උඩරටට විරුද්ධව ඔත්තු බැලූ ජේ.ආර්ගේ මීමුත&#3530

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    උඩරටට විරුද්ධව ඔත්තු බැලූ ජේ.ආර්ගේ මීමුත&#3530

    මේවා බැලුවේ නැත්නම් මේවත් බලලම එන්න අනික මේක දේශපාලන ත්‍රෙඩ් එකක් නොවන බවත් මේකේ දේශපාලන චරිතයක්ගේ නම දැම්මේ අපි එතුමාව හොදින් අදුනන නිසාත් එතුමාගේ පව්ලේ ආදිතමයෙක් ගැන කතා කරන නිසා මිස වෙන දෙයකට නොවන බව කරුණාවෙන් සලකන්න



    රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය

    රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 1 කොටස

    රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස

    ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් මහ මොළකාරයා

    ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන

    රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව

    නායක්කර්වරු උඩරට සිහසුන ඇල්ලූ හැටි




    vFlKnvN.jpg

    තම සහයකයින් සමඟ සිටින තම්බි මුදලි


    පහුගිය දවස්වල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව කියපු කතා කීපයකම තම්බි මුදලි කියන නම එහෙමත් නැත්නම් දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන කියන නම සඳහන් වුණා ඔයාලට මතක ඇති. ඒ වගේමයි රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය කියන කතාවෙන් මම ඇහුවා රජතුමාට කරුණාව දක්වපු තම්බි මුදලිගේ පරම්පරාවට මොකද වුණේ කියලත්.

    ඉතින් අද ඉතිහාසයේ අප්‍රකට කතාවලින් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ තම්බි මුදලි එහෙමත් නැත්නම් දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලිවරයා ගැන.


    FxxcySp.png
    දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ තීරය [වර්ණ ගන්වා ඇති කොටස]


    ලන්දේසීන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරන කාලේ දකුණු ඉන්දියාවේ මලබාරයට ආසන්නයේ තිබුණු කොරමැන්ඩල් ප්‍රදේශයේ හිටිය හෙට්ටි නමින් හඳුන්වපු වෙළෙදාම් කිරීම තමන්ගේ ජීවන වෘත්තිය කරගත්තු පිරිසක්. තමන්ගේ ව්‍යාපාරික කටයුතු නිසා කොළඹට ඇවිත් පදිංචි වෙලා හිටිය හෙට්ටිවරුත් හිටියා.



    kjoOcrM.jpg
    කොළඹ හෙට්ටි ජනයා


    පරම්පරා කීපයකට පස්සේ මේ හෙට්ටි පවුලක කෙනෙක් ඒ කාලයේ වැදගත් පවුලක් විදිහට පිළිගැනුණු හංවැල්ල වෙල්ගම ප්‍රදේශයේ හිටිය ජයවර්ධන පවුලෙන් දියණියක් සරණ පාවාගෙන තමන්ගේ මුල් නම අත් හැරලා ජයවර්ධන කියන සිංහල නම අරගෙන සිංහල ක්‍රමයට හැඩගැහුණා.

    එයාගේ පුතා තමයි දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන එහෙමත් නැත්නම් තම්බි මුදලි කියලා හඳුන්වන්නේ. 1768 දී හංවැල්ල වෙල්ගම ගමේදී තමා ඔහු උපත ලබන්නේ.


    OOlqGCO.jpg

    ඕලන්ද සමයේ කොළඹ කොටුව සහ වරාය


    මුලින්ම කොළඹ තිබුණු ලන්දේසි කොටුවේ සේවකයෙක් විදිහට කටයුතු කරපු අදිරියන් ජයවර්ධනව කොළඹ කොටුවේ අණ දෙන්නා වුණු ඩිරිබර්ග්ගේ අණින් ඕලන්ද ලැස්කරින් රෙජිමේන්තුවේ ආරච්චි නිලයකට පත් කෙරෙනවා. ඒ සේවයට වැටුප් විදිහට නාරාහේන්පිට ගමෙන් ඉඩම් ඔහුට ලැබෙනවා.

    අදිරියන් ජයවර්ධන ට "තම්බි මුදලි" කියන නාමය හිමිවෙන්නේත් මේ කාලය තුළ. ඕලන්ද වෙළෙඳ සමාගම යටතේ කන්ද උඩරට දේශ සීමාවල වගේම පසුකාලීන ඉංග්‍රීසින් ගැනත් ඔත්තු බැලීම වගේම සුළු සුළු සටන් කරපු කට්ටියව ඕලන්ද නිලධාරීන් හඳුන්වලා තියෙන්නේ "Tombis" කියන නමින්. අදිරියන් ජයවර්ධනත් මේ Tombis කියන නමින් හඳුන්වපු පිරිසක් භාරව සිටිය නිසා "Tombi Mudaliyar" එහෙමත් නැත්නම් තම්බි මුදලි කියන නමින් හඳුන්වනවා.


    nDV9ATM.jpg
    ලන්දේසි ආණ්ඩුකාර Johan Van Angelbeek​


    1790 දශකය වෙද්දී ලංකාවට ලන්දේසි පාලනයට ඉංග්‍රීසීන්ගෙන් තර්ජන එල්ල වෙන්න පටන් ගත්තා. ඒ යටතේ මේජර් ජෙනරාල් ස්ටුවර්ට්ගේ නායකත්වයෙන් ලංකාවට ගොඩ බැස්ස ඉංග්‍රීසී බල ඇණිය කොළඹ බලා එද්දී ලන්දේසි ආණ්ඩුකාර Johan Van Angelbeek ගේ අණින් ඒ භට පිරිසගේ ඔත්තු බලන්න තම්බි මුදලිව යොදා ගන්නවා.

    ඉංග්‍රීසී හමුදා කැළණි ගඟේ උතුරේ තිබුණු මහබොල කියන ගමට එනකම්ම තමන්ට පැවරුණු රාජකාරිය සාර්ථකව ඉටු කරන්න තම්බි මුදලිට පුලුවන් වුණත් පස්සේ මෙයා ඔත්තුකාරයෙක් විදිහට ඉංග්‍රීසී සොල්දාදුවන් හඳුනා ගැනීමත් එක්ක සිරභාරයට පත් වෙනවා.

    ඒ අවස්ථාවේ තම්බි මුදලි ඉංග්‍රීසීන්ට පොරොන්දු වෙනවා

    "මාගේ ජීවිතය බේරුවොත් ලන්දේසීන් ඉංග්‍රීසීන්ට යටත් වූ කලෙක මම ඉංග්‍රීසීන්ට පක්ෂව ජීවිත පරිත්‍යාගයෙන් සේවය කරනවා"

    අන්තිමට යුධ බලයෙන් වගේම ගිවිසුමක් මාර්ගයෙන් 1796 පෙබරවාරි 16 වැනිදා ඉදන් ලන්දේසීන්ට අයිති වෙලා තිබුණු ලංකාවේ මුහුදු බඩ පළාත්වල පාලන බලය ඉංග්‍රීසීන් තමන් සතු කරගන්නවා. ඒකත් එක්කම තම්බි මුදලිවත් සිරභාරයෙන් නිදහස් කරනවා.

    ඉංග්‍රීසී පාලනය ලංකාවේ ආරම්භ වීමත් එක්ක උඩරට රදළයන්ගේ පෙළඹවීමෙන් මුහුදු බඩ ප්‍රදේශවල හිටිය ස්වදේශික මුලාදෑනීන් කැරලි ගහන්න සූදානම් වුණත් මේ කුමන්ත්‍රණය ගැන දැනගන්න තම්බි මුදලි ඒ බව තමන්ගේ නව ස්වාමිවරු වුණු ඉංග්‍රීසීන්ට කියලා තමන්ගේ පක්ෂපාතීත්වය තහවුරු කරනවා වගේම හේවාගම්, සල්පිටි, රයිගම් කෝරළවල ඇතිවෙන කැරලි කෝලාහල මර්දනය කරන්නත් තමන්ගේ සහයෝගය ලබාදෙනවා.

    මේ ගැන සතුටු වුණු හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් ස්ටුවර්ට් තම්බි මුදලිව බ්‍රිතාන්‍ය හමුදාවේ ආරච්චි කෙනෙක් විදිහටත් මාර්ගෝපදේශකයෙක් විදිහටත් පත් කරලා මාසිකව දීමනාවක් ලැබෙන්නත් සලස්වනවා.


