උණුසුම් ගල් කැටය

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    උණුසුම් ගල් කැටය

    එක්තරා දුප්පත් මිනිසෙකුට හදිසියේම දැනගන්නට ලැබුණා වාසනාවන්ත ගල් කැටයක් ගැන. (මේක තියෙන බව දන්න නමුත් කවුරුවත් තවම සොයාගෙන තිබුණෙ නෑ.) තියෙන්නෙ එක්තරා වෙරළ තීරයක. පෙනුමෙන් ඉතා වටකුරු, කළු පැහැති, සුමට මතුපිටක් තියෙනවාලු. මේක හඳුනගන්න තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි මේක උණුසුම්.

    ඉතින් මෙයා තීරණය කළාලු මේක කොහොමහරි හොයාගන්න. ඔහු මුහුදු වෙරළට ගිහින් සැක කටයුතු වටකුරු, කළු පැහැ ගල් කැට අතට අරගෙන බැලුවා උණුසුම්ද කියලා. එකම ගල් කැටය නැවත නැවතත් පරීක්ෂාවට ලක්වෙන එක වලක්වන්න මෙයා අපූරු උපක්‍රමයකුත් භාවිත කළා. ඒ තමයි එහෙම 'රැවටිලිකාර' වෙනත් ගල් මූදේ ඈතට විසිකරලා දාන එක.

    මුළදී වැඩේ පටන් ගත්තේ ටික දවසකින් හරිගියේ නැත්නම් නවත්වනවා කියලා හිතාගෙන වුනත් මේ ක්‍රියාව නවත්වන්න එයාට හිතුනෙ නෑ. ඒකට ඇබ්බැහි වෙලා වගේ. දැන් නැතුවට දැන් ලැබෙයි, මේක නොවුනට ඊළඟ එකනම් ෂුවර් එකටම තමා බලාපොරොත්තු වෙන එකම තමයි කියලා තමයි හිතුනේ. හරියට සූදුවට ගිහින් හැළි වළං ඇතුළුව සේසතම නැති කරගත්ත සක්විති රණසිංහ මහත්මයා වගේ.

    ඔහොම දිගු කාලයක් ගෙවිලා ගියා....එසේ මෙසේ කාලයක් නොවෙයි දශක ගණනාවක්ම...'අපේ මනුස්සයා' දැන් සුදුවෙච්ච දිග රැවුලක් සහ කොණ්ඩයක් සහිත මැදි විය පසුකළ තැනැත්තෙක්. ඒත් මෙයා උත්සාහය අතහරින ජාතියේ කෙනෙක් නොවෙයි...පුදුම ධෛර්ය්‍යකින් කටයුතු කරන කෙනෙක්. එයා මේ 'පිස්සු වැඩේ' නවත්වන්න අදහසක් තවමත් නැහැ.(ඒ කාලෙ මෙයා රස්සාවක් කළේ නැද්ද? කෑවෙ බිව්වෙ කොහොමද වගේ ඒව මගෙන් අහන්න එපා ඔන්න. මේක කතාවක්නේ. කොහොමහරි කරගන්න ඇති ඒව.)

    විශ්වාස කරන්න...එක දවසක්..නොසිතූ විරූ වෙලාවක මෙයාට ඒ වාසනාවන්ත පාෂාණ රාජයා හමුවුනා.....
    ඊට පස්සෙ මොනව වෙන්න ඇති කියලද හිතන්නේ....?

    වෙන මොනව වෙන්නද...? අවුරුදු විසි ගණනක් තිස්සේ ප්‍රගුණ කරපු පුරුද්දෙන් වහාම ඒක ගැඹුරු මුහුදට විසි කරල දැම්මා...!


    ********************************************
    ********************************************
    ********************************************
    ********************************************
    ********************************************


    අපේ ජීවිතත් හරියටම මේ වගේ නොවේද....? මොහොතක් නැවතී සිතන්න....

    මාටින් හයේඩෙගර් (Martin Heidegger) කියන දාර්ශනික විද්‍යාඥයා කියන්නේ මෙහෙම කතාවක්:

    "ජීවිතය පහසු කරගැනීම අරභයා මිනිසා විසින් නිපදවනු ලබන සමහර මෙවලම්...ඇතැම්විට එය නිර්මාණය කිරීමේ මූලික අරමුණ පවා නොසලකා හරවයි (එය අමතක කරවයි.)"
    (සමාවෙන්න, මේ සිද්ධාන්තය කඩ්ඩෙන් සිංහලයට හරවනකොට මුල් අදහස එතරම් වෙනස් වුනේ නෑ මං හිතන්නෙ, ඒ කියන්නෙ මම තේරුම් ගත්ත විදියට....)

    උදාහරණයක් ලෙසට ගත්තොත් වායු සමනය කළ මෝටර් රථයක, සුන්දර ගම්මානයක් හෝ වනගත ආරණ්‍යයක් මැදින් ගමන් කරනවා යයි සිතන්න....වායු සමන යන්ත්‍රයේ අරමුණ පිරිසිදු වාතාශ්‍රය ආඝ්‍රාණය කරවීම නම්....එවන් නියම සුපිරිසිදු නැවුම් ස්වභාවික සුළං පහස අහිමි කරමින් එය ඉටු කරනු ලබන්නේ අප මූළික අරමුණ අපටත් නොදැනීම අභිබවා යාමක් නොවේද...? (සමාවෙන්න දාර්ශනික පොරවල් එක්ක ඉඳලා මාත් ටිකක් රුවිතෙට හිතන්න පටන් අරන් වගේ...)

    ඔබ රැකියාවක් කරන්නේ ඔබේ ආදරණීයන්ට වඩාත් සුවබර දිවියක් උරුම කර දීමට නම්...එහෙත් ඔබේ රැකියාව ඔබට ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කල් ගතකිරීමට ඉඩක් නොදෙනවා නම්...ඔබ ලබන විශාල වැටුපෙන් තේරුමක් තියෙනවද...? පුළුවන් කාලේ හොඳට හම්බකරලා ඉතුරු කරලා පස්සෙ එහෙම කරනවා කියල හිතාගෙන හිටියට ඕක කවදාවත් කෙරෙන එකක් නම් නෙවෙයි. සමහරවිට අපි හතිවැටිලා බලනකොට අපි හම්බකරපු දේවල් බුක්ති විඳින්න අපිට කවුරුවත් නෑ...අඩු ගානේ අපේ ශරීර සෞඛ්‍යවත්.... :yes::yes::yes::yes::yes::yes:

    අපේ ජීවිතත් හරියටම මේ වගේ නොවේද....? මොහොතක් නැවතී සිතන්න....

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සල්ලි පස්සෙ දුවන ගොඩක් අයට ඕක ඉතා වටින දෙයක්. සමහර අයනම් ඉන්නව වෙන කරන්න දෙයක් නැතුවට ම ඔය වගේ තත්වයට වැටුණ. ඒ වුණ්ත ජීවිතේ තමන්ට අහිංසක විදයට විඳින්න අවස්ථාවක් ඇතිකරගන්න එක තමයි හොඳ ම දේ. තමන්ගෙ දරුවො, පවුල, දෙමවුපියො ආදිකොට ඇති පිරිවර සමඟ කල්ගත කරන්න අවස්ථාවක්, ඉඩකඩක් ඇතිකරගන්න ඕන ඕනම් මනුෂ්‍යයෙක්. ස්තූතියි උපුටා පල කළාට.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    සල්ලි පස්සෙ දුවන ගොඩක් අයට ඕක ඉතා වටින දෙයක්. සමහර අයනම් ඉන්නව වෙන කරන්න දෙයක් නැතුවට ම ඔය වගේ තත්වයට වැටුණ. ඒ වුණ්ත ජීවිතේ තමන්ට අහිංසක විදයට විඳින්න අවස්ථාවක් ඇතිකරගන්න එක තමයි හොඳ ම දේ. තමන්ගෙ දරුවො, පවුල, දෙමවුපියො ආදිකොට ඇති පිරිවර සමඟ කල්ගත කරන්න අවස්ථාවක්, ඉඩකඩක් ඇතිකරගන්න ඕන ඕනම් මනුෂ්‍යයෙක්. ස්තූතියි උපුටා පල කළාට.

    thnx wewa comment ekata :yes::yes: