ඊළඟ භවය හොඳ තැනකට ගෙන යාමට

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    කෙනෙකුගේ ඊළඟ භවය හොඳ තැනකට ගෙන යාමට බලපාන චුති සිත අප පවත්වා ගත යුතු ආකාරය..
    🌺
    පින් කලොත් සුගතියට යනවා කියා වත් පව් කළොත් දුගතියට යනවා කියා වත් බුදුරජාණන් වහන්සේ දේශනා කර නැත.මැරෙන මොහොතේදී සකස් වන්නේ කුමකට අදාල උපාදානයක් ද බැඳී යාමක් ද එම බැඳී යාම චුති සිත ලෙස හඳුන්වයි.
    ඊට අදාලව ඊළඟ භවය ජාතිය සකස් වෙයි.එමනිසා මිනිසා වන අපට ජීවිතයේ ඇති එකම අභියෝගය බවට මෙම චුති සිත කියන කාරණාව ගත යුතුය.
    එහෙත් මිනිසා අභියෝග ලෙස දකින්නේ අධ්‍යාපනය විවාහය දරුවන් වැනි දේවල් ය.
    ඔබේ ජීවිතයේ අධ්‍යාපනය දුර්වල වුවහොත් පහළ මට්ටමේ රැකියාවක් කර ජීවත් වෙන්නට පුළුවනි.විවාහය,දරුවන් වැනි අභියෝග ද කෙසේ හෝ විසඳෙනු ඇත.නමුත් ඔබ අවසාන චුති සිතේ දී කුසලයේ පිනට අදාළ සිත පිහිටුවා ගැනීමට නොහැකි වුවහොත් නිවැරදි කරන්නට බැරි තරම් වැරැද්දක් කළ කෙනෙක් බවට පත් වෙයි.
    මෙම සතර අපායේ ජීවත් වන සෑම සත්වයෙක්ම කියනුයේ පෙර මනුෂ්‍ය ජීවිතයේදී අවසාන චුති සිත දක්ෂ ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වූ මනුෂ්‍යයෙක්මයි.
    අසදෘෂ දානයක් දීමට හැකියාව ඇත්තේ බුද්ධශාසනයකම එක් පුද්ගලයකුටය.එම දානය දීලත් චුති සිතේදී කාමයේ වරදවා හැසිරීමක් සිහි වීම නිසා මල්ලිකා බිසව සතියකට පනු කුලයකට වැටී ඇත.එතරම් බලවත් කුසල කර්ම කල සැදැහැවතුන්ට අත්වූ ඉරණම එය නම් අප ගැන බුද්ධියෙන් සිතා බැලිය යුතුය.
    🌺
    යම් කෙනෙක් ශීලයෙන් පරිපූර්ණ නම් එම පුද්ගලයා තුළ පහත ආනිසංස ඇත.
    ✳️
    කීර්ති රාවය පැතිරෙයි.
    ✳️
    ඕනෑම සභාවක් ඉදිරියට නොබියව යයි.
    ✳️
    සිහි මුළා නොවී මිය යයි.
    මෙහි සිහි මුළා නොවී මිය යාමට නම් මෛත්‍රිය තුළ ශක්තිමත් විය යුතුය.පංච ශීලය තුළ ශක්තිමත් විය යුතුය.ඒ සමගම ශ්‍රද්ධාව හා සම්මා දිට්ඨිය ද පරිපූර්ණ කර ගත යුතුය.මෙම කරුණු ඇස් දෙකට වඩා ශක්තිමත්ව අප ආරක්ෂා කරගත යුතුය.
    මෙම ඇස් දෙක දුර්වල වුවහොත් ඔබ අන්ධ වෙලා, දුර්වල වෙලා අවුරුදු තිහක් හතළිහක් දුක් විඳීමට සිදු වේවි.ඔබ අන්ධ වුණා කියා සතර අපායට වැටෙන්නේ නැත.නමුත් ඔබ ශීලයෙන් දුර්වල භාවයට පත් වී දුර්වල සිල්පදයක් මරණාසන්න මොහොතේදී මතකයට පැමිණියහොත් කල්ප ගණනාවක් සතර අපායේ දුක හිමි වනු ඇත.
    කිසි විටෙකත් දන් දෙනවාය,පින්කම් කරනවාය,කියා සතුටු නොවන්න.එම සිදු කරන දානයටත් පින්කම් වලටත් අදාලව ශීලය ශක්තිමත් කර ගන්න.තුන්සිත පහදවා ගෙන පින්කම් කරන්න.
    ශීලයෙන් පරිපූර්ණ කෙනා තුළ අනිවාර්යෙන්ම මෙත් සිත ඇතිවේ..මෙම කාරණා වලින් යුක්ත පුද්ගලයා සුගතියට අදාළව චුති සිත සාදා ගැනීමට දක්ෂ වෙයි.
    🌺
    ඔබට විදර්ශනා නුවණ අවශ්‍ය නම් නිරතුරුව පින්කම් කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දකින්න.
    පින්කම් කරන අයට ඇතිවන චුති සිත බෙහෙවින් ප්‍රභාශ්වර වේ.එහිදී ප්‍රභාශ්වර ආලෝකයක් ලස්සන දෙවියෙක් දිව්‍යාංගනාවක් වැනි දේ පෙනෙන්නට පුළුවනි.
    මෙහිදී අනිත්‍යය පුහුණු කර නොතිබුණහොත් එම ප්‍රාභාශ්වර ආලෝකයට,දේවතාවන්ට බැඳීමක් සිදුවෙයි.එම ආලෝකය හෝ දෙවියන් අනිත්‍ය යැයි කියා දැකීමට දක්ෂ නොවුවහොත් දිව්‍ය තලයක උපත ලැබීම සිදු වේ.දිව්‍ය තලයේ සිටීමට කුසල් ශක්තිය කාලයත් සමග අඩු වූ විට නැවතත් අකුසලයන් ප්‍රබල වී සතර අපායට හෝ මනුෂ්‍ය ලෝකයට වැටීමට සිදු වේ.එම නිසා නිරතුරුවම රූපයේ අනිත්‍යභාවය දකිමින් පුහුණු විය යුතුය.
    ඔබ බුදුරජාණන් වහන්සේගේ රූපකාය ඉදිරියට ගොස් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අනිත්‍ය යැයි කියා දකිනවා නම් එලෙස අනිත්‍යයි කියා දකින දෙය තුළ ම සතර සතිපට්ඨානය ඇත.
    නිරතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍ය බව දැක පුරුදු වුවහොත් මැරෙන මොහොතේදී ඔබ කුමන සශ්‍රීක දෙවියෙක් දැක්කත් අනිත්‍යයි කියා දැකීමට දක්ෂ වනු ඇත.එනම් ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වී දෑස් පියා ගනු ඇත.
    🌺
    ඒ අනුව චුති සිත කියන බලවත් අභියෝගය සුගතිය කරා යොමු කිරීමට අවශ්‍ය නම් ශීලය, මෛත්‍රිය,ශ්‍රද්ධාව තුල ඔබ ශක්තිමත් විය යුතු ය.
    එම චුති සිත විදර්ශනා නුවණින් අධිගමයන් කරා ගෙන යාමට අවශ්‍ය නම් සංස්කාරයන් ගේ අනිත්‍ය බව දකින්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට නම් ඊලග ආත්මේ වැඩක් නෑ. මේ ආත්මේ තමා වැදගත්.... නොදැක්ක නොදැකපු ඊලග ආත්මයක් වෙනුවෙන් හිත හිත දුක් වෙන්නෙත් නෑ.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඇයි සසර කියන අගාදය පටන්ගත්තේ ?
    බුදු දහමට අනුව, විශ්වයේ අගක් මුලක් මැදක් දකින්න බැහැ. ලෝක විෂයේ මෙම කෙළවරක් නැති ස්වභාවය “ අනවරාග්‍ර” නමින් හඳුන්වනවා. මේ සියලු ලෝක ධාතු (සක්වළවල්) හේතුන් නිසා හටගෙන ඇති බැවින් කලින් කලට මේවා විනාශ වෙලා යනවා. එක් සක්වළක් විනාශ වෙන කොට තවත් අලුත් සක්වළක් නිර්මාණය වෙනවා.

