අවුරුදු 2කට විතර කලින් සෙම හොඳටම වැඩිවෙලා(නහය හිරවුණා, හුස්ම ගන්ඩ අමාරුවුණා ) ඩොක්ට කෙනෙක් ගාවට ගියා, පොර නහයට ස්ප්‍රේ කරන්ඩ නොසල් ස්ප්‍රේ එකක් දුන්න, ඒකෙන් උගුරෙ තිබ්බ සෙම වේලිලා උගුරෙ හිරවෙන ගතියක් ආව, කෙල ගිලිද්දි හිරවෙන ගතියක් තියෙනව ලාවට, උගුර අල්ලද්දි ඉදිමිච්ච ගතියක් දැනෙනව..
ඔය සීන් එකත් එක්කම ඔලුව පන නැතිව යන ගතියකුත් එනව එක පාරටම,ඔලුව මහන්සි වෙන දෙයක් (පොතක් පත්තරයක් බලනව වගේ )කරද්දියි මේක එන්නෙ, සෙමට මෙහෙම වෙන්ඩ පුලුහන්ද!!
සිංහල බෙහෙත් වගේකුත් ගත්ත සෙමට, යන්තමට අඩුවක් තියෙනව ඒවට, දිවේ ගාන බෙහෙතකුයි, නස්න කරන බෙහෙත් වගේකුයි දුන්න, ඒත් ෆුල් රිකවර් වෙන්නෑ, ඉංග්‍රීසි බෙහෙත් ඇද්ද උගුරෙ වේලිච්ච සෙම ඔක්කොම අයින්වෙලා යන, සිංහල බෙහෙතක් හරි කමක් නෑ, ( ඩොක්ට කෙනෙක්ව චැනල් කරල බෙහෙත් ගත්ත ඉන්ෆෙක්ෂන් එකක් කියල බෙහෙත් දුන්න මිසක්, සෙමට බෙහෙත් දුන්නැ.. )