.උඩුමාතක හෙවත් ඉදිමුණු මළ සිරුර.

redundent

Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    .උඩුමාතක හෙවත් ඉදිමුණු මළ සිරුර.

    <<<~දස අසුභ නිමිති~>>>
    *-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*

    1.උඩුමාතක හෙවත් ඉදිමුණු මළ සිරුර.

    මැරී දවසක් ගතවූ අමු සොහොනෙහි දමන ලද තැන්හි තැන්හි මස් ලොඹු සේ ඉදිමී ගියා වූ සිරුරක් නුවණින් බලා මාගේ ශරීරය ද මෙබදු ස්වභාව ඇත්තේ යයි මෙනෙහි කොට ඒ පිළිබදව පවත්නා ඝණ්ඨාන රාගය දුරලීම පිණිස භාවනා කළ යුතුයි.

    2.විනීලක හෙවත් නිල්වූ මළ සිරුර.

    මැරී දෙදවසක් ගත වූ අමු සොහොනෙහි දමන ලද නිල්ව ගියා වූ සිරුරක් දැක මාගේ ශරීරය ද මෙබදුයයි නුවණින් සලකා බලා මෙනෙහි කොට වර්ණ රාගය දුරලීම පිණිස භාවනා කළ යුතුයි.

    3.විපුබ්බක හෙවත් ඕජාව වැගිරෙන මළ සිරුර.

    මැරී තෙදිනක් ගත වූ අමු සොහොනෙහි දමන ලද නව දොරින් ඕජාව වැගිරෙන සිරුරක් දැක නුවණින් සලකා බලා මාගේ ශරීරය ද මෙසේ දුගද වහනය වන්නේ යයි මෙනෙහි කොට ගන්ධරාගය දුරළීම සදහා භාවනා කළ යුතුයි.

    4.විච්ඡිද්දක හෙවත් සිදුරු සහිත මළ සිරුර.

    මැරී සිවුදිනක් ගත වූ අමු සොහොනෙහි දමන ලද ඇතුළත සිදුරු සහිත බව ප්‍රකාශ කරන මස් ලේ සහිත නහරින් බැදුනා වූ සිරුරක් දැක නුවණින් සලකා බලා මාගේ ශරීරය ද අංගප්‍රත්‍යංග මෙසේ ම අස්ථිරය අශෝභන ය යනුවෙන් සලකා භාවනා කළ යුතුයි.

    5.වික්ඛායිතක හෙවත් මස් දිය වී ගිය මළ සිරුර.

    මැරී අමු සොහොනෙහි දමන ලද සිරුරෙහි පියවුරු කලවා ආදී මස් වැඩුන ස්ථානයන්ගේ විනාශ ස්වභාවය නුවණින් සලකා බලා මාගේ ශරීරය ද මෙබදු ස්වභාව ඇත්තේ යයි ඇලුම් නොකොට භාවනා කළ යුතුයි.

    6.වික්ඛිත්තක හෙවත් සුනඛයන් කා දමන ලද මළ සිරුර.

    මැරී අමු සොහොනෙහි දමන ලද බලු කැනහිල් ආදීන් විසින් අංගප්‍රත්‍යංගයන්ගේ මස්පිඩු ආදිය ඔබමොබ ඇද දමන ලද ශරීරයක් දැක මාගේ ශරීරය ද මෙබදු ස්වභාව ඇත්තේ යයි නුවණින් සලකා බලා එහි කළකිරී භාවනා කළ යුතුයි.

    7.හතවික්ඛිත්තක හෙවත් වෙන්වූ අවයව ඇති මළ සිරුර.

    මැරී අමු සොහොනෙහි දමන ලද මනාව බැදී පැවති අංගප්‍රත්‍යංගයන්ගේ විකාර ස්වභාව විදහා පෙන්වන සිරුරක් දැක මාගේ ශරීරය ද මෙබදු යයි සලකා එහි නිශ්ශාරත්වය මෙනෙහි කොට භාවනා කළ යුතුයි.

    8.ලෝහිතක හෙවත් ලේ වැගුරුණු මළ සිරුර.

    මැරී අමු සොහොනෙහි දමන ලද ලෙහෙයින් ගැවසීගත් පිළිකුල් බව ප්‍රකාශ වන සිරුරක් දැක නුවණින් සලකා බලා භාවනා කළ යුතුයි.

    9.පුලවක හෙවත් පණුවන් ගැවසීගත් මළ සිරුර.

    මැරී අමු සොහොනෙහි දමන ලද නොයෙක් පණු කුළයන්ගෙන් ගැවසීගත් සිරුරක් දැක මාගේ ශරීරය ද මෙබදු වන්නේ යයි නුවණින් සලකා බලා ශරීරය ගැන මමය මාගේ යයි ඇලුම් නොකොට භාවනා කළ යුතුයි.

    10.අට්ඨික හෙවත් ඇටසැකිල්ලක් වූ මළ සිරුර.

    මැරී අමු සොහොනෙහි දමන ලද මස් ලේ රහිත ඇටසැකිල්ලක් දැක ඒ ඒ අවයවයන් පිළිබදව ඇලුම් නොකොට ශරීරයේ පවත්නා අසාර බව නිස්සාරතාවය ම සිහිකොට මාගේ ශරීරය ද මෙබදු ස්වභාව යයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් භාවනා කළ යුතුයි.
    ......................................................................

    "ඒවම්පි ඛෝ භික්ඛවේ, භික්ඛු කායේ කායානුපස්සී විහරති"

    (ඔය ආකාරයෙන් පින්වත් මහණෙනි , මේ ධර්මයෙහි හැසිරෙනු කැමති ශ්‍රාවකයා කයෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් කායානුපස්සනා සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන්නේ වෙයි)

    ධර්ම දානය පිණිස හැකිතාක් share කරන්න.

    උතුම් වූ නිර්වාණය කරා යන ගමනේ දී මටත් ඔබටත් මේ ධර්ම දානය තුළින් රැස් කරගන්නා කුසලයද පාරමිතාවක් ම වේවා!
    තෙරුවන් සරණයි!
    70577919_1460412060773110_1364321731946217472_n.jpg

    70949169_1460412170773099_3367786764210012160_n.jpg

    71497425_1460412207439762_4336776255710953472_n.jpg

    70649094_1460412284106421_1650040870784729088_n.jpg

    70496438_1460412310773085_3585809861184585728_n.jpg

    71002607_1460412374106412_2500188922148028416_n.jpg