    මේ විධියට, සංයුක්ත නිකායේ “ලෝකත්ත ගමන සූත්‍රයෙන්” ද ලෝකයේ සීමාවක් නැති අචින්ත්‍ය දෙයක් බව විස්තර කෙරෙනවා. එහි අග මුල සෙවීම උමතුවට හා මුළාවට හේතුවනු මිස එයින් වැඩක් නැති බව අප බුදු හිමියන් දේශනා කර තිබෙනවා.

    ඒ වුණත්, සක්වළ අග මුල සෙවීම මුලාවට හේතුවක් නොවන බව, සඳ තරණය – අඟහරු තරණය ආදී නූතන අභ්‍යවකාශ ගවේෂණය කිරීම් මගින් කියාපානවා නේද ?

    මේ ලෝකය විෂමයි, සක්වළවල් අනන්තයි. සඳ (MOON) හා අඟහරු (MARS) කියන්නේ, මේ සක්වළටම අයත් තවත් ග්‍රහ ලෝක දෙකක් විතරයි. එහෙම නැතිව, පිටසක්වළ වෙනත් ලෝක දෙකක් නෙමෙයි. ඔය විදියට අභ්‍යවකාශ ගවේෂණය කරන්න, තව පිටසක්වළවල් අනන්තවත් තියෙනවා. තව සියවස්, සියයක් ගතවුණත් නවීන විද්‍යාව තව කොච්චර දියුණු වුණත්, අනන්ත වූ ලෝක විෂය ගවේෂණය කරලා ඉවර කරන්න බැහැ.

    නූතන ගගණගාමීන්ට සක්වළ අග මුල දැකිය නොහැකි වුණාට, රහත්ඵලලාභී සෘද්ධිමතුන්ට එහි අග මුල දැකිය හැකියි නේද ?

    වරක් “රෝහිතස්ස” නම් දිව්‍ය පුත්‍රයා, පෙර ඉතා වේගවත්ව ගමන් කළ හැකි සෘෂිවරයෙකුව සිටියදී, ලෝකයේ අනන්තය සෙවීම සඳහා අවුරුදු සියයක් පමණ දීර්ඝ කාලයක් අඛණ්ඩව සක්වල පුරා ඇවිද යද්දී එහි නිමාවක් නොදැක අතර මඟ කලුරිය කළ බව දැක්වෙන පුවතක් බුදු දහමේ විස්තර කෙරෙනවා.

    ඒ වගේම, තවත් අවස්ථාවක දී, සක්වළෙන් සක්වළට පා තබමින් සක්වළවල් ගණන් කර ගැනීමට ගිය අප සෘද්ධිමතුන් අතර අග්‍ර වූ මුගලන් මහ රහතන් වහන්සේ දින ගණනාවක් නොකඩවා සක්වළ සිසාරා ගමන් කර අවසන් කර ගත නොහැකිව විඩාපත් වී තිබෙනවා. එවිට බුදු රදුන්ගේ මඟ පෙන්වීමෙන් පසු යළි මනුලොවට වැඩම කළ මුගලන් හිමියන්ට බුදුරදුන් දේශනා කොට වදාරා ඇත්තේ.

    “මහ රහතන් වහන්සේ කෙනෙකු සිය සම්පූර්ණ ජීවිත කාලය තුළ සක්වළ පුරා අඛණ්ඩව ඇවිද ගියද සිය ජීවිත කාලය ගෙවී අවසන් වුවද සක්වළ තවත් අනන්තයට පැතිර පවතින” බවයි.

    එහෙම නම්, අනන්ත වු ලෝක විෂයෙහි අප අත් විඳිය යුත්තේ සැබවින්ම කුමක් ද ?

