උඩරට නීතිය

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]උඩරට නීතිය[/FONT]

    picture-44-701x378.jpg

    [FONT=&quot]සිංහල[/FONT][FONT=&quot]යනු එක් ජාතියකි. සිංහල ජාතිය තුල උඩරට සිංහලයන් හා පහතරට සිංහලයන් ලෙස[/FONT][FONT=&quot] විවිඩ වෙනස්කම් සහිත පුද්ගල කොට්ඨාශ දෙකක් සිටි. මෙයට හේතු වී ඇත්තේ අතීතයේ[/FONT][FONT=&quot] පැවති රාජධානි ක්‍රමයයි. ක්‍රිස්තු වර්ෂ [/FONT][FONT=&quot]1505[/FONT][FONT=&quot] සිට වෙරළබඩ ප්‍රදේශ විවිධ[/FONT][FONT=&quot] විදේශ ආක්‍රමණ වලට යටත් විය. නමුත් උඩරට ප්‍රදේශ ආක්‍රමණ වලට යටත් වුයේ[/FONT][FONT=&quot] 1815[/FONT][FONT=&quot]න් පසුවයි. ඒ වන තුරු එම ප්‍රදේශ ස්වාධීනව පැවතුණි. පෘතුගීසි හා[/FONT][FONT=&quot] ලන්දේසි මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පසු ඒවායේ පැවති දේශීය නීතින් ඔවුනට[/FONT][FONT=&quot] අවශ්‍ය ලෙස වෙනස් කරන ලදී. [/FONT][FONT=&quot]1815[/FONT][FONT=&quot] දී ඉංග්‍රීසින් විසින් උඩරට ප්‍රදේශ[/FONT][FONT=&quot] අත්පත් කර ගත්තත් ඔවුන් එවකට පැවති සිංහල නීතිය දිගටම ගෙන යාමට උඩරට[/FONT][FONT=&quot]සිංහලයන්ට ඉඩ ලබා දුනි. ඒ කාලයේදී පහතරට සිංහලයන් පාලනය වුයේ රෝම-ලන්දේසි[/FONT][FONT=&quot]නීතියෙනි. ලංකාව තුල පැවති මෙම පාලන ක්‍රම දෙක නිසා උඩරට හා පහතරට ලෙස නීති[/FONT][FONT=&quot]කොට්ඨාශ දෙකක් නිර්මාණය විය.[/FONT]

    [FONT=&quot]උඩරට නීතිය අදාල වන්නේ කාටද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]උඩරට නීතිය සියලුම සිංහලයන්ට අදාල නොවේ. මුල් කාලයේදී උඩරට නීතිය අදාල වුයේ ප්‍රාදේශීය පදනම මතයි. 1815 [/FONT][FONT=&quot]සිට [/FONT][FONT=&quot]1835[/FONT][FONT=&quot] දක්වා උඩරට පාලනය කළේ බ්‍රිතාන්‍යන්ය. ඔවුන් උඩරට ප්‍රදේශවල [/FONT][FONT=&quot]පදිංචිව සිටි සියලු දෙනාට උඩරට නීතිය අදාල කරන ලදී. [/FONT][FONT=&quot]1815[/FONT][FONT=&quot] බ්‍රිතාන්‍යන් හා[/FONT][FONT=&quot]සිංහලයන් අතර ඇතිවූ ගිවිසුමේ හුදෙක් උඩරට පදිංචිව සිටින්නන් හා උඩරටට[/FONT][FONT=&quot] ආවේණික පුද්ගලයන් අතර වෙනස පැහැදිලිව දක්වා තිබුණි. එයට හේතුව වුයේ ඔවුන්[/FONT][FONT=&quot] යා යුත්තේ කුමන අධිකරණයටද යන්න තීරණය කිරීමටයි. නමුත් මේ දෙපාර්ශවයටම බලපෑ[/FONT][FONT=&quot] නීතියේ අන්තර්ගතය එකම විය.