    FQXWEh0.jpg

    මේජර් ජෙනරාල් මැක්ඩොවල්ගේ උඩරට දූත ගමන



    මේ යටතේ ඔහු කළ පළමු මාර්ගෝපදේශන කාර්යය වෙන්නේ 1800 මාර්තු මාසයේ මේජර් ජෙනරාල් හේ මැක්ඩොවල්ගේ උඩරට දූත ගමනට මාර්ගෝපදේශකයෙක් විදිහට සම්බන්ධ වුණු එක. මේ සේවය අගය කරමින් මොහුව අත්පත්තු මුහන්දිරම්වරයෙක් ලෙස උසස් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරනවා

    1803 සිදුකෙරුණු ඉංග්‍රීසීන්ගේ පළමු උඩරට ආක්‍රමණයට මග පෙන්වීම කරන්නේ තම්බි මුදලි. මේජර් ජෙනරාල් මැක්ඩොවල්ගේ නායකත්වයෙන් මහනුවර ඉංග්‍රීසීන් අත්පත් කරගත්තත් මේ අවස්ථාව වෙද්දී රජතුමා ඇතුලු ප්‍රභූවරු රට මැද්දට පලා ගිහින් හිටියේ.

    මේ අවස්ථාවේ පළමු අදිකාරම් වුණු පිළිමතලාවේ දෙවෙනි අදිකාරම් මීගස්තැන්නේ හරහා ඉංග්‍රීසීන්ට සාමදාන යෝජනාවක් එවනවා. මේ සාමදාන යෝජනාව කුමන්ත්‍රණයක් බව තම්බි මුදලි කීවත් මැක්ඩොවල් ඒක පිළිගන්නේ නැහැ. මේ නිසා මේජර් ඩේවි යටතේ හමුදා ඛණ්ඩයක් මහනුවර නවත්වලා මැක්ඩොවල් ඇතුලු පිරිස කොළඹ බලා ආපසු එනවා.


    Gs6u8mf.jpg
    පිළිමතලාවේ අදිකාරම්

    අන්තිමට සිද්ධ වෙන්නේ පිළිමතලාවේ මහාදිකාරම්ගේ අණින් මහනුවර නවතා තැබූ ඉංග්‍රීසී සොල්දාදුවන් සමූල ඝාතනය වුණු එක. මේජර් ඩේවි පණ බේරාගන්නේ ඒ අවස්ථාවේ රජු මේ ගැන දැනගෙන මැදිහත් වුණු නිසා.

    ඒ වගේමයි දඹදෙණියේදී පිළිමතලාවේ මහාදිකාරම් උපායෙන් ඉංග්‍රීසී ආණ්ඩුකාරවරයාව තමන්ගේ සිරකරුවෙක් කරගන්න ගිය සැලැස්ම ව්‍යර්ථ කරන්න වගේම සොල්දාදුවන් 31,000 ක සේනාවක් එක්ක උඩරට රජතුමා කොළඹ අල්ලන්න එන පුවත ආණ්ඩුකාරවරයාට ලබාදෙන්නේත් තම්බි මුදලිමයි.

    මේ සිද්ධියත් එක්ක මුහුදු බඩ ප්‍රදේශවල ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇතිවුණු කැරලි මැඩපවත්වන්න වගේම හංවැල්ල බල කොටුව අල්ලා ගන්නත් තම්බි මුදලිගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා.

    ඔහුගේ සේවය අගය කරලා ප්‍රදානය කරපු ප්‍රදානයන් ගැන 1805 අප්‍රේල් 23 නිකුත් කරලා තිබෙන ලිපියකින් මෙහෙම කියවෙනවා.

