උග‍්‍ර_විෂ_මාලුවෙක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උග‍්‍ර_විෂ_මාලුවෙක්

    උග‍්‍ර විෂ මාලුවෙක් ආහාරයට ගත් එකම පවුලේ 11 ක් අංශභාග තත්ත්වයට


    puffer_fish_3084634b.jpg
    The pufferfish contains a toxin 1,200 times more lethal than cyanine, a drop of which can kill within 24 hours​


    එකම පවුලේ එකොලොස් දෙනෙකු නොදැනුවත්කමින් ආහාරයට ගත් මාලු වර්ගයක් විෂවීමක් ගැන බ්‍රසීලයෙන් වාර්තා වනවා. ඔවුන්ගේ මිතුරෙක් වූ රියෝ දි ජැනයිරෝ හි ධීවරයෙක් විසින් අල්ලාගන්නා ලද මෙම මත්ස්‍යයා විෂ සහිත බව නොදත් ඔවුන් පවුලේ රාත්‍රී ආහාරය ලෙස එම මත්ස්‍යයා පිළියෙළ කර ආහාරයට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව එම පවුලේ එකොලොස් දෙනෙක්ම ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර වයස අවුරුදු 3ත් 5ත් අතර ළමුන් හතර දෙනෙකුත් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල වන බවත් පැවසෙනවා. මේ සියලු දරුවනුත් තවත් වැඩිහිටි පුද්ගලයින් කීප දෙනෙකුත් රෝහලට ගෙනයාමටත් පෙර යම් අංශභාග තත්ත්වයකට ගොදුරු වී තිබුණා.

    Pufferfish නම් වන මෙම මත්ස්‍යයාගේ විෂ දෙවැනි වන්නේ එක්තරා ගෙම්බන් විශේෂයකට (Golden Poison Frog) පමණයි. වැඩුණු මත්ස්‍යයෙකුගේ ශරීරයේ ඇති විෂ ප්‍රමාණය වැඩිහිටි මිනිසුන් 30 දෙනෙකු මිය යන්නට තරම් ප්‍රභලයි. එමෙන්ම මේ දක්වා මොවුන්ගේ විෂට එරෙහි ප්‍රතිවිෂ ඖෂධයක් සොයාගෙන නැහැ.

    මෙම මත්ස්‍ය විශේෂය ජපානයේ Fugu නමින් හඳුන්වන අතර පළපුරුදු සූපවේදීන් විසින් මෙහි විෂ ඉවත් කොට රසවත් ආහාරයක් ලෙස පිළියෙළ කරගන්නවා.





    Code:
    http://gossip.asianmirror.lk/?p=5987
    
    http://www.telegraph.co.uk/news/worldnews/southamerica/brazil/11185883/Poisonous-pufferfish-hospitalises-eleven-family-members-in-Brazil.html
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    සිරා සීන් එක ජපානේ ඔය මාලු හදන්න පුලුවන් එක සහතිකයක් තියෙන කුකාලට විතරයි. හෙනම ගනන් කෑමක් එහෙම හැදුවොත්.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015