    [/FONT]
    [FONT=&quot]1851[/FONT][FONT=&quot] දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්[/FONT][FONT=&quot] සමූහව තීරණය කළේ උඩරට නීතිය උඩරැටියන්ට පමණක් සිමා කර යුතු බව හා අනෙකුත්[/FONT][FONT=&quot] ප්‍රදේශ වල පුද්ගලයන්ට වෙරළබඩ ප්‍රදේශ වල නීතිය අදාල කළ යුතු බවයි.[/FONT]

    [FONT=&quot]විනිසුරුවරුන්ගේ මෙම තීරණය අංක [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]දරණ [/FONT][FONT=&quot]1852 [/FONT][FONT=&quot]ආඥා පනතින් තව දුරටත් තහවුරු[/FONT][FONT=&quot]කෙරුණි. මෙහි [/FONT][FONT=&quot]7[/FONT][FONT=&quot] වන වගන්තියට අනුව වෙරළ බඩ ප්‍රදේශ වල පැවති අපරාධ නීතිය[/FONT][FONT=&quot]උඩරට ප්‍රදේශයටද අදාල වේ.[/FONT]

    [FONT=&quot]
    උඩරට නීතිය ප්‍රාදේශීය නීතියක් නොවන බවට ඇති නඩු තීන්දු[/FONT]

    [FONT=&quot]විලියම් එදිරිව රොබට්සන් නඩුවේදී තීරණය වූයේ උඩරට පදිංචිව සිටින පහතරට පුද්ගලයන්ට උඩරට නීතිය අදාල නොවන බවයි.[/FONT]

    [FONT=&quot]විජේසිංහ[/FONT][FONT=&quot]එදිරිව විජේසිංහ නඩුවේදී තීරණය වුයේ පහතරට පුද්ගලයින් උඩරට පුද්ගලයින් සමග[/FONT][FONT=&quot] විවාහ වී උඩරට ප්‍රදේශයක පදිංචිව සිටියද ඔවුනට උඩරට නීතිය අදාල නොවන බවයි.[/FONT][FONT=&quot] ඔවුන් පාලනය වන්නේ රෝම ලන්දේසි නීතියෙනි.[/FONT]

    [FONT=&quot]නාරයනි එදිරිව මුතුසාමි නඩුවේදී තීරණය වුයේ උඩරට ප්‍රදේශවල වාසය කරන සංක්‍රමණික දෙමළ ජනතාවට උඩරට නීතිය අදාල නොවන බවයි.

    [/FONT]
    [FONT=&quot]මෙම[/FONT][FONT=&quot]නඩු තීන්දු සියල්ලගෙන්ම කියවෙන්නේ උඩරට නීතිය ප්‍රාදේශීය නීතියක් නොවන[/FONT][FONT=&quot] බවයි. රටේ විවිඩ ප්‍රදේශ වල ජනතාව උඩරට ප්‍රදේශයක පදිංචි වූ පමණින් ඔවුනට[/FONT][FONT=&quot] උඩරට නීතිය අදාල නොවේ. එය පුද්ගලබද්ධ නීතියකි. උඩරට නීතිය අදාල වීමට නම් එම [/FONT][FONT=&quot]පුද්ගලයා උඩරැටියෙක් විය යුතුය.[/FONT]

    [FONT=&quot]
    උඩරැටියෙක් යනු කවුරුන්ද[/FONT]
    [FONT=&quot]?

    [/FONT]
    [FONT=&quot]උඩරට [/FONT][FONT=&quot]නීතිය අදාල වීමට නම් උඩරැටියෙක් විය යුතුය. උඩරැටියෙක් යනු කවුරුන්ද යන්න[/FONT][FONT=&quot] පැහැදිලි කිරීම සදහා විවිඩ ක්‍රම යොදා ගත හැක. එක් ආකාරයකින් උඩරැටියන් යනු[/FONT][FONT=&quot] 1815[/FONT][FONT=&quot] ට පෙර උඩරට ප්‍රදේශ වල වාසය කර අයගෙන් පැවත එන පුද්ගලයන්ය. මෙයට දෙමළ[/FONT][FONT=&quot]හා මුස්ලිම් පුද්ගලයන්ද ඇතුලත් විය හැක. බාලසිංහම් නමැති රචකයාට අනුව[/FONT][FONT=&quot] උඩරැටියන් යනු බොහෝ කාලයක් උඩරට නීතියෙන් පාලනය වූ ප්‍රදේශ වල මුල් බැසගත්[/FONT][FONT=&quot] උඩරට භාෂාව කතා කරන එම සිරිත් විරිත් පිලිපදින පිරිසකි.

    [/FONT]
    [FONT=&quot]උඩරට ප්‍රදේශ ලෙස හඳුන්වන්නේ මොනවාද[/FONT][FONT=&quot]?