    "....මාර්ගෝපදේශකයන්ගේ මුදලි තැන්පත් දොන් අද්‍රියන් නොයෙක් අවස්ථාවන්හිදී කළ ප්‍රශංසනීය උනන්දු සහගත සේවය පිළිබඳ ගරු උතුමාණන් වහන්සේගේ අනුකූලතාව දැක්වීමක් වශයෙන් ඔබ දිස්ත්‍රික්කයේ පිහිටි කලින් මාදම්පේ මුදලි තැනට හිමිව පැවති ඉඩකඩම් ඔහුට ප්‍රදානය කිරීම එතුමාණන්ගේ කැමැත්තයි.....
    "



    MIjxB8T.jpg

    සර් තෝමස් මේට්ලන්ඩ්


    පස්සේ 1808 දී සර් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තම්බි මුදලිව හලාවත ප්‍රදේශය භාර මුදලිවරයා විදිහටත් පත් කරනවා.

    1814 උඩරට ආක්‍රමණය දියත් වෙනකම්ම තම්බි මුදලි රජයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරපු ජෝන් ඩොයිලිගේ මෙහෙයවීමෙන් කන්ද උඩරට ප්‍රදේශවල චරපුරුෂ සේවයේ යෙදිලා සාර්ථක ඉංග්‍රීසී ආක්‍රමණයකට අවශ්‍ය වෙන තොරතුරු එක්රැස් කිරීමේ නියැලුණා.

    1814 දියත් කෙරුණු උඩරට ආක්‍රමණයට තම්බි මුදලි සම්බන්ධ වුණා වගේම මඟ පෙන්වීමෙන් ලොකු දායකත්වයක් ලබා දුන්නා. මේ නිසාමයි 1815 ජනවාරි 15 වෙනිදා ජයවර්ධන මුදලිව මාර්ගෝපදේශකයන්ගේ නායක මුදලි තනතුරට පත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරන්නේ. සාර්ථක ආක්‍රමණයකින් පස්සේ 1815 පෙබරවාරි 14 වෙනිදා සෙංකඩගල අගනුවර ඉංග්‍රීසීන් යටතට පත් වෙනවා.


    l4y58m3.jpg

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් මොහොත


    අවසානයේදී රජතුමා සොයාගෙන මැද මහනුවරට පිටත් වුණු කණ්ඩායමේ ඔහුත් හිටියා. පස්සේ රජතුමා අල්ලා ගත් වෙලාවේ රාජ්‍ය සළකුණ විදිහට සැලකුණු රන් කඩුව එතැනින් සොයාගෙන ඒක ඩොයිලිට භාර දෙන්නේත් තම්බි මුදලි. (සෙංකඩගල මහ වාසළේ රන් කඩුවේ නාමයෙන් කියලා තමා රජ කාලේ රාජ අණ පනත් ප්‍රකාශ කළා කියන්නේ. ඒ නිසා රන් කඩුව හිමිවීම ඉංග්‍රීසීන්ගේ ලත් ජයග්‍රහණයක්)

    රජතුමා ඇතුලූ කණ්ඩායම කොළඹට අරන් ගිය කණ්ඩායමට තම්බි මුදලි වරින් වර සම්බන්ධ වෙනවා. එහෙම වෙන්නේ ඒ වෙද්දී ඩොයිලිගේ අණින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සඟවපු වස්තුව සෙවීමේ කාර්යයට තම්බි මුදලි සම්බන්ධ වෙලා හිටිය නිසා.

    රජතුමාගේ වගේම බිසෝවරුන්ගේත් වස්ත්‍රාභරණ ඔවුන් අල්ලා ගත්තු වෙලාවේ ඉරලා දමපු නිසා ඔවුන්ට සුදුසු වස්ත්‍රාභරණ සැපයීම ඩොයිලිට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මේ අවස්ථාවේදී තම්බි මුදලි තමන් සොයා ගන්න රාජකීය වස්තුවෙන් බිසෝවරුන්ට සුදුසු වස්ත්‍ර කීපයක් සැපයීම කරනවා. පසුව තෙල්දෙණියේදී රජුට අයත් වුණු පෙට්ටගමක් තම්බි මුදලි ඩොයිලිට ගෙනවිත් දෙනවා. එහි තිබුණු වස්ත්‍රත් රාජකීය පිරිසට අදින්න දෙනවා.