    ඔව්, පළමුවෙන්ම අපි, සක්වළ අග මුල සොයමින් කල් යැවීම සිර දුක් විඳින සිරකරු, සිර ගෙයි දිග පළල සෙවීමක් වැනි නිසරු ක්‍රියාවක් බව තේරුම් ගතයුතු වෙනවා. එමෙන්ම පෘතග්ජන සිරකරුවාට ද, සැබවින්ම අවශ්‍ය වන්නේ, එහි ස්වභාවය තේරුම් ගෙන ඉන් අත් මිඳීමට මාර්ගයක් බවත් වටහා ගත යුතුව තිබෙනවා.

    අග මුල සොයා ගත නොහැකි මෙවැනි දේ සඳහා බුදු හාමුදුරුවෝ දේශනා කළේ, එහි ස්වභාවය හඳුනා ගැනීම ප්‍රමාණවත් බවයි. නිදසුනක් ලෙස, වසන්ත කාලයට මල් ඵල හට ගන්නේ මන්දැයි සිත සිතා සිටීමට වඩා, මල්හට ගන්නා කාලය වසන්ත කාලය බව වටහා ගෙන ජීවත්වීම ඵලදායක වෙනවා
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    බුදු දහමට අනුව, විශ්වයේ අගක් මුලක් මැදක් දකින්න බැහැ.
    අගක් මුලක් නැත්නම් ඇයි කෙලවර කිරීමක් ගැන විතරක් කතා කරන්නේ ?? අපි ඉපදෙන්නේ වෙන වැඩ නවත්තල සසර කෙලවර කරන්න නම් ඇයි ඔය සසර කියන එකක් පටන්ගත්තේ ??
    බුදුන් හරි කවුරු හරි කියපු දේ විතරක් අහගෙන එතනින් හිතන එක නවත්තන්න ඕනද ? "බුදුන් කියල තියෙන්නේ හොයන්න එපා" කියන එක උත්තරයක් නෙවෙයි. ඕවා නිකන් ආගම් වල උත්තර නැති උනාම දාන සිමා. ඕන ආගමක් ඔහොමයි. ඉන්න ටිකේ ආගම් වල මනස්ගාත වලම හිරවෙන්නේ නැතුව සතුටෙන් ඉන්න. නැත්නම් ගොඩක් දේවල් ෆැන්ටසි විශ්වාස කරන්න ගිහින් නැතිවෙලා යයි ජිවිතේ. ෆැන්ටසි වලින් හිරවෙන්නේ නැතුව හිතන්න පුලුවන් මිනිස්සු නිසා තමයි ලෝකේ ඉස්සරහට ගහින් තියෙන්නේ. අද මේ වගේ එක post එකකින් ලෝකෙටම දර්ම ප්‍රචාරය කරන්න උනත් පුලුවන් වෙලා තියෙන්නේ එහෙම කවුරු හරි දාපු සිමා වලම හිරවෙන්නේ නැතුව හිතපු මිනිස්සු හිටපු නිසා..
     
    මෙහෙමයි, විශ්වය ආරම්භය ගේන් බුදු හමුදුරුවොඅ දන්නන්ව,නමුත් එක සම්න්ය මිනිසුන්ට ලෙසියෙන් තෙරුම් කරන්න බෑහෑ. එක තෙරුම් ගන්න ගියොත් සහෙන කාලයක් වෙය කරනන් වෙනව සමන්ය මනුශ්යකෙක්ට. අනික එක ගොඩක් දෙනෙක් පිලි ගන්නෙ නෑති වෙන්නත් පුලුවන්.
    උදාහරනයක් ලෙස ගන්න මෙ ත්‍රේඩ් එක. මෙකෙ කියන්නෙ මේ ලෝකයේ ආරාම්බය ගෑන, කීයෙක් කී දෙනාටද එක තෙරුම් ගන්න කමත්තක් තියෙන්නේ. එ නිස එක කියන්න ගිහිල්ල නෑහ

    බුදු කෙනෙක් නොදන්න දෙයක් නෑහ, දෑන ගත යුතු සියල්ලම දෙන ගට්ට, එක නිස තමයි ලෝක විදූ කියන්නෙ.
    නමුත් දන්න සියල්ලම බුදුන් දෙශාන කරල නෑහ. කර්මය ගෑන උනත් සියල්ල කියල නෑහ. කර්ම විශය අචින්තයි කියල කියන්නේ