    [/FONT]
    [FONT=&quot]උඩරට ප්‍රදේශ ලෙස ලංකාවේ කොටස් වෙන් කරන නිශ්චිත සිමා නැත. [/FONT][FONT=&quot]1952[/FONT][FONT=&quot] උඩරට විවාහ හා දික්කසාද පනතට අනුව උඩරට ප්‍රදේශ ලෙස සැලකෙන්නේ[/FONT]

    • [FONT=&quot]මධ්‍යම පළාත[/FONT]
    • [FONT=&quot]උතුරු මැද පළාත[/FONT]
    • [FONT=&quot]සබරගමුව පළාත හා[/FONT]
    • [FONT=&quot]ඌව පළාත[/FONT]
    [FONT=&quot]
    උඩරට නීතියේ මුලාශ්‍ර

    [/FONT]
    [FONT=&quot]උඩරට [/FONT][FONT=&quot]නීති මුලාශ්‍ර යනු උඩරට නීතිය සොයා ගත හැකි ස්ථානයි. උඩරට නීතියේ ඇතුලත්[/FONT][FONT=&quot]දේවල් මේවාගේ විස්තර කර ඇත. උදාහරණ [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]පොත්පත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නඩු තීන්දු[/FONT]
    [FONT=&quot]උඩරට නීතිය[/FONT][FONT=&quot] ගැන ලියැවී ඇති පොත් පත් [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]බ්‍රිතාන්‍ය යුගය මුල් කාලයේදී ඉංග්‍රීසි [/FONT][FONT=&quot]පුද්ගලයන් උඩරට නීතිය ගැන පොත් පත් කීපයක් රචනා කර ඇත. මේවා උඩරට නීතිය[/FONT][FONT=&quot] දැනගැනීමට ඇති එක් සම්පතක් ලෙස සැලකේ.

    [/FONT]
    [FONT=&quot]නඩු තීන්දු [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]උඩරට නීතිය ගැන උසාවි මගින් ඉදිරිපත්කර ඇති විවිධ නඩු තීන්දු උඩරට නීතියේ මුලාශ්‍ර ලෙස සැලකේ.

    [/FONT]
    [FONT=&quot]ව්‍යවස්ථාපිත නීතිය [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]උඩරට නීතිය ගැන සඳහන් වන පනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ව්‍යවස්ථාද උඩරට නීති මූලාශ්‍ර වේ.

    [/FONT]
    [FONT=&quot]උඩරට නීතියේ අන්තර්ගතය අද වන විට වෙනස් වී ඇති ආකාරය[/FONT]

    [FONT=&quot]උඩරට [/FONT][FONT=&quot]නීතිය ප්‍රධාන ලෙස ඉඩම් සමග බැදි පැවතුණි. බහු විවාහ හා ලේ නෑයින් අතර[/FONT][FONT=&quot] විවාහ සිදුකරේ තම පවුලට අයත් ඉඩම් හා දේපල පවුල තුලම රදවා ගැනීමටයි. ඔවුනට[/FONT][FONT=&quot] තනි අයිතිවාසිකම් යටතේ ඉඩම් තිබුණේ නැත. ඒවා පැවතුණේ තම පවුලේ අයිතිය[/FONT][FONT=&quot] යටතේය. වහල් බව හා කුලය යන සංකල්ප උඩරට නීතිය තුල වැදගත් තැනක් ගන්නා ලදී.[/FONT][FONT=&quot]ඉංග්‍රීසින් පැමිණීමට පෙර එහි තිබූ දඬුවම් ක්‍රම ඉතා දරුණු විය. උදාහරණ [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]උල තැබීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිළිස්සීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අත්පා කැපීම.