    ඒ හැරෙන්න උඩරට ඉංග්‍රීසී පාලනයට විරුද්ධ වෙන්න පුලූවන් රදළයන් 18 ක් පිළිබඳව තොරතුරු ඉංග්‍රීසීන්ට ලබාදෙන්න මොහු කටයුතු කරනවා. ආණ්ඩුකාරයා මේ පිළිබඳව එතරම් සැළකිල්ලක් දක්වන්නේ නැහැ. ඒත් අන්තිමට ඔවුන් කැරලි ගසන්න එකතු වුණු නිසා ආණ්ඩුකාරවරයා තම්බි මුදලිගේ සේවය අගය කරලා මරණය දක්වාම මසකට රුපියල් 250 ක දීමනාවක් ලබාදෙන්නත් නියම කරනවා.

    මේ විදිහට තමන්ගේ පක්ෂපාතී සේවය නිසා හොඳ නම දිනාගෙන හිටපු තම්බි මුදලිගේ නමට කිසියම් අපකීර්තියක් එක් වෙන්නේ 1816 සිදුවුණු ඉහගම කුමන්ත්‍රණයට ඔහුත් සම්බන්ධයි කියලා චෝදනා එල්ලවීම නිසා

    ඉහගම කුමන්ත්‍රණය කියලා සිද්ධ වුණේ මල්වතු විහාරයේ ඉගෙනුම ලබපු ඉහගම උන්නාන්සේ කියන හාමුදුරුවෝ තවත් හාමුදුරුවරු කණ්ඩායමක් සහ උඩරට රදළයන් කීප දෙනෙක් එකතු කරගෙන උඩරටින් ඉංග්‍රීසීන් පන්නලා සියම් රටින් රාජ කුමාරයෙක් ගෙනල්ලා සිංහාසනයට පත් කරන්න සැලසුම් කරපු එක. ඒත් මේ ගැන එක්නැලිගොඩ නිලමේ දැනගත්තු නිසා මේ පිරිස 1816 ජූලි 31 ඉංග්‍රීසීන් අත් අඩංගුවට ගන්නවා.

    මේ කුමන්ත්‍රණයට පිළමතලාවේ මහාදිකාරම්ගේ උපදෙස් පරිදි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මරන්න සූදානම් වුණු ආසන කියන ජා මුහන්දිරම්වරයාත් එකතු වූ බවයි කියවෙන්නේ. මේ ආසන කියන්නේ කලින් කතාවකත් කිව්ව වගේජෝන් ඩොයිලිගේ ඔත්තුකාරයෙක්. උඩරටින් පලා ඇවිල්ලා මීගමුවේ ඔහු ජීවත් වුණා. ඔහු නිසාම මේ ඉහගම කුමන්ත්‍රණයට තම්බි මුදලිත් එකතු වුණු බවයි කියවෙන්නේ.

    මේ සම්බන්ධව සිදුවුණු නඩු විභාගයේදී ආසන ජා මුහන්දිරම් තම්බි මුදලි කුමන්ත්‍රණයට එකතු වූ ආකාරය කියන්නේ මෙහෙමයි

    රජුත් වස්තුවත් අල්ලා ගත් තැනැත්තා මමයි. එහෙත් ඒ සේවය සඳහා මා ලත් කිසිවක් නැත. ඉංග්‍රීසී රජය කලක් මට බෙහෙවින් ගරු කළ නමුත් දැන් එසේ නොකරයි. එම නිසා මට මෙයින් කිසි පාඩුවක් නොවේ. ඔබ සූදානම් වූ විට මම ඔබේ පක්ෂය ගන්නෙමි.

    කොහොම නමුත් අන්තිමට හෙළිවෙන්නේ පොද්දල්ගොඩ ප්‍රදේශයේ සඟවවලා තිබුණු රාජකීය වස්තුව තම්බි මුදලි සොයාගත්තු අවස්ථාවේ ඉන් සමහරක් ඔහු පුද්ගලික පරිහරණයට ගත්තා කියලා. විශේෂයෙන් වටිනා බුමුතුරුණු කීපයක්ම තම්බි මුදලිගේ මාදම්පේ ගෙදර තිබිලා හමුවෙනවා. ඒ කොහොම වුණත් ජයවර්ධන මුදලිට සමාවක් ලැබුණු බවයි පෙනෙන්නේ.​

