල් එකක දමා ශීතකර පිළිගන්වන්න.


    http://www.aniwa.lk/2017/02/27/1702272-pudding-recipes/

     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අනිවා එකේ තියෙන කෑම වට්ටොරු ගොඩක් ඒවා වැරදියි
    එයාලා නිකම්ම ට්‍රන්ස්ලේට් කරලා ඕවා දාන්නේ, ඇත්තට හදලා නෙමෙයි :baffled:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අනිවා එකේ තියෙන කෑම වට්ටොරු ගොඩක් ඒවා වැරදියි
    එයාලා නිකම්ම ට්‍රන්ස්ලේට් කරලා ඕවා දාන්නේ, ඇත්තට හදලා නෙමෙයි :baffled:


    කිය කිය ඉන්නෙ නැතුව හරි ගස්සලා දාපියකෝ....
    :P :P :P