    [/FONT]
    [FONT=&quot]ඉංග්‍රීසින් පැමිණීමෙන් පසු උඩරට [/FONT][FONT=&quot]පැවති වහල් සේවය අහෝසි කළ අතර විවාහ නීති හා දඩුවම් නීති විධිමත් කරන ලදී.[/FONT][FONT=&quot]මෙහිදී ලේ නෑයින් අතර විවාහ හා බහු විවාහ තහනම් කෙරුණි. [/FONT][FONT=&quot]1852 [/FONT][FONT=&quot]අංක [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]දරන ආඥා[/FONT][FONT=&quot]පනත මගින් යුරෝපීයයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බර්ගර් සහ මුස්ලිම් පුද්ගලයන්ට උඩරට නීතිය අදාල වීම [/FONT][FONT=&quot]බැහැර කර ඇත.[/FONT]

    [FONT=&quot]ඉහත කරුණු හැදෑරීමේදී උඩරට නීතිය සැම පුද්ගලයෙකුටම [/FONT][FONT=&quot]අදාල නොවන බව පෙනේ. උඩරට නීතිය අදාල වන පුද්ගලයින් විවාහය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දේපල බෙදීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැනි අපරාධ නීතියට අයත් නොවෙන කරුණු වලදී රටේ පවතින සාමාන්‍ය නීතියෙන්[/FONT][FONT=&quot]වෙනස් වූ නීති පද්ධතියකින් පාලනය වේ.

    [/FONT]
    [FONT=&quot]මුලාශ්‍ර[/FONT]

    1. [FONT=&quot]Cooray L.J.M. An Introduction to the Legal System of Sri Lanka[/FONT]
    2. [FONT=&quot]Nadarajah T. The Legal System of Ceylon Law[/FONT]
    3. [FONT=&quot]Horst M.I.T. Vanden, The [/FONT][FONT=&quot]Roman Dutch Law of Sri Lanka[/FONT]
    4. [FONT=&quot]http://www.nyulawglobal.org/globalex/Sri_Lanka.html[/FONT]
    5. [FONT=&quot]https://en.wikipedia.org/wiki/Kingdom_of_Kandy [/FONT]

    [FONT=&quot]- හසින්ත සුබසිංහ -

    [/FONT]
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    [FONT=&quot]උඩරට [/FONT][FONT=&quot]නීතිය ප්‍රධාන ලෙස ඉඩම් සමග බැදි පැවතුණි. බහු විවාහ හා ලේ නෑයින් අතර[/FONT][FONT=&quot] විවාහ සිදුකරේ තම පවුලට අයත් ඉඩම් හා දේපල පවුල තුලම රදවා ගැනීමටයි. ඔවුනට[/FONT][FONT=&quot] තනි අයිතිවාසිකම් යටතේ ඉඩම් තිබුණේ නැත. ඒවා පැවතුණේ තම පවුලේ අයිතිය[/FONT][FONT=&quot] යටතේය. වහල් බව හා කුලය යන සංකල්ප උඩරට නීතිය තුල වැදගත් තැනක් ගන්නා ලදී.[/FONT][FONT=&quot]ඉංග්‍රීසින් පැමිණීමට පෙර එහි තිබූ දඬුවම් ක්‍රම ඉතා දරුණු විය. උදාහරණ [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]උල තැබීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිළිස්සීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අත්පා කැපීම.

    මේ ටික නැති කල්ල තමා සුද්දො මේ රටට කෙලෙව්වෙ :yes: ආයෙ මේ ටික ගෙනාපු දවසක මිසක් ඒ වෙනකං මේ රටේ අපරාධ නවත්තන්න බෑ :no: අවුරුදු සිය දහස් ගානක් අත්දැකීමෙන් නිර්මාණය කරපු දඬුවම් ක්‍රම සුද්දො පොතේ පතේ තියෙන විදිහට මානව හිමිකම් රකින්න කියල නැති කල්ල දැම්ම අපි දන්නෙත් නෑ අපි හෙන ශිෂ්ඨ සම්පන්න වුනා කියල කෙලෝ ගත්ත :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    සෞදි රජෙක් කතා කරයි.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සෞදි රජෙක් කතා කරයි.