    මෙ විශ්වය ආරම්බ උනේ කොහොමද කියල බුදුන්ගෙන් කීප දෙනෙක්ම අහල තියෙන්ව, එ හම අවස්තවෑදිම බුදුන් කියල තියෙන්නේ සන්සරය කෙලවර(නිවන් දෑකීමට ) විශ්වය ආරම්භ වූ අකාරය දෑන ගෑනීම වෙඩෑක් නෑහ කියල. එක නිස එක කියල නෑන. එ වගේම බුදු කියල තියෙන්ව එක සමන්ය කෙනෙක්ට පෑහදිලි කරන්න බෑහ කියල. එක නිස තමයි එක කියල නෑත්තෙ.

    මෙ විශ්වයෙ කෙලවර හොයන්න බහ විද්යාවට කවදවාත්. බුදුන් කියල තියෙන්ව මෙ විශ්වයෙ මෙ වගෙ මිනිසුන් ඉන්න ලොක අනන්ත ප්‍රමානයක් තියෙන්වා. බුදුන්ගේ බලය තියෙන සක්වල ප්‍රමානයම කෝටි ලක්ශයක්

    විද්යාවට තාම මෙ සක්වලින් එලියට වත් යන්න බරි වෙල තියෙන්වා

    ------ Post added on Jan 17, 2022 at 5:07 AM
     
    ලෝකය ආරම්බය ගැන දැන ගන්න එක නිවන් අවබෝදකරගන්නවාටත් වඩා අමාරුද?

    අනිත් එක ඇයි ඔය බුද්දහමේ එන “සක්වල” , “විශ්වය” , “මන්දාකිනි” වගේ වචන වලට පසුකාලයේ විද්‍යාවේ දියුනුවත් එක්ක හොයාගත්ත spce , galaxy පින්තූර අලවන්නේ? ඔය දෙකම එකක් කියල පෙන්නන්නද? නැත්නම් ඕව කලින් ඉදන් දැනන් හිටිය කියල කියන්නද?
    සක්වල ඇවිද ගියා කියල තියන එකෙන්ම තේරුම්ගන්න බැරිද ඔය කියල තියෙන්නේ පොලවේ තිබ්බ දෙයක් ගැන කියල? විද්‍යාවෙන් දේවල් පසුකාලෙක අනාවරනය කරගත්තම ඒව හදුන්වන්න අපි ලග තිබ්බ වචන දාල, කාලයක් යද්දි අපි ඉස්සර ඉදන් කියපු දන්න දේවල් කියල කියන්න හදන දෙයක් වගේ :rofl:
    ------ Post added on Jan 17, 2022 at 5:17 AM
     
    විශවය ආරම්බය උන හෑටි සාම්න්ය කෙනෙක්ට තෙරුම් ගන්න අමාරුයි, අනික එක තෙරුම් ගෑනීම නිවනට කිසිම වෙඩක් නෑහ සත්වයා සන්සාර දුකෙන් එතෙර වෙන්න විශ්වය ආරම්භය එතරම් වෙදගත් නෑහ

    බුද්දගම පරම සත්ය වෙන්නේ මෙ සන්සරෙන් එතර වෙන්න ක්‍රමය කියන නිස.
    Science වල කියන්නෙ මිනිසුන්ට සෑප විඩින්න ක්‍රම හොයන එක, ලොකික දියුනුව එකෙන් ලබෙන්වා. සන්සාර කෙලවර කරනන මර්ගය එකෙන් කියන්නෙ නෑහ

    බුද්දගම සහ විද්යාව compare කරන්න බෑහ, එ දෙක සම්පූර්නයෙන්ම අන්ත දෙකක්.
    බුදු දහම මෙ සන්සාරය දුකයි, එකෙන් ගලවෙන්න අවශ මර්ගය(ආර්ය අශ්ටාන්ගික මර්ගය ) දෙශානා කරල තියෙන්වා.
    විද්යාව මෙ ලොකයෙ ලොකික දියුනුවට අරශ් තාක්ශනය හොයගෙන තියෙන්ව.