රාජකාරී අතරේ උඩුකය නිරුවත් ඡායරූප ගත් රූමත් පොලිස් නිලධාරිනියකට වැඩ වරදී - Photos
මෙක්සිකානු පොලිස් නිලධාරිනියක් විසින් ඇයගේ නිල රථයේදී ලබාගත් උඩුකය නිරුවත් ඡායාරූපයක් ඇයගේම ෆේස්බුක් ගිණුමේ පළකිරීම නිසාවෙන් සේවයෙන් පහකර තිබෙනවා.
රූමත් පොලිස් නිලධාරිනියෙක් වූ ඇය මෙලෙස ඡායාරූපය ලබාගෙන ඇත්තේ රාජකාරී වේලාවේම වන අතර පසුව එය ෆේස්බුක් හි පළකිරීමෙන් අනතුරුව ප්රතිචාර රැසක් ලැබී තිබෙනවා.
පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මෙම ඡායාරූපය ලබාගෙන ඇත්තේ නිඩියා නම් මෙම රූමත් පොලිස් නිලධාරිනිය නොව එම ස්ථානයේ සිටි වෙනත් අයෙක් බවයි. ඇය විවාහක පොලිස් නිලධාරිනියක් වන අතර පවුලේ දූවරුන් දෙදෙනෙකුද සිටිනවා.
ෆේස්බුක් හි ඡායාරූප පළවීම සම්බන්ධයෙන් සමාවද ඉල්ලා ඇති නමුත් ඇයගේ සේවය ලබා නොගෙන මෙක්සිකානු පොලිසියෙන් නිඩියාව ඉවත් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.