    එහෙම බැලුවොත් ලංකාවෙ හිටපු හැම රජ කෙනෙක්ම සෞදිද ? :angry: හැම රෙද්දටම මානව හිමිකම් හරියන්නෑ බං හරියන තැන් තියෙනව නැහැ කියන්නෑ :no: ඒ වුනාට මරල විසඳන්න පුලුවන් ප්‍රශ්න තියෙනව :dull: දැන් ඔය බ්‍රිතාන්‍යයටත් තේරිලා තියෙන්නෙ මානව හිමිකම් හැම තැනටම හරියන්නෑ කියල :yes: දැන් ලංකාවෙ වෙන්නෙ මොකක් හරි අපරාධයක් කලා ඌ සල්ලි දීල උගෙ හෙංචයියෙක්ව හිරේ යවනව නැත්තං කොහොම හරි ඌව අහුවුනත් ඇතුලෙ ඉඳන් සල්ලි වලිං හොඳ සැපවත් ජීවිත ගත කරනව ඇතුලෙ අලුත් උන් එක්ක යාලු වෙලා එලියට ඇවිත් ඊට වඩා ලොකු ගේම් දෙනව :angry: නැත්තං අල්ලන්න හදද්දි පැනල ගිහිං හැංගෙනව :angry: ඉස්සර මෙහෙම බෑ වැරැද්ද කලා නං ආයෙ කාමර ඇතුලෙ තියාගෙන හුරතල් කෙරිලි නෑ අතක් පයක් කැපුව නැත්තං කෙලින්ම බෙල්ල ආයෙ බොරුවට සල්ලි දීල හෙංචයියො ඉදිරිපත් කරන්න බෑ :no: බාර වුන්නැත්තං උගෙ ලමයින්ව වංගෙඩියට දාල කෙටුව බෙල්ල කැපුව ගෑණිට ගල බෙල්ලෙ එල්ලල වැවකට දැම්ම :dull: ඉස්සර බලපං ලංකාවෙ ගෑණු කෙනෙක්ට ආභරණත් සේරම දාගෙන තනියම දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරුතුඩුවට ගියෑකි එහෙම රටක් හැදුවෙ මානව හිමිකම් කාරයො කියන ඒන අහලද ? :no: මරල විසඳන්න ඕනෙ ප්‍රශ්න මරල විසඳන්න ඕනෙ :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    මේ ටික නැති කල්ල තමා සුද්දො මේ රටට කෙලෙව්වෙ :yes: ආයෙ මේ ටික ගෙනාපු දවසක මිසක් ඒ වෙනකං මේ රටේ අපරාධ නවත්තන්න බෑ :no: අවුරුදු සිය දහස් ගානක් අත්දැකීමෙන් නිර්මාණය කරපු දඬුවම් ක්‍රම සුද්දො පොතේ පතේ තියෙන විදිහට මානව හිමිකම් රකින්න කියල නැති කල්ල දැම්ම අපි දන්නෙත් නෑ අපි හෙන ශිෂ්ඨ සම්පන්න වුනා කියල කෙලෝ ගත්ත :(

    සුද්දෝ මේ රට දාල ගියා සිංහලුන්ට කෙලවන්න. උන් ඉන්නකං රට හොඳට තිබ්බ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම බැලුවොත් ලංකාවෙ හිටපු හැම රජ කෙනෙක්ම සෞදිද ? :angry: හැම රෙද්දටම මානව හිමිකම් හරියන්නෑ බං හරියන තැන් තියෙනව නැහැ කියන්නෑ :no: ඒ වුනාට මරල විසඳන්න පුලුවන් ප්‍රශ්න තියෙනව :dull: දැන් ඔය බ්‍රිතාන්‍යයටත් තේරිලා තියෙන්නෙ මානව හිමිකම් හැම තැනටම හරියන්නෑ කියල :yes: දැන් ලංකාවෙ වෙන්නෙ මොකක් හරි අපරාධයක් කලා ඌ සල්ලි දීල උගෙ හෙංචයියෙක්ව හිරේ යවනව නැත්තං කොහොම හරි ඌව අහුවුනත් ඇතුලෙ ඉඳන් සල්ලි වලිං හොඳ සැපවත් ජීවිත ගත කරනව ඇතුලෙ අලුත් උන් එක්ක යාලු වෙලා එලියට ඇවිත් ඊට වඩා ලොකු ගේම් දෙනව :angry: නැත්තං අල්ලන්න හදද්දි පැනල ගිහිං හැංගෙනව :angry: ඉස්සර මෙහෙම බෑ වැරැද්ද කලා නං ආයෙ කාමර ඇතුලෙ තියාගෙන හුරතල් කෙරිලි නෑ අතක් පයක් කැපුව නැත්තං කෙලින්ම බෙල්ල ආයෙ බොරුවට සල්ලි දීල හෙංචයියො ඉදිරිපත් කරන්න බෑ :no: බාර වුන්නැත්තං උගෙ ලමයින්ව වංගෙඩියට දාල කෙටුව බෙල්ල කැපුව ගෑණිට ගල බෙල්ලෙ එල්ලල වැවකට දැම්ම :dull: ඉස්සර බලපං ලංකාවෙ ගෑණු කෙනෙක්ට ආභරණත් සේරම දාගෙන තනියම දෙවුන්දර තුඩුවෙ ඉඳන් පේදුරුතුඩුවට ගියෑකි එහෙම රටක් හැදුවෙ මානව හිමිකම් කාරයො කියන ඒන අහලද ? :no: මරල විසඳන්න ඕනෙ ප්‍රශ්න මරල විසඳන්න ඕනෙ :yes:
    කේන්තිගන්න එපා සුදුඇවිදින දෙයියො. ගැත්තා කිව්වේ, රජා උගේ කැමැත්තට වැසියන්ගේ අඹුවන් කුදලගෙන යන්න තියාගත්තම අපිට මුකුත් නැති වෙනවනේ. මහජන චන්දෙන් පත් වෙන උනුත් පිස්සු කෙලින රටේ රජෙක් පත් උනොත් කොහොමට හිටිද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුද්දෝ මේ රට දාල ගියා සිංහලුන්ට කෙලවන්න. උන් ඉන්නකං රට හොඳට තිබ්බ.