    sufMzJL.jpg
    මාදම්පේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය


    ජයවර්ධන මුදලි ක්‍රිස්තියානි භක්තිකයෙක් වූ නිසා ක්‍රිස්තියානි දහමටත් උපකාර කරලා තියෙනවා. විශේෂයෙන්ම තමන්ට අයිති වෙලා තිබුණු මාදම්පේ ප්‍රදේශයේ ඉඩමක් මාදම්පේ කතෝලික මීසමට ප්‍රදානය කරලා තියෙනවා. ඒ ස්ථානයේ ඉදි කරපු පල්ලිය 1883 පෙබරවාරි 4 වෙනිදා ශාන්ත සෙබස්තියන් මුනිවරයාට කැප කරලා විවෘත කරලා තියෙනවා.



    Q1Md7hb.jpg
    කොළඹ වුල්ෆැන්ඩෝල් ඕලන්ද රෙපරමාදු දේවස්ථානය


    ලන්දේසි කාලයේ ඉදන්ම ජයවර්ධන මුදලි ජීවත් වුණු නිසා ඔහු රෙපරමාදු ආගම වැළැඳගෙන හිටිය බව තමා පේන්නේ. ඒක තහවුරු වෙන්නේ ඔහු මියගියාට පස්සේ දේහය වළලන්න කොළඹ වුල්ෆැන්ඩෝල්වල තිබුණු ඕලන්ද රෙපරමාදු පල්ලියේ සුසාන භූමිය යොදාගත්තු නිසා.

    අවසන් කාලය සාමකාමීව ගත කරපු ජයවර්ධන මුදලි 1824 ඉදන් රෝගී තත්වයෙන් තමා පසුවෙන්නේ. ඒ වෙද්දී ඔහුට මාසිකව රික්ස් ඩොලර් 200 ක දීමනාවක් ඉංග්‍රීසී ආණ්ඩුවෙන් ලැබෙමින් තිබුණේ.

    අන්තිමට ඔහු මියයන්නේ 1830 පෙබරවාරි 18 වෙනිදා. එදාට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලාගෙන හරියටම වර්ෂ 15 කුත් සම්පූර්ණ වුණා. මියයද්දී ජයවර්ධන මුදලිට වයස අවුරුදු 62 ක් පමණ වුණා. ජයවර්ධන මුදලිගේ දේහය එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ අණින් හමුදා ගෞරව මධ්‍යයේ කොළඹ වුල්ෆැන්ඩෝල් ඕලන්ද රෙපරමාදු දේවස්ථාන භූමියේ වළදමනවා. ඔහුගේ බිරිඳ වුණු දෝන දිනේසියාට ඉංග්‍රීසි රජයෙන් පවුම් 18 සිලිම් 15 ක දීමනාවකුත් හිමිවෙනවා.

    1830 මැයි 15 පළ කරපු රජයේ ගැසට් පත්‍රයෙනුත් ජයවර්ධන මුදලිගේ සේවය අගය කරන්න බ්‍රිතාන්‍ය රජය අවසාන වශයෙන් කටයුතු කළා


    Y1amwgV.jpg
    ජයවර්ධන පවුලේ ලාංඡනය


    ඊට පසුවත් ඒ පරම්පරාවේ අය රජයේ ඉහළ නිළතල දැරුවා වගේම නීතීඥ, හමුදා සේවය වගේ රටේ පිළිගත් වෘත්තීන්වල නියැලිලා තිබෙනවා. ජයවර්ධන මුදලිගේ පරපුරේ උච්චතම ස්ථානය සටහන් කරන්නේ ජුනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්.ජයවර්ධන.​


    7W9trrk.jpg

    ඒ ශ්‍රී ලංකාවේ 10 වෙනි අගමැතිවරයා විදිහටත් පසුව ශ්‍රී ලංකාවේ දෙවෙනි ජනාධිපතිවරයා වගේම පළමුවෙනි විධායක ජනාධිපතිවරයා විදිහටත් පත්වීමෙන්.



    උපුටා ගැනීමකි
    HTML:
    http://aagiyakath.blogspot.com
     
    Last edited:

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    රට පාවා දුන් අය එදත් හිටියා, අදත් ඉන්නවා.

    අපොයි ඔව් කිසි වෙනසක් නැතුව අනාගතයේත් ඉදිවී ඒවා අපේ මිනිසුන්ට සතියක් දෙකක් යනකොට අමතක වෙලත් යාවි

    :yes::yes::yes::yes:

    patta ban tfs.
    බොහොම ස්තුතියි
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    patta machan link walin gehin anek ewath kiuwa digatama liyamu

    නියමයි මචන් :D


    :(:(:(:(
    බොහොම ස්තුතියි මචන්ලා උබලා වගේ මේකෙන් දෙයක් ගන්න මිනිස්සු නිසයි මේක දාන්නේ බලපන් එත් මේකේ වැඩිපුරම කමන්ට් දාලා තියෙන්නේ මමම තමයි බන්
     

    gurulugomi

    Well-known member
  • මේ තොරතුරු බෙදා හදා ගත්තාට බොහොම ස්තූතියි. උඹ මේ විස්තර දැන ගත්තෙ කොහෙන්ද? මේ සම්බන්ධ ඉතිහාස පොත් මොනවද තියෙන්නෙ? මමත් ආසයි හොයාගෙන කියවන්න
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වටින ත්‍රෙඩ් එකක් යාලුවා.......ජයවර්ධනලා බණ්ඩාරනායකලා විතරක් නෙවෙයි ඒ කාලේ ඉදිරියට ආපු හැම පවුලකම කතාව ඕක තමයි :yes:

    මේ යුග පෙරලිය අපූරු විදිහට පෙන්නපු ටෙලි නාට්‍යයක් තමයි කඩුල්ල :) ඒකේ ඔහොම පහල යයි සම්මත කුලයක මනුස්සයෙක් ධනවත් වෙන එකේ ඉඳන් ඔවුන්ගේ දරුවෝ දේශපාලනයට එන තැන දක්වා බොහොම ලස්සනට නිරූපණය කරලා තියනවා :yes:

    ආයෙත් ඉරිදද කොහෙද රෑ 8:30ට කඩුල්ල ජාතික රූපවාහිනියේ පෙන්නනවා බලපු නැති අය ඉන්නවනම් බලන්න :)
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මේ තොරතුරු බෙදා හදා ගත්තාට බොහොම ස්තූතියි. උඹ මේ විස්තර දැන ගත්තෙ කොහෙන්ද? මේ සම්බන්ධ ඉතිහාස පොත් මොනවද තියෙන්නෙ? මමත් ආසයි හොයාගෙන කියවන්න



    මේක ලියන්න විස්තර අරන් තියෙන්නේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියපු උඩරට මහ කැරැල්ල - කාණ්ඩය 3 ග්‍රන්ථයෙනුත්, විශ්‍රාමික විදුහල්පති කේ.එන්.ඩී. චන්ද්‍රසේන මහතා දිවයින පුවත්පතට ලියපු "ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තම්බි මුදලිට තෑගි කළායයි කියන රන් ඔරලෝසුවේ ඇත්ත කතාව" ලිපියෙනුත්, කේ.එම්. ද සිල්වා සහ විලියම් හෝවාර්ඩ් ලියපු J.R. Jayewardene of Sri Lanka: 1906-1956 කෘතියෙන් සහ අන්තර්ජාලයෙන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක ලියන්න විස්තර අරන් තියෙන්නේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියපු උඩරට මහ කැරැල්ල - කාණ්ඩය 3 ග්‍රන්ථයෙනුත්, විශ්‍රාමික විදුහල්පති කේ.එන්.ඩී. චන්ද්‍රසේන මහතා දිවයින පුවත්පතට ලියපු "ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තම්බි මුදලිට තෑගි කළායයි කියන රන් ඔරලෝසුවේ ඇත්ත කතාව" ලිපියෙනුත්, කේ.එම්. ද සිල්වා සහ විලියම් හෝවාර්ඩ් ලියපු J.R. Jayewardene of Sri Lanka: 1906-1956 කෘතියෙන් සහ අන්තර්ජාලයෙන්.

    තාරබර අඩු කරන්නත් වෙයි එහෙනං. වටිනා ලිපියක්. කොකා ඉගිලෙනකොට සුද පෙනේවා ;)