    උන් ඉන්නකං රට හොඳට තිබ්බ ගෙදර හදන බල්ලටත් බදු ගහල :dull: ඉතිං එහෙම හැම රෙද්දටම බදු ගැහුවාම රටට හොඳයි තමා ඒත් මිනිස්සුන්ට හොඳ නෑ :no: සුද්දො වුනත් මරණ එක නැවැත්තුවෙ නෑ අත පය කපල ඇත්තු දම්මල පෑගුවෙ නැතුවට උන් වුනත් වැරැද්දට වෙඩි තියල හරි මරල දැම්ම :yes: ඊට පස්සෙ උන් එහෙ මරණ එක නැවැත්තුව කියල අපිටත් බලපෑම් කලා මරන්න එපා පව් කියල අපිත් හරක් වගේ ඒව අතෑරල දැම්ම දැන් හිරේ ගිහිං පුරුදු එකා ඕනෙ අපරාධයක් කරනව කිසි භයක් නෑ ඌ හිරේ යන්නෙ නිවාඩු ගත කරන්න යනව වගේ :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සුද්දෝ මේ රට දාල ගියා සිංහලුන්ට කෙලවන්න. උන් ඉන්නකං රට හොඳට තිබ්බ.
    අපේ උන් හිතන් ඉන්නේ පෙබරවරි 4 අපි නිදහස් උනා කියලා. ෆක තමා. පෙබරවාරි 4 සුද්දා පාටි දාන්නේ එන්ගලන්තේ... ඒ කරදරකාර යක්කුන්ගෙන් ගැලවුනා කියලා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කේන්තිගන්න එපා සුදුඇවිදින දෙයියො. ගැත්තා කිව්වේ, රජා උගේ කැමැත්තට වැසියන්ගේ අඹුවන් කුදලගෙන යන්න තියාගත්තම අපිට මුකුත් නැති වෙනවනේ. මහජන චන්දෙන් පත් වෙන උනුත් පිස්සු කෙලින රටේ රජෙක් පත් උනොත් කොහොමට හිටිද?

    රජ කෙනෙක්ට එහෙම කුදලං යන්න පිස්සු නෑ බං :no: එහෙම අයත් එන්න පුලුවන් ඡන්ද ක්‍රමේ හොඳයි තමා :dull: ඒත් දඬුවම් රජකාලෙ ක්‍රමේට එන්න ඕනෙ මම කියන්නෙ :yes: බටහිර සංස්කෘතියෙ හොඳත් ඇති ඒත් සමහර ප්‍රශ්න වලදි ඊට වඩා හොඳ ක්‍රම අපේ සංස්කෘතියෙ තියෙනව අපේ උන් බටහිර කරනය වෙන්න වැරදිත් අතාරිනව හොඳ දේවලුත් අතාරිනව අන්තිමට අච්චාරුවක් වෙලා අපායක් වෙලා නවතින්නෙ :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    උන් ඉන්නකං රට හොඳට තිබ්බ ගෙදර හදන බල්ලටත් බදු ගහල :dull: ඉතිං එහෙම හැම රෙද්දටම බදු ගැහුවාම රටට හොඳයි තමා ඒත් මිනිස්සුන්ට හොඳ නෑ :no: සුද්දො වුනත් මරණ එක නැවැත්තුවෙ නෑ අත පය කපල ඇත්තු දම්මල පෑගුවෙ නැතුවට උන් වුනත් වැරැද්දට වෙඩි තියල හරි මරල දැම්ම :yes: ඊට පස්සෙ උන් එහෙ මරණ එක නැවැත්තුව කියල අපිටත් බලපෑම් කලා මරන්න එපා පව් කියල අපිත් හරක් වගේ ඒව අතෑරල දැම්ම දැන් හිරේ ගිහිං පුරුදු එකා ඕනෙ අපරාධයක් කරනව කිසි භයක් නෑ ඌ හිරේ යන්නෙ නිවාඩු ගත කරන්න යනව වගේ :angry:

    ඔය බදු ගහල ලංකාවේ හිටිය සුද්දෝ ඒ සල්ලි හොරකං කලාද ? උන්ගේ හැමදේම නරකත් නෑ හොඳත් නෑ. උන් මේ රටට කරපු වැරදි වගේ දහස් ගුණයක් දැන් දේශපාලුවෝ (අපේම උන් වෙලත්) කරනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රජ කෙනෙක්ට එහෙම කුදලං යන්න පිස්සු නෑ බං :no: එහෙම අයත් එන්න පුලුවන් ඡන්ද ක්‍රමේ හොඳයි තමා :dull: ඒත් දඬුවම් රජකාලෙ ක්‍රමේට එන්න ඕනෙ මම කියන්නෙ :yes: බටහිර සංස්කෘතියෙ හොඳත් ඇති ඒත් සමහර ප්‍රශ්න වලදි ඊට වඩා හොඳ ක්‍රම අපේ සංස්කෘතියෙ තියෙනව අපේ උන් බටහිර කරනය වෙන්න වැරදිත් අතාරිනව හොඳ දේවලුත් අතාරිනව අන්තිමට අච්චාරුවක් වෙලා අපායක් වෙලා නවතින්නෙ :(
    කොයි ක්‍රමේ ආවත් දුප්පත නන්නත්තාරයි බන්. දැන් රජකාලේ බලහන්. රජ්ජුරුවො හදපු අරක මේක ගොඩක් තියෙනවා, ඒත් ඔව්වා කරපු මිනිස්සු ගැන මෙලො සදහනක් නැ නොවැ. වැව්, දාගැබ්, මාලිගා ඔව්වා හදන්න් ඇත්තේ රජාගේ අන පරිදි සිවිල් වැසියොනේ බන්. කො එහෙම එකෙක්ගේ නමක් නැනේ. එතනත් කුහකකම බන්. දැන් වගේම තමා. අහවල් පාර මම හැදුවා කියල බොඩ් එක ගැහුවා. අහවල් ලිද මම කැපුවා, අහවල් ඉස්පිරිතාලේ මම කොලා. එත් එවා කරපු ඉන්ජිනෙරුවො ගැන දොස්තරල ගැන නැ නොවැ කියවෙන්නේ. සාමාන්ය ජනයාගේ ජිවිතේ ඒ කාලේ සුකිත මුදිතව තිබ්බා යැයි කියන්න අපිට බැ. උන් රජාට රෙවෙන බයකින් ඉන්න ඇත්තේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    අපේ උන් හිතන් ඉන්නේ පෙබරවරි 4 අපි නිදහස් උනා කියලා. ෆක තමා. පෙබරවාරි 4 සුද්දා පාටි දාන්නේ එන්ගලන්තේ... ඒ කරදරකාර යක්කුන්ගෙන් ගැලවුනා කියලා.

    සිංහලු නං කියන්නේ රට බේරගත්ත කියල. සුද්දෝ නං එංගලන්තේ සිංහලුන්ගෙන් බේරගත්ත
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිංහලු නං කියන්නේ රට බේරගත්ත කියල. සුද්දෝ නං එංගලන්තේ සිංහලුන්ගෙන් බේරගත්ත
    සුද්දා අද වෙනකන් ලන්කාවේ හිටියනම් එන්ගලන්තේ කිරි හොද්දට බස්සලා සින්හලු. බකින්හැම් එකත් චීනෙකුට වන්ගුවක් තියලා විකුනලා තමා පස්ස බලන්